Chapter 02

1.6K 363 38
                                    

" කොහෙද යන්නේ... "

" හුටා "

ඒ වොයිස් එක ඇහුනත් ඇති මාව වෙව්ලනවා... කට තිබ්බට මොකෝ මම ඒ තරම් බයයි මේ වලි කන්නාට...

" ම්.මි...මියානේ... "

මම අංශක 90ට නැවිලා කිව්වේ හොද හෝටලේකින් කන්න වෙනවා කියලා දන්න නිසයි...

" මියානේ? දෙන්නේ තමුසෙගෙ ඔය බෝතල් අඩි කන්නඩිය බඩට යන්න... මගෙ මොලෙත් එක්ක හෙල්ලුනා වගේ "

ජින් කිව්වේ ඔලුවත් අල්ලන්... කොහොමත් හෙල්ලෙන්න ඌට මොලයක් නෑනේ ... හනේ මන්දා කොහොම බැජ් topper වෙනවද කියලා මූ...

ශුවර් එකට මාස්ටර් ප්ලෑනක් ගහලා පේපර් එක උස්සනවා ඇති... ඒකත් බැරි නෑ නේ..

" යාහ්... "

" ආව්ව්.... "

මම නලලත් අත ගගා කිව්වේ මේ ගෝතපාලුවා මගේ නලලට ගහපු නිසයි... සැක් මගේ රාජකීය විමර්ශනය මූ කෑවා... එකෙක්වත් ඇහි පිල්ලමක් ගහන්නේ නෑ... කන්න වගේ බලන් ඉන්නේ..

" තමුසේ මොන හයියකින්ද එහෙම කලේ.. ආහ්... "

ජින් කිව්වේ මගේ බ්ලවුස් එකේ කොලර් එකෙන් අල්ලලා උස්සන ගමන්... මම ඇගිලි තුඩු වලින් හිටියේ හෙන අමාරුවෙන්...

" මියානේ ජින්ශී.. මම දැක්කේ නෑ ඒ ඔයා කියලා.. "

" හහ්..මේ ඕයි ඒක මගේ ප්‍රශ්නයක් නෙමේ... "

අනේ අම්මපා මම මූව අමුවෙන් කනවා දැන්... කොහෙද මගේ හැකියා පෙන්නගන්න විදියක් නෑ...

නෑ නෑ මිතුරනී මම කිව්වේ නෑ හිතුවා විතරයි ... ඉල්ලන් කන්න බෑනේ

" ඔය මොකද ඔතන... වාඩි වෙනවලා... ගුඩ් මෝනින් ඕල් "

ඒ එක්කම ප්‍රොෆා ආපු නිසා ජින් මාව අතෑරියා.. මම බිම වැටුන බෑග් එකත් අතට ගත්තේ ජිමින් ලගට දුවන්න බලන්...

" කොහේ යන්නද ... තමුසේ අද මෙතන... "

ජින් මගේ කරට අත දාන් කියලා මාව තල්ලු කරපු පාර මගේ සුදු මූන බෙන්ච් එක සිප ගත්තා... මිනිහත් එහා පැත්තෙන් වාඩි වෙලා ඩෙස්ක් එකට ඔලුව තියාගත්තා ..

ඉයුන් කී දුවපන් කෙල්ලෙ... මූ අද නැත්තං මාව සුප් හදයි...

මම ශේප් එකේ බෑග් එක අරන් නැගිටින්න හැදුවේ එතනින් පනින්න...

I AM A BAD BOY || KSJ ✔️Where stories live. Discover now