Chapter 13

1.4K 334 44
                                    

(i need you piano version එක අහන ගමන් පුලුවන් නම් කියවන්න 😌❤️ )

" කී... ඇස් අරින්න... ඔහොම ඉන්න... මාව ඇහෙනවද... "

" ඒ...... ඔයා................ "

කී ජින්ගෙ මූන අල්ලලා කියන ගමන් සිහි නැති උනේ ජින්ගේ කදුලු වලට ගලන්න තව තවත් ඉඩ ලබා දෙමිනුයි...

________________________________________

Flashback ----------------------
One hour ago (in the morning )
Eun Ki's pov

මීශා මට ගෙනත් දුන්න ඩයරි එක මම කාලෙකට පස්සේ පෙරලලා බැලුවේ හරිම ආසාවෙන් ... මුතුකැට වගේ අකුරු වලින් ලියලා තිබුන චිට් කීපයක් දකිද්දි මට මතක් උනේ කොහේහරි ඒ අකුරු දැකලා තිබුන බව...

මම කාමරේ පෙරල පෙරල හෙව්වේ ඒ වගේ අකුරු තියෙන කොලයක්.... ඒත් ටික වෙලාවක් හොයද්දි දැනුන ඔලුව කැක්කුමක් නිසා මම එහෙම්ම ඇඳ ලගින් වාඩි වෙලා ඔලුව අල්ලගත්තේ අමුතු ඡායාවන් කීපයක්ම මගේ ඔලුවේ ඇඳෙද්දියි.... ඔලුව ඇතුලෙන් පැලෙන්න තරම් වේදනාවක් දැනෙද්දි මම දැක්කේ මාව කාගේ හරි අත් දෙකකට මැදි වෙලා හිටපු බවත් ඒ කෙනා හුගක් වේදනාවෙන් කෑගහගා අඩන හැටියි.... ඒත් තාමත් ඒ මූන මට අපැහැදිලියි... ඒත් ඒ කෙනාගෙ බෙල්ලේ ටැටු එකක් තිබුනා.. ඊතලේක හැඩයක් තිබුනත් මට හරියට පැහැදිලි නෑ ඒක...

ඒත් ඒ කෙනා මට හුගක් ලග බව මට දැනුනා... මොකද්දො හේතුවක් නිසා මට හිතුනෙම ඒ ජින් කියලා ...හෙමින් හෙමින් නැගිටලා මම ඇඳෙන් හාන්සි උනේ ඩයරි එකත් තුරුල් කරන්... ඔලුවේ කැක්කුමත් හිතට දැනෙන මහා අමුතු නමක් නැති වේදනාවකුත් නිසා මම අඩන්න ගත්තේ මුකුත් හිතාගන්න බැරි නිසයි...

" කී... යන්නේ නැද්ද... අද මැච් එක... ඉක්මනට වරෙන් අපි රෙඩී.... "

මට ඇහුනා සාශා දොර ඇරලා කියනවා.. මම අනික් පැත්ත හැරිලා හිටපු නිසා සාශා මම අඩන බවක් දැක්කේ නෑ... ඒත් මම උත්තර නොදී හෙමින් කඳුලු පිහිදපු එකයි කලේ..

" කී... අසනීපයක්වත්ද... "

" අ...අනි... මම එන්නම්... "

" ම්ම් හා... "

සාශා කාමරෙන් ගියාට පස්සේ මම හෙමින් හෙමින් බාත්රූම් එකට ගිහින් ඉක්මනට ලැස්තී වෙලා ආවත් ඔලුව කැක්කුමේ අඩුවක් තිබුනේ නෑ... ඇද ලග තිබුන බෙහෙත් බෝතලයක් අරන් මම එක පාර ටිකක් අරන් කටට හලාගත්තේ ඕන දෙයක් උන දෙන් කියලා... මොකද මට ඇති වෙලා දැන් මේ විඳවිල්ල... එක පැත්තකින් නැති උන මගෙ මතක... අනික් පැත්තෙන් කොලේජ් එකේ හැමෝම මං දිහා බලන විදිය... ජින් ඉද්දි මට මොකුත් නොකිව්වට එයා නැති තැන එයාලා මට හැමතිස්සෙම කරදර කලා... මීශාටවත් මම ඒ දේවල් නොකිව්වේ ජින් ආයෙම රන්ඩු කරයි කියලයි... ඒ ලමයි කියන දේවල් ඇහෙද්දි මට මැරෙන්න තරම්...

I AM A BAD BOY || KSJ ✔️Where stories live. Discover now