Chapter 07

1.4K 335 12
                                    

Eun Kii pov

ජින් මහා හයියෙන් කෑගහලා කියද්දි සූ සද්දෙත් එක්ක වටේ හිටපු කෙල්ලො කොල්ලො ටික කෑගහන්න ගත්තා... ඒ එක්ක ජින්ගේ මූනේ ඇදුන හිනාව එක්ක මට තේරුනා ජින් මේ කරන්න හදන්නේ ආයෙම මාව සෙල්ලමකට ගත්තු එක කියලා.. මොකද ඒ ඇස් වල ආදරයක් නැ.. හිස් බවක් තමයි තිබුනේ... ඒත් ජින් එහෙම කියද්දි ඒ දේවල් දැන දැනම මගේ හදවත ගැහෙන වේගේ නම් එන්න එන්නම වැඩි උනේ ජින් ගැන මගේ හිතේ තිබුන ආදරේ බය යටපත් කරන් උඩටම එද්දියි..

" එනවා යන්න.. "

ජින් මාව ඇදන් ගිහින් පැත්තකින් වාඩි කරවලා ආයෙ ප්ලේ කරන්න ගත්තා... ප්ලේ කරනකන්ම ජින් කලේ ටේ ට බෝලෙන් ගහපු එක... ටේට නම් සැරට පාරවල් කීපයක්ම වැදුනා... ඒ උනත් ටේත් අතැරියේ නෑ... පුලුවන් තරම් ජින්ගේ පාරවල් වලින් බේරිලා අන්තිම වෙනකන් ප්ලෙ කරා... මේ අතරේ මම කල්පනා කලෙ ඇයි මේ දෙන්නා එයාලා ගැන හැන්ගුවේ කියලා...

Few moments later--------------------

" තමුසේ හෙට ඉදන් ආයේ ස්පෙක්ට්ස් දානවා... මේක හරියන්නේ නැත්තං කියනවා මට චෙක් කරලා ගමු වෙන දෙකක්... "

ජින් මගෙ දිහාවට බෑග් එකක් විසි කරලා චේන්ජින් රූම් එකට යන්න ගියා... ඒකේ තිබුනේ මම හයිස්කූල් යන කාලෙ දැම්මා වගේ ස්පෙක්ට්ස් දෙකක්... මම ඒ දෙකට හුගක් ආසාවෙන් හිටියේ... ඒත් ඒ ෆ්‍රේම් එක හුගක් ගනන්... ඒක කැඩුනට පස්සේ මම නෝමල් ෆ්‍රේම් එකකට ලෙන්ස් දෙක දාලා තමයි යූස් කලේ.... මොකද උන දේවල් එක්ක මට වියදම් කරපු නිසා අපිට ඒ තරම් සල්ලි තිබුනේ නෑ

" ඒ මෝඩ කෙල්ල... යන්න අදහසක් නැද්ද... "

ජින් ඈත ඉදලා කෑගහද්දි මම ඒ පැත්තට ගියේ මේ යකා ආයෙම බෙරිහන් දෙයි කියලයි... ජින්ගේ පිටිපස්සෙන් මම යද්දි ටේ , කුකී , මෝචි තුන්දෙනා මං එක්ක එකතු උනා... ජින් එහාට මෙහාට යනකන් ඉදලා මම ටේව ඇදගෙන ගියේ උන දේ හරියටම දැනගන්න... මොකද මට කුතුහලේ කියන එක උපරිමේට තියෙනෝ
.
.
.
" යාහ් පෙට්ටි කටා අපිට මොන එහෙකටද බොරු කලේ... "

" ඒකට හේතුවක් තිබුනා ඉයුන් කී... හ්‍යුන්ගෙන් ඈත් වෙන්න... පොඩි හරි අදහසක් තියෙනවා නම් දැන්ම අතෑරගන්න... එයා හොද මිනිහෙක් නෙමේ... "

I AM A BAD BOY || KSJ ✔️Where stories live. Discover now