chapter 01

2K 382 42
                                    


" මේක නිවිලා... මේකට ලුනු වැඩී... ආයිශ් කවුද මේ ගාලික් (garlic ) දාපු එකා... එඩී............................ මෙහෙ එනවා අයිසේ.. "

" ආව්ව්... කට .... "

ටේ කිව්වෙ ඇහෙන නොඇහෙන ගානට ...

උදේ පාන්දර ජින් කෑම ටිකත් එක්කම මේසෙ උඩ තිබුන භාජන එකෙන් එක පොලවේ ගහද්දි පාඩුවෙ ටී එක බිබී හිටපු ටේ ගේ කට පිච්චුනේ කොල්ලා ගැස්සුන නිසයි... මොකද ජින් ගෙදර වහල උඩ යන තරමට බෙරිහන් දුන්නා

" ලොකූ බේබී... මොකද්ද උනේ..? "

කලබලෙන් ජින් ලගට දුවන් ආපු එඩී ඇහුවා... එඩී කියලා කියන්නේ කිම් නිවසේ ප්‍රධාන සේවකයා...

" උනේ.. උනේ බලනවා උන දේ.... මේවා බල්ලෙක්ටවත් කන්න පුලුවන් ද... අනික දන්නේ නැද්ද මට ගාලික් ඇලජි කියලා... ගෙන්නනවා අද කෑම හදපු එවුන්ව... "

ජින් කිව්වෙ පුටුවකටත් පයින් ගහන ගමන්...

" තමුසෙලා මාව ඔතනට ගෙන්න ගන්න කලින් මෙහෙට එනවලා... "

ජින් තරහෙන් පුපුරද්දි බයෙන් බයෙන් සේවිකාවෝ කීප දෙනෙක් ආවේ කොල්ලගෙ හැටි දන්න නිසාමයි...

" කවුද මේක හැදුවෙ? .. කවුද කියනවලා.... "

" ම්...ම්...මම ලොකු බේබී... "

එතන හිටපු සේවිකාවක් කිව්වේ වෙවුලන කටහඬකින්...

" මේ දෙක... ? "

ජින් රවලා බලද්දි අනිත් ඩිශ් ටිකත් හදපු අය පිලිවෙලින් ඉදිරිපත් උනා...

" ගාලික් එක කොයි එකීද හැදුවෙ... "

" ම්..ම්..මම බේබි... "

" ඇයි තමුසේ තොත්ත බබාද... දන්නේ නැද්ද මට ගාලික් ඇලජික් කියලා... ආහ්... තමුසේ මේ ගෙදර රූල්ස් දන්නේ නැද්ද... "

සර්වන්ට් ගර්ල්ගේ නිකටෙන් අල්ලන ගමන් කියපු ජින් තමන්ගෙ අතෙන් කෙල්ලගෙ කම්මුල් දෙක තද කලේ කෙල්ලට කතා කරගන්නම බැරි වෙන්නයි... ජින් අල්ලපු පාර කෙල්ලට කඳුලුත් ඇවිත් තිබුනේ..

" බේබී එයා අලුත් එක්කෙනෙක්... අදට සමාව දෙන්න... "

" ශුවර්..! "

එඩී කෙල්ලව සාධාරණීකරණය කරන ගමන් කියද්දි ජින් කට කොනෙන් හිනා වෙලා කිව්වා... ඒත් සිද්ද උනේ බලාපොරොත්තු නොවුන දෙයක්... ජින් උනු උනුවේ තිබුන ඩිශ් එක අරගෙන සර්වන්ට් ගර්ල්ගේ ඔලුවේ ඉදන් හලපු එකයි කලේ...

I AM A BAD BOY || KSJ ✔️Where stories live. Discover now