Chapter 11

1.3K 341 32
                                    


" මොකක් .. ආයිශ් ඌද දන්නෙ නෑ මේක කලේ... "

මම අතමිට මොලවලා දොරටත් එකක් ගහලා යන්න ගියේ කොලේජ් එක පැත්තට..
.
.
.
.
" යමන්..... "

ලෙක්චර් හෝල් එකක හිටපු ඩියෝන්ව මම ලෙක්චර් එක මැද්දෙම ඇදගෙන ආවේ මිනිහා එක්ක තිබුන තරහටමයි...

" ජින්ශි... මොකද්ද උනේ... "

" උනේ.. ? තමුසේ කී ගැන හැමදේම දැනගෙන නේද මේ වීඩියෝ පබ්ලිශ් කරේ ආහ්.. "

" මොනාද මේ කියවන්නේ... "

" කියවන්නෙ ... කියවන්නෙ තමුසෙ කරපු දේ.... "

" ඔයා හිතන් ඉන්නවා නම් කී ගැන මම දන්න නිසා ඒක කලා කියලා ඔයාට වැරදිලා... "

ඩියෝන්ට තවත් කියලා තේරුමක් නෑ වගේ දැනුන නිසා මම මිනිහට එකක් ගහපු එක කලේ... අඩියක් දෙකක් පස්සට ගිය ඩියෝන් මට පාරක් ගැහුවේ මම නොහිතපු විදියටයි... ඩියෝන්ගේ පාර සැර නිසා මම ආයෙම පැනලා දෙක තුනක් දුන්නෙ ඩියෝන්ට නැගිටගන්නත් බැරි වෙන්නයි....

( මේ වෙලාවට තමා අර ට්‍රේනින් එක වැදගත් )

මම හිත යටෙන් ට්‍රේනින් එකකත් ස්තූති කරන ගමන් ඩියෝන්ගෙ මූන නිල් වෙන්නම ගැහුවේ ඉයුන් කී අඩපු හැටි මතක් වෙද්දියි...

" හ්‍යුන්ග් ඒ ඩියෝන් නෙමේ.... "

රන්ඩුව දැකලා දුවන් ආපු කුකී කියද්දි මම ඩියෝන් ලගින් ඈත් උනා... මිනිහට නම් නැගිටගන්නත් පන නෑ...

" එහෙනම් කොයි @%#* ද? "

" හ්‍යුන්ග් ඒ කෙල්ලෙක්... මේ සේරම කරලා තියෙන්නේ ඒකී.... නම්ජූන් හ්‍යුන්ග් සේර්ම හොයාගෙන... "

නම්ජූන් හොයාගත්තු බව කියද්දි මට තහවුරු උනා මේක ඇත්තක් බව... මොකද මිනිහා ඔය සයිඩ් එකෙන් මාරම ශාප්... ඕනෙම සිස්ටම් එකක් විනාඩි දහයක් ඇතුලත හැක් කරන්න පුලුවන් ... එහෙම එකේ මේක අප්ලොඩ් කරපු එකාව හොයාගන්න එක ජූන්ට මහලොකු දෙයක් නෙමේ....

" ඒත් තමුසෙ මේ සේරම දැනගෙන කීට ලන් උනේ ඇයි.. ? "

" Because I love her... "

ඩියෝන් කේන්තියෙන් වගේම කිව්වෙ අමාරුවෙන් ... මම ගහපු පාරවල් වලට මිනිහට කට ඇරගන්නත් බෑ වගේ... ඌ කියපු එකට මට තව එකක් දෙන්න හිතුනා

I AM A BAD BOY || KSJ ✔️Where stories live. Discover now