8 කොටස

137 24 7
                                    

"ගුඩ් මෝනින් ගයිස්" JENNY පන්තියට පැමිණෙන ගමන් අනෙක් යාළුවන්ට කීවාය.

"අහ්හ් කෙල්ලේ,මොකෝ අද හැපි එකේ"KARA සිනාසෙමින් ඇසුවාය.

"අනේ ඉතින් මන් හැමදාම ඒම නේ"

"හාකෝ. එක්කෙනෙක් ඊයේ තව කෙනෙක් ව බේරුවා, අම්මෝ ඒක"
BOHA ඇහැක් ගහන ගමන් කීවාය.

"අනේ යන්න අනේ, ඔයාලා හරි නරකයි"JENNY BOHA ට ඔරවන ගමන් පිටට සිහින් පාරක් ද ගැසුවාය.

"ඔව් ඔව් අපි නරකයි. ඔයා හොඳ නිසානේ අරයව බේරගත්තේ"ROSE ද කතාවට සම්බන්ද වුවාය.

"හලි හලි ඇති ඉතින්"JENNY හුරතල් මුහුණක් මවා ගෙන කීවාය.

එය ඇසූ සැවොම සිනා සෙන්නට වුහ.

********************************

"අහ්හ්, MELIK ඕහොම ඉන්නවා"MELIK එනතුරු පන්තිය අසල රස්තියාදු වෙමින් සිටි RUSH එසේ කිවේය.

"ඇයි අද මොකෝ?"

"ලැජ්ජ නැද්ද අහ්හ් "RUSH කට කොනින් සිනාසෙන ගමන් පැවසුවේය.

"මොකටද?"

"ඊයේ කෙල්ලෙක් ඇවිත් බේරගන්නකම් හිටියනේ?"

"අනේ මේ RUSH මන් බලෙන් කෙල්ලෙක්ව ගෙන්න ගත්තේ නැනේ එතනට" RUSH ගේ ග්‍රහණයෙන් මිදියාමට උත්සහ ගනිමින් MELIK එසේ කිවේය.

"මොනා උනත් එකී එතනට ආපු එක හොඳයි"

"අහ්හ් ඒ මොකෝ"

"ඇයි මොකෝ මන් මොකටද ඒක තමුසෙට කියන්නේ?"

"ආශ්, උබ නම්,ඒකී එක්ක සෙල්ලම් කරන්නද යන්නේ අහ්හ්?"MELIK කේන්තියෙන් පුපුරමින් කිවේය.

"මන් මොනා කරත් උබට මොකද?"

"එකී මාව බේරගත්ත නිසා එකී ගැන මට වගකීමක්‍ තියනවා"

"අහ්හ්, උබට කව්ද එහෙම කිව්වේ?"
RUSH එසේ කියද්දී ඔහුගේ යාලුවෝ සියල්ල MELIK ට සිනා සෙන්නට විය.

"හරි උබ ඒකිට මොනා හරි කලොත් මන් බලා ගන්නම්"MELIK ඔරවමින් පැවසුවේය.

"හරි බලමු"RUSH එතනින් පිටව ගියේය. ඉන්පසු MELIK සහ NISHEL ද එතනින් පිට වුහ.

********************************

"ඒ බන් SHEN MELIK ට පිස්සුද, අර කෙල්ල ගැන උට තියන අමාරුව මොකද්ද?"

||A Story Of A True Friendship|| Jenny ff||completed||Where stories live. Discover now