7 කොටස

139 23 28
                                    

පාසල් අවසාන වන සීනුව නාද විය.
HIGH SCHOOL එකේ JENNY, KARA, ROSE සහ SOYA උදැසන කතා වූ පරිදි ලර්නින් කැෆේ එකට යමින් සිටියහ. අතරමගදී WENDY ද ඔවුන් හා එක් විය.

HERMEN BOY'S SCHOOL එකේ RUSH ඇතුළු ඔවුන්ගේ යාළුවන් පිරිසද, MELIK, NISHEL සහ ඔවුන්ගේ යාළුවන් පිරිසද ලර්නින් කැෆේ එක පැත්තට ගියහ. නමුත් ඔවුන් නම් එහි ගියේ ඉගැනීමේ අරමුණින් නොවේ.

ඔවුන්ගේන් මුලින්ම එතනට ගියේ RUSH ඇතුළු පිරිසයි.මඳ වෙලාවකට පසු MELIK, NISHEL ඇතුළු පිරිසද එතනට පැමිණියහ.

"අහ්හ් ආවද?"RUSH ඇඟේ හිරි අරිනගමන් කිවේය.

"ඔව්"

"අහ්හ්, මන් හිතුවා බයට එන්නේ නැතුව ඉදියි කියලා"

"උබ ආදරෙන් එන්න කිව්වම බැ කියන්න බැනේ."MELIK ද ඇඟේ හිරි අරිමින් කිව්වේය.

"ඔව්"😎

"හරි දැන් මෙතනට එන්න කිව්වේ උබනේ කියහන්කෝ උබට දැන් මට‍ සලකන්න ඕන කෝමද?"

"අහ්හ් එදා නවත්තපු තැනින් පටන් ගමු,දිනන එක්කෙනා කියන ඕන දෙයක් පරාද වෙන එක්කෙනා කරන්න ඕන"RUSH එසේ පැවසුවේය.

"උබේ කැමත්තනේ, මොකෝ තව බල බල ඉන්නේ වරෙන්"

ගතවුයේ නිමේශයක් පමණි. MELIK සහ RUSH එකිනෙකා බිම දමමින් තමන්ගේ තරහ නිවා ගන්නට කටයුතු කළහ.

ඒ අතරතුර JENNY සහ ඇගේ මිතුරියන් පිරිස ලර්නින් කැෆේ එක දෙසට එනගමන් සිටියහ. ඈත තියාම MELIK ව දුටු WENDY JENNY ට ඔහුව පෙන්නුවාය.

"අහ්හ්, ඒ JENNY අර බලන්නකෝ අන්න MELIK ගහගන්නවා තව කෙනක් එක්ක."

"අනේ මන්ද MELIK හොඳටම ගුටි කනවා වගේ පෙන්නේ, මොනා උනත් පොඩ්ඩක් ගිහින් බලමු. දන්න කෙනක් ගුටි කනකොට නිකන් ඉන්න බැනේ"JENNY ඇගේ මිතුරියන් පිරිසට කීවාය.

"ඕ, JENNY මොකෝ මේ එයාව බේරගන්න හිතුනේ?"ROSE ඇහැක් ගසන ගමන් ඇසුවාය.

"අනේ මේ විකාර කරන්නේ නැතුව යමුද?"JENNY කෝපයෙන් කීවාය.

ඉන් පසු JENNY යෙහෙලියන් සමග එතනට දිව ගියාය.

"ඒයි, මොකද්ද මෙතන වෙන්නේ?"JENNY රණ්ඩුව සිදුවන ස්ථානයට ගොස් ඇසුවාය.

||A Story Of A True Friendship|| Jenny ff||completed||Where stories live. Discover now