50 කොටස

201 48 95
                                    

මට අද ප්‍රයිස් තිබුණෙ සෙක්ශන් ෆස්ට්වුණ එකටයි තව සබ්ජෙක්ට් ප්‍රයිසස් වගේකුයි...ගේඩ් ලෙවන් වල ටර්ම්ස් තුනම සෙක්ශන් ෆස්ට් මම නිසා ඒ ප්‍රයිස් එක මගේ... දේව් හිටියෙ ස්පෝර්ට්ස් වල ප්‍රයිස් වගේකට... ශාලුකගෙ අම්මා ඇවිත් හිටියා... එයාගෙ සීයත් ආවා චීෆ්ගෙස්ට් විදියට ප්‍රයිස් ගිවින් එකේ...මගේ කවුරුත් ආවෙ නෑ...මමා එන්නෙ නෑ...ග්‍රැනී අසනීප වෙලා එයාට එන්නත් බෑ...

මමත් යන්න නෙවෙයි හිටියෙ...ඒත් දේව් කිව්වා මාව ගන්න අපාට්මන්ට් එක ළඟට එනවා කියලා...එතකොට අමතක වුණා නින්ද ගියා කියන්නත් බැරි නිසා මම සද්ද නැතුව රෙඩි වෙලා ගියේ...මම මගෙ සීට් එකට යන්න කලින් ආන්ටි ඔලුව අතගාලා කිව්වා පුතාගෙ ගෙදරින් ආවෙත් මම කියලා හිතාගන්න ශාලුකගෙ යාළුවා කියන්නෙ මමත් එයාගෙ පුතා වගේ තමයි කියලා...එයා මගෙ කම්මුලෙන් ඇදලා සතුටුයි පුතේ හොඳට ඉගෙන ගන්න කියලත් කිව්වා...

හිරණ්‍යා ආන්ටි හරි හොඳයි...එයා බැන්නෙ නෑ මමා වගේ කලින් පාර 97.45ක් තිබුණ ඇවරේජ් එක 97.40 ක් වෙලා කියලා...මමාට මං මොන දේවල් කළත් මදි...

ඊයෙ මම යද්දි එයා එයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ්ව ගෙදරට එක්කරගෙන ඇවිත් හිටියා...ඒ මගේ ප්‍රයිවට් ස්විමින් කෝච්... මමාට එකක් කියලා නැති රිලේශන්ශිප්ස්වලට මම කැමති නෑ! I really hate that!!

මට ඒ මනුස්සයා දැක්කා ම මතක් වුණේ ම ස්කූල් එකේ පූල් ඒරියා එකේ වෙන්න ගිය දේ...එදා ඒ අයියලා ටික ප්‍රැක්ටිස් කරන්න ආවෙ නැත්තන් මට ඒ මනුස්සයා මොනවා කරයිද දන්නෙ නෑ...මම බයට ම කන්නවත් එළියට ආවෙ නෑ දොර ලොක් කරගෙන හිටියා...මමා ඩ්‍රින්ක්ස් අරන් වැඩිවෙලා මට බැන්නා හොඳට ම...එයා හැමදාම කියන්නෙ හැමදේම මගෙ වැරදි කියලා...මම දන්නෙ නෑ...අද දේව් එක්ක කතා කළාම තමයි මම ආයෙ නෝමල් වුණේ...මම ඊයෙත් අත කපා ගත්තා...කකුල් දෙකේ දැන් ප්ලාස්ටර් ගහලා ගහලා ම බ්ලේඩ් එකෙන් මොනවත් ලියන්න ඉඩ නෑ...

දේව් අත දැකලා මට බැන්නා....එයා එතනට තොල් තද කළත් එක්ක...ඒ වෙලාවෙ නම් මගෙ කන් දෙකත් රත් වුණා....
.

.

.

.

.

හුස්මක් දුරින්...Where stories live. Discover now