18 කොටස

289 54 64
                                    

"හ්හ්...යන්..න...මොකද්...අ-අතෑරප්-ම්හ්ක්...එ..ප්..පාහ්!!"
ස්කූල් එකෙන් ඇවිත් ගන්න තිබුණ පොත් වගේකුත් අරගෙන අපාට්මන්ට් එකට ආව මට මඟින් මඟට දැනුණා කවුරුහරි මාව ෆලෝ කරන බව...

ඒත් අපාට්මන්ට් කම්ප්ලෙක්ස් එකට පාස් නැතිව එන්න බැරි නිසා මම මොනවත් කල්පනා නොකර එන්න ආවත් ඩෝ එකට ෆින්ගර් ප්‍රින්ට් එක තියද්දි ම වගේ මාව බලෙන් ඇතුළට තල්ලු කරගෙන තව කීපදෙනෙක් මගෙ අපාට්මන්ට් එක ඇතුළට එද්දි දොර වෙනදා වගේ ම ඔටෝලොක් වුණා... මගෙ ඇස් දෙක ගැටගහලා...ඒත් මාව කවුරුහරි අල්ලගෙන ඉන්නවා විතරයි...

මම දැඟලුවට අතාරවගන්න බෑ...සයිලෝ බුරනවා මහ සද්දෙට... එයාට කරදරයක් වෙයිද කියලත් බය හිතුණා මට...

"ච්..මේ හු#න බල්ලට දඟලන්න එපා කියපන්!!නැත්තන් වෙඩි තියලා දානවා!"
ගැඹුරු කටහඬකින් කෑ ගහනවා ඇහෙද්දි මට බය හිතුණා...මට...මට මේක ඇතුළෙ වටිනවා කියලා ඉන්නෙ එයා විතරයි...

" සයි...එපා.. දඟලන්න එපා...මේ අයියගෙ යාළුවො..."
මම කතා කරන්න කරන්න එයා තව ගොරව ගොරව බුරනවා...

අනේ ප්ලීස් කෑ ගහන්න එපා තඩියෝ... මට මගේ කියලා ඉන්නෙ ඔයා විතරනේ!!

එයාට කරදරයක් වෙයි කියන බයට මගෙ ඇස් වලට කදුළු පිරෙද්දි මම සයිලෝට ළඟට කතා කළත් එයා දිගට ම කළේ ගොරව ගොරව ඇවිත් ඉන්න උන්ට පනින එක...

"ම්-මාව ට්-ටිකකට අ-අතාරින්...න... එ-එයාව ර්-රූම් එක..ට ද්..දාන්..නම්... ප්ලිස්...එ-එයාට ක්-කරද..ර ක්-කරන්...නෙපා.."
මම අඬ අඬ කියද්දි මාව අල්ලගෙන හිටිය උන් මාව අතෑරපු නිසා මම හෙමින් ඉසස්රහට යද්දි සයිලෝ ඇවිත් මගෙ ඇඟට පැන්නා...ඒකා තාම ගොරවනවා...මෙයා ශාලුක මට සද්දෙ වැඩි කරලා කතා කළත් ශාලුකටත් ගොරවනවා...යෙහාට නම් හපන්න පැනලත් තියේ...ඒ තරමට තඩියා මාව පරිස්සම් කරනවා...ඒකමයි මෙතනත් දැන් දඟලන්නේ...

"එන්නකෝ...අ-අපි රූම් එකට යන්...කෑ ග-ගහන්...නෙපා හ්-හොඳ ද?"
මම එයාගෙ බෙල්ට් එකෙන් අල්ලගෙන සෝෆා එක අතගගා ගෙස්ට් රූම් එක ළඟට ගිහින් සයිලෝව ඇතුළට දාලා දොර වහලා එතන ම බිත්තියට හේත්තු වුණා...

දන්නවා කළේ මෝඩ වැඩක්...මට තිබුණා පැනලා යන්න...ඒත් සයිව දාලා යන්න බෑ...මම යන්නෙ නෑ... මරනවා නම් මරලා දාපුවාවෙ...මම කොහොමත් ජීවත් වෙන්න මහන්සි වෙන්නෙ නෑ...ඒත් මට...ඇත්තට ම මං ළඟ ඉන්න එකම ගැහෙන පපුවට මොනවත් වෙනවා බලන්න හයියක් නෑ...

හුස්මක් දුරින්...Where stories live. Discover now