〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️
Devinda's POV
"දැන් ඇති බං..."
"චූටි...අහපන්..."
"ත්-තව...එක්-කයි..."
මම එපා කියද්දි ම විහස් තව ග්ලාස් එකක් පුරවගෙන හුස්මක් කටක් නොගෙන එකපාර ම හිස් කරලා දාද්දි මම අතකින් නළල මිරිකගෙන ඇස් ඇරගන්න බැරි වෙන්න බීලා මූණ රතු කරගෙන ඉන්න පොඩි එකා දිහා බලාගෙන හිටියා..."ම්හ්...මං...මහ පව්ක්-කාරයෙක්...
ස්-සතුටින් ඉන්-න ල්-ලබලා න්-නැති ක්-කාලක- ණ්ණි යෙක්...හ්...හ්හ්..."
විහස් ටිකක් කියවලා ටේබල් එකට ඔලුව ගහගත්තා.."අය්හ්-අයියේ..."
"ඕඕ?"
"ම්-මගෙ ප්හ්-පපුවහ්...ර්-රිදෙ.. නව්-වනෙ...හ්-හිර වෙ-ලා...ම්හ්.. මං...මැරෙයිදහ්?"
විහස් පුටුවෙ ඇන්දට හේත්තු වෙලා ඇස් පියාගෙන කියවද්දි උගෙ කම්මුල් දෙක දිගේ කඳුළු බේරිලා ගියා... ඇඳගෙන ඉන්න ශර්ට් එකේ මුළු පපුව ම කඳුළු වලට තෙමිලා තියෙද්දි ඌ බාගෙට විනිවිද පේන්න අරන් තියෙන ශර්ට් එකට උඩින් පපුව මිරිකගෙන හිටියා..."විහස්..."
මම උගෙ අතින් අල්ලලා කතා කරද්දි කොල්ලා හෙමීට අමාරුවෙන් ඇස් ඇරියා...ඇස් දෙකම හොඳට ම රතු වෙලා...මම ආයෙ නළලට අත තියලා බලද්දි පොඩි එකා ඇස් පියා ගත්තා...අත පිච්චෙන ගානට උණ...ඒත් තාමත් බොනවා...දැනටම බෝතල් තුනකට කිට්ටු වෙන්න ඉවරයි...එහෙම වෙලත් මෙතනින් හොලව ගන්න බැරි වෙද්දි දැන් පැයකට විතර කලින් මම විහස්ව මෙතනින් උස්සගෙන යන්න හැදුවත් කොල්ලා කෑ ගහලා අඬන්න ගනිද්දි මම ආයෙමත් එයාව වාඩි කරලා එයාට එහා පැත්තෙ පුටුවෙන් වාඩිවෙලා හිටියා...
"අපි ගෙදර යමුද? ඔයාට උණනෙ?"
"ශ්-ශාලුක...ගෙද-ර නෑනෙ..."
"ශාලුක ඕන නෑ...ඔයාගෙ තඩියා තනියම නෙ..."
"ත්-තඩියා...බ්-බඩගින්නෙ...එ-එයා... අසෙනි..ගෙ... ම්-මගෙ නෙවෙයි! ශ්-ශාලුක...ම්-මගෙ න්-නෙවෙයි! ක්-කාගෙද්-ද?"
මම කියද්දි විහස් මගෙ ශර්ට් එක අතට පොඩි කරගෙන අසිහියෙන් කියවගෙන ගියා...ඔලුව කෙලින් තියා ගන්න බැරි ගානට මත්වෙලා මේ කොල්ලා... බෙහෙත් වල පවර් එක ඉවර නිසාද කොහෙද ගිනි මැලේ වගේ උණ...