30 කොටස

233 44 230
                                    


"අපි කොහෙද යන්නෙ ශාලුක?"
අහද්දි එයා මගෙ දිහා බලලා ඇස් දෙක චූටි කරලා හිනාවුණා...

"සූටි කාලෙ ගිය තැනකට..."

"තැනට නමක් නෑ ඉතින්?"

"තියෙනවනේ..."

"ඉතින් කියන්න බෑද?"

"ඔයා මොන විකාරයක් ද ශාලුක අපි යන් කිව්වොත් යන්න වෙන්නෑනෙ?"

"එතකොට ඔයා දැන් මේ මාව බලෙන් එක්කරගෙන යනවද?"

"නෑ ඉතින්..ඔයා බෑ කියන්නෑනෙ..." ශාලුක පොඩි එකාවගෙ හිනාවෙලා කියද්දි මම එයා දිහා බලාගෙන හිටියා... සමහර දේවල් එයාගෙ වැරැද්ද ම නෙවෙයි... එයාව උස් මහත් කරපු මිනිස්සු එයාට දීපු ආදර්ශවල වැරැද්ද...

එයාට දෙයක් ඕනෙ නම් ඕනමයි... එයාට මේ ගමන මං එක්ක යන්න ඕනෙ...කියලා මම අකමැති වුණොත් එයාට යන්න බැරි නිසා නොකිය ම එක්කරගෙන යනවා...ඒත් ඒක හරිද?

අනේ මන්දා කවදා හැදෙයි ද මේ මනුස්සයා කියලා...

"අක්ෂී..."

"ම්ම්..."

"ඇයි ඔහොම බලන්නෙ...මම වැරදි වැඩක් කළාද? "

"ම්ම්...ඔව්නෙ..."

"මොකද්ද?"

"මේකනෙ දේව්...දැන් ඔයා මම අකමැති වුණොත් කියලා යන තැන මට නොකියා මාව එක්කරගෙන යනවා... ඒක නිකන් ඔයාට ඕන දේ බලෙන් කරවනවා වගේනෙ...ඔයා හිතලා නෑනෙ එතනට ගිහින් මම අපහසුතාවට පත් වෙයිද...ඒක නිසා මට දුක හිතෙයි ද කියලා...ඕන දේ කොහොමහරි කර ගන්න යන්න එපා ශාලුක...එතකොට ඔයා වටේ ඉන්න මිනිස්සුන්ට දුක හිතෙනවා..."
මම ස්ටියරින් වීල් එක උඩ තියෙන එයාගෙ අත උඩින් අත තියලා කියද්දි එයා ටිකක් දුර ඇවිත් පාරෙ අයිනෙ පාකින් එකක වාහනේ නතර කළා...

"සොරි අක්ෂී...මම එච්චර හිතුවෙ නෑ ඒක ගැන... ඇත්තටම ඒක වැරදියි නේද....ගොඩක්... මම ඔයාව එක්කරගෙන යන්න හැදුවෙ සූ එකට...පුංචි ළමයි යන තැනක් කියලා ඔයා බෑ කියයිද කියලා හිතුණා...ඒකයි.... එක්කො ඕන නෑ අපි ආ-"

"මම ගිහින් නෑ..."

"මොකද්ද?"

"මාව චූටි කාලෙ ග්‍රැනී නර්සරි ට්‍රිප්ස් වලට යැව්වෙ නෑ...ඒ කාලෙ මම පොඩ්ඩ ඇත්තන් අඬනවලු...ඉතින් මම ගිහින් නෑ...මට මෙහෙ ඉද්දි යන්න තිබුණා...ඒත් තනියම ඒ වගේ තැනක යන්න කම්මැලි හිතුණා...ඉතින් මම කවදාවත් ගිහින් නෑ...මම අකමැති නෑ..."

හුස්මක් දුරින්...Where stories live. Discover now