"ඕයි...විහා...උඹ එනවද නැද්ද බං!?"
තේනුක කෑ ගහද්දි මම සපත්තුවෙ ලේස් එක ගැට ගහන ගමන් තනි කකුලෙන් පැන පැන ලිවින් ඒරියා එකට ඇවිත් ජැකට් එක ගසලා හරියට හදාගෙන තේනුකට ෆිට් එකක් දාලා යන් කිව්වා...සයිලෝට කන්න දීලා හුරතල් කර කර හිටිය කවියත් ආව නිසා උන් දෙන්නා එළියට ගියේ මම තඩියව චප්ප කරලා දාලා එයාගෙ තොම්බ උඩට චූටි කිස් එකකුත් තියලා එළියට දුවද්දි....අද මේ දරුවගෙ උපන්දිනේ නේ.... ලොකුවට ස'ප්‍රයිස් නෑ....මමා තාම කෝල් කළේ නෑ...
තේනුකගෙන් වදේ ඩිනර් අවුට් එකක් ඉල්ලලා...ඒ නිසා මම සෙට් එකට ම එන්න කියලා අපිට ටේබල් එකක් බුක් කෙරෙව්වා...මම කවිනුට ඩ්‍රයිව් කරන්න දීලා පිටිපස්සෙ සීට් එකෙන් වාඩිවුණේ එයා වාහනේ ඇවිත් ඉද්දි මාත් වාහනේ ගන්න ඕන නැති නිසා....
"මට ලොකු දෙයක් ගන්න යන්න වුණෙ නෑ විහා..."
තේනුක මගෙ අතට පොඩි බොක්ස් එකක් දීලා කියද්දි මට හිනාගියා..."විකාරනෙ...උඹ දන්නවා මම බ'ත්ඩේ එක ගණන් ගන්නෙ නෑ කියලා..."
මම එහෙම කියලා බොක්ස් එක පැකින් අයින් කරන්න හැදුවත් කවිනු කතා කළ නිසා මම ඔලුව උස්සලා බැලුවා..."මගෙ ගිෆ්ට් එකත් ඔහොම ම දෙන්න බබා...හැපි ලෙවලප් ඩේ විහා... හිනා වෙලා ඉඳපන්..."
කවිනු සීට් දෙක අතරෙන් අත දාලා මගෙ කකුලට තට්ටුවක් මත දාලා කියලා කලර් ලයිට්ස්වල කොළ පාට වැටුණ නිසා වාහනේ ඉස්සරහට අරන් ගියා...."පිස්සුනෙ බං....මොන මඟුලකටද මේව?මට උඹලා ටික මගෙත් එක්ක ඉන්නෙකම ලොකු දෙයක්නෙ..."
මම කියද්දි තේනුක සීට් දෙක අස්සෙන් එබිලා මං එක්ක කියව කියව ආවත් කවිනු තේනුකගෙ පස්සට ගැහුවා..."හරියට වාඩිවෙන්න බබා...බ්‍රේක් කළොත් ඔයා වැටෙනවා නවී!!"
"හරි හරි අනේ වැටෙන්-ඕහ්..."
"මම කිව්වෙ නැද්ද?"
කවිනු හිතල ම බ්‍රේක් කරද්දි තේනුක වැටෙන්න ගිය නිසා තේනුක මූණත් ඇද කරගෙන හරියට සීට් එකේ වාඩි වුණා...මම සැරින් සැරේ තේනුකට නෝට් වෙන්නෙ නැති වෙන්න ෆෝන් එකට මැසේජ් එකක් එනකල් බලාගෙන හිටියා... ශාලුක තාම විශ් කළේ නෑ... එයා සාමාන්‍යයෙන් අමතක කරන්නෙ නෑ...ඒත් අද තවම මැසේජ් එකක් නෑ... දැන් හතටත් කිට්ටුයි...