32 කොටස

188 32 122
                                    

"උඹ දැන් ආයෙ ආන්ටිව බලන්නවත් යන්නෙ නැද්ද?"

"අනේ මන්දා බං...පහුගිය ටිකේ මමායි අයියයි මෙහෙ ඇවිත් ගිහින් ම මට දැන් එයාලා නැතුවත් බෙල් එක වදිනවද කියලා හිතෙනවා...

පහුගිය ටිකේ...මම ඇත්තටම හිතුවෙ තනියම ඉන්න ලයිෆ් එකට වඩා පවුලක් තියෙද්දි හරි කරදරයක් කියලා...ඒත් දැන් හිතෙනවා තනියම ගෙවෙන ජීවිතේ පාළුයි කියලා...තමන් අයිතියි කියලා පෙන්නන්න තැනක් නැති මිනිස්සු අන්තිමට තනිවෙනවා තේනුක...

මට හිතාගන්න බෑ... කොහොමත් ටික දවසනෙ...රිසල්ට් ආවට පස්සෙ ඔය අවුල් නෑනෙ..."
මම කියාගෙන යද්දි තේනුක ඇඳේ පෙරලිලා මගේ අළුතෙන් ගෙනාව පේන්ටින් අයිටම්ස් ටිකක් ඇද ඇද අහගෙන හිටියා...

"අපි දෙන්නම කොළඹ තේරෙයිනේ...ඒ වුණාට ඒකත් කොළඹ ම වුණාම ඊයා හලෝ!"
තේනුක කියද්දි මම හිනාවුණා...මම ඌට තාම කිව්වෙ නෑ මෙඩිකල් දාන්නෙ නෑ කියලා...

"ඒ වුණාට අපෙ මනුස්සයා කැමති නෑ මාව දුර යවන්න..."
තේනුක කට ඇද කරගෙන කියද්දි මම අතේ තිබුණ ශර්ට් එකකින් තේනුගෙ ඔලුවට ගැහුවා...

"කවියා උඹට ආදරෙයිනෙ බං! ඒකයි ඒ..."

"එයා කැමති නැත්තෙ නෑනෙ ඉතින්... මමනෙ එයා දාලා යන්න බෑ කිව්වෙ... වැරදිලා හරි පේරා යන්න වුණොත් එයා එහෙ එනෝ කියලා ප්‍රොමිස් වුණා ඉතින්..."
තේනුවා මගෙ දිහා හොරට බල බල කියද්දි මම ඒකගෙ පස්සට එකක් ගැහුවා...

"ආව් රිදෙනවා! ඕව අන්සතුයි හරිද... තට්ටු දාන්න එන්නෙපා...පොදු දේපළ නෙවෙයි!"

"අපෝ හරි හරි ඉතින්...අපිට එපා...ඕව ඇවිත් විජේසූරිය ප්‍රොප'ටීස් නේ!"

"අසලියා නංගිට යෙහාලගෙ තාත්තා මොනවත් කියලා නෑනේ..."

"ම්ම්.."
තේනුවා අහද්දි මම හූමිටි තිබ්බා.. අංකල් මොනවත් කියලා නෑ...එයාට ඇත්තටම යෙහාව එච්චර වැදගත් නෑ...ඒ කියන්නෙ...අනේ මන්දා...වියදම් කරනවා... කන්ට්‍රෝල් කරන්නෙ නෑ...එයත් ඔය හා කියන්න ඇත්තෙ ඇති වුණාම අතාරියි කියලා...

ඒත් ශාලුක කිව්වා යෙහාගෙ අයියා එයා එක්ක ගොඩක් වෙලා කතා කළා කියලා...සස්මිත අයියා තමයි අක්කවයි යෙහාවයි දෙන්නව ම තාත්තා වගේ බලාගන්නෙ...යෙහා අම්මට වඩා ආදරේ අක්කට...ඌ කොහෙහරි යද්දි වැඳලා යන්නෙ අයියටයි අක්කටයි... අම්මා තාත්තා කියන්නෙ ඌට වැදගත් ටොපික් නෙවෙයි...අයියා යෙහාට වඩා අවුරුදු දාහතරක් වැඩිමල්...අක්කා මූට වඩා දහයක් වැඩිමල්...ඒ දෙන්නම ලංකාවට එන්නෙ යන්නෙ හරි යෙහා නිසා...

හුස්මක් දුරින්...Where stories live. Discover now