52 කොටස

208 43 80
                                    


"උඹට ශුවර්ද ධනුක අයියව?"

"නෑ...ඒත් නැන්දව හොයාගන්න මට අයියගෙ උදව් ඕන...මම ශර්ට් එකට කැම් එක සෙට් කරන ගමන් කියද්දි කවියා ස්ටියරින් වීල් එකට අතින් තට්ටු කර කර හෙමීට විස්ල් කළා...

"හරි...මම යන්න ඕන මොන ටේබල් එකටද?"

"බා කවුන්ටර් එක ළඟ ඉඳලා බිත්තිය අයින දිගේ තුන්වෙනි එක...එතන සීසීටීවී ක්ලියර් නෑ..."

"හ්ම්...උඹ අවධානෙන් ඉඳපන්... කෙල්ල එද්දි මට කියපන්..."
මම කවියට එහෙම කියලා සම්පූර්ණයෙන් ම කර්ල් කරලා තිබුණ කොණ්ඩෙත් අතින් හදාගෙන කවියා කිව්ව ටේබල් එකට ගියා...කාලෙකින් ක්ලබ් එකකට ආවාම මගෙ හිතට ආව පළවෙනි ප්‍රශ්නෙ මම ඉස්සර මේක අස්සෙ රෑ දෙක තුන වෙනකන් ඔලුව පුපුරලා මැරෙන්නෙ නැතුව හිටියෙ කොහොමද කියලා...හතර වටේට පාට පාට ලයිට් වදිද්දි කාලෙකට කලින් මගෙත් එක්ක හුරතල් වුණ ගෑණු ළමයි අද වෙන බර අතුවල එල්ලිලා ඉන්නවා දකිද්දි මට හිනා ගියා...

ඒත් ෆෝන් එක දකින පමාවට මගෙ හිනාව අතුරුදහන් වුණා...මම එහෙම ඇවිත් දෙක තුන වෙනතන් විකාර කරලා ගෙදර ගිය හැමදාම අක්ෂිගෙන් ඔයා ගෙදර ආවද ශාලුක කියලා මැසේජ් එකක් නොවැරදීම ඇවිත් තිබුණා...ඒවා මතක් වෙද්දි මම මහ තිරිසනෙක් කියලා හිතුණත් දැන් කරන්න පුළුවන් එකම දේ හුස්මක් පහත දාලා ඇස් පියා ගන්න එක වෙද්දි මම ආයෙත් බර හුස්මක් අදින ගමන් ආපු මැසේජ් එක බැලුවා...

'දැන් කවුන්ටර් එක ළඟ ඉන්න කළුපාට ශෝට් එක ඇදන් ඉන්න කෙල්ල...'

"අකා?"
කෙල්ල අතේ තිබුණ ග්ලාස් එකත් අරගෙන ඉස්සරහට එන ගමන් මගෙත් එක්ක අයි කන්ටැක් තියලා තොල් හොලවද්දි මම ඇස්වලින් කෙල්ලට වාඩිවෙන්න කියලා කිව්වා...

"මල්ලි බබෙක්?ඉන්ට්‍රස්ටින්..."
ඒකා මට ඇහැක් ගහලා තොලක් හපාගෙන වාඩිවෙද්දි මම ඒ ඇස් දිහා බලාගෙන හිටියත් ඒ ඇස්වල පුංචිම ගැස්මක්වත් තිබුණෙ නෑ...ඒ ඇස් මගෙ ඇඟ පුරා දුවලා ග්ලාස් එක අල්ලගෙන ඉන්න අතේ නතර වුණා...මම මුද්ද දාගෙන ආවෙ... දේවේන්ද්‍ර ආරච්චි පරම්පරාවේ උරුමක්කාරයා කියන්න පරම්පරාවෙන් පරම්පරාවට ආව නිල් මැණිකක් අල්ලලා තිබුණ ලොකු මුද්දක් ඒක...

හුස්මක් දුරින්...Where stories live. Discover now