54 කොටස

172 46 78
                                    


"දරුවා අරන් යන්නෙ නෑනෙ...අපි යමං නේ බං..."
හවස තුනට විතර මම බැල්කනියට වෙලා ෆෝන් එක දිහා බලන් ඉද්දි කවියා බැල්කනි එකේ දොර ළඟට ඇවිත් කිව්වාම මං ෆෝන් එක සාක්කුවට දාගෙන කම්මුල් දෙකත් පිහදගෙන එන්න හැරුණා...අද දවසම මං කළේ ඇහැරෙන ඇහැරෙන වෙලාවට ස්ලීපින් ටැබ්ලට්ස් බීලා නිදා ගත්ත එක...දරුවව බලන්න අම්මා ඉන්න නිසා මම කළේ නිදා ගන්න එක...

තේනුකලා වැඩිහිටි නිවාසෙකට කෑම වේලක් ලෑස්ති කරනවා...මට ඒ මොන දේ දැක්කත් අක්ෂි මම නිසා අනිත් හැමෝවම දාලා යන්න ගිහින් අවුරුද්දක් නේද කියලා මතක් වෙද්දි හුස්ම හිර වෙන නිසා මම කළේ අපාට්මන්ට් එකේ අක්ෂිගෙ රූම් එකේ ඇද ළඟ බිම වකුටු වෙලා නිදා ගත්ත එක...ස්ලීපින්ග් ටැබ්ලට්ස් වලට වෙනදා හීන පේන එක අඩු වුණත් අද මම හතර පස් වතාවක් බයවෙලා ඇහැරුණා...

අක්ෂිගෙ ඩයරි එක තුරුල් කරගෙන මම ම දැන් අවුරුදු දෙක හමාරකට විතර උඩදි එයාගෙ කකුලට දාපු ඇන්ක්ලට් එක අතට ගුලි කරගෙන මම දවසම දොර ලොක් කරගෙන හිටියා...දැන් පැයකට විතර කලින් කවියා ඇවිත් කතා කරන කල් ම අපාට්මන්ට් එකේ ම ඉඳලා අම්මාවත් මට කතා කළේ නෑ...

සීයප්පච්චි පරණ තුවාල සේරම පෑරෙන්න උදේ පාන්දර ඇවිත් ස'ජරි එක කරලා තාම අවරුද්දයිනෙ පහන් පරිස්සම් වෙලා ඉඳපන් කියලා කියද්දි මම ඒ මිනිහට ගහන්න බැරි කමට කට පියාගෙන හිටියා...

තිරිසනා...

"විහා කැමති වෙන එකක් නෑ බං උඹ ඔහොම විඳවනවට....දැන් ඇති...දැන් වෙනස් කරන්න බෑනෙ...ඌ කැමැත්තෙන් කරපු දේට උඹ වැරදි නෑනෙ බං...උඹට ම වැරැද්ද දා ගන්න එ-"

"ඔය මනුස්සයට කියන්න අපිට පරක්කු වෙනවා කියලා නවී! මේක බොනවා නම් බීලා එන්න කියන්න!"
වීදුරු ටීපෝ එක උඩින් සද්දෙට ම කිරි වීදුරුවක් තියපු තේනුක අහක බලාගෙන එහෙම කියලා එළියට යද්දි මම බිම බලාගෙන හිනා වුණා...

"උඹලා පලයන්...මං ටිකකින් එන්නම්... මට ලොකේශන් එවලා තියපන්..."
මං එහෙම කියලා ආපහු හැරෙද්දි කවියා මගෙ උරහිසට අත තියලා මාව නතර කර ගත්තා...

"උඹ දන්නවනෙ නවීශ්ගෙ අනිත් බාගෙ වගේ විහස්...ඌ ඒ කාලෙ ඉඳල ම උඹ එක්ක වලිනෙ විහස්ගෙ පැත්ත අරන්... මාත් එක්කත් රණ්ඩු වෙනවා උඹ එක්ක ඉන්නවා කියලා...ඌට විශ්වාස කර ගන්න අමාරුයි විහස් ආයෙ නෑ කියලා...

හුස්මක් දුරින්...Where stories live. Discover now