19 කොටස

261 58 118
                                    


"ඕයි විහා...ශාලුවයි උඹයි තරහ වෙලාද බං?"
තේනුක අහද්දි මම යන්තමට හිනාවුණා...එදා ශාලුක දැක්ක දේවල් එක්ක එයා දේවින්ද ව නොමරා මරයි කියලා හිතුවත් වුණේ එයා මාව සම්පූර්ණයෙන්ම මඟෑරපු එක වෙද්දි මට දැනුණෙම මාව හිස් වෙලා වගේ... හුස්ම වැටෙනවට ජීවත් වෙනවා වගේ...එයාගෙ ඇස්වල මට විතරක් තිබුණ අමුතු උණුහුම තවත් ඒ ඇස්වල මම දැක්කෙ නෑ...

එයා කතා නොකළෙ නෑ...කතා කළා... ඒත් ඒ මගේ ශාලුක නෙවෙයි... මම දැනගෙන හිටිය කෙනා නෙවෙයි...

අඩුම එයා ඇහුවෙවත් නෑ එදා මොකද්ද වුණේ කියලා... මම කියන්න හැදුවත් එයා කළේ ඒක අමතක කරමු වැරදි වෙලාවක බෙල් නොකර ආවට සමාවෙන්න කිව්ව එක..මම දන්න ශාලුක සමාව ගන්න කෙනෙක් නෙවෙයි.. එයයි මමයි අතරෙ කියන්න බැරි පරතරයක්... ලොකු හිස්තැනක් හැදිලා තිබුණා...

ගෙවුණ සතියම ශාලුක කළේ අළුත් කෙල්ල එක්ක රවුම් ගහන එක... රෑට රෑට ඉන්ස්ට අප්ඩේට් කරනවා... හැමදාම රේස් ට්‍රැක් එකේ...මාත් එක්ක තනියම වචනයක් කතා කරන්න වෙලාව නැති තරමට එයා බිසී... ඇත්තටම බිසී නෑ...එයා ඒ වගේ රඟපානවා...

මට තේරුණ එකම දේ එයාට මාව විශ්වාස නෑ කියන එක...අනිවාර්යෙන් ම හිතාගෙන ඇති මට දේවින්ද එක්ක අෆෙයා එකක් තියෙනවා කියලා...

එක අතකට එහෙම තිබුණා කියලා එයාට කේන්ති ගන්න දෙයක් නෑ...මම එයාට වැරැද්දක් කළේ නෑනෙ... මම තනියම එයා වෙනුවෙන් බලාගෙන ඉන්න බව එයා දන්නෙ නෑනෙ...එයාට තරහ යනවා නම් එකම හේතුව එයාට දේවින්ද පෙන්නන්න බැරි නිසා මම ඌ එක්ක හොඳ එක විතරයි...

ශාලුක...කවදාවත් මම කියන දේ මුලින් අහලා මාව තේරුම් අරන් වැඩ කරපු කෙනෙක් නෙවෙයි... හැමදාම මට අත උස්සගෙන ඇවිත් කෑ ගහලා නිකන් ඉන්නවා... මමත් ටිකක් අඬලා හිත හදාගෙන ආයෙම කලින් වගේ ඉන්නවා...ඒ නිසා මේ වතාවෙ මම හිතා ගත්තා එයා නැති එක ලොකු අඩුවක් නෙවෙයි කියලා පෙන්නන්න...

මම දන්නෑ හරිද වැරදිද කියලා...ආදරේ නිසා වුණත්.... ඉවසන නෝන්ඩි වෙන සීමාවක් තියෙන්න ඕන...මම ආදරෙයි කියලා ඌ ආපිට ආදරේ කරන්න ම ඕන කියලා නීතියක් නෑනෙ කොතනක වත්...එහෙමයි කියලා මට ආදරේ කරන්න තහනමකුත් නෑ...

හුස්මක් දුරින්...Where stories live. Discover now