01 කොටස

558 49 22
                                    


"මෝනින් බොක්කහ්!"
කවිනු දුවගෙන ඇවිත් මගෙ පිටට ගහලා කරට අත දා ගනිද්දි මං හැරිලා බැලුවා...උන්ගෙ අයියා අපි දෙන්නට ම හෝන් කරගෙන වාහනේ අරන් ගිය නිසා අපි දෙන්නා මේන් ගේට් එක පැත්තට ඇවිදගෙන ආවා...

"ඉතින්...හිනාවෙල හිටපන්කො බං... මූණ ඇද වෙච්ච බිත්තර ආප්පයක් වගේ කරගෙන ඉන්නෙ!"
කවිනු මගෙ කම්මුලෙන් ඇදලා කියද්දි මට චුට්ටක් විතර හිනා ගියා...

"අන්නෙහෙම....උඹ තව ටිකක් රෝසපාට වෙලා බං..."

"උඹ ඕක නැවැත්තුව නම් හොඳ නැද්ද මං අහන්නේ?"
යෙහෙන් ඉස්කෝලෙ බෝධිය ඉස්සරහ වැටට හේත්තු වෙලා අහද්දි තමයි මං දැක්කෙ තේනුක කවිනුව ඩෙවල් දාන ලයින් එකෙන් බලාගෙන ඉන්නවා කියලා...

"ඒව්...අත ගනින් උඹෙ මල් කුමාරයා මාවත් මරයි නැත්තන්!"
මම කවිනුට තේනුකව පෙන්නලා කියද්දි කවිනු බෙල්ල කස කසා මගෙන් අඩියක් එහාට වෙලා හිට ගත්තා...

"දන්නැද්ද ඉතින් යාළු ෆිට් එකට නෙ බබා..."

"විහස්ව බදා ගන්න එක මට ප්‍රශ්නයක් නෙවෙයි.... හැබැයි මෙන්න මේක නම් ප්‍රශ්නයක්..."
තේනුක කවිනුට රවාගෙන ම කවිනුගෙ අතට කොලයක් දෙද්දි කවිනු ඒක අරන් තේනුක දිහත් බලලා දිගෑරියා...

"උඹ අද කනවා පුතේ! මම තොට කිව්වා වේලාසන වටේ යද්දි දවසක බඳින එකී ඔලුව කයි කියලා...එදා දැනන් හිටිය නම් උඹ සිරාවට ලව් කරන්නෙ මුට කියලා...මං කියනවා මූ උඹෙ මළබත උයයි කියල ම!"
යෙහෙන් තේනුකගෙ උරහිසට තට්ටුවක් දාලා කියද්දි මට හිනා ගියා...

මම හිටියෙ ගේට් එක ළඟ පනිශ් කරලා ඉන්න දහයෙ හරි එකොළහෙ හරි මල්ලි කෙනෙක් දිහා බලාගෙන.. ඌ පරක්කු වෙලා...බැලුව ම පේනවා අම්මා වඩාගෙන එන කුක්කු බෝලයක්...මූණ රතු කරන් අපි ටික දිහා බලන් ඉන්නවා...

සාධාරණයි ඉතින්...කොළඹ ටවුන් එකේ අපි සෙට් එක නොදන්න එකෙක් නෑ වගේ තමයි...ඒකට වැඩියෙන් ම හේතුව අපේ චැනල් එක...VYNKS

අපි ඕක නවය වසරෙදි පටන් ගත්තෙ ඉස්කෝලෙ ගෲප් ප්‍රොජෙක්ට් එකකට වට්ස්ඇප් ගෲප් එකක් විදියට... පස්සෙ ඒ නම ගර්ල් ස්කූල් වල කෙල්ලොන්ට ගිහින් උන් අපි එක තැන ඉන්න වෙලාවක් දැකකොත් හාස් හූස් ගාන්න ගත්තා වින්ක්ස්ලා ඇවිත් අරකයි මේකයි කියලා...

හුස්මක් දුරින්...Dove le storie prendono vita. Scoprilo ora