26 කොටස

214 45 147
                                    


"යෝහ්...අන්තිමේ අපි සෙට් එක ආයෙම ට්‍රිප් එකක් යනවාආආහ්! මේ පාර ගෙදරින් කවුරුත් නැතුව!!"

"කවුරුත් නැත්තෙ නෑ බබා...අපෙ තාත්තගෙ ගාඩ්ස්ලත් ඉන්නවා ශාලුකගෙ සීයාගෙ ගාඩ්ස්ලත් ඉන්නවා..."
කවිනු එක තැන උඩ පැන පැන දඟලන තේනුකට රවලා කියද්දි තේනු කවියට රවාගෙන මගෙ අතේ එල්ලුණා...

"හරි ඉතින්! එයාලා අපි එක්ක එන්නෙ නෑනෙ!!නැද්ද විහා?"

"හ්ම් හ්ම්..."

"මොකද්ද අනේ!"

"ටිකක් ඉඳපන් බං...මම මේ අඩු මොනවා හරි තියෙද බලනවා..."
මම ලිස්ට් එක බල බල ඉද්දි තේනුකත් ඒකට ඔලුව දැම්මා...

"හරිනෙ එහෙනම්...මුලින් ඩ්‍රයිව් කරන්නෙ මම..."
කවියා අහද්දි යෙහා ඒකට හා කියලා අන්තිමට එයාට දෙන්න කියාගෙන වෑන් එකේ දොර ඇරගෙන නැඟලා දොර ළඟම සීට් එකේ හාන්සි වුණා...

"වුබලා දෙන්නා පිටිපස්සට පලයන්... ඇයි වදේ...උඩිනුත් කපල්...යටිනුත් කපල්...මැද්දෙ-"

"මැද්දෙ බඩුවක්! කට වහන් ඉඳපන්... තමුසෙ එක වතාවක් හරි තනිකඩයි ගාගෙන ආවොත් උස්සලා විසි කරනවා වෑන් එකෙන් එළියට!!

අනන්ත කියනවා වටේ නොයා එකක් තියා ගනින් කියලා බෑනෙ උඹට! කට වහන් ඉදපන් දැන්!"
තේනුවා ඉස්සරහ සීට් එකෙන් එබිලා කියවගෙන කියවගෙන ගිහින් ඉස්සරහ බලාගත්තා ම මට වගේම මට පිටිපස්සෙන් හිටගෙන පපුවට අත් දෙක බැදන් හිටිය ශාලුකටත් හිනා ගියා...

"හාහ්...හරි ඉඳහන්...උඹලට ඇඬෙන්න කෙල්ලෙක් සෙට් කර ගන්නෝ මම! මාස තුනක් යන්න කලින් සිරාවට ම කාටහරි ලව් නොකරො-"

"බූරු කතා නොකිය ඉදපන්...හරිනෙ එහෙනම්...අපි ගියා!"
කවියා ස්ටියරින් වීල් එකට යන්තමට අත් එකතු කරලා වැඳලා වාහනේ ස්ටාට් කළා...අපි සෙට් එක මේ යන්නෙ ඉතින්...නුවර...

සාමාන්‍යයෙන් හැමෝමලා වගේ යන පැත්තක්ද? අනේ මන්දා...මම මීට කලින් ගිහින් නෑ...තනියම කකා බිබී අපාට්මන්ට් එකට වෙලා ඉඳියා මිසක මාව ට්‍රිප් එක්කරගෙන යන්න කවුරුත් හිටියෙ නෑ මට...තේනුවත් කාලෙකින් ගිහින් නෑ කිව්වා උන්ගෙ තාත්තට වෙලාව නෑනෙ...බැලුවොත් ක්ලාස් එකක... ආන්ටි විහිළු කරනවා ඔය මනුස්සයා දවසක පන්තියක ම මැරෙයි කියලා... යෙහා අන්තිමට ගියෙ අටේදි කිව්වා... කවියට තේනුවා ආසයි කිව්වොත් අපායට වුණත් හා...ශාලුක මොනවත් නොකියම හා කිව්වා...ඉතින් අන්තිමේ ඒ ගමන කන්ෆර්ම් වුණා...අපිට ඕන වුණේ කොහෙහරි කොළඹින් ඈතකට යන්න...නිදහසේ ටිකක් ඉඳලා එන්න... ඒ නිසා යන තැන එච්චර වැදගත් වුණෙ නෑ...අපි කතා කරගත්තෙ මාළිඟාවට අනිවාර්යයෙන්ම යනවා... හිතුණොත් මල් වත්තෙ යනවා...තව ඔහොම වැඩියෙන් තිබුණෙ හිතුණොත් යන තැන්...මුලින් අපි ශාලුකලගෙ වලව්වෙ නවතින්න හැදුවත් ශාලුක එයාලගෙ වලව්වෙ අපිට නිදහසේ ඉන්න බැහැ කියලා එයාලගෙ නුවර ටවුන් එකෙන් ටිකක් එහාට වෙන්න තියෙන විලා එකක් බුක් කරලා තිබුණා දවස් තුනකට...

හුස්මක් දුරින්...Where stories live. Discover now