46 කොටස

175 47 50
                                    


"දේවින්ද! නැවතියන්...දේවින්ද!"

"ඔෆිස් ටයිම් එකේ අන් ඔෆීශියල් වෙන එක හොඳ නැහැ මිස්ට දේවේන්ද්‍ර ආරච්චි..."
දේවින්ද හැරිලා බලලා අතේ තිබුණ ෆයිල් එක අනිත් අතට මාරු කරගෙන මං එක්ක හිනා වුණා... ඒත් ඒ හිනාවෙ කිසිම මිත්‍රශීලි බවක් තිබුණෙ නෑ... මම ටයි එකත් බුරුල් කරගෙන හති අරින ගමන් ඔලුව උස්සලා ඌ දිහා බලද්දි ඌ නෝන්ඩියට හිනා වුණා...

"දේහ්... දේවින්ද...මට ටිකක් කතා කරන්න ඕනෙ..."

"අපිට ලොකුවට කතා කරන්න දෙයක් නැහැනෙ මිස්ට දේවේන්ද්‍ර ආරච්චි... මෙහෙ-"

"මම ඒ කරුම පවුලෙ එකෙක් කියලා හැමතිස්සෙම මතක් කරන්න එපා යකෝ!!"
මම අත මිටි කරලා බිත්තියට ගහද්දි ඌ ආයෙමත් කට කොනින් හිනා වුණා...

"මොනවද දැන් අහන්න තියෙන්නෙ?"
දේවින්ද ඇහිබැමක් උඩ දාලා අහද්දි මම ටික වෙලාවක් ඌ දිහා බලාගෙන හිටියා...අවුරුදු විසි තුනක් කියන්න බැරි තරමට උගෙ ලුක් එක මැචුවර් වෙලා...ඉස්සර පාරවල් ගානෙ මං එක්ක ගහගත්ත කොල්ලා අද හොයන්න නෑ...සෑහෙන්න පිළිවෙල වෙලා ඒකා...

"අක්ෂී...හොඳින් ඉන්නවද?"

"ඒ කොල්ලට හොඳින් ඉන්න පුළුවන් විදියට ද තමුන් ඒ කොල්ලව අතෑරලා දැම්මෙ කියලා හිතලා බලනවා... උත්තරේ මම කියන්න ඕන නෑ එතකොට..."

"ද්-දේවින්ද ප්ලීස්...අ-අක්ෂිව බලා ගන්න..."

"මට ඒක තමුසෙ අමුතුවෙන් කියන්න ඕන නෑ! කොහොමත් උඹ දාලා ගිය විදියට මම නොහිටියා නම් ඒ කොල්ලා මේ වෙද්දි මැරිලා!"
මම අත් දෙකෙන් ම අල්ලගෙන හිටිය උගෙ අත ඇදලා ගන්න ගමන් දේවින්ද එහෙම කියද්දි මම බිම බලාගෙන හිනා වුණා...

"මං ගැන...කිසිම දෙයක්...එයාට දැන ගන්න තියන්න එපා..."

"ඌට පිස්සු නෑ උඹ ගැන හිතන්න!පුළුවන් නම් පැත්තකට වෙලා ඉන්නවා මගේ මල්ලිගෙ ජීවිතෙන්!"
දේවින්ද මට එහෙම කියලා එක අතක් සාක්කුවට දාගෙන ටික දුරක් ගිහින් ආයෙත් නතර වෙලා මගෙ පැත්තට හැරුණා...

"Anyway congratulations Mr.Devendra Arachchi...I heard that you gonna be a father in near future..."
දේවින්ද මගෙ දිහා බලලා එහෙම කියලා කට කොනින් නක්කල් හිනාවක් දාලා යන්න ගියාම මම එහෙම ම බිත්තිය දිගේ ලෙස්සලා ගිහින් බිම වාඩිවෙලා දණහිස් දෙකේ ඔලුව ගහ ගත්තා...

හුස්මක් දුරින්...Where stories live. Discover now