53 කොටස

209 43 53
                                    

"එයා වගේමයි..."
ශ්‍රැතී නැන්දා මගෙ කම්මුලට අත තියලා කියද්දි මං බිම බලාගෙන හිනාවුණා...

"මගෙ කොණ්ඩෙ කර්ල් නෑ...මම කර්ල් කළා..."

"ඉස්සර මෙතූ අයියා ආස වුණේම එයාගෙ කොණ්ඩෙ ස්ට්‍රේට් වෙනවට..."
මගෙ ප්ලේට් එකට තව තෝසෙ එකක් දාලා ශ්‍රැතී නැන්දා කියද්දි මම හිනා වුණා...එයා ප්‍රශ්නයක් නැතිව ඉන්නවා...

එයාගෙ පවුලට වුණ අසාධාරණේට සාධාරණයක් කළාට පස්සෙ ජෙෂ් එක්කම මෙහෙන් යනවා කියලා තමයි අදහස කිව්වෙ...එයා සෑහෙන කාලයක් පොයින්ට්ස් එකතු කරලා...ඒ බෝම්බ සිද්ධිය සේපාල දේවේන්ද්‍ර ආරච්චිගෙ වැඩක් බව ඔප්පු කරන්න තරම් හයිය පොයින්ට්ස් එතන තිබුණා...ඒත් මදි... අපි කේස් එකක් ෆයිල් කළොත් සීයප්පච්චි වෙනුවෙන් පෙනී ඉන්නෙ සෙල්ලම් ලෝයලා නෙවෙයි...රිස්ක් එකක් ගන්න බෑ... දිනන බව විශ්වාස නැතිව අඩියක් ඉස්සරහට තිබ්බොත් අනිවාර්යයෙන්ම මැරෙන්න වෙනවා... අවුරුදු ගානක මහන්සිය අපතෙ යනවා...

.

.

.

.

"තේනුකගෙ ගෙදරින් අවුල් නැද්ද බං..."

"ඒ ඇට්ටරයා ෆෝන් එක ඔන් කරන්නෙ නෑනෙ...මම ෆෝන් එක අතට ගත්ත ගමන් අපෙ අම්මා රූම් එකට එනකන් බෑගිරි තියලා අඬනවා...මහ යක් පැටියෙක්!"
කවියා නළල අතගගා කියද්දි මට හිනා ගියා...

"අවුලක් නෑ උඹ ගාව කොල්ලා පරිස්සමට ඉන්නවනෙ..."

"මම හෙට විතර ඌට හොරෙන් උන්ගෙ ගෙදර යන්න හැදුවෙ..."

"ඒ ඇ-"

"හැංගිලා ඉන්න වැරදි වැඩ කරලා නෑනෙ බං...මම කොහොමත් ඌව බඳිනවා..මෙහෙ බැරි නම් වෙන රටක හරි ගිහින් බැඳලා එනවා...ඒ නිසා මම ගිහින් කතා කරලා බලනවා..."

"රණ්ඩුවට යන්න එපා...මම දන්නවනෙ උඹෙ හැටි..."

"නවීගෙ අම්මටයි තාත්තටයි මම අත උස්සන්නෑ බං... එච්චර තිරිසන් නෑ ඒ මිනිස්සුන්ගෙ එකම දරුවා උදුර ගෙන ඒ මිනිස්සුන්ට පාට් දාන්න තරම්..."

"හ්ම්...ලොකු අප්පච්චිට මොනවත් ගන්න නෑනෙ... අයිසීයූ නෙ?"

"හ්ම් අප්පච්චි නම් කිව්වෙ අද දවල් වෙනතන් අල්ලලා හිටින එකක් නෑ කියලා..."

හුස්මක් දුරින්...Where stories live. Discover now