44 කොටස

157 38 52
                                    


〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️

පාර දෙපැත්තෙ මුලදි මුලදි පහුවුණ උස ගොඩනැඟිලි වෙනුවට කොළපාට ගස්කොළන් කොට තාප්පවලින් වට වුණ පුංචි ගෙවල් කුඹුරු යායවල් පහුවෙන්න ගනිද්දි මම ශටර් එකට ඔලුව තියාගෙන එළිය බලාගෙන හිටියා... අයියා තනි අතින් ඩ්‍රයිව් කරන ගමන් කෝල් එකක... කම්පනි එකේ මොනවාහරි දෙයක් නිසා මම ඒකට අවධානෙ නොදී ඉන්න උත්සාහ කළා... ඒ නිසාම ද මන්දා වාහනේ ඇහෙන නෑහෙන ගානට දාලා තිබුණ සින්දුව මට ඕනිවට වඩා සද්දෙට ඇහුණා...

නෙලා ගැනුමට...නොහැකි වූවද...
අත්හැරීමත්...නොවේ ප්‍රේමයි...
බලා දුර හිඳ...කතා නොකර ම...
සුසුම් පපුවක....සිර කිරීමය...

ඒ වචන මට මම ජීවිතේ ආදරේ කරපු එකම කෙනාව ආයෙ ආයෙ මතක් කරද්දී මම ඇස් පියා ගත්තා...

.

.

.

"දේව් එපා! එපා !! වතුර ගහන්න එපා!!යාආහ්!!"
මාව නෑවිලා යද්දි ශාලුකට රැව්ව මම ලොකු රැල්ලක් එනකල් බලලා එයාගෙ බෙල්ල වටේ අත් දෙක දාලා පිටිපස්සෙන් එයාගෙ කරේ එල්ලෙද්දි ශාලුක බැලන්ස් නැතුව පිටිපස්සට වැටෙන්න ගියත් එයා මාව ඇදගෙන ම අනිත් පැත්තට වැටුණා...කලින් විදියට වැටුණා නම් මාව යට වෙනවා එයාට...ඒත් දැන් මම එයාගෙ ඇඟ උඩ වැටිලා ඉන්නෙ... හිතන්නත් කලින් අපි දෙන්නව යට කරගෙන ලොකු රැල්ලක් වෙරළ පැත්තට ඇදෙද්දී මම අතින් ඇස් දෙක පිහිදුවත් රැල්ල ආපස්සට යද්දි අපි දෙන්නව ආයෙ නෑවුණා...බීච් එකේ...මේ හරිය පාළුයි... මෙතන නිකන්...අපේ රහස් තැනක් වගේ දෙපැත්තෙන් ම ගල්පර නිසා කවුරුත් එන්නෙ නෑ මේ පැත්තට...ඒත් පාර පැත්තට පේන කන්ද පිටිපස්සෙ ලස්සන වැල්ලක් තිබුණෙ...මේ හරියෙ පුදුම විදියට සිප්පි කටු තියෙනවා...

"දැන් සතුටුද? තෙමිලා කුකුල්ලු වගේ!"
ශාලුක මාව ඇඟ උඩ හාන්සි කරගෙන ම මගෙ වටේ අත් දෙක දාගෙන මම හිනාවෙලා ඔව් කියන්න ඔලුව වැනුවා ම එයා මගෙ ඔලුවට රිදෙන්නෙ නැති වෙන්න ඔලුවෙන් ගැහුවා...

හුස්මක් දුරින්...Where stories live. Discover now