45 කොටස

181 44 86
                                    

One Year Later

"අයියෙ!!දැන් වෙලාව කීයද?"

"ඇයි තමුසෙට වෙලාව බලන්න මං උගන්නන්න ඕනද?"

"ඔයාට අද නෑ ඊයෙ දවස මතක නැද්ද ඇත්තටම?"

"ඇයි පොඩි මස්සිනා බර්ත්ඩේ ස'ප්‍රයිස් එකක් දුන්නෙ නැද්ද?"
මම අහද්දි අසෙනිගෙ ඇස් ගැස්සෙනවා මම හොඳටම දැක්කා...

"මො-මොනවද කියවන්නෙ! මම බලන් හිටියා ඔයා අඩුම දොළහ වෙන්න කලින් එයි කියලා...දැන් තුන හමාරයි වෙලාව! හැමදාම එන්නෙ මහ පාන්දර! ඒකත් කෙලින් ඉන්න බැරි ගානට බීලා!"

"මම ආව නම් ඩිස්ටර්බ්නෙ...නැද්ද?"
මම දෙතුන් වතාවක් ඇහිපිය ගහලා අසෙනි දිහා බලලා අහද්දි කෙල්ල ස්ටක් වුණා...

"අසෙනී...අසෙනී...තමුසෙ හරි සතුටින් හිටියට මට කොළේ වහලා හැමදේම කර ගත්තය කියලා හිතන්... මම උඹ මාව අන්දනවා කියලා හිතන් තනියම ඇඳගන්න දිහා බලන් හෙන ආතල් එකක් ගත්තා පහුගිය අවුරුද්දම!

තමුසෙ ඉනුක දේවේන්ද්‍ර ආරච්චි එක්ක නටන නැටුම් නොතේරෙන්න මම අත දරුවෙක් නෙවෙයි අසෙනි!මම... මුළු කොළඹ ම ගෑනු නටවපු එකෙක් මම.. තමුසෙ හැරෙද්දි...මම දන්නවා මොකටද එන්නෙ කියලා...ඒ නිසා මාව අන්දන්න ලෑස්ති වෙන්න එපා...

අනිත් එකා...තමුසෙගෙ බෝයි ෆ්‍රෙන්ඩ්..ඌට කොහොමත් පුරුදු මගෙ දේවල් උදුරලානෙ! තාත්තා කරපු ටිකම කරන්න කියපන් පුළුවන් නම්!"
මම අසෙනිව තල්ලු කරලා දාලා පඩිපෙල නැඟගෙන උඩට ආවෙ ආයෙ හැරිලා වත් නොබලා...අවුරුද්දකට කලින්...අද මම අරන් ඉන්න තරමට ඩ්‍රින්ක්ස් අරගෙන ආව නම් මාව ඇතුළට ගෙනියන්නෙ ගාඩ්ස්ලා දෙන්නෙක් උස්සගෙන...ඒත් දැන් අත් වැටට වාරු වෙන්නවත් ඕනෙ නැති තරමට මම බීලම පදම් වෙලා... කවියා නොකියන කුණුහරුපයක් නෑ බොන එක නතර කරවන්න...ඒත් ඌ දන්නෙ නෑනෙ හැමදාම රෑට අක්ෂිව මතක් කර කර අඬන එකේ අමාරුව...අඩුම පේන මානෙක හිටියා නම්... මතක දවසක කටහඬ අහලා තිබුණා නම්....හිත හදා ගන්න තිබුණා...හරියට ම මාස නවයයි දවස් දාහතක් අදට....මම එයාගෙ කටහඬක්වත් අහලා නෑ...ඒ ගෙවුණ කාලෙ කොච්චර පාලුද මූසලද  හුස්ම හිර කරවනවද කියලා අනිත් උන්ට තේරෙන්නෙ නෑනෙ!!

හුස්මක් දුරින්...Where stories live. Discover now