12 කොටස

242 39 36
                                    


"කියන්න..."
මම ෆෝන් එක ආන්ස්වර් කරලා කනේ තියා ගන්න ගමන් කිසි උවමනාවක් නැතිව කියලා සයිලෝගෙ කෑම එක බෙදලා නිවෙන්න තිබ්බෙ මට තව ටිකකින් ක්ලාස් නිසා...

" මොකද්ද? මැරි කරනවා? ඔයා?"

"විහිළු කරන්න එපා මමා...ඔයා නොදන්නවා වුණාට ඔයා රටටම විහිළුවක් වෙලා ගොඩක් කල්...ඒ නිසා  මල විකාර කරන්න කලින් ටිකක් කල්පනා කරලා බලන්න..."
මම කේන්තියෙන් ම එහෙම කියලා දාලා කෝල් එක කට් කරන්න ගියත් මමා මාව හම්බවෙන්න අහන නිසා මම ඇස් පියාගෙන ලොකු හුස්මක් ගත්තා...

"ඉඩ තියෙන වෙලාවක එන්න...කෝල් කර කර වද දෙන්න එපා..."
මම ෆෝන් එක සෝෆා එක උඩට විසි කරලා වොශ්රූම් එකට ගියේ මම දැනටම පරක්කු නිසා...අද තේනුවත් නෑ...ඌ අම්මයි අප්පච්චියි එක්ක ට්‍රිප් එකක් ගිහින්...ට්‍රිප් එකකට වඩා උන්ගෙ අම්මගෙ ගම මාතලේ....ඉතින් ආච්චි අම්මා බලන්න ගිහින්....

"සයි....දඟ කරන්නෙ නැතිව ඉන්න හොඳද...ඔයාගෙ ටෝයියා මෙතන... මේ!?"
එයා හප කරල ම දත් පාරවල් වැදිලා තියෙන රබර් ඩයිනොසර්ව එයාට පෙන්නලා ම එයාගෙ මැට් එක උඩින් තියපු මම දොරත් වහගෙන එන්න ආවෙ ක්ලාස් යන්න හිතාගෙන...

ලිෆ්ට් එකේ එන ගමන් එදා ශාලුක ම බෙල්ලට දාපු නෙක්ලස් එක ඇඟිලි අතරෙ එහෙ මෙහෙ කර කර තනියම හිනාවෙවී ඇවිත් මම ඔලුව උස්සන්නෙ නැතුව ම ගිහින් අංකල් නතර කරගෙන ඉන්න කා එකට නැග්ගා...

අද කම්මැලි දවසක් වෙයි....

.

.

.

"ස්...ස්ස්...සුදු මැණිකේ..."
ක්ලාස් එකේ ගිහින් වාඩිවෙලා ටික වෙලාවක් යද්දි මම අහන්න අකමැති ම කටහඬකින් එපාවෙන නමක් ඇහෙද්දි මම ගැස්සිලා ගියේ ක්ලාස් එක ඇතුළෙ ඌ කොහොමද කියලා හිතන ගමන්...

"මෙහෙ බලන්න ඉතින්... ආඩම්බරයි නේ ඉතින්..."
අරූ කියවන ඒව වටේටත් ඇහෙන නිසා මම ඒ පැත්ත බලලා ඇස් දෙකෙන් රවද්දි ඌ මහ මනමාල හිනාවක් දැම්මා...

"මං ආවෙ ඇයි කියලා අහන්නෙ නැද්ද? ඕයි... නැඟිටපන්!"
දේවින්ද මගෙ එහා පැත්තෙ හිටපු ඒ ලෙවල්වලට ගමකින් මෙහෙ ඇවිත් හිටිය ළමයි දෙන්නෙක්ට තග දාද්දි උන් දෙන්නා වෙව්ල වෙව්ල නැඟිටලා දිව්වා...

හුස්මක් දුරින්...Where stories live. Discover now