~තිස් දෙවන පින්න~

556 105 43
                                    

Vote goal-  65

Comment goal- 50

.............................................................

ආදිත්‍ය pov ,

මං නාලා සාලෙට යද්දි අපේ එකියි හර්ශයි කුස්සියේ ඉදන් කැකිරි පලනවා.......

යකෝ මූට අපි එක්ක තමා කතා කරන්න බැරි...., ඒකට අපේ එකී එක්ක ඕන තරම් කියවයි......

මං ඉතින් සාලෙට නොයා කෙලින්ම කුස්සියට ගියා......

අපෙ එකී කෝප්ප හෝදනවා.....

නෑ නෑ ඕප දූප නෙවෙයි.., තේ බොන්න කෝප්ප..... හරිනේ ඉතින්., දැන් වෙලාව පහත් පහු වෙලානේ... අනික නාලත් ඉන්න හින්දා දැන් නම් අනිවාර්යයෙන්ම තේ එකක් බොන්න ඕන......

මං ඉතින් ගිහිල්ලා කුස්සියේ බැම්ම උඩින් ඉදගත්තා....

" එහ් ලොකූ..... අර අලුවා කෑලි ටිකකුයි උදු වැල් ටිකකුයි අරන් පීරිසි දෙකකට දානවාකෝ...."

මං ඉතින් ආයම බැම්මෙන් බැහැලා කෙලවරටම වෙන්න තියලා තිබ්බ කැවිලි බාස්කට් ටික ඇරලා අලුවා කෑලි ටිකකුයි උදු වලලු ටිකකුයි පීරිසි දෙකට දැම්මා.....

ඇයි දන්නෑ මේ අනික්වා නොදුන්නේ?

" ඇයි මේ දෙක විතරක් පොඩී....?"

" හර්ශ අනික්වා කන්නෑලූ..... මං ඇහුවා නැත්තං කොන්ඩ කැවුම් හරි ආස්මී හරි දෙන්නද කියලා... අවුරුදු වලටම කන්න තියන්නලු."

" අනේ බං...... උඹ ඕකෙන් එකක් දෙකක් කෑවා කියලා මේක ඉවර වෙන්නෑ..... ඔන්න දිලුමා වගේ අවා නම් ඔය ඔක්කොම ඌම ගිලලා දායි....."

ඇත්තනේ..... මේකා මේ හූනා වගේ හීනියට ඉදන් ඔය ඔක්කොම කන්නෑනේ..... මං එහෙම කියද්දි මූ අර හාවෙක්ගෙ වගේ දත් ටික එලියට දාලා හිනා උනා..... මං ඉතින් ආයම පීරිසි දෙකක් අරන් කොන්ඩ කැවුම් දෙකකුයි ආස්මී එකකුයි දුන්නා..... ආස්මී ගොඩාක් ඕන නෑනේ..... කොහොමත් ආස්මී මගේ අතටත් වඩා ලොකු එකේ එකක් ඇති ඌට........

නංගිත් එවෙලෙම ලොකු කෝප්ප තුනකට නෙස්ටර්මෝල්ට් හදාගෙන ආවා.......

අපි ඉතින් අවුරුදු වලින් පස්සේ අපේ ගමේ යන එක ගැන කියව කියව තේ බිව්වා......

~ පිනිපොද ~Where stories live. Discover now