~දෙවන පින්න~

805 126 9
                                    

ආදිත්‍ය pov,

ඊයේ මහන්සිය නිසා වගේම නිදාගන්න පරක්කු උන නිසා උදේ පුංචි මාව ඇහැරවනකල් මට නින්ද ගියා.........

ඊට පස්සේ නැගිටලා දත් මැදලා ඇග හෝදගෙන කන්න කෑම කාමරේට යනකොටත් අනික් අය කන ගමන්.........

එයාලා එක්කම ඉදගෙන කන ගමන් අද දවසේ කරන්න තියෙන වැඩ ගැන බාප්පා මං එක්ක කතා කරා.........

බාප්පා නම් කිව්වේ පොඩීවයි මාවයි දෙන්නාවම හෙටම ඉස්කෝලෙට බාර දෙනවා කියලා....... එයා දැනටමත් ඉස්කෝල දෙකේ ප්‍රින්සිපල්ලා දෙන්නා එක්ක කතා කරලාලු තියෙන්නේ........ ඒ නිසා අවශ්‍ය ලියකියවිලි දීලා බාරදෙන්න විතරයි තියෙන්නේ කියලා තමා බාප්පා කිව්වේ.........

මෙහේ මල්ලියි යන ඉස්කෝලෙටම තමා මාවත් දාලා තියෙන්නේ. ඉස්කෝලේ ප්‍රින්සිපල්ව අපේ බාප්පා අදුරන නිසා තමා කිසි ප්‍රශ්නයක් නැතුව මාව දාගන්න පුලුවන් වෙලා තියෙන්නේ....... නැත්තං ලේසියෙන් එහෙම ළමයෙක්ව ඒ වගේ ප්‍රසිද්ධ ඉස්කෝලෙකට දාන්න කොහෙත්ම බෑ......

මාව පිරිමි ඉස්කෝලෙකට වගේම නංගිව බාලිකා එකකට තමා දාන්න බාප්පා වැඩ ලෑස්ති කරලා තියෙන්නේ.

නංගිගේ මූනෙන්ම පේනවා එයා නම් ඉන්නේ ගොඩාක් ආසාවෙන් කියලා. මොකද ඉස්සර ඉදලාම එයාට ලොකු ආසාවක් තිබ්බා නුවර හරි කොළඹ හරි ප්‍රසිද්ධ ඉස්කෝලෙකට යන්න. නංගිට විතරක් නෙවෙයි ; මටත් ලොකූ උවමනාවක් ආසාවක් තිබ්බා ලොකු ඉස්කෝලෙකට යන්න. දැන් ඉතින් ඒ ආසාවත් හරි............














උදේ කෑම කාලා අපි අපේ ගෙදරට එනකොටත් වෙලාව 9.15යි.

දැන් තමා හරියටම වත්තයි ගෙදරයි දැක්කේ....

මොකද ඉඩම ගත්තාට පොටෝ වලින් මිසක් ඇත්තටම දැක්කේ නෑනේ. ලෝයර් ගාවට ගිහිල්ලා අත්සන් කරලා ඉඩම ගත්තාට මට වත් නංගිටවත් ඉඩම බලන්න එන්න බැරි උනා.........

වත්ත වටේටම තාප්පේ බැදලා තිබ්බා. ඉස්සරහා ගේට්ටුව විතරයි සාමාන්‍ය විදියට තිබ්බේ.. ඒත් ඒකත් උසයි........ අපෙ විතරක් නෙවෙයි මෙහෙ තියෙන අනික් ගෙවල් වල පවා අහස උසට තාප්ප තමා.......

~ පිනිපොද ~Where stories live. Discover now