~තිස්පස් වන පින්න~

545 110 30
                                    

Vote goal- 70

Comment goal- 50

.............................................................


ආදිත්‍ය pov,

ගගන අපිව ගේ ඇතුලට එක්කන් යද්දී සාලේ ඉදගෙන හිටිය, හොදට හුරු පුරුදු මූන වල් දෙකක් දැක්කා......

අඩේ........

නුවනයි චතුරයායි........

යකෝ..........

මුන් මොකද මෙහේ කරන්නේ....?

මායි නංගියි ඇතුලට යද්දී උන් දෙන්නාම අපි දිහාට හැරුනා.....

අම්මේ......

කට කනේ ඉතින්.....

දෙන්නාගෙම අම්මලා තාත්තලා එක්ක තමා ඇවිල්ලා තියෙන්නේ....
අර අනික් ගෑනු ළමයා නම් චතුරයාගේ අක්කාද කොහෙද... ඒ මූන මයි තියෙන්නේ.......

ෆැමිලි ෆ්‍ර්‍රෙන්ඩ්ස් ලා වගේ......

" මේ ඇවිල්ලා ඉන්නේ අඩුවට හිටිය දෙන්නා...... එන්න ළමයි..... මෙතනින් ඉදගන්න...."

අපිව දැක්ක හේශව්ලාගේ තාත්තා.... එයා ඉදන් හිටපු සෝෆා එකටම අපි දෙන්නාට අඩ ගැහුවා.....

අපි දෙන්නාත් හිනා වෙල....  එතනින් ඉදගත්තා.....

නැන්දායි හේශවුයි පේන්න නෑ.....

කුස්සියේ වත් ඇති.....

" මේ තමා මං කියපු ළමයි දෙන්නා....."

කියලා අපි දෙන්නාව අර ගොල්ලොන්ට අදුන්වලා දුන්නා...

අපි දෙන්නාත් එයාලා දිහා බලලා යන්තමට හිනා උනා ඉතින්......

" ම්ම්ම්..... පෙනුමෙන්ම පේනවා ඉතින් හොද ගුන යහපත් ළමයි දෙන්නෙක් කියලා...... "

අහම්..... එහෙම පේනවාද දන්නෑ ඇත්තටම නේද?......

මං හිතන්නේ එහෙම කිව්වේ චතුරගේ අම්මාද කොහෙද..... හැබැයි ඒක කිව්වාට පස්සේ ඒ නැන්දාට එහා පැත්තේ හිටිය කෙල්ල අපේ නංගිට රැව්වා......

ඈ..........

ඒ මොන මගුලකටද.....

චතුරයාගේ අක්කාද කොහෙද ඒ......

" මාමේ...... නැන්දා කොහෙද?.... පේන්න නෑනේ....."

" ආ..... අම්මායි පුතාලා දෙන්නායි තුන්දෙනාම කුස්සියේ....... කෑම ලෑස්ති කරනවා මං හිතන්නේ..."

~ පිනිපොද ~Where stories live. Discover now