~තෙවෙනි පින්න~

811 129 22
                                    

ආදිත්‍ය pov,

ප්‍රින්සිපල්ගේ ඔෆිස් එක ඉස්සරහින්  නැවතුන මම කෙලින්ම බැලුවේ බාප්පා දිහා........

" ලොකූ....... යමු අර පුටුවලින් වාඩි වෙමු....... තව ටිකකින් පන්සිල් ගන්න හින්දා ප්‍රින්සිපල් එතනට ගිහිල්ලා ඇති. අද සදුදා නිසා ප්‍රදාන රැස්වීම තියෙයි. ඒ හින්දා අපිට තව සෑහෙන වෙලාවක් මෙතන ඉන්න වෙයි. "

මොකුත් නොකියා බාප්පා කියපු දේ තේරුනා කියන්න විතරක් මං ඔලුව ලාවට උඩ පහල කරා.....

අපි මෙතන ඉන්නවා දැකපු අංකල් කෙනෙක් අපේ බාප්පාට කතා කරෙ විස්තර අහන්න වෙන්න ඇති.

ඒත් එයාලා කතා කරපු විදියෙන්ම තේරෙනවා එයාලා කලින් ඉදන්ම හොදට අදුරන අය කියලා....

" එතකොට සුසන්ත මහත්තයා කිව්ව දරුවා මෙයාද? "

ඒ කෙනා බාප්පාගෙන් එහෙම අහද්දී බාප්පාත්,

" ඔව් සුමනේ...... මේ මගේ කොල්ලා තමා......"

" හැබැයි මහත්තයා ප්‍රින්සිපල් සෑර් නම් දැන්ම එන එකක් නෑ. අද ප්‍රදාන රැස්වීම නිසා තව පැය බාගයක්වත් යයි අඩුම."

" ඔව් ඔව්. මාත් මේ ඒක තමා ලොකු පුතාට කිව්වේ. "

" හරි එහෙනම් මහත්තයා මං යන්නම්. දැන් ඉස්කෝලේ වටේ බලන්න යන්න එපැයි. නැත්තං මුන් කට්ටි පනිනවා."

" ඇයි අද ශිෂ්‍ය නායකයෝ නැද්ද?"

" ඉන්නවා ඉන්නවා. අද කට්ටියම රැස්වීමේ. මං හිතන්නේ ඉස්සරහාට එන ක්‍රීඩා උත්සව කාලේ ගැන කියන්න ප්‍රින්සිපල් සෑර් එයාලව ගෙන්නගෙන. එහෙනම් මහත්තයාලා ඔතනින් ඉදගෙන ඉන්න. මං ඉස්කෝලේ වටේ බලලා එන්නම්."

ඒ මනුස්සයාට හිනාවකින් විතරක් උත්තර දුන්න බාප්පා මටත් ඉදගන්න කියලා එතනින් ඉදගත්තා. ඒත් අපිට වැඩි වෙලා එහෙම ඉන්න බැරි උනේ ගාථා කියන්න පටන් ගත්ත නිසා....

ගාථා ඉවර උන ගමන් අපි එතන ඉදගත්තා. ළමයි හයදාහක් වගේ ඉන්න නිසා ප්‍රින්සිපල් සර් මයික් එකකින් තමා කතා කරේ. මෙටනට ග්‍රෞන්ඩ් එක හොදට පේනවා. ළමයි  හරි පිලිවෙලට එක කෙලින් ඉන්නවා. හරියට කොක්කු රෑනක් වගේ. පේලියක දශමයක ඇදයක් නෑ. අත් දෙක පිටිපස්සය බැදගෙන සැහැල්ලුවෙන් කකුල් තියාගෙන හෙල්ලෙන්නෙවත් නැතුව ළමයි හරි පිලිවලට ඉන්නවා. අව්ව මූනට වැටුනත් , ඉන්න කොච්චර අමාරු උනත් ඒ ළමයි ප්‍රින්සිපල් කතාව ඉවර වෙනකල් එහෙමම හිටියා.

~ පිනිපොද ~Where stories live. Discover now