~සයවන පින්න~

633 128 13
                                    

ආදිත්‍ය pov,

ඊයේ වගේම අදත් හතරට එලාම් එක වදිද්දී මං ඇහැරුනා.......

අම්මෝ....... පාන්දරට තියෙන සීතල නිසා මට කම්මැලි හිතුනා නැගිටින්න.....

කම්මැලි කම පැත්තක දාපු මම ඉක්මනින් නැගිටලා දොර ඇරගෙන එහෙම්ම  බාතෲම් එකට ගියා....

කට සෝදලා මූනත් ටිකක් සෝදගෙන එල්ලලා තිබ්බ ටවල් එකෙන් මූනත් පිහදාගෙන මම කුස්සියට යද්දි ඊයේ වගේම පොඩී හාල් හොඉදනවා......

මං ඉතින් එහෙම්මම පුටුවක් ඇදලා ඉදගත්තා....

"Good morning ලොකූ...... අනේ අර හීටරේට ගහපු වතුර එක නටනවා.... මං කෝප්ප සෝදලා තියෙන්නේ.  පුලුවන් නම් තේ දෙකක් හදන්නකෝ..... "

" හරි හරි මං හදන්නම්..... ඔයා ඔය වැඩේ කරන්න."

මං ඉතින් ගිහිල්ලා කිරි දෙකක් හැදුවා..... කහට වැඩියෙන් දාලා තමා මං කිරි දෙක හැදුවේ.... මොකද අපි දෙන්නාගෙන් කවුරුත් කැමති නෑ කිරි පාටට බොන්න. කහට වැඩි කිරි නැත්තං නෙස්ට(ර්)මෝල්ට හරි වීවා හරි.

මං තේ එක හදලා නංගිට දුන්න. එයා පොල් ගානවා..... මෑ කරල් කිරට හදලා, හාල්මැස්සෝ හොදට ලූණු දාලා තෙල දාලා, මුකුණුවැන්න කොළ මැල්ලුම.  මුකුණුවැන්න එකටයි මෑ කරල්  එකටයි තමා ඔය පොල් ගාන්නේ......

එයා පොල් ගානකල් මං කිරි එක බිබී කොළ එක සුද්ද කරලා සේදුවා.

මං කොළ එක සුද්ද කරලා ඉවර වෙද්දි පොඩීත් පොල් ගාලා ඉවරයි.

හරියටම පහ හමාර වෙද්දි උයලා ඉවරයි...... දවල්ටත් එක්ක තමා අපි උයන්නේ. නැත්තං ඉස්කෝලේ ඉදන් ඇවිල්ලා ආයම උයන්න බෑ.....

මං එලියේ එකෙන් නාද්දි නංගි ඇතුලේ බාතෲම් එකෙන් ඇග සෝදගත්තා. එයාට ඉතින් උදෙන්ම නාන්න බෑනේ. පස්සෙනුත් පල්ලෙහාට තියෙන කොන්ඩෙ වේලෙන්නේ නෑ. අනික මේකිගෙ කොන්ඩේ හරි ගනකමයි..... ඉතින් කොහෙ වේලෙන්නද....

හයයි තිස්පහා වෙද්දි මායි පොඩියි එලියට ආවා. ගෙවල් දොරවල් වහලා, ගේට්ටුව ලොක් කරලා විනාඩි පහක් ඉන්න හම්බුනේ නෑ....  දිලුමාගේ බයික් එකයි පුංචිගෙ ස්කූටියයි දෙකම අපි ඉස්සරහා නතර කරා.......

~ පිනිපොද ~Where stories live. Discover now