~විසිඑක්වන පින්න~

592 117 20
                                    


උදේ දුන්න  එකත් කියවලාම එන්න ඈ..........

____________________________________






ආදිත්‍ය pov,

මායි පොඩියි දෙන්නා හේශව් එක්කම ඇතුලට යද්දී අපේ අම්මාගේ වයසෙම වගේ ගෑනු කෙනෙක් අපි ඉස්සරහාට ආවා.....

මේ හේශව්ගේ අම්මා වෙන්නැති.....

එයා හරි ලස්සනයි...... සුදුයි..... ටිකක් මහතයි...... හේශව්ටයි ගගනටයි මේ නැන්දාගේ ලස්සන නම් ඒ විදියටම පිහිටලා තියෙනවා..........

" මේ ළමයි දෙන්නානේ...... ඉදගන්න පුතේ...... "

ඒ නැන්දා අපි දෙන්නාට හරි ලස්සනට හිනා වෙලා ඉදගන්න කිව්වා.........

හේශව්ටත් තියෙන්නේ මෙ හිනාවමයි....... පෙට්ටියක් වගේ කට හිනා වෙද්දී......

අපි දෙන්නාත් හිනා වෙලා ඉදගත්තා........

අතේ තිබ්බ පොත් ටික සෝෆා එකේම ස්ටූල් එකෙන් තිබ්බා.......

" චූටි බබා......... ගිහිල්ලා අරවා අරන් එන්න අනේ...... මං මෙයාලා දෙන්නා එක්ක කතා කරන්නේ දැන්. වෙනදාට ඔයා එයා එක්ක කතා කරනවානේ....... "

එහෙම කිව්වා විතරයි අරයා ගස්සගෙන ගියේ......

අපි තුන් දෙනාටම හිනා ඒකට නම්.........

ම්ම්ම්ම්..... ලස්සන ගැස්සිල හැබැයි.......

අර තට්ටන් දෙකත් බම්ප් උනා අප්පා........

එව්ව්ව්...... මොනාද බල්ලෝ උබ ඔය හිතන්නේ........

" අපේ බබාලා දෙන්නා හැමදාම ඔය දෙන්නා ගැන කියවනවා.... මං ඒකමයි දෙන්නාට අද කලින්ම එන්න කියන්න කියලා චූටි බබාට කියන්න කිව්වේ...... "

" හදිස්සියෙම ආව හින්දා මොකුත් ගේන්න නම් බැරි උනා නැන්දේ....."

ඇත්තටම අපි දෙන්නාට මොනවත් ගේන්න බැරි උනා...... මං ඉතින් ඒ හින්දා එහෙම කිව්වා...... නැත්තං මේ මිනිස්සු හිතයි අපි ගෙදරකට යන විදිය වත් දන්නෑ කියලා.....

" පිස්සුද ළමයෝ..... වෙන මොනවත් ඕන නෑ....... ඔයාලා අපේ දෙන්නාට හැමදාම ගිල්ලන ඒවාම මදෑ......"

මටයි නංගිටයි දෙන්නාටම හිනා ඒ කිව්ව විදියට........ එයා නම් විනෝදෙට බර නැන්දෙක්....... අරුන් දෙන්නාගෙ අහංකාර කමින් බිදක් ගිහිල්ලා නෑ මේ නැන්දාට නම්.....

~ පිනිපොද ~Where stories live. Discover now