~විසි හතරවන පින්න~

643 119 57
                                    

Comment goal- 50

Vote goal- 50

.............................................................

ආදිත්‍ය pov,

අපි හේශව්ලා දිහා ඉදන් එද්දි වෙලාව එකට පහයි.... තව ටිකකින් එලි වෙනවා නේ.......

අපි ඒ ආවගමන් අපි දෙන්නා ඇදුම් මාරුකරග්ත්තා.......

හෙට ඉතින් අපි දෙන්නා ගෙදරනේ....

" ලොකූ........ මෙහ්...... අද මං ඔයා ගාවට එන්නද නිදාගන්න?"

සාලෙට වෙලා සෝෆා එකේ ඉදන් පෝන් එක බල බල ඉදපු මං ලගට ආව පොඩී අද මං ගාවට නිදාගන්න එන්නද කියලා ඇහුවාම මං ඇහි බැමක් ඉස්සුවේ ඇයි අහන්න.....

" අම්මාව මතක් උනානෙ ලොකූ.. අනේ..... හේශව්ලාගෙ අම්මාට මට හරි ආස හිතුනා ලොකූ... එයා හරි ශෝයිනේ.... අපෙ අම්මාත් හිටියා නම් ඔය වගේ වෙයි නේද ලොකු?.... එයාලා හරි සතුටින් ඉන්නවානේ.... ඒ මාමා හේශව්ලාගේ අම්මාට බබා කියලා කතා කරේ ලොකූ... ඒ දෙන්නා හරි ආදරෙන් ඉන්නවා නේද?...... අහ්....නේ ඇයි ලොකූ....... අපේ තාත්.....තාටත් ඒම වෙ...න්...න බැරි උනේ ලොකූ... අනේ...... එයා....ත් ඒ..ම උනා..... නම්..... අනෙහ්හ්..... අපිත් අ...ද ඔය වගේ ලස්සන..ට ඉන්න..වානේ... අයි..යේ.... අනේහ්...... ම..ට පාලුයිනේ අම්මා.... නැ..තුව.... ම..ට... ම...ට හරි දු..කයිනේ අයියේ......  එයාලා හොදට හිටියා නම්..... අපි මේම තනිවෙන්..නෑනේ ලොකූ..... අනෙහ්... ඇයි අයියේ..... මගෙ පපුව පැලෙන්න එනවා අයියේ..... ම..මට අම්මාව මතක් වෙනෝනේ ආදී...... "

මං ලගම ඉදගෙන මගෙ අතිනුත් අල්ලගෙන හේශව්ලාගේ අම්මාට ආදරේ හිතෙනවානේ කිව්ව පොඩී අපෙ අම්මාත් හිටියා නම් ඒම වෙයි නේද කියලා අහලා, ඒ මාමා හේශව්ලාගේ අම්මාට හරි ආදරෙයිනේ කියලා කිව්වා.... අනේ... දැනටමත් ඒකිගේ ඇස් වල කදුලු....... අනේ ඇයි ලොකූ අපේ තාත්තාටත් එහෙම වෙන්න බැරි උනේ කියලා අහපු එකීට ඉකි ගැහුනා...... මං එහෙම්මම නංගිව මගෙ පපුවට තුරුල් කරගත්තා..... ඒකි ඊලගට ඉකි ගහා ගහා කියනවා අපේ තාත්තාත් එහෙම උනා නම් අපිට මෙහෙම වෙන්නෑනේ කිය කිය ඒකි අඩනවා... මටත් ඒ වෙලාවේ ඇඩුනේ ඒකි කියපු දේ ඇත්ත නිසා. යන්තන් හය හතර තේරෙන කාලේ ඉදන් මායි නංගියි දැක්කේ අම්මා තාත්තාගෙන් ගුටි කන ඒවාම තමා..... ඇත්තටම අපි තුන්දෙනා තාත්තා නිසා මාර දුකක් වින්දේ... ඉතින් මටත් ඇඩුනා ඒ කාලේ මතක් වෙලා.... අවසානෙට මගෙ පපුව පැලෙන්න එනවා අයියේ කියලා නංගි ඉකි ගහා ගහා මාව තද කරලා බදාගෙන ඇඩුවා. මාත් තවත් ටිකක් නංගිව තද කරගත්තා මගේ පපුවට.... මටත් ඇඩෙනවා.... අනේ අපි දෙන්නා හරි පවු බුදුහාමුදුරුවනේ....

~ පිනිපොද ~Where stories live. Discover now