~තිස්හය වන පින්න~

491 105 23
                                    

Vote goal- 70

Comment goal- 50

.............................................................

ආදිත්‍ය pov,

" ලොකූ..........."

" ඕ........ මං කාමරේ....."

මං අද අරගෙන යන ඇදුම් ටික ලෑස්ති කරන ගමන් ඉන්නේ......

ඔන්න එතකොට තමා නංගි බෙරිහන් දුන්නේ......

ආය මොකටද දන්නෑ....

දැනටමත් වෙලාව එක හමාරත් පහු වෙලා......

තුන වෙද්දි යන්නත් ඕනනේ.....

ඔන්න ආවා අපේකී කාමරේට....

" ඇයි පොඩී.....?"

" මං මේ කැවිලි පාර්සල් කර කර ඉදියේ..... ඒත් අනේ......, එව්වා මදිනේ.... "

" හ්ම්ම්..... අපි ගොඩාක් හැදුවෙත්  නෑනේ ඉතින්..... මෙහෙම කරනවාකෝ...,"

" කොහොමද?"

" අපි දැන් යන ගමන් කේක් එකක් ගමු ලොකු අම්මලා දිහා අරන් යන්න...... අනික ඔය තියෙන කැවිලි ඔක්කොමත් පාර්සල් කරගන්න.... සතියකින් අපි එද්දි ඔය කැවිලි පුස් වත් අල්ලලා තියෙයි.... ඒ හින්දා..., ඔය තියෙන එව්වා ගානට බෙදලා පාර්සල් කරන්න...... මදි පාඩුවට යන ගෙවල් වලට කේක් එකක් හරි බිස්කට් එකක් හරි අරන් යමු....ම්ම්ම්.....?"

" ඔව් නේ..... අපරාදේ ඕයි මං මහන්සි වෙලා ඔව්වා හැදුවේ... ම්හ්ක්..... කන්නත් නෑ ඒයි.... "

" අනේ ගොනෝ..... පල පල....., ඔව්වා පාර්සල් කරලා නාගෙන ලෑස්ති වෙයං...., ඇදුම් හැදුවානේ කලින්.....? "

" එව්වා රෙඩි බොසා.... මට හර්ශයි නැන්දායි කෝල් කරලා කිව්වා තව පැය බාගෙන් මෙහෙ කියලා....."

" ම්න්.... ලෑස්ති වෙයන් එහෙනම් ඉක්මනින්....."

ඔන්න ගියා කරච්චලේ.....

ඇත්තටම අර කිව්වාත් වගේ අපරාදේ  නිදි මරන් කෑම හැදුවේ..... අපිට කන්න නෑනේ ඉතින්...

අද උදේ පුංචිලා දිහා ගියා අපි......

දවල්ටත් කාලම තමා ආවේ.....

එයාලටත් හේශව්ලාට අරන් ගියා වගේ කැවිලි බෑග් එකක් අරගෙන ගියේ අපි.........













~ පිනිපොද ~Where stories live. Discover now