~හතලිස් තුන්වන පින්න~

492 105 26
                                    


Vote goal- 70
Comment goal- 50

.............................................................

ආදිත්‍ය pov,

හයයි හතලිහයි වෙලාව......

හය හමාරටත් කිට්ටුයි අපි ගෙදරින් එද්දී........

හයේ ඉදන් දැන් සීගිරි ගල නගින්න පුලුවන්......

ඉස්සර නම් බෑ.....

ඒත් ගොඩාක් ටුවරිස්ට් ගෙස්ට්ලා ඉර සේවය බලන්න සීගිරි ගල නගින්න ඉල්ලලා තිබ්බ හින්දම මේ මෑතකදි තමා ඔය හයේ ඉදන් ගල නගින්න දෙන්නේ......

ඉස්සර නම් ගොඩාක් ගෙස්ට්ලා පිදුරුංගල තමා යන්නේ ඉර සේවය බලන්න......

පිටරට කෙනෙක්ට සීගිරිය නගින්න ටිකට් එක 12500 ක් වෙනවා..... පිදුරුංගල නම් 1500යි ඒ හින්දා ගොඩාක් ගෙස්ට්ලා ඉර සේවය බලන්න විතරක් නෙවෙයි , ටිකට් ගනන් වැඩි හින්දා ගොඩාක් දුරට පිදුරුංගල තමා යන්නෙ....

කොහොම උනත් ලෝකල් අපිට නම් සීගිරිය ටිකට් එක රුපියල් 100යි......

පිදුරුංගලට  නම් නෝ චාජ්.....

සාමාන්‍ය දැනීම ඇති.....,

දැන් අපි ඉන්නේ සීගිරියේ ටිකට් කවුන්ටර් එක ගාව.......

ටිකට් දහයයි......

මං තමා ටිකට් ටික ගන්නේ ඉතින්....

දන්න කියන මනුස්සයා එපැයි වැඩේ කරන්න.....

" මෙන්න සර් ටිකට්.... රුපියල් දාහයි....."

" ආ මෙන්න..... Thank you."

ටිකට් කවුන්ටර් එකේ ඉන්න මනුස්සයා මගේ ටිකට් ටික දුන්නාම   , අතෙ තියන් ඉදපු රුපියල් දාහා දීලා ටිකට් දහය ගනන් කරලාම ගත්තා.......

" නැන්දා මේන් ටිකට් එක..."

බෙහෙත් නෙල්ලි ගහා යට බංකුවේ ඉදන් ඉන්න හර්ශලාගේ අම්මා ලගට ගිහිල්ලා ඉස්සරලාම ටිකක් එක ඒ නැන්දාට දුන්නා......

ඊලගට ගගනට..,
ඊට පස්සේ හොර කපල් එක උන චතුරයාටයි නුවන්ටයි...,
ඊලගට දිලුමාට...,
ඊට පස්සේ හර්ශට...
ඊට පස්සේ නංගිලා දෙන්නාට..
අවසාන දෙක මටයි හේශව්ටයි...

එයාගේ එක එයාට දීලා මං මගේ එක ගත්තා......

ඔන්න දහය හරී....

~ පිනිපොද ~Where stories live. Discover now