~දාහතරවන පින්න~

642 122 9
                                    

ආදිත්‍ය pov ,

ගෙදර එද්දි එකට කාලයි.........

ආව ගමන් නිදාගත්ත මං නැගිටිද්දි හතරයි පහයි.......

යකෝ මං මෙච්චර වෙලා නිදාගත්තාද?.......

බඩත් ගිනියි අප්පා.....

ඉක්මනින් නැගිටලා බාතෲම් එකට ගියේ මූන කට ටිකක් හෝදගන්න.....

කුනු කෙළ පිටින් ඉන්න බෑනේ......

බාතෲම් එකයි කුස්සියයි වෙන් වෙලා තියෙන්නේ බිත්තියෙන් හින්දා මට කුස්සියේ සද්ද බද්ද හොදටම ඇහෙනවා.......

අනිවා පොඩී මොනා හරි වැඩක්. අපේ ගෙදර ඉතින් අපි දෙන්නා විතරයි නේ...... ඉන්නේ.....

බාතෲම් එකේ තිබ්බ ටවල් එකෙන්ම මූන පිහදාගෙන කුස්සියට ගියා......

යද්දි නංගි කෑම රත් කරනවා.....

දැන්ද කොහෙද මේකිත් නැගිටලා තියෙන්නේ.........

" නැගිට්ටාද ලොකු..... මටත් හොදට නින්ද ගියා හලෝ...... දැන් නැගිට්ටේ මාත්....... ඒකත් හර්ශ කෝල් කරපු හින්දා...."

මං කිව්වේ....... හොදට නිදාගන අපි දෙන්නා...... හර්ශ කියන්නේ , අර සත්‍ය ගවේශක පොර නේද?...... ඌ එනවාද දන්නෑ.....

" ඌ එනවාලුද?"

" ඕ.... අද එයාලාගේ අම්මි එක්ක එනවා කියලා කිව්වා. අම්මාට ඉන්න ළමයි ගැන බලන්න ඕනලු.... මාත් ඉතින් හා කිව්වා. අපි මෙතන කුඩු ගහනවායෑ...."

ඇත්ත ඇත්ත...... අම්මාපා මේකීගේ කට.....

" දැන් කීයටද එනවා කිව්වේ?.. "

" ඊයේ එයාලාගේ අම්මාට නයිට් එකලු තිබ්බේ. අදත් එහෙම හින්දා අම්මා යනකොට එයාවත් දාගෙන යන්නම් කිව්වාලු මෙහෙන්. "

" එතකොට ඌ ගෙදර යන්නේ කොහොමද ?"

" තවුසෙ ගිහිල්ලා දායි කියලා මං කිව්වා.... එහෙම බැරි නම් දිලූට හරි කියමු.... පවු ලොකූ ඌ.... මාරම හොද අහිංසක කොල්ලෙක්. කෙල්ලක් උන මං කියන තරම් කුනුහරපයක් කියන්නෑ ඌ.... "

" එතකොට බං ඌ තනියමනේ ගෙදර ඉන්නෙ...."

" ඔව් ඉතින්...... එයාට ඒක පුරුදුයි කියන්නේ. ගොඩාක් වෙලාවට තනියමලු ඉන්නේ."

~ පිනිපොද ~Where stories live. Discover now