~දහසයවන පින්න~

610 125 16
                                    

ආදිත්‍ය pov,

පුරුදු විදියටම මම නංගි එක්ක ඉස්කෝලෙට ආවා...... මේ ටිකේම හෙඩා එක්ක අපේ එකාත් ඉස්කෝලෙට එනවා උදෙන්ම......

ක්‍රීඩා කාලේ හින්දා වැඩ වැඩියි උන් දෙන්නාටම.....

නංගිව බාලිකා එකෙන් බස්සලා මං අපේ ඉස්කෝලෙට ආවා...... චූටිත් නෙට් බෝල් වලට එහෙම ඉන්න හින්දා ඒකිත් උදේම දිලුම් එක්කම එනවා........

පාක් එකෙන් බයික් එක දාලා , හෙට්මට් එකයි යතුරයි අරගෙන පන්තිය පැත්තට ආවා මම.......

මං හොය හොය හිටපු රූපේ පන්තිය තියෙන බිල්ඩිම ඉස්සරහා කොල්ලො සෙට් එකක් වට කරගෙන ඉන්නවා මං ඈත තියාම දැක්කා........

අදත් නඩුවක් වගේ.......

මේවා ඉතින් ක්‍රීඩා කාලෙට සාමාන්‍යයි. ඒ කියලා අපිට ඕවා අතාරින්න බෑනේ....... මොකක් හරි ලොකු දෙයක් උනොත්....... ඒ හින්දා ගොඩින්ම බේරන එක් තමා හොදම දේ...........

එයාලා දිහාම බලාගෙන මං පන්තියට ආවා......

මං හොදටම දැක්කා........ එයාගේ ඇස් හොරාට මගේ දිහා බලාගෙන හිටියා.......

ටිකක් ඉන්න බබා........ මං අල්ලගන්නම් අද ඔයාව.....


පන්තියට ගිහිල්ලා බෑග් එක තියලා......, ආයම පල්ලෙහාට මං ආවේ හෙඩා පරල වෙන්න තරම් උනේ මොකද්ද බලන්න.......

පඩි පෙල බහිද්දිම ඇහුන සද්දෙට මං අඩිය ඉක්මන් කරලා වලිය තියෙන පැත්තට ආවා........

එකෙක් කම්මුලක් අල්ලගෙන......

මං එහෙම්මම බැලුවේ අපේ එකා දිහා......... දිලුමාත් ඉන්නවා කට කොනෙන් හිනාවක් දාගෙන..... ඊලගට මගේ ඇස් ගියේ හෙඩා ගාවට...... ,

මුන්දෑ තමා අරූට කෙලලා ඇරලා තියෙන්නේ.........

මාත් එතන තිබ්බ කනුවකට ජැක් එකක් ගහගෙන, අත් දෙකත් බැදගෙන බලාගෙන හිටියේ ඊලගට මොකද වෙන්නේ කියලා.....

හැබැයි ඊලගට උන දෙයින් මගේ යකා උඩට එන්න තත්පරයක්වත් ගියේ නෑ.......

වේග අඩි තියලා ඌ ගාවට ලං උන මම උගේ කොලර් එකෙන් අල්ලගෙන උගේ කනට අත දිගෑරලාම දුන්නා.......

~ පිනිපොද ~Kde žijí příběhy. Začni objevovat