Happy Kooki Day

1.1K 161 24
                                    


Happy Kooki Day
Happy International play boy Day
Happy Jungkook Day
Happy Jk Day
Happy Meken Day
Happy Video Game Champion Day
Happy Jeon Day

_පුංචි කාලෙදිම අම්මා තාත්තගෙන් වෙන් වෙලා සෝල් නුවරට ආපු දවසෙ දැනෙන්න ඇති ඒ පුංචි හිතට ලොකු තනිකමක්._
_අම්මා තාත්තා නැතුව කාලෙ ගත කරද්දි ඒ පුංචි හිතට එන්න ඇති දරා ගන්න බැරි තරමෙ දුක් කන්දක්._
_සමහර දවස් තියන්න ඇති තනියම කලුවර කාමරේක මුල්ලක ඉකි ගගහා අඩපු ඒ පුංචි බෝල ඇස් රතු වෙනකම්._
_හිතෙන්න ඇති මේ හැමදේම අතඇරලා අම්මා තාත්තා ගාවට දුවගෙන යන්න._
_පුංචි සෙල්ලක්කාර හිතට දැනෙන්න ඇති තමන් තනි වෙලා කියලා._
_ඒත් තමන්ගෙ අරමුණ කරා යන්න දරා ගන්න ඇති ඒ පුංචි හිත ලොකු මනුස්සයෙක් වගේ ඒ හැමදේම._
_පුහුණුවීම් කරන්න ඇති දිවා රාත්‍රී නොබලා ඒ පුංචි ගතට දැනෙන්න ඇති දරා ගන්න බැරි තරමෙ වේදනාවන්._
_පුහුණුවීම් අතර තුර වැරදිලා ඇති ඒ වැරදීම් වලදි බැනුම් අහන්නත් ඇති කන් පිරෙන්න._
_ඒ වෙලාවට පුංචි දගකාර හිත රිදෙන්න ඇති මහ ගොඩක්._
_අඩා වැලපිලා වැඩක් නැති නිසා දරාගෙන ඉන්න ඇති ඒ හැමදේම ඒ පුංචි හිත් පොඩ්ඩ._
_දැනෙන්න ඇති මහ ලොකු අසරණ කමක් ඒ වෙලාවට මේ පොඩ්ඩට._
_අත් හරින්න හිතුනත් අත් නොහැර අල්ලන් ඉන්න ඇති දවසක දිනනවමයි කියන බලාපොරොත්තුව ඇතිව._
.
.
.
.
_සියලුම බාධා ජය ගෙන එයා අද ලෝකයක් හදුනන තරුවක් වෙලා._
_ලෝකයෙ සෑම තැනම සිටින්නන්ගේ ආදරය නොවඩුව ලබන තරුවක් වෙලා._
_ලෝකයේ හුග දෙනෙක්ගෙ සිත නිවන මිහිරි තනුව ඔහුම වෙලා._
_ඔහුට හිමි ඒ කටහඩින් නලවයි බොහෝ දෙනෙකුගේ සිත._
_ඒ කටහඩට වශී වූවන් ලොව සැම තැනම._
_ඔහුගෙ සුන්දර සිනහව සැම රසිකයෙකුගෙම සෑම රසිකාවියෙකුගෙම සිත් නිවන ඔසුවක් වෙලා._
_ඒ සෑම දෙයක් සමගම ඔහු අද වන විට සාර්තකත්වයෙ උපරිමයෙත් උපරිමයට ගොස් හමාරයි._
_අද ලොව කඩවසම්ම පුද්ගලයින් අතරත් ඔහු මුල් ස්ථාන හිමි කර ගන්න කඩවසම්ම තරුණයෙක්._
_කෙතරම් සාර්ථක වුවද ඔහු තුල මුලදි තිබූ ඒ අහිංසක අව්‍යාජ නිහතමානි හිනාව ඒ හිත තාමත් ඒ විදිහමයි._
_ඒ නිහතමානිකම නිසාම වෙන්න ඇති ඔහු දවසින් දවස සාරථක පුද්ගලයෙක් බවට පත් වන්නෙ._
_අපි තාමත් ආදරේට ඔහුට පොඩ්ඩ කියා කීවට දැන් ඔහු අවුරුදු විසි පහක් වන තරුණයෙක්._
_වයසින් මුහුකුරා ගියත් පුංචි කාලෙ තිබූ දගකාරකම් සුන්දර හිනාව කෝලම් තාමත් ඒ විදිහමයි නෑ කිසි වෙනසක්._
_ඔව් ඒ ඔහුයි අපි හැමෝම ගොඩාක් ආදරය කරන අපේ කුකී *(jeon jungkook)*_

My Cute Wifu (TAEKOOK) [Completed]Tahanan ng mga kuwento. Tumuklas ngayon