❤️End❤️

374 69 62
                                    

ඒ....

මගේ පවුලේ අය....

ලියම්ට පිටිපස්සෙන් ලොකු ඇස් තියන වයස 26 ක විතර කෙල්ලෙක් හිටියා..

💫 අ...අ....අයියා...

👹 ආ....මේ අනික් අයත් ඉන්නේ...කුමරුනි...මේ ඔක්කොම විනාශ කලොත් ඔයාගේ අක්කාට මුකුත් වෙන එකක් නෑ...

🥀 ඉන්න...

ලියම්ට පිටිපස්සෙ හිටිය කෙල්ල ඉස්සරහට ආවේ හැමෝගෙම ඇස් ලොකු කරමින්....

🥀 ඔයාලා මාව දන්නෙ නැතුව ඇති...මම සේරා....රෝයිගේ අක්කා තමා මම....ලෝවියන්ස්ලාගේ කුමරිය...මේ පූජකයා කියන කෙනා තමා මායාකරුවන් සහ ලෝවියන්ස්වරු ගැටුමකට පෙලබුවේ....
එයා මාව හිර කරලා මල්ලිගෙන් වැඩ ගත්තා....මේ කෙනාට ඕන උනේ එමීගේ බලය...මොකද...

එතකොටම පූජකයාගේ කම්මුල් පාරකින් සේරා බිමට වැටුනා...

🥀 මොකද...මේ පූජකයා මනුස්සයෙක්...

සේරා කිව්වේ තොල් වලින් එන ලේ පිහිද ගන්න ගමන්....මේ තමා මම ඉස්සර වෙන්න ඕන තැන....මනුස්සයන්ට හානි කරන්න මායාකරුවන්ට අවසර නෑ....😌 මට හැර...

💫 එහෙනම් ඒකයි මේ...

👹 හහ්...මේ කෙල්ල කියන ඒවා විශ්වාසද....

පූජකයා දම් පාට පලිගුවක් අල්ලලා තියන යශ්ටිය ගත්තා...ඒකේ තිබ්බේ මායාකාරයන්ගේ ආත්ම....ලෝවින්ස්ලා මායාකාරයෝ අල්ලන් ගිහින් තියෙන්නෙ මේ මනුස්සයට බාර දෙන්න...

👹 ඔහෙට මා එක්ක හැප්පෙන්න බෑ....

රෝයිත් මා දිහා බැලුවේ මේ දේ කරන්න එපා කියලායි...මම බලවත් උනත් මම ඉන්න තත්වෙ එක්ක මායාකාරයන්ගේ ආත්ම ගොඩකට විරුද්දව සටන් කරන්න මට බෑ....

👹 පරාජය බාර ගන්නවා....

💫 නැහැ....කවදාවත් නෑ...මට බැරි උනත් අපිට පුලුවන්...

මම රෝයි , මගේ සහෝදර සහොඉදරියො, අම්මා තාත්තා , සේරා අත්වැල් පටල ගත්ත...

👹 හහ්...මට මායාකාරයෝ දස දහසකගේ ශක්තිය තියනවා...ඔහෙලාට බෑ මාව පරද්දන්න...

💫 ඔයාට තියෙන්නේ මායාකාරයන්ගේ බලය විතරයි...අපිට ලෝවියන්ස්ලාගේ බලයත් තියනවා...බලෙන් ලබා ගන්න දේවල් වැඩි කල් පවතින්නේ නෑ....

Magic Family✔️✔️Where stories live. Discover now