4

329 64 8
                                    

අම්මාගේ උකුසු ඇස් ගේ වටේ ගියා...මාත් සැට් එකටම යට වෙලා හිටියත් අමාරුවෙන් අම්මා බලන බලන පැත්ත බැලුවා...
ඒ වන විට අපගේ නිවසේ තත්වය..

පුටු මේස ඔක්කොම පොලො මාතාව සිපගෙන...ඇරෝ කෙවින් දෙන්නා ටිපිටිප් එකකට රන්ඩු වෙලා ඒක දෙපැත්තෙන් අදින්න ගිහින් ගේ පුරා ටිපිටිප්...😂උන් දෙන්නා නිකම් ඇටිකෙහෙල් කාපු උගුඩුවෝ වගේ..
😑අසරන මම...මුන් ඔක්කොගෙම ඇගවල් වලට යට වෙලා...අම්මා ජාතිය අමතන්න යන්නේ කියලා මට ඉවෙන් වගේ තේරුනා...

👩 දෙයියනේ....දැන් නේද ගෙදර ආවේ...අයියෝ...මෙ ලමයවත් යට කරන්...පස් දෙනාම නැගින්න...මීට වඩා...

💫 ඌෆ්..කොන්ද...සත්තු ඕන නෑ අම්මේ...මේ ගස් වැද්දගේ මකුලුවා නිසා තමා ඔක්කොම..

👩එමී...ඒ ඔයාගේ අයියා..

අම්මා හැදි මිටෙන් මට ටොක්කක් ඇන්නා...

💫 පුහ්..

👩 එන්න පුතේ මම ඔයාගේ රූම් එක පෙන්නන්න...මම එද්දි මේ ඔක්කොම අස් කරලා තියන්න...

අම්මා රෝයිගේ අතින් අල්ලන් ගියා 😑😑😑අපිට කුඩම්මාගේ සැලකිලි...

දවස හිමීට ගෙවිලා ගියා...තාත්තත් රෝයිට ආස උනා..අන්තිමට රෑ උනා...මම ඇදට උනා..

💛 දෙන්නා නිදිද..

සුපුරුදු ලෙස එරික් ආවේ කොට්ට මෙට්ට උස්සන්..

💫 ශ්...සද්ද කරන්න එපා කුලු මීමෝ...සොම්බියා ඒ කෙල්ලට ඇත්තටම ආදරෙයි වගේ...

💛 මොකෙක්..

💫 😭😭එයා පව් අයියේ...

මම ලස්සන ඩ්‍රාමා එකක් බල බල හිටුයේ...කොල්ලෙක්ව මකුලුවෙක් කනවා....ඒ නිසා කොල්ලාට සොම්බි ලෙඩක් හැදෙනවා...😭😭කොල්ලා ආදරේ කරන කෙල්ල කොල්ලාව එපා කියයිද කියලා මම බයේ ගැහෙනවා...

🌻 එමී ෆිල්ම් එකක් බලනවා...

💛 අපෝ මේ හොල්මන...

එරික් කොට්ටෙ ඇදට දාලා මගේ ඇගට පැන්නා..මේකා නම්..

💫 වල් ඌරො මගේ කොන්ද..

💛 ශ්...හිමින් මෝඩියෙ..මොකක්ද ෆිල්ම් එක...මටත් බලන්න ඕන..

💫 මේ..

ලැප් එක ඇදෙන් තියන් අපි තුන්දෙනාම බූතයෝ වගේ බෙඩ් ශීට් පොරෝ ගත්තා..කතාව ආය මුල ඉදන් බලන්නේ..

කොල්ලා කෙල්ලට ආදරේ ප්‍රකාශ කරන්න රෝස මල් පොකුරක් කඩෙන් ගන්නවා ..මකුලුවා ඉන්නේ ඒකේ..

💫 මේ...මම සොම්බියෙක් උනොත් මගෙ කොල්ලත් මාව ප්‍රතික්ශේප කරයිද???

🌻 එමී...

💫 මට කොල්ලෙක් නෑ අනේ...නිකම් ඇහුවේ..

💛 දාලා යන්නත් කොල්ලෙක් ඉන්න එපැයි..

💫 මම හොයා ගත්තොත්...

💛 හම්බෙයි මේන් කියලා...

එරික්ට ඔරෝලා මම ආය ලැප් එකේ තිරේ දිහා බලාගත්තා..

ඔන්න දැන් කොල්ලා මල් බොකී එක අරන් කෙල්ලගේ ගෙදර යන්න යන්නේ...එයා රෝස මල් ටික අත් දෙකට ගද්දි මකුලුවා එයාගේ කමිසේ අත ඇතුලෙන් අස්සට රිංගුවා..
මට එකපාර දැනුනා මගේ නයිටියට උඩින් මොකෙක් හරි යනවා...එරික් අත් දෙකම කම්මුලේ ගහන් කතාව බලනවා..
මාත් ආය ලැප් එක දිහා බැලුවා...
ඒ කොල්ලගේ පපුවට මකුලුවා දස්ට කරන්න යද්දි මගේ පිටට බරක් දැනුනා...😞😞 ම්..මකුලුවෙක් වද්ද...

නම්බුවට වඩා ජීවිතේ වටිනවා..මම ඇලෙන් බිමට පැනලා මරෝ .....කියලා කෑ ගැහුවා...

💛🌻 එමී...

විනාඩියයි ගියේ ගෙදර ඔක්කොම අපේ කාමරේ දොරට තඩිබාන්න ගත්තා...😁මගෙ කට වැඩිය සද්ද නෑනේ හී...

එමී දොර ඇරිය ගමන් අයියලා ටික කාමරේ...රෝයි දොර ගාව...කෙල්ලෙක්ගෙ කාමරෙකට යන්න හොද නෑනේ..

🐑 චූටි...මොකෝ.

💫 හූ....වෑ...හ්....සොම්බි මකුලුවේක්..

මම පෘතුවිය වගේ රවුම් රවුම් කැරකුනා..

🐹 සකබබරෙ වගේ කැරකෙන්නෙ නැතුව ඉන්නවකො..

💫 මාව සොම්බියෙක් වෙයි යකෝ..

මම ඇස් දෙක වහන් නැවතුනේ කරපු පින් දහම් මතක් කරමින්...මම පින් කරලා නෑනේ..හයියු..

🐭 සූසූ...

ඈශ් පැන්න පාර මම බිම මා දිහාවත් නොබලා මේකා මකුලුවත් උස්සන් දිව්වා..

👨 අනේ මන්දා මේ ලමයි නම්...

👩 එරික් කොයි වෙලේද රූම් එකට ආවේ...

💛 අ.. මේ...ද්...දැන්...

👩 හ්ම්...දැන් ඔක්කොම ආය නිදා ගන්න..අදට ඔය නැටුව විකාරෙ ඇති..

එරිකුත් ඔලුව නමන් කාමරෙට දිව්වේ ආය සුටුස් ගාලා එන්න පුලුවන් බව දැනගෙන..

🌻 ආය රෑට සොම්බි කතා බෑ..

💫 හුම් හුම්...

මාත් ඔලුව වැනුවා..









😁කෝමද

Magic Family✔️✔️Where stories live. Discover now