7

303 63 9
                                    

මම ඇරෝට ඔරෝගෙන හිමිට ඒ පෙට්ටිය ඇරියා...උගේ මූන නිකම් අපායට ගහපු කැලැන්ඩරේ වගේ...

💫 බුදාම්මියෝ..

මම පෙට්ටියෙන්ම ඈශ්ට ගැහුවා...ඒකේ හිටියේ ගෝනුසු පැටව්...ඈශ් මට හිනා වෙවී ගෝනුසු පැටව් ටික එයාගේ උරහිසෙන් තියා ගත්තා...අම්මපා මූ..

🐭 සොරි ඈ....

💫 තමුසේ ... ඊශ් ....ගොං හරකා..පන්තියෙන් එලියෙදි අහු වෙයන්කො මට...උල තියනවා දැන ගනින්..

එතකොටම ඇරෝ ආවා...අද දෙන්නම්කො උන් දෙන්නට..

🐹 මොකො එමී..

💫 ආ...ආවද අනිකත්...තමුසෙගෙ මහලොකු සහොදරයා මගේ බෑග් එකට ගොනුසු පැටව් දාලා..

🐹 හපොයි ....ගනන් ගන්න එපා සුදූ...අන්න මිස් එනවා අපි යන්නම්...

ඇරෝ මගේ කොන්ඩෙ අවුල් කරන් හිමීට මාරු උනා...අම්මපා මුන් එක්ක බෑ...එක පාරක් ආදරෙන් කතා කරපු ගමන් මට මුන් ගැන තියන ඔක්කොම තරහ නැති වෙනවා...මොනා උනත් ඉතින් මගේ අයියලා හයටයි අක්කාටයි මම ගොඩාරියක් ආදරෙයි...අම්මාට අපිව හම්බෙන්න ඉද්දි අම්මා හිතලා තියෙන්නෙ කෙල්ලො එකයි කොල්ලො දෙන්නයි කියල...ඒත් ඒකේ අනිත් පැත්ත....හැබැයි අයියලා කියන්නෙ මම කොල්ලෙක් වගේ කියලා...😂😂අම්මා එක්ක උයන පිහන වැඩවලට යන්නෙ එමා විතරයි...මම අයියලා සෙට් එකෙන් එකෙක්ව අල්ලන් රන්ඩු වෙනවා....

💥 එක්ස් කියුස් මී....

මිස් ගියාම මා ගාවට ආවේ අර මිකී පෙන්නුව කෙල්ලො ටික..හත් දෙනෙක් හිටියා...

💫 ඕ...කියන්න..

💥 තමුසෙ උල තියනවා කිව්වෙ කාවද...

මේකි යකෝ...මම මගේ අයියව උල තියන්න බැරි නම් මරන් කෑවත් මේකිට තියන රුදාව මොකක්ද...

💫 ඔයා කියන්නෙ ඈශ් ගැනද...

💥 ශිට් ...කතා කරන හැටි ගොඩේ කෙල්ලෙක්ද කොහෙද...

මම කවුද කියලා කියන්න ඕන උනත් මම ඔලුව නවන් මගේ වැඩේ කරන් ගියා...මිකී නම් බය වෙලා..

💥 කන් ඇහෙන්නෙ නැද්ද...

💫 ඇහෙනවා...ඇයි

💥 ඔයා ඒ ලොරීන් කොල්ලොන්ගෙන් ඈත් වෙලා ඉන්නවා...තමුන්ට සුදූ කියලා ස්පෙශල් කතා කරලා ඔලුව අත ගෑවට කමක් නෑ...ඒ කොල්ලොන්ගෙන් ඈත් වෙනවා...ආය එයාලා එක්ක කතා කරලා අහු වෙන්න එපා...

යකෝ මේකි ..හිතේ ඇති මගෙ නෑනා වෙන්න...අනික මට මගේ අයියා එක්ක කතා නොකර ඉන්න කියන්න කාටවත් බෑ....මේ වගේ එකියක් නෑනා කරගන්නවට වඩා හොදා නරිච්චියක් නෑනා කරගන්නවා...ඈශ් නම් නරිච්චියෙක් බදී....අනිත් අයට මොකක් හරි කරමුකො...මේකි හිතන් ඉන්නෙ ඉස්කෝලේ රැජින කියලා වෙන්න ඇති...හිටපන්කො බොට දෙන්න වැඩේ...
ඒ කෙල්ල මට බැනලා යන්න හදද්දි මම නැගිටලා එයා ගාවට ගියා..

💫 මම එයාලා එක්ක දිගටම කතා කරනවා..ඇශ් කියන එකාව උල තියනවත් එක්ක..ලොරීන් කොල්ලො පස් දෙනාවම මම බදිනවා...දැන් ඔයාට තියන ප්‍රශ්නෙ මොකක්ද...

මම කිව්වම ඒ කෙල්ල කවුරුහරි ගහලා වගේ නැවතුනේ...මම ඒ ටික කිව්වෙ විහිලුවට...මගෙම අයියලා පස් දෙනාව බදින්න මට පිස්සු යැ...

💥 මොකක්ද උබ කිව්වෙ...

💫 තමුසෙට ඇහුන දේ..


















😁 හායිම්..

මීට වඩා ටයිප් කොරන්න බැරො..

කාටුන් පටන් ගත්තා

බායි

Magic Family✔️✔️Where stories live. Discover now