22

253 57 17
                                    

🐺 කොටියෙක් වගේනේ...

💫 හී...සූටි කොටියෙක්...

💛 එමියෝ....අර හොල්මන් කතාව ඇත්ත සිද්දියක්ලුනේ...

💫 ඔව්...එමා කිව්වේ ඒක ෆෙරෝන්සේන් කියලා නගරයක හිටිය කොල්ලෙක්ට ඇත්තටම වෙලා...

💛 අඩේ...මම නම් ෆ්‍රී ශුට් ගන්නෙ නෑ..

අයියා බයේ වගේ....සුට්ටක් බය කරන්න ඕනෙ...මම පලිය ගන්නවා...

💫 ඒත් ඉතින් කෙල්ල මැරුනොත් ඔයා පස්සෙන් එයි...

🐺 එමී...බය කරන්න එපා..

💫 බය වෙන්න ඕන...ජෙරම් ...ඔයාටත් එක්ක කිව්වේ....

කොල්ලො තුන්දෙනා වෙව්ලනවා...එරික් මිකී දිහා බල බල අහක බලනවා...ආයමත් අර සුවද මගේ නහය ගාවින් ගෑවි නොගෑවි ගියා...ඒ සුවද මාව මරන්න ඉන්න කෙනාගේ කියලා දැනගත්ත දා තිබ්බ බය මට දැන් නෑ...දැන් මට ඒක සාමාන්‍යයි....

🐧 එමී...

💫 ඔව්....

💛 හොල්මන් ඇත්තද...

💫 අනිවාරෙන්ම...හොල්මන් කියන්නෙ ශරීරයක් , නැවත උපතක් බලාපොරොත්තුවෙන් හිස් අවකාශයේ සැරි සරන ආත්ම...

🐺 දහයත් පහුවෙලා...හෙට යුනි යන්නත් ඕන...

ටික දුරක් යද්දි කිසි සද්දයක් නැති උනා...කට්ට කලුවරයි...ෆෝන් වල බැටරිත් නෑ...මාත් සුට්ටක් බයේ හිටියේ...හොල්මන් ෆිල්ම් එකක් බලලා මෙහෙම තැනකින් එද්දි දැනෙන හැගීම...

🌸 කලුවරයි...

මිකී හිමීට පස්සට වෙලා එරික්ගෙ අතකින් අල්ලගත්තා...කලුවරෙ උගෙ මූන පෙව්නේ නැතත් මට මැවිලා පෙනුනා එරික්ගේ පැනි හිනාව...එමා මගෙයි එරික්ගෙයි අත් දෙකෙන් අල්ල ගත්තේ එයත් බය උන නිසා...පාරෙ ලයිටුත් නිවි නිවී පත්තු වෙනවා...ජෙරම් මගේ අතින් අල්ල ගන්න ගියත් මම ඊට කලින් රෝයිව අල්ල ගත්තා...😂ජෙරම් වටෙන් ගිහින් මිකීව අල්ල ගත්තා...දැන් මාර කලුවරයි...පාරෙ මුකුත් පේන්නෙ නෑ...මට මැජික් එකක් කරන්න හිතුනත් මෙතන රෝයි ඉන්නවනේ....
ලොකූ කුරුල්ලෙක් මගේ ඔලුවේ වැදී නොවැදී පියාබගෙන ගියා...

🌻 ඔහොම අත් අල්ලන් ඉස්සරහට යමු..

අපි ටික ටික යද්දි හැම ගෙයක්ම වට්ටක්කා මැද ඉටිපන්දන් ගහලා මකුලු දැල් වලින් සරසලා තිබ්බේ හොල්මන් බංගලා වගේ 🎃🎃🕷️🕸️🕷️🕸️🕷️🕸️

🌻 ඉහ්ම්...මේ කොහෙද..

🐧 පාර වැරදිලා ට්‍රැන්සිල්වේනියාවටවත් ඇවිත්ද.

මගෙ හාට් එක බෙර ගහනවා...නිකම් බෙර නෙමේ යක් බෙර...මාත් කෙල්ලෙක්නේ අප්පා...මට ගොඩක් බය හිතුනා...ගෙවල් ඔක්කොම හොල්මන් ගෙවල් වගේ...මට එතකොටම දැනුනා කවුරු හරි මගේ ඉනවටේ අත දාලා අල්ල ගන්නවා....ම්ම්ම්..අර සුවද...ටික වෙලාවක් දැනිලා ආය නොදැනී ගියා...මගෙ ඉන වටේ අත දා ගත්තේ රෝයි කියලා ශුවර් කරගත්තට පස්සෙ මම ටිකින් ටික එයාගේ පැත්තට නැබුරු උනා....

💛 අර...කවුද එනවා...

🌻 එරික් .....ඒ කෙවින්..

අපේ පැත්තට හති දාගෙන දුවන් ආවේ කෙවින්..

(😂 එකපාර හොල්මන් කතාවක් උනා වගේ නේද...ඕම කියවන් යන්නකෝ....☺️☺️)

💛 අයියෙ...ඇයි මේ..

එරික් කෙවින්ගේ උරහිස් වලින් අල්ල ගත්තා...කෙවින්ගේ මූනේ ලේ පැල්ලම්...

🦈 අ...අ..ඉක්මන්ට...ගෙදර යන්න....

කෙවින් එරික්ගෙ කරවටේ අත දාගෙන අමාරුවෙන් කිව්වේ එයාගේ ෆෝන් එකේ ටෝච් එක දාන ගමන්...චන්ඩියා වගේ කියෙව්වට මම නම් දැන් ගොඩාරියක් බය වෙලා....මම මගේ අතත් රෝයිගේ ඉන වටේ දාලා එයාව බදාගත්තෙ බයට...එයා නම් බය නෑ වගේ...මාව තුරුල් කරන් එයත් ඉස්සරහට ගියා...

අපේ ගෙදර....මුලු ගේම කලුවරයි...ගේ ඉස්සරහ වට්ටක්කා 🎃🎃🎃🎃 ජනෙල් වල මකුලු දැල් බැදිලා තිබ්බේ ගොඩ කාලෙකින් කිසි කෙනෙක් නාපු ගෙයක් වගේ ලබ්...ඩබ්...ලබ්...ඩබ්..මම රෝයිව තදින් අල්ල ගත්තෙ බයට....දොරේ හැඩ්ල් එක දිහා මම ගැහි ගැහි බලන් හිටියෙ ඊලගට මොනාට මූන දෙන්න වෙයිද කියලා නොදන්න නිසයි....කෙවින් අමාරුවෙන් අත දික් කරලා දොර ඇරියා....මට මතක් උනේ ලෝවියන්ස්ලාව .....



















😂 මොන කෙංගෙඩියක් වෙන්න යනවද මන්දා නේද...

Magic Family✔️✔️Where stories live. Discover now