14

316 70 6
                                    

💫 මේ කියන දෙයක් පිලිවලට හොදේ...

ඇරෝගේ හැටි හොදටම දන්න නිසා මම කිව්වා....ඇරෝ ලොකූ හුස්මක් ගත්තා..

🐭 මුලින්ම...සුවද ගැන..එහෙමනේ..

🐹 ඔව්...එමී...එමා..එරික්...ඔයාලා මායා ඉතිහාසය හොදට හදාරලා තියනවා...

💫 ඔව්...හැබැයි...උවමනාවකින් නෙමේ...

🌻 ඉන්න...ඔයා කියන්න යන්නේ තුන් නිවුන්නු ගැනද??

🐹 ඔව්...මායා පවුල් වල නිවුන් දරුවන් ඕන තරම් ඉන්නවා...ඒත් තුන් නිවුන්නු දුර්ලබයි . ..

💫 ගොං වස්සෝ සුවද ගැන කියනවකෝ.

🦈 අයියෝ...එතෙන්ට තමා එන්නේ චූටි..

🐹 ඒකනේ...මෙහෙමයි...ඔයාලා දන්නවා මායාකාරයෝ සහ ලෝවියන්ස්ලාව මැව්වේ කවුද කියලා....

💛 ලියානායි එයාගේ සහෝදරයෝ ලියම් ලිසෙන්ටා...

යකෝ...මම විතරද මායා ඉතිහාසේ නොදන්නේ...ට්වින්ලාගේ මොලෙන් දැනුම මාරු කරගන්න පුලුවන්ද දන්නෙ නෑ...

🐹 හරියට හරි...ලියානා තමා බාලයා...සහ බලවත්ම කෙනා...එයා මායාකාරයෝ මැව්වේ මායාකාරියක් විදිහට උපත ලබලා...එයා විවාහ උනේ හැම ආත්මෙම එයාගේ සහකාරයා උන සෝහූන් එක්ක...ඒ දෙන්නාගේ දරුවන්ගෙන් කෙනෙක් මායාකාරයෙක්...අනිත් කෙනා ලෝවියන්ස් කෙනෙක්...ලිසෙන්ටා ලියම් දෙන්නත් තමන්ගේ සහෝදරීගේ වැඩේට සහය දුන්නා...

පරම්පරා කීපයක් යද්දි ලෝවියන්ස්ලා මායාකාරයින්ට ඊර්ශ්‍යා කරන්න ගත්තේ එයාලාට මායාකාරයන්ට වගේ හැම දේම කරන්න බැරි නිසා...

💫 යකූ...හරි නම් අපිනෙ ඊරිසියා කරන්න ඕන..මන්තරයක් නොකියා අපිට මුකුත් කරන්න බෑනේ.

🐹 ඒකම තමා උනේ...දෙගොල්ලෝ දෙගොල්ලොන්ට වෛර කලා...ඒ අතර මේ රන්ඩුව හරි ගස්සන්න ලියානාට නැවත ඉපදෙන්න උනා....සෝහුන් ලෝවියන්ස් කෙනෙක් විදිහට ඉපදුනා...ලිසෙන්ටා ලියම් ලියානාගේ අයියායි අක්කායි උනා....ලියානාටවත් අනිත් අයටවත් තමන් දෙවිවරු කියන එක මතක නෑ....ලියානාගේ සහ සෝහුන්ගේ ආදර කතාවට දෙපාර්ශවයම විරුද්ද උන නිසා ඒ ආදරය ඉවර උනේ ලෝවියන්ස්ලා මායාකාරයෝ ඔක්කොම මරලා දැම්ම එකෙන්...මායාකාරයෝ හානිදායක මන්තර පාඩම් කරේ නෑ...ඒ නිසා එයාලා ලෝවියන්ස්ලා අතින් විනාශ උනා...

Magic Family✔️✔️Where stories live. Discover now