11

284 62 5
                                    

අද යුනි යන දවසක්...අහස දම්ම දම්ම දම් පාටයි...

💫 අද වහින්න වගේ...ගෙදර ඉමුද..

🐺 මටත් යන්න කම්මැලියි...

💛 ඔව් අප්පා..

🌻 විකාර කරන්න එපා..තුන්දෙනාම එනවා යන්න..ලොකූ අද වහින පාටක් තියන නිසා කාර් එකේ අපිව ගෙනියන්න..

එමාගේ කීමට පිටින් යන්න අපිට බෑනේ...අපි ඉතින් ගියා...ක්ලාස් එකට අඩිය තියද්දිම හෝ ගාලා වහින්න ගත්තා...සැක්...ගෙදර හිටියනම් සැප නින්දක් දාන්න තිබ්බා...ඉතිහාසය උගන්නන මිස් උගන්නලා ගියා..

🌻 එමී මම ටිකක් එලියට ගිහින් එන්නම්...

💫 කොහෙද..

🌻 ලොකර් තියන තැනට...මගේ ගනන් පොත ගෙනත් නෑ...මම ඒක අරන් එන්නම්...

💫 ඉක්මන්ට වරෙන්..

🌻 හා...හා...


EMA Pov......

මම එමීට කියලා කොරිඩෝව දිගේ ලොකර් තියන පැත්තට ගියා...අද වැස්ස නිසා හරිම අදුරුයි...ලයිට් දාලත් නෑ...මම ලොකර් එක අරිද්දිම කාගෙද අතක් ඇවිත් ලොකර් එකේ දොර වැහුවා..

🌻 කවුද ඔයා...

😈 ආ....කොහොමද කෙල්ලේ..

අහ්...එදා එමී රන්ඩු කරපු කොල්ලා..

🌻 මම ඔයාව දන්නවද...

😈 එදා අපි බයිට් කර කර හිටිය කොල්ලව අරන් අපිටත් ගහලා ගියේ...

🌻 ඔයාලා කරේ වරදක්නේ...

මගේ සහෝදරියව පාවා දෙන්න මට ඕන උනේ නැහැ..

😈 එහෙනම් මේක හරි යයි...

ඒ කොල්ලා එක්ක තව අය පස් හය දෙනෙක් ආවා...එයාලා මාව කොරිඩෝවෙන් එලියට තල්ලු කරා...හොදටම වැස්ස...

😈 ඔහොම කරලා මදි...

ඒ කොල්ලො ටික මා දිහාවට ආවා...

EMI Pov....

පැය කාලක් ගියා.. එමා තවම නෑ...එයා මෙහෙම පරක්කු වෙන කෙනෙක් නෙවේ...ම්හ්..මට බයයි..

💫 එරික්...මේ...

💛 එමී...කෝ එමා...එයා පරක්කුයි නේද...

අපි නිවුන්නු නිසා අපිට අනිත් කෙනා ගැන දැනෙනවා...

💫 ම්හ්...ඔව්..එයා පරක්කු වෙන කෙනෙක් නෙවේනේ....මම ගිහින් බලන්නම්...

💛 මාත් එන්නම්..

💫 එපා...තව ටිකකින් මැඩම් එයි...එයාට නිදහසට කරුනු කියන්න ඔයා ඉන්න...

💛 මාව අමාරුවේ දාන්න මාර ආසාවක්නේ තියෙන්නේ...

එරික්ටත් ඇහැක් ගහන් මම කොරිඩොව දිගේ ලොකර් තියන පැත්තට ගියා...

මට ඇහුනේ මඩ තැලෙන සද්දයක් එක්ක කොල්ලො ටිකක් හිනාවෙනවා...කෙල්ලෙක් අඩනවා...එ...ඒ කටහඩ...එමාගේ...
මම රතු කට්ට පැනලා හිටියේ...මගේ ට්වින්ට කරදර කරන්න පුලුවන් මට විතරමයි ..වෙන අයට බෑ...
මම දැක්කේ එමා කොරිඩෝවෙන් එලියේ වැස්සෙ තෙමි තෙමී මඩ ගොඩක ඉන්නවා....එදා රෝයිට ගගලු කොල්ලො ටික එයාව වට කරන්...

💫 උබලා මොනාද ඔය කරන්නේ...

කොල්ලො ටික ඩිම් උනා...කොන්ඩේ කපපු නිසා එමා මම කියලයි එයාලා හිතලා තියෙන්නේ...

😈 අ..හ්...වෙන්න බෑ...

💫 දැන් මොනාද #*&-# වෙන්න බැරි...ආ..

😈 ඔය දෙන්නා...

💫 මේ මගේ ට්වින්...මගේ ට්වින්ට ගහලා උබලාට යහතින් ඉන්න බෑ...

ඩිශුම් ...බිශුම්....ඩෝං ....

මම කරාටි මරාටි ඔක්කොම දන්නවා...ඒ නිසා මට වැඩේ අමාරු උනේ නෑ...

💛 එමී...එමා...

ඔක්කොම අමාරු වැඩ ටික කරාම තමා අයියා ආවේ....

🐺 එමී....ඔයා හොදින්ද..

පැනපු ගමන් රෝයි මාව බදා ගත්තා...😳 මම ඩිම් උනා...මුට අමු කැවිලද....එයා ඔලුව කහ කහ ඈත් උනා...මගුල් නටන්න වෙලාවක් යැ මේක...එමා සිහි නැතිවෙලා හිටියෙ...

💛 මම එමාව ගන්නම්...ඔයා අයියාට කතා කරන්න..

💫 මොන එකාද...

💛 ම්ම්...ලියම්ට...

මම හොර සාක්කුවෙන් පෝන් එක ගත්තා...පෝන් ගේන්න තහනම්නේ....හී...

එරික් එමීව උස්සගත්තා...මට එකපාරටම ආයමත් අර අමුතු සුවද ආවා...ඒ සුවද...මගේ ගාවින්මයි එන්නේ...











😁😁😁

Magic Family✔️✔️Where stories live. Discover now