18

257 61 13
                                    

එදා දවසම බීච් එකේ ඉදලා අපි ගෙදර යන්න පිටත් උනෙ පහුවදා උදේ...අයියලා කිව්වා අර දේවතා කේස් එක ජෙරම්ට කියන්න එපා කියලා..ජෙරම් නම් පැනි මුට්ටියක් ..ඔවෑක්කා...ගවුමක් පේන්න බෑ...ඒත් අයියලා ටික එයා එක්ක හොදින් ඉන්නවා...ඩුබ්ලිකේට් ටුයිනා නම් එයාට කැමති නෑ වගේ....ඒ...පොඩ්ඩක් ඉන්න...ඩුබ්ලිකේට් ටුයිනා තමා ලෝවියන්ස්...එයා ආස නෑ මට කවුරුත් ලන් වෙනවට...මාව තනියෙන් මරන්න ඕන ඇති...හූම්..

🐺 එමී...අයිනෙ සීට් එකට එන්නවකෝ...මට පාරෙ සුදු ඉරි දකිද්දි සුදු කොඩි පේනවා...

කාර් එකේ ගෙදරට යන ගමන් අපි හිටියෙ...මේ කාර් එකේ මම , කෙවින් , එරික් , රෝයි , ජෙරම්...මම රෝයි ජෙරම් මැද්දේ...

💫 මාත් අයිනක් හොය හොය හිටියේ...

🐧 මෙ අයිනට එන්න...

💫 ඕන නෑ...රෝයිට අමාරුයි කියලත් කිව්වනේ..

මම හිමීට එහා සීට් එකට මාරු උනා...

🐧 මාත් හෙට ඉදන් ඔයාලා එක්ක කොලේජ් යන්න එනවා..

💛 කීවෙනි ක්ලාස් එකේද..

🐧 ඔයාලාගේ එකේමයි..

💫 එල..

මම කිව්වේ ඕනවට එපාවට...පුහ්..ඕකාගෙන් මට වැඩක් නෑ..

🐺 එමියෝ...සයිලන්ට් ඉන්න එපා..

💛 ඔව් ඕයි..ඔය ටකරන් සද්දෙ නැතුව කම්මැලියි..

🦈 සිංදුවක්වත් කියනවකො චූටී.

💫 අනෙ මට බෑ...ඊයේ රෑ නින්ද ගියෙත් නෑ...මම ඇලට් එකක් දානවා..

කල්පනා ලෝකේ කිමිදෙන්න ඕන නිසා මම සීට් එකට හේත්තු උනා...ඒ එක්කම කෙවින් ගැහුව බ්‍රේක් පාර නිසා මාව නොවැටි බේරුනේ අනුනවයෙන්...මුං තමා සහෝදරයෝ...

💫 තව ටිකෙන් මම මැරෙනවා යකෝ..හිමින් බ්‍රේක් ගහපන්..

🦈 කාර් එක තියෙන්නෙ නිදා ගන්නයැ...

කෙවින්ට ඔරවන් අමාරුවෙන් ඇස් ඇරන් හිටියේ එයාගේ කතාව ඇත්ත නිසා...නිදි කිරා වැටෙනවා අප්පා මට රෑ නින්ද ගියේම නෑ...

🐺 එමී...නිදිමත නම් ඔඩොක්කුවෙන් ඔලුව තියා ගන්න.....

මාත් ඉතින් දෙතුන්පාරක් නොහිතා ඇගිල්ලකුත් කටේ ඔබන් රෝයිගේ ඔඩොක්කිවේ ඔලුව තියා ගත්තා...කොල්ලො හයක් එක්ක එක කාමරේ නිදියලා තියන මට මේවා මොනාද...

🐺 ඇයි අනේ මෙයා දොයියද්දි ඇගිල්ල කටේ දාගන්නේ..

💛 ඒක එයාගේ පුරුද්දක්..

🦈 චන්ඩිය වගේ හිටියට තාම ඇගිල්ල සූප්පු කරනවා...

🐧 එයා හරි කියුට් අනේ...

හෑ...මම බාගෙට නිදන් ඔක්කොම අහන් හිටියෙ...මම කියුට්..මට කියුට් කියපු පලවෙනි එකා..තාම මා ගැන දන්නෙ නෑ..මේ කතාව මෙතනින් නවත්තන්න ඕන කියලා හිතුන නිසා මම මගේ එක අතක් රෝයිගේ ඉනවටේ දාලා එයාව බදාගත්තා...වාහනේ කට්ටිය තාම කතාව...

🐺 එයා නිදියන් ඉද්දි නම් අහින්සකයි..

🦈 ආයෙත් අහලා..ඇහැරුනාම තමා..

💛 ඔයා පරිස්සමින් රෝයි...මේකි හීනෙක් බය උනාම පූසියෙක් වගේ පහුරු ගානවා..මගේ අතේ තාම සීරීම් තියනවා...

🐺 කොටි හපුවෙක්නේ..

🦈 කවදා හරි මේකි බදින එකාට වෙනම කාමරෙක නිදියන්න වෙන්නේ...නැත්තම් ඌ ඉවරයි ...

🐺 ඒ අවාසනාවතයා මොකා වෙයිද...

හෑ...මූ මගෙ බෙස්ටද යකෝ...මම එයාගේ ඉන වටෙ දාන් හිටිය අතෙන් එයාව සුට්ටක් කෙනිත්තුවා...සැක්..එයාට දැනිලාවත් නෑ වගේ...

🐧 එමා මොන වගේද..

🦈 අ..මේ...එයා...අහින්සකයි..

🐧 ඒ කිව්වේ..

🦈 එයා..හොදයි දක්ශයි අහිසකයි..

🐧 ලස්සනයි..

💛 යා...යා...මගෙ ට්වින් කෙල්ලො දෙන්නා කියුට් තමා...

🐧 ඒ දෙන්නට බෝයිල ඉන්නවද...

මම ලාවට ඇස් ඇරලා බැලුවේ අයියා දිහා...එයා ජෙරම්ට නොපෙනෙන්න රෝයිට ඉගි කරේ අපිට බෝයිලා ඉන්නවා කියන්න වගේ...

🐺 අ...ඔව් දෙන්නටම ඉන්නවා...හී..

🐧 කවුද..

💛 දන්නෙ නෑ...

🦈 ගෙදර ආවා ලමයි..

අපෝ...ආවද..මට නම් නැගිටින්න බෑ..ඇගිල්ලත් කටේ ඔබන් මම දොයි...

🦈 චූටියෝ...නැගිටින්නෙ නැද්ද...

💛 එයාව හොදටෝම නිදි....

🐺 ඉන්නකො මම එයාව අරන් ගිහින් කාමරෙන් තියන්නම්...

සා...සෝක්නේ...රෝයි මාව වඩාගන්නවා මට තේරුනා...මාත් ඉතින් ඇගිල්ල උරෝ උරෝ හිටියා.. එයා ගෙදර පඩිය නගිනවා මට දැනුනා....


එකපාරටම....











එකපාරටම...







ඩෝං...පටෝං....













ගුම්නයිට් ❤️

Magic Family✔️✔️Where stories live. Discover now