Bloody Moon - Taekook Nonfic

By IJJKTHV

7.6K 1K 4.5K

Werewolf කතාවක් සිංහල නම්,ගම් එක්ක ලංකාවේ style එකට කියවමුද..?😌 Bloody Moon - Taekook - Top - Tae - (Power)... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
New Stories
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Dear Readers..
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32

Chapter 26

170 25 159
By IJJKTHV

Author POV

නෙතුන්ව ඇරලවලා තෙහස් කෙලින්ම ගියේ දහම්ලාගේ ගෙදරට.. බයික් එකේ යතුර දහම්ට දීලා තෑන්ක් කරලා තෙහස් එහෙමම පාර දිගේ හිමාශලාගේ ගෙදරට එන්න පිටත් උනා.. මොකද ඒගෙවල් දෙක අතරේ මහාලොකු පරතරයක් තිබ්බේ නෑ..

තෙහස් ගේට්ටුව ඇරගෙන වත්ත ඇතුළට එනවත් එක්කම හිමාශ ඉස්සරහ දොර ඇරියේ හරියට තෙහස් එනකන් බලන් හිටියා වගේ..

ඇරුනු දොරෙන් තෙහස් හිමාශට හිනාවේගෙනම ඇතුලට ඇවිත් කාමරේට ගියේ වොශ් එකක් දාගන්න.. ඒත් ඊටකලින් තෙහස් ෆෝන් එක අරගෙන මම පරිස්සමින් ආවා කියන මැසේජ් එක නෙතුන්ට දැම්මා.. මොකද නෙතුන් සිය පාරක් විතර එහෙම කරන්න කියලා තෙහස්ට කිව්වා..

මැසේජ් එකත් දාලා තෙහස් හැදුවේ වොශ් එකක් දාගන්න යන්න උනත් හිමාශගේ ආමන්ත්‍රණය එක්ක තෙහස් නැවතිලා, හිමාශ දිහා බැලුවා..

"තෙහස්.."

"කියහන්"

"ඩියෙගෝ මෙහෙට ඇවිත්.. ඇවිත් කියන්නේ රැජින එවලා.."

"ඩියෙගෝ..?"

"ඔව් බන්.. උබට මතක නැද්ද අර එදා හම්බුනේ ගමේදි.."

"අහ්.. අර උස සුදු කොල්ලා..?"

"ඔව් එයා තමා.."

"මොකක් හරි ප්‍රශ්නයක්වත්ද බන්..?"

එකපාරම ඒවගේ දෙයක් වෙන්න තරම් ආපහු වතාවක් මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා හිතුනු තෙහස්ගේ හිතට නොදැනිම ලිතුල්ව මතක් උනත් එයා ඒ ගැන කෙයා කරන්නැතුව හිමාශට කතා කලා..

"හ්ම් මං දන්නෑ බන්.. අපි බලමුකෝ.. මටත් තාත්තා තමා විස්තරේ කිව්වේ.. හෙට උදේට අපේ ස්කෝලෙට එයි.."

"හ්ම්"

"අවුලක් ගන්න එපා උබ.. රැජිනිය දෙයක් කරන්නේ හොදට හිතලා බලලා.."

හිමාශ එහෙම කිව්වත් තෙහස්ගේ මූනේ තිබුණ අමුතු පාට නැති උනේ නෑ.. ඒ ආරංචිය ගැන තෙහස්ට කිව්ව එක ගැන හිමාශ මොහොතකට පසුතැවුනත් තෙහස් මේ ගැන කොහොමත් හෙට දැනගන්න නිසා හිමාශ ඒ ගැන වැඩියා නොහිතා හිටියා..

ඒවෙලාවේ තමයි හිමාශගේ ඇහැට තෙහස්ගේ අතේ තිබුණු බ්‍රේස්ලට් එක අහු උනේ..

මීට කලින් එහෙම බ්‍රේස්ලට් එකක් නොතිබ්බ බව හිමාශට විශ්වාසයි.. එහෙනම් මොකක්ද ඒ.. මොහොතකට හිමාශට දැනුනේ බයක්.. බැරිවෙලාවත්... නැ නැ..ඒක නෙතුන් දීපු එකක් වෙන්නැති..

"ඔය බ්‍රේස්ලට් එක..?"

හිමාශ ඇහි බැමැක් උස්සන ගමන් ඇහුවම වෙනදා වගේම තෙහස්ගේ මූනේ තිබුනු බැරෑරුම් බව වෙනුවට ඒ මූන ලස්සන හිනාවකින් පිරිලා ගියා.. ඒ දේ එක්ක, ඒ බ්‍රේස්ලට් එකට නෙතුන් සම්බන්ධයි කියලා තේරුම් ගන්න හිමාශට මහ වෙලාවක් ගියේ නෑ..

"නෙතුන් දුන්නේ.. ලස්සනයි නේ.."

"කෝ බලන්න.."

"ඒයි ඒයි අල්ලන්න එපා.. අහකට පල"

"හහ් මූ යකෝ.. ඔහොම යමන්කො අපිටත් ඉර පායයිනේ.."

හිමාශ හැදුවේ බ්‍රේස්ලට් එක අල්ලන්න උනත් තෙහස්ගේ අතේ පාරක් සැරට හිමාශගේ අතට වැදුනා..

හිමාශගේ නෝක්කාඩු අහන ගමන් හිමාශට විරිත්තපු තෙහස් බාතෲම් එකට පැනගත්තේ හිමාශ තෙහස් දිහාට පැනගෙන ආපු නිසා..

බාතෲම් එකට පැනගත්තු තෙහස් හිනාවෙවීම බැලුවේ එයාගේ අතේ තිබුණු කළු පාට බ්‍රේස්ලට් එක දිහා..

.

.


--Flashback--

නෙතුන් හිටියේ තෙහස්ව තද කරලා බදාගෙන.. තෙහස් හෙමින් සැරේ බයික් එක පැදගෙන ඇවිත් හැරෙව්වේ නෙතුන්ගේ ගෙවල් තියෙන පාරට..

පාර දෙපැත්තේ පේන දේවල් වල දැනුනු හුරුපුරුදු බව නිසා නෙතුන් තෙහස්ගේ පිටේ තියන් හිටිය ඔළුව උස්සලා වටපිට බැලුවා..

"තුන්වෙනි ගේ නේද වස්තුව..?"

තෙහස් ඇහුවම නෙතුන් හිනාවෙලා ඔලුව වැනුවා.. මීට දවස් කීපෙකට කලින් තෙහස් එක්ක හුරතල් වෙවී ඔහේ කියවපු වෙලාවක නෙතුන් කිව්වා තමන් නැවතිලා ඉන්න ගෙදර මොන පාරේ කීවෙනි ගෙදරද කියලා..ඒක මහලොකු තොරතුරක් නොවුනත් තෙහස්ට ඒක තාමත් හොදට මතක තියෙන එක ගැන නෙතුන් සතුටු උනා.. ඒක හරි අහිංසක අව්‍යාජ සතුටක්...

තෙහස් නෙතුන්ගේ ගෙදර ගේට්ටුව ඉස්සරහින් බයික් එක නවත්තලා කන්නාඩියෙන් නෙතුන් දිහා බැලුවම, මෙච්චර වෙලා ඔඩොක්කුවේ තිබ්බ බෑග් එකත් අතට අරන් නෙතුන් බයික් එකෙන් බැස්සා..

තෙහස් හෙමින් සැරේ නෙතුන්ට නොරිදෙන්න එයාගේ හෙල්මට් එක ගලවලා අරගෙන ඒක තමන්ගේ අතට දාගත්තේ නෙතුන්ගේ අතේ තිබ්බ බෑග් එක දිහා බලාගෙනමයි..

"ම්ම් ඕක දැන්වත් පෙන්නන්න අදහසක් නැද්ද..?"

"ඇස් පියාගන්නකෝ"

නෙතුන් කියන සැනින් තෙහස් ඇස් වහගත්තේ ඒ බෑග් එකේ තියන දේ බලන්න තිබ්බ හදිස්සියට..

"හොරෙන් බලන්නේ එහෙම නෑ..."

නෙතුන්ගේ තර්ජනේට හිනාවෙලාම ඔලුව වනපු
තෙහස් ඇස් වහන් ඉන්නකොට එයාට දැනුනේ එයාගේ වම් අතේ මැනික් කටුව හරියෙන් මොනවහරි දැවටෙන විදිහ..

"ආ!ආ! අරින්න එපා මන් කියනකන්"

දැවටෙන්නේ මොනවද කියලා බලන්න තෙහස් හැදුවේ ඇස් අරින්න උනත් නෙතුන්ගේ කටහඬත් එක්ක එයා තවත් තද කරලා ඇස් වහගත්තා..

"දැන් හරි.."

නෙතුන් සන්සුන් විදිහට කිව්වහම තෙහස් ඇස් ඇරියා..

එයා කෙලින්ම බැලුවේ නෙතුන් දිහා..

එයා එයාගේ බනී දත් දෙක එලියේ දාන් ඇසුත් හීනි කරන් මූන පුම්බන් හරි ලස්සනට හිනාවෙලා ඉන්නවා දැක්කම තෙහස්ගේ මූනටත් හිනාවක් ආවේ නිරයාසයෙන්..

තෙහස් ඒ විදිහටම ඒ හිනාවට වශී වෙලා ව්ගේ නෙතුන් දිහා බලන් ඉද්දි නෙතුන් එයාගේ ඇස් වලින් ඉඟි කලේ අත බලන්න කියලා..

ඒ එක්ක මේ ලෝකෙට ආපු තෙහස් අකමැත්තෙන් නෙතුන්ගෙන් ඇස් අහකට කරන් බැලුවේ එයාගේ වම් අත දිහා..

ඒ එක්කම ආපහු පාරක් තෙහස්ගේ මූන හිනාවකින් පිරුනේ මේ දිහා නෙතුන් හරි ආදරෙන් බලන් ඉන්නකොට..

ලස්සන කලු පාට බ්‍රේස්ලට් එකක් එයාගේ අතේ තියෙනවා දැක්කහම තෙහස් අනිත් අතෙන් ඒ බ්‍රේස්ලට් එක පිරිමැද්දා..

"ලස්සනයිද..?"

නෙතුන්ගේ කටහඩ එක්ක තෙහස් නෙතුන් දිහා බැලුවේ ඒ බොක්සි ස්මයිල් එකෙන්..

"අනේ මැනික ඒක හරි ලස්සනයිනේ.."

වචන වලට වඩා තෙහස්ගේ ඇස්, හිනව ඒ බ්‍රේස්ලට් එක වගේම නෙතුන්ගේ තේරිම වර්ණනා කරද්දි නෙතුන් එයාගේ අතේ තිබ්බ බොක්ස් එක තෙහස්ට පෙන්නුවා..

"ඒ-ඒක කපල් බ්‍රේස්ලට් එකක්ද...??"

තෙහස් පුදුමෙන් ඇහුවම නෙතුන් ඔව් කියන්න ඔලුව උඩ පහල කලා..

තෙහස් බලාපොරොත්තු නොවුනු විදිහට නෙතුන්ගේ තේරිම කපල් බ්‍රේස්ලට් එකක් වෙද්දි තෙහස්ගේ සතුට ඉහවහා ගියා..

බොක්ස් එකේ තිබුනු සුදු පාට බ්‍රේස්ලට් එක අතට ගත්තු තෙහස් හරි පරිස්සමින් ඒක නෙතුන්ගේ දකුණු අතේ මැනික් කටුව ගාවින් පැලැන්දලා ඒ පිට අත්ල මතින් හාදුවක් තැවරුවම නෙතුන්ගේ කටින් සද්දයක් එක්කම හිනාවක් පිට වුනා..

නෙතුන් එහෙමම තෙහස්ගේ වම් අත ගාවින් තමන්ගේ දකුනු අත තිබ්බේ ඒ බ්‍රේස්ලට් දෙකත් එක ලග හිටින විදිහට..

"ඒ දෙක හරි ලස්සනයි.. ඔයා ලස්සනම දේ තෝරලා.."

"නෑ.. මං තේරුවේ වටිනම දේ.. හරියට ඔයාව තේරුවා වගේ.."

නෙතුන් තෙහස්ගේ ඇස් දිහා බලන්ම කියද්දි තෙහස් හරි ආදරෙන් නෙතුන්ගේ නලලට හාදුවක් දුන්නා..

"දැන් රෑ වෙලා සුදුකුමාරයෝ.. පරිස්සමින් ගිහිල්ලා මට මැසේජ් එකක් දාන්න හරිද.."

"ම්ම් හරි .. බබා ඇතුලට යන්න"

"නෑ ඔයා මුලින් යන්න"

"ඔයා ගියහම මම යන්නම්"

"බෑ ඔයා ගියහම මම යන්නේ!"

"බබා මුරන්ඩු නොවී යන්න දැන්.. කෝ යන්න.."

තෙහස් තරමක් සැරෙන් කිව්වහම මුරන්ඩුකම් පැත්තකට දාපු නෙතුන් තෙහස්ට ගස්සගෙන ගේට් එක ගාවට ගියා..

ඒ එක්කම වගේ තෙහස් ඇගිලි එකින් එක නවන්න ගත්තේ ගනන් කරනවා වගේ..

"තුනයි"

තෙහස් තමන්ටම කියාගන්නවා එක්කම ගේට් එක ගාව හිටිය නෙතුන් ආපහු වතාවක් තෙහස්ගේ දිහාවට හැටිලා වේගෙන් එතෙන්ට ආවේ තෙහස්ගේ අනුමානේ හරිගස්සවලා, තෙහස්ගේ මූනත් හිනාවකින් පුරවලා..

"මොකද හිනාවෙන්නේ හහ්"

තෙහස්ට රවාගෙන නෙතුන් ඇහුවම තෙහස් මුකුත් නෑ කියන්න ඔලුව වැනුවා..

"ඇයි දැන් චණ්ඩි පැටියා ආපහු ආවේ..?"

"දෙයක් අමතක උනා.."

"මොකක්ද?"

තෙහස් වටපිට බැලුවේ මොනාද නෙතුන්ට අමතක උනේ බලන්න..

ඒත් නෙතුන් වටපිට බැලුවේ අවට කවුරුහරි ඉන්නවද නැද්ද කියලා බලාගන්න..

"මගේ තෙහස්.."

අවට කවුරුත් නෑ කියලා තහවුරු කරගත්තු නෙතුන් හෙමින්සැරේ මුමුනද්දි ඒ වචන එක්ක තෙහස්ගේ ඇග දිගේ හිරියක් ගියේ සුපුරුදු විදිහට.. ඔව්. නෙතුන්ගේ මේ වචන හුගක් වෙලාවට තෙහස්ව හිරිවට්ටන්න සමත්.. ඒ වෙන දේකට නෙවෙයි.. ඒ වචන වලින් තෙහස්ට දැනෙන ආදරේ නිසා...

නෙතුන්ගේ වචන එක්ක තෙහස් නෙතුන් දිහා බැලුවම රැවිලි ගෙරවිලි ඔක්කොම පැත්තක දාපු නෙතුන්, තෙහස්ට හිතන්නවත් වෙලාවක් නොදී ඒ තොල් මතින් කෙටි හාදුවක් තියලා හිනාවෙවී දුවලා ගිහින් ගේට්ටුවෙන් ඇතුලට රින්ග ගත්තා..

නොහිතපු වෙලාවක නොහිතපු විදිහට තමන්ගේ තොල් වලට ලැබුනු හාදුවෙන් පුදුම උනු තෙහස් ඒ විදිහටම හිටියේ එක අතකින් තමන්ගේ තොලක් අතගාන ගමන්..

ඒත් තෙහස් මේ ලෝකෙට ආවේ නෙතුන්ගේ හිනා හඬින්..

ඒ විදිහටම ඉදන් තෙහස් නෙතුන් දිහා බැලුවම නෙතුන් අත වනන ගමන් පරිස්සමෙන් යන්න කියලා මුමුනලා ගේ ඇතුලට යන විදිහ තෙහස් බලන් හිටියා..

නෙතුන් ආපහු පාරක් අතවනලා ගේ ඇතුලට ගිය විදිහ බලන් හිටිය තෙහස් හිනාවෙලා ඔලුව දෙපැත්තට වනන ගමන් කන්නාඩියෙන් තමන්ගේ තොල් දිහා බලන් හිටියා උනත් එයා දන්නේ නෑ කර්ට්න් එකක් අස්සෙන් එබුනු ඇස් දෙකක් එයා දිහා බලන් ඉන්නවා කියලා..

විනාඩියක් විතරම තෙහස් එහෙම ඉදලා තව පාරක් ගේ දිහා බලලා බයික් එක ස්ටාට් කරන් එටනින් ගියාමයි නෙතුන් කර්ට්න් එක අස්සෙන් ඔලුව අරගත්තේ..

--Flashback End--

.


.

Nethun's POV

"ආච්චිගේ තාච්චියේ හැඩට නටන කොණ්ඩ කැව්ම්..
රහ බලන්න වරෙව් වරෙව්..
මෙහෙට වරෙල්ලා.......

සිතඟේ පැතුම් ඉටුවේ.... මුවඟේ සිනා වෑහේ...
සිරිලක පිරි අවුරුදු සිරි මේ......."

හයියෝ.. දැන් පැයක වෙලේ ඉදන් කනට ඇහෙන්නෙම ඔන්න ඔය ජාතියේ සින්දු.. එහෙම වෙන්න එපැයි.. මේක අවුරුදු උත්සවයක්නේ.. සකල සතම බොඳු බැතියෙන් කියලා හරියන්නෑනේ..

අද අපේ ඉස්කෝලේ අවුරුදු උත්සවේ.. ඊයේ රෑ තෙහස් කිව්ව විදිහට මම කළු සරමට අළු පාට අත් දිහ ශර්ට් එකක් ඇඳන් ආවේ.. එයත් කළු සරමයි අළු ශර්ට් එකයි තමා ඇදන් හිටියේ..

එයා ඒ කිට් එකට මාරම හැන්ඩ්සම්.. එයා සරමක් ඇදන් ඉන්නවා මං මේ අද්මයි දැක්කේ.. මේ මනුස්සයා නම් මොකක් ඇන්දත් හැන්ඩ්සම්.. අමුඩයක් ඇදන් හිටියත් හැන්ඩ්සම් එකට ඉදී.. ම්ම්ම්ම් වෙලාවක අන්දලා හැඩ බලන්න ඕනේ..

උබර්ලට කියන්න... මම  වගේම තමා.. එයත්, මම සරමක් ඇදන් ඉන්නවා දැක්ක පලවෙනි වතාව අද.. මාව දැක්කහම එයාගේ ඇස් බැබළුනා.. ඊටත් වඩා එයා හෙමින් සැරේ මගේ කනට ලන් වෙලා..

"මගේ වලව්වේ පුංචි මහත්තයා.."

කියලා කිව්වහම මගේ කන් දෙකේ ඉදන්ම රත් වෙලා ගියා..

ඔන්න..දැන් ඒක මතක් උනාමත් මගේ මූන රත් වෙනවා වගේ..

මේ උත්සවේට නම් කට්ටිය ලෑස්ති උනේ සතියකටත් කලින් ඉදන්.. හැබැයි ඒකේ ප්‍රතිඵලයක් හැටිය්ට හැමදේම හරියටම තිබුණා..

පිට්ටනියේ තැනින් තැන ළමයි පොදි ගැහිලා.. වෙනදා වගේ සුදු පාටට නෙවෙයි... අද උන් පොදි ගැහිලා ඉන්නේ පාට පාටට.. පාට පාට සරම්, ශර්ට් ඇදලා, ශූස් දාලා.. ඒක වෙනම ගතියක් සෙට් එක එහෙම දකිනකොට..

පිට්ටනියේ එක කොනක කනා මුට්ටි ටික බැදලා.. අනික් පැත්තේ කොට්ට පොර වලට කොටයක් ගැට ගහනවා.. ස්ටේජ් එක උඩ DJ අයියා වැඩ කිඩ දදා අවුරුදු සින්දු ප්ලේ කරනවා.. මිස්ලා ටික තොප්පිත් දාන් සන් ක්‍රීමුත් ගාන් සාරියත් ඔලුව වටෙ ඔතන් ගස් යට.. සර්ලා ටිකනම් එහෙ මෙහෙ දුවන ගමන් වැඩ.. ශෙවෝන් බීම බොනවා..

ආ.. මොකක්. ශෙවොන් බීම බොනවා..?? පෙනේද මේකා නම්.. හිමාශව හම්බෙලා එන්නම් කියලා ගියපු එකා මට නොදී තනියෙන් බීම බොනවා..

"ඔන්න.. ප්‍රාථමික අංශෙ අලියට ඇහැ තැබීමේ තරඟය ඉවර උනා.. අපි දැන් ඊළගට හැරෙන්න යන්නෙ අපේ ලොකු අයියලා දිහාට..ඊට කලින් මම හැමෝටම ආරාධනා කරනවා සිසිල් පැන් සංග්‍රහය රස විදින්න එන්න කියලා.."

Announcing වැඩ කටයුතු ටික භාර වෙලා තිබ්බේ media unit එකට.. ඔශිත අයියා මයික් එකෙන් මුලු ග්‍රව්න්ඩ් එකටම ඇහෙන්න එහෙම කිව්වහම හැමෝම ටිකෙන් ටික ග්‍රව්න්ඩ් එකේ කොනකට ඇදෙන්න ගත්තා..

මේ ගිනි අව්වේ බීම එකක් පට්ට.. ඒත් කෝ මේ මගේ සුදු කුමාරයා.. පේන්න නෑනේ.. උදේ ඉදන් එයා එහෙ මෙහෙ යනවා.. මේ පාර උත්සවේ හුඟක් වැඩ පැවරිලා තිබ්බේ ප්‍රිෆෙක්ට් යුනිට් එකට.. ඔය බීම සංග්‍රහයත් එයාලගේ.. ඒනිසා තෙහස් බිසී.. ෆයිල් වගයක් උස්සන් සරමත් කරේ දාන් එයා එහෙ මෙහෙ දුව දුව වැඩ..

උදේ ඉදන් තාම මේ වෙනකන් තිබ්බෙත් පොඩි ඇච්චොන්ගේ තරඟ ටික නිසා මාත් ගහක් යට බිම ඉදගෙන හිටියේ. මෙච්චර වෙලා ශෙවෝනුත් මං එක්ක හිටියා.. දැන් ටික්කට කලින් ඌ හිමාශව හොයන් ගියේ... එව්වුනට මූ දාගෙන බීම බොනව.. ද්‍රෝහියා..

හිමාශත් තෙහස් පස්සේ වැටිලා හිටියේ.. එයාගේ වැඩ වලට උදව් වෙන ගමන්.. මමත් එයා එක්ක එන්න හැදුවත් එයා මට සැර කරා අව්වේ ද්ඟලන්න එපා මෙතනම ඉන්න කියලා.. ඒහින්දා බැනුම් අහන්න බැරි තැන මම මෙතන ඉදගත්තේ..

"සෆ්‍රාස් මේ බනිස් ටික බලහන් බන් මේ පොඩි උන් එක්ක බෑ උන් හොරෙන් උස්සන් දුවනවා.."

"අහ් හරි අයියේ මං බලන්නම්"

මම ගහ යටින් නැගිටන ගමන් පස්සට දෙතුන් පාරක් ගහගෙන සරමේ තිබ්බේ වැලි ටික ගැසුවා.. මම හැදුවේ තෙහස්ව හොයන් යන්න උනත් ඇහුණු සංවාදයක් නිසා මම දකුණු පැත්ත බැලුවා..

ඒ එක්කම වගේ මාව පාස් කරන් හයේ හතේ පොඩි උන් සෙට් එකක් පන කඩාගෙන දිව්වා.. ඒත් එකෙක්ටනම් දුවගන්න බෑ පොඩි එකාගේ උසේ හැටියට නෙමේ වගේ බර..

"ඒයි පොඩි එකා.. මෙහට වරෙන්"

මම ඒ මහත පොඩි එකාට කතා කරන ගමන්ම එතනම පිටිපස්සේ තිබ්බ පොඩි බැම්ම උඩට නැගලා ඒකේ ඉදගත්තා..

මූත් අර සෙට් එකේම තමා හැබැයි කොල්ලගේ ඇගේ සයිස් එක එක්ක පොරට දුවගන්න බැරි උනා..

මම කතාකලාම ඌ බයෙන් බයෙන් ව්ගේ මගේ ලගට ආවා..

යකෝ මුගේ අත් දෙකේ බනිස් ගෙඩි දෙකයි.. ඒකත් ටී බනිස්.. ටී බනිස් යකෝ ටී බනිස්!!! මේ මං ආසම බනිස් වර්ගෙනේ..

මම පොඩ්ඩක් ශර්ට් එකේ කොලර් එකත් උස්සලා කොන්ඩෙත් උස්සගෙන මැර ලුක් එකක් ආරූඪ කරන් උගුර පෑදුවා..

"උබලද බනිස් හොරකම් කරේ"

මම මගේ වොයිස් එකත් ගොරෝසු කරන් ඇහුවම පොර බය වෙලා අත් දෙක පිටිපස්සට කරන් නෑ කියන්න ඔලුව වැනුවා.. මට බය වෙලා වගේ පෞ හැබැයි..

"මං දැක්ක දැන් ඕකේ හන්ගන්න දෙයක් නෑ.. අර පේනවද.. අර අයියා මගෙ යාලුවෙක්.. මට පුලුවන් ඕන් නම් උබව ඒ අයියට අහු කරලා දෙන්න්.."

මම ඒ සෆ්‍රාස් කියන කෙනාට ඇගිල්ල දික් කරලා එහෙම කිව්වම ඌ තවත් බය උනා.. ඇත්තම කිව්වොත් මම ඒ සෆ්‍රාස් ගැන දන්න ඉටිගෙඩියක් නෑ.. මම ඌව දැක්කෙත් දැන් විනාඩියකට වගේ කලින්..

"හරි හරි.. බයවෙන්න එපා.. උබ මට එක බනිසක් දුන්නොත් මං උබට යන්න දෙනවා.."

"දු-දුන්නැත්තන්..?"

"හහ් දුන්නැත්තන් මං උබව අහුකරනවා.. ඒයි.. ඒයි දුවන්නෑ.."

මම කටකොනෙන් හිනාවෙලා උජාරුවෙන් කිව්වත් පොඩි එකා දිව්වා..

මම පටාර් ගාලා බැම්මෙන් බිමට බැහැලා අඩියට දෙකට කොල්ලව අල්ලගත්තා..

උබට මං එක්ක දුවන්න බෑ කොල්ලෝ.. මෙහෙම හිටියට මං මැරතන් රිලේ ඔය ඔක්කොම දුවල වින් කරපු කොල්ලෙක්..

"මේක මගේ.. ඔයාට ඕන්නම් ගිහින් ගන්න ඒ ඔයාගේ යාලුවනේ"

"තමුසේ දැන් හොරකන් කරලා පවක් කරගත්තේ.. ඕකෙන් එකක් මට දීලා පවෙන් කොටසක් අඩු කරගන්නවා.. පන්ඩිත වෙන්නැතුව"

මම කොල්ලට එහෙම කිව්වම පොර ටිකක් වෙලා කල්පනා කරලා එක බනිසක් මට දුන්නා..

"පෙරේත උට්ටෙක් ඔයා"

"මොකක්.. මොකක් ඔහොම නැවතියන් පොඩි පගයාගේ කට තලනවා  මට අහුවෙයන් ආයේ!!!!"

මටත් බැනගෙනම ලිහිල් උනු මගේ අතෙන් පැන්න පොඩි එකා දිව්වම මම එක තැන ඉදන් කෑගැහුවා.. ඌ පස්සේ දුවල වැඩක් නෑ බනිස මගේ අතෙනේ..

මහා යුද්ධයක් දිනුවා හා සමාන හැගීමක් දැනෙද්දි මං මුෆාසා සිම්බව උස්සනවා වගේ ටී බනිසත් උඩට කරලා, අනික් අතේ ඇගිලි වලින් බනිසට කිස් එකක් යැව්වා..

හෑ මගේ වශ්තුවෑ...

දකින එකෙක් හිතන්නේ මට පිස්සු කියලා තමා.. හැබැයි මේ තමා මගේ දිව්‍යමය ආහාරේ.. අර දරුවනේ ෆිල්ම් එකේ මහත කලු ඩෑල් එකගේ ගල් බනිස වගේ තමා මේ දරුවට ටී බනිස..

මම ජයග්‍රාහි ලෙස ආපහු බැම්ම උඩ ඉදගන්න ගමන් ටී බනිසෙන් කෑල්ලක් කෑවා.. දැන් මට බීම එකත් අමතකයි.... ම්ම්ම්ම් බනිසේ රස...

ඒත් කොල්ලනේ කෙල්ලනේ.. දෙවෙනි කට කන්න හම්බුන්නෑ...

"නෙතුන්..?"

මට පිටිපස්සෙන් ඇහුණු කටහඬට මම ඒ පැත්ත හැරිලා බැලුවා.. ජෙයියනේ ජෙයියනේ සුදුමහත්තයා!! අනෙව් මං කොච්චර හෙව්වද අප්පා මං ඔයාව.. 

ඒත් මට මතක් උන්නෑ මගේ අතක බනිස් එක තියෙනවා කියලා..

"නෙතුන්!! උබද බනිස් හොරකන් කරේ!!??"

මගේ අතේ තිබ්බ බනිස දැක්කා විතරයි යක්ශාරූඪ උන සුදුමහත්තයා කෑ ගැහුවාමයි මට මීටර් උනේ..

"මොකක්!! පිස්සුද අනේ මං කරනවද ඒවගේ වැඩ.."

"එහෙනම් ඔය අතේ තියෙන්නේ!!"

"අහ් ඒකද??"

මම බොරුවට හිනා උනා..

"පොඩ්ඩක් ඉන්නකෝ"

හිනාවේගෙනම මං ටක් ගාලා අනිත් පැත්ත හැරිලා, එක කටට මුලු බනිසම ඔබා ගෙන ආපහු එයාගේ පැත්ත හැරුණා..

"පොබ් බරි"

"මොකක්"

එයාට තේරුන්නැද්ද කොහෙද.. මං ටක්ගාලා බනිස ගිලලා හොද හුස්මක් පාත දැම්මා..

"දැන් හරි.. මේ මගේ අතේ මුකුත් නෑ.. ටඩා...."

මම මැජික් එකක් කරනවා අත් දෙක එහෙමෙහෙ යැව්වත් එයාගේ මූනේ බැරෑරුම් පෙනුම එහෙමමයි..

"අයියො මම නෙමෙ හොරකම් කරේ.. හොරාගෙන් මං එකක් ඉල්ලගත්තා ඉතින්.. ඒවුනාට මං අහිංසකයි"

මං එයා ඉස්සරහ උපරිම හුරතල් වෙන ගමන් තොලුත් නොපිට හරවන් කිව්වම එයා ඔලුව දැපැත්තට වැනුවා..

"ටී බනිස් වලට ඔච්චර ආසද.."

"හි හි"

මම හිනාවෙලා එයාට උත්තර දුන්නම එයා හිනා උනා.. එයාගේ අතේ තාමත් ෆයිල් එකක් තියෙනවා.. ඒත් හිමාශ නම් පේන්න නෑ..

"කෝ හිමාශ.."

"අන්න බීම දෙන තැනදි ශෙවෝන්ව හම්බෙලා එතන නැවතුනා.. මං ආවේ ඔයාව එක්ක යන්න.. කෝ යන් එන්න.. කෙනෙක්ව මුනගස්සවන්නත් තියෙනවා.."

"කාවද..?"

"එන්න යමුකො මුලින් බීම එකක් බොන්න.. මහන්සි බබා අව්වේ එහෙ මෙහෙ ගිහින්.."

ඇත්ත.. මේ පැයට එයාගේ මූන තෙහෙට්ටු පාටයු..එසෙ මෙසේ අව්වක් නෙමෙනෙ ඉතින් තියෙන්නේ.. මාව හෙවනක වාඩි කරවලා තර්ජනේ කරලා එයා අව්වේ කට්ට කනවා.. ආයේ නම් මං හෙවනේ ආතල් එකේ ඉන්නෑ.. එයා අව්වේ පිච්චෙද්දි මං කොහොමද එහෙම ඉන්නේ..

එයා මාවත් එක්කම පිට්ටනියේ ළමයි පහු කරන් බීම තියෙන තැනට ගියා..

ළමයි ගොඩයි.. අද ඔක්කොමලා වගේ ඇවිත්.. පිට්ටනියෙම ඉන්නව ළමයි තුන්දාහකට වැඩිය.. හැමතැනම හැම අහු මුල්ලකම සෙනග.. ඒනිසාම එයා මට සාමාන්‍ය විදිහට කතා කරන්න වගබලාගත්තා..

"ඒ හැකරැලා..."

"ද්‍රෝහියොත් එක්ක මගේ කතාවක් නෑ ඇට රිලව"

මම තෙහස් එක්කම බීම තිබ්බ තැනට යනකොටම වගේ ශෙවෝන් මගේ ඇගට පැන්නත් මම උට දෙකක් අමතන ගමන්ම ඌව අහකට තල්ලු කරලා දැම්මා..

ඒත් ශෙවෝන් අතෑරියේ නෑ.. පොර කොහොමහරි හේතු පහදලා මාව යාලුකරගන්න අතරේ තෙහස් බීම දෙකක් අරන් ඇවිත් ඒ එකක් මට දීලා එයාගේ එක බීගෙන බීගෙන ගියා..

මටත් ඕනේ උනේ බීම එක බොන්න උනත් මම මගේ බීම එයාට දික් කරාම එයා ඇස් වලින් ඇයි ඇහුවා..

"මට එපා දැන්.. ඔයා බොන්න.. අව්වේ ඉදලා මහන්සි ඔයාට.."

මම හෙමින්සැරේ කිව්වම එයා හිනා උනා..

"පස්සේ බොමු තව එකක්.. දැන් ඕක බොන්න.."

මම ලාවට ඔලුව වනලා මගේ බීම එක බොන්න ගත්තත් මට එකපාර දෙයක් මතක් උන නිසා මං එයාගේ පැත්තට හැරුන..

"කෝ.. කාවද මුනගස්සනවා කිව්වේ.."

"ඕක බීලා ඉන්නකෝ"

එයා කිව්වම මම කුතුහලේ වැඩිකමට උගුරට දෙකට බීම එක බීලා කප් එක ඩස්බින් එකට දැම්මා..

"යං"

මං කිව්වම එයා හිනාවෙලා පිට්ටනියේ අනික් කොන දිහාවට ඇවිදන් ගියා.. මම ඈතින් දැක්කා හිමාශත් එතන ඉන්නවා.. එයා කා එක්ක හරි කතා කර කර හිටියේ..

අපි යනකොටම වගේ ශෙවෝනුත් එකපාර මගේ කොන්දට පැනලා අපි එක්කම ඇවිදන් ආවා..

"යෙනුල්.."

අපි තුන්දෙනා පිට්ටනියේ කෙලවරටම ගියාට පස්සේ තෙහස් කාටදෝ කතා කලා.. ඒ එක්කම වගේ හිමාශ එක්ක කතා කර කර හිටිය කෙනා අපේ පැත්තට හැරෙන ගමන් තෙහස් එක්ක හිනා උනා..

ඒ කෙනාගේ හිනාව ලස්සනයි.. ඉරමලක් වගේ..

ඒත් ඒ හිනාව සීමා උනේ තෙහස්ට විතරයි.. ඊලගට ඒ කෙනාගේ තියුණු ඇස් දෙක මගෙයි ශෙවෝන්ගෙයි දිහාට යොමු උනේ පරීක්ශාකාරී විදිහට..

ඒ දේත් එක්ක මාව ගැස්සුනත් මම සාමාන්‍ය විදිහටම හිටියා..

ශෙවෝන් නම් මගේ කරේ නැගලා මගේ කනට එක එක විකාර මුමුනන ගමන් හිටියේ..

"කව්ද බන් මේ.. හිමාශගේ කොල්ලවත්ද.."

"කටවහන් හිටපන්කො පොඩ්ඩක්"

මමයි ශෙවෝනුයි රහසෙන් කුටු කුටු ගාද්දි තෙහස් අපි දෙන්නා දිහා බලල, ඒ යෙනුල් කියන කෙනා දිහා බැලුවා..

"මේ හසරැල්.. එතකොට අනික් කෙනා ශෙවෝන්.. මේ දෙන්නා අපේ හොදම යාලුවෝ.."

තෙහස් අපි දෙන්නව යෙනුල්ට හදුන්වලා දුන්නා.. එයා මාව හැදින්නුවෙ හසරැල් කියලා.. ඒත් ඇයි.. එයා අකැමැති වත්ද.. නෙතුන් කියල එයා ඇර වෙන අය මට කතාකරනවට..

"ම්ම් එතකොට හසරැල් තමයි මගේ බෝයිෆ්‍රෙන්ඩ්"

කල්පනා ලෝකෙක හිටිය මං මෙ ලෝකෙට ආවේ එයාගේ කටහඬෙන්.. පොඩ්ඩක් ඉන්න.. මට ඇහුනු දේ හරිද...??

මොකක් මොකක් මොකක්!!!

මොකක්ද එයා ඒ කිව්වේ.. ඒකත් මේ අලුත් ළමයෙක්ට.. මම දන්නවා තෙහස් ආවට ගියාට දෙයක් කරන කියන කෙනෙක් නෙමේ... ඒත් මං කලබල වෙලා එයාගේ අතට ඇන්නම එයා හිනා වෙලා මට යෙනුල්ව ඇස් වලින් පෙන්නන ගමන් කතා කලා..

"ප්‍රශ්නයක් නෑ.. එයා දන්නවා ඒ දේවල්.. එයා යෙනුල්.. මගේ පරණ යාලුවෙක්.. මගෙයි හිමාශගෙයි දෙන්නගෙම.."

තෙහස් එහෙම කිව්වහමයි මගේ ඇගට ලේ ටිකක් ඉනුවේ.. එයා යෙනුල්ව හදුන්වලා දුන්නම මම යෙනුල් දිහා බැලුවා.. කලින් තිබ්බ බ්රැරෘම් බවට වඩා වෙනස් මූනක් දැන් එයාට තිබ්බේ.. කලින් වගේම එයාගේ මූන හිනාවෙන් පිරිලා තිබ්බා..

"හායි! යෙනුල් භාසුර"

යෙනුල් හිනාවෙලා මට අතක් දික් කරාම මමත් හිනාවෙලා එයාට අතට අත දෙන ගමන් මාව අදුන්වලා දුන්නහම එයා ඒ විදිහටම ශෙවෝන්වත් අදුනගත්තා..

"අද ඉදන් මෙයත් අපි එක්ක තමයි ඉන්නේ.."

මෙච්චර වෙලා පිටිපස්සෙන් ඉදන් හැමදේම බලන් හිටිය හිමාශ,යෙනුගේ කරට අතදාගන්න ගමන් කිව්වම මම හිනා උනත් ශෙවෝන් කලබල උනා..

"හරි හරි උබ බයවෙන්න එපා මන් තෙහස්ගෙන් අහගන්නම් විස්තරේ.."

මූ මේ බයවෙලා ඉන්නේ යෙනුල් හිමාශගේ බෝයි කියලා හිතන්..  ඇත්තටම එහෙම වෙන්නත් පුලුවන්..

මම ශෙවෝන්ට ශේප් එකේ කිව්වම ඌ ඔලුව වැනුවා.. හැබැයි ඒක එහෙම නොවුනොත් හොදයි.. නැත්තන් මගේක පෞ.. පස්සෙ හෙමීට තෙහස්ගෙන් අහගන්න ඕනේ..

---------------------

හායි

කොහොමතේ

අනික් එක අරන් එන්නම් ඈ ඉක්මනින්

මේක මෙතනින් කැඩන්න ඕන එකක් නෙමේ ඒත් මං චැප්ටර්ස් දෙකකට ලියන්න හිතුවා..

මොකද ඉතුරු ටික ලියන්න ට්ගව කල් යනව.. අනික මේක වචන 2500+

අනික් එකෙන් ඉක්මනින් හම්බෙමූ..

බායි.. පරිස්සමින් ඉන්ඩලා 🥹😍

Continue Reading

You'll Also Like

8.2K 922 41
මේ පොතේ ඔරිජිනල් එක english. මම මේ පොතේ ඔරිජිනල් ඕතර්ගෙන් අවසර අරගෙන තමා ඒක සිංහලට ට්‍රාන්ස්ලේට් කලේ.. මට දැන් ඔරිජිනල් ඕතර්ව මෙන්ශන් කරන්න මතක නෑ...
10.9K 1.8K 28
අවාරෙක මෙහි ඇවිත්_ මගේ හද කියවන්න_ ලියා යමි ගැඹුරු තැන්වල_ ආදරෙයි උතුරන්න_ නෙතූ අභින්ස 🦋🤍🩸 🦋🌙❤️ Tk Akkubae_🦋✍️
24.1K 650 10
Niall Horan has had a crush on one of his band mates for a little over a year now and he's afraid to admit it cause he doesn't know how the others wi...
2.1M 44.1K 37
Samantha Carter had a huge crush on Lloyd Crawford, the next in line as Alpha of the Crescent Wolf Pack. Who wouldn't fall to this gorgeous looking g...