Bloody Moon - Taekook Nonfic

By IJJKTHV

6.9K 965 4.4K

Werewolf කතාවක් සිංහල නම්,ගම් එක්ක ලංකාවේ style එකට කියවමුද..?😌 Bloody Moon - Taekook - Top - Tae - (Power)... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
New Stories
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Dear Readers..
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30

Chapter 23

205 28 314
By IJJKTHV

================================

ඔලුබක්කෝ සෙට් එක කලින් උන ප්‍රශ්නේ දන්නවනේ වට්ටියට.. ඒනිසා මං කතාව අන්පබ්ලිශ් කලා දවස් දෙක තුනක්.. දැන් නම් හරි.. ඒත් මං කතාව අයින් කරපු නිසා ඔයාලට කොටස් මගෑරුනද දන්නෑ.. මම චැප්ටර්ස් 22ක් දාලා තියෙන්නේ දැනට..22ම කියවන්න බැරි උනා නම් ටක් ගාලා ගිහින් ඒටිකත් කියවලා එන්න 😌🌝

===================================

Author POV

"ඒ බන්.. මට ඩේට් එකකට යන්න ඕනේ.."

"මන් එක්ක..?"

"උබ එක්ක ගිහින් මට පොළවේ වැලි ගයින්නද..? ගොං කතා කියන්න එපා යකෝ"

තෙහස් අතේ තිබ්බ අන්තිම පොතත් බෑග් එකට දාන ගමන් හිමාශට කිව්වම හිමාශ ඇස් හීනි කරන් තෙහස් දිහා බැලුවා..

"හසරැලා එක්ක..?"

හිමාශ ඇහි බැමකුත් උස්සන ගමන්ම ඇහුවහම තෙහස් ඔව් කියන්න ඔලුව උඩ පහල කලා..

"ඇයි එකපාර යන්නේ"

හිමාශ ඇග පිහදන ගමන් හිටිය ටවල් එක රැක් එකේ දවටන ගමන් අහද්දි තෙහස් බෑග් එකේ ශිපර් එක වහලා ලොකු හුස්මක් පාත දාන ගමන් ඇදේ ඉදගත්තේ එයාගේ ෆෝන් එකේ වෝල්පේපර් එකට දාලා තිබුනු නෙතුන්ගේ රූපේ දිහා බලාගෙනමයි..

"නිකන්.. යන්න ඕනේ කියලා හිතුනා.."

"උබ මගෙන් මුකුත් හන්ගනවද..? අද ස්කෝලෙට කව්ද අර ආවා කිව්වේ..?"

හිමාශ අල්මාරිය ඇදලා ඇදලා හොයාගත්තු ටී එකක් ඇගට දාන ගමන් එහෙම ඇහුවේ එයා අදත් ස්කෝලේ ගියේ නැති හින්දා..

"උබ කොහොමද දන්නේ..?"

"ශෙවෝන් මට කිව්වා.. කොහෙද ගෙදර එකෙක් ඉන්නවා බකමූනෙක් වගේනේ මෙලෝ මගුලක් කියන්නෑ"

හිමාශ එහෙම කියාගෙනම ඇදට පැන්නහම තෙහස් ලාවට හිනාවෙලා ෆෝන් එක පැත්තකින් තිබ්බා..

"ලිතුල් කියලා කෙනෙක්.."

"මොකද උනේ"

"ඌ හෙන අමුතුයි බන්.. මට ඒක දැනෙනවා.. විශේෂ අමුත්තක් දැනෙනවා.."

"මට තේරුන්නෑ"

තෙහස් සම්පූර්නෙන්ම හිමාශ දිහාට හැරුනේ මේක තරමක් බැරෑරුම් ප්‍රශ්නයක් බව එයාට දැනෙන නිසා..

"මට දැනෙනව.."

"මොකක්ද?"

"ලොකු දෙයක් ඉස්සරහට සිද්ධ වෙවි කියලා.. මට.. මට තේරෙන්නෑ ඒක විස්තර කරන්න.. ඒත් ඒක හොද දෙයක් නෙවෙයි කියලා මට විශ්වාසයි.."

තෙහස්ගේ දුඹුරු ඇස් කලබලෙන් එහෙ මෙහෙ යන විදිහ දැකපු හිමාශ නැගිටලා ගිහින් තෙහස්ගේ ඇදේ එයා ගාවින් වාඩි උනා..

"හරි දැන් මේ හදිසියේ ඩේට් එක්කට යන්නේ ඇයි"

තෙහස් ඒකට උත්තර දෙන්න කලින් කලේ හිමාශ දිහා බලලා ලාවට හිනා වුනු එක.. ඒ හිනාව ඇතුලේ හැගීම් ගොන්නක් ගැබ් වෙලා තිබුනයින් හරි හැගීමක් හොයාගන්න හිමාශට බැරි උනා..

"කව්ද දන්නේ.. මේක අපි දෙන්නගේ පලවෙනි වගේම අවසාන ඩේට් එක වේවිද කියලා.."

"ඒ බන්..?"

"හ්ම්.. මට ඕනේ එයාව සතුටින් තියන්න.. මං එක්ක ඉන්නකන් එයා සතුටින් ඉන්න ඕනේ හිමාශ.. උබ දන්නවද.. ඒ මන්දාකිණි ඇස් දෙක මගේ ඉස්සරහදි දිලිසෙන විදිහ.. මේ මුලු රෑ අහසම එලිය කරන හදටත් වඩා ඒ ඇස් හරි එලියයි බන්.. මට ඕනේ එළිය හැමදාම රකින්න.. එයා ළඟින් ඉඳ හෝ නොඉද.."

"බය වෙන්න එපා.. මොනා උනත් අපි ඉන්නවනේ උබ එක්ක.."

හිමාශ තෙහස්ගේ අතකට තට්ටුවක් දාන ගමන් කිව්වහම තෙහස් හිනාවෙලා ඔලුව වැනුවා..

ඒත් එයාගේ හිතේ තිබුණු බර තාමත් එහෙමමයි..

"හිමාශ.. මං උබෙන් දෙයක් අහන්නම් මට ඇත්ත කියහන්"

"අහන්න"

"ලුසිෆර්..?"

"ඉතින්"

"අවුරුදු දාහතක් තිස්සේ ඇයි සද්ද නැත්තේ.. මොකක්ද උනේ"

හිමාශ බර හුස්මක් පාත දාන ගමන් සැරසුණේ කතාව කියන්න වෙද්දි තෙහස් ඒ බව තේරුම් අරන් හිමාශගේ පැත්තට හැරුණා..

"උබ දන්නවනේ.. ඌ මෝහන මායාව හැදෑරුවා කියලා.."

"ඔව් අම්මා කිව්වා"

තෙහස්ගෙ අතක් මිට මෙලවුනා.. එයාට කොහොමද ඒ බව අමතක වෙන්නේ.. ඒක නිසානේ එයාගේ තාත්තට නිරපරාදේ ජීවිතේට සමුදෙන්න සිද්ධ උනේ..

"හ්ම්ම්.. මෝහන මායාව කියන්නේ ඒ තරම් හොද දෙයක් නෙවෙයි.. ඒක පුහුණු වෙන්නේ එක අරමුණක් වෙනුවෙන් වියරු වැටුණ අය විතරයි..

එදා සිද්ධියෙන් පස්සේ දවස් කීපයක් යනකන්ම ලුසිෆර් ගමට පහර දීලා.. ඒත් එන්න එන්න ඌ දුර්වල වෙලා.. ඒනිසාම උන් පසුබැස්සා.."

තෙහස් හිමාශගේ හැම වචනයක්ම හොද උවමනාවෙන් අහන් හිටියා..

"ඊට ටික කාලෙකට පස්සේ ඌ තනි උනා.. දුර්වල නායකයෙක් යටතේ ඉන්න අකැමැති වෙච්ච උගේ මිනිස්සු ටික ඌව අතෑරියා..

අන්තිමේදි උගෙ ආත්මේ වගේම ශරීරය විනාශ වෙන්න පටන් ගත්තා..අවුරුදු ගානක් යනකන් උගේ කිසි සද්දයක් බද්දයක් තිබ්බේ නෑ.. අපි අනුමාන කලා උගේ වියරුව වගේම උගේ මෝහන මායාව නිසා ඌ මැරිලා ගියා කියලා.. ඒත්.."

"ඒත්..?"

"ඊට අවුරුදු ගානකට පස්සේ නොහිතපු විදිහට වෘක රැලක් අපේ ගමට පහර දුන්නා.. වාසනාවකට අපිට උන්ගෙන් එකෙක්ව කොටු කරගන්න පුලුවන් උනා.. උගේ කටින් පිටවෙච්ච වචන එක්කයි අපි දැනගත්තේ උන් ලුසිෆර්ගේ එවුන් කියලා.."

"ම්ම්"

"එදා ඉදන් තවටත් උගේ මිනිස්සු අපිට පහර දෙනවා.. ඒත් තාම කවදාවත් ඌ අපේ ඉස්සරහට ඇවිත් නෑ.."

"හ්ම්ම්"

"ඔන්න ඕකයි උනේ.."

"හිමාශ.. මෝහන මායාව ඒ තරම් dangerous ද.."

"ඔව් බන්.. ලේසියෙන් කෙනෙක් ඒ දේවල් ඉගෙන ගන්න තියා හිතන්නෙවත් නෑ.. ඒකෙන් වෙන්නේ ටිකෙන් ටික මුලු ඔක්කොම විනාශ වෙලා යන එක"

"එහෙනම් කොහොමද ලුසිෆර් බේරුනේ..?"

"ඌ ඒ අවධිය කොහොමහරි පහු කරන්න ඇති.."

"මොන අවධියද"

"හ්ම්ම්.. ඒක හරියට අඳුරු වලාවක් පිටිපස්සේ තියෙන රිදී රේඛාවක් වගේ.. මෝහන මායාව පුරුදු වෙන මුල් කාලෙදි කෙනෙක් මැරෙන්න ඇදගෙන වැටෙනවා උනත් ඒ කාලේ කොහොමහරි පහු කරගත්තොත්.. එතනින් එහාට ඒ කෙනාව පරද්දනවා කියන එක ලේසි පහසු දෙයක් නෙවෙයි"

"ඒ ගැන මං බලාගන්නම්"

"මොකක්ද?"

"නැ නැ මුකුත් නෑ.."

තමන්ගේ කතාව අහන් හිටපු තෙහස් කට කොනෙන් හිනාවෙලා රහසෙන් වගේ මොනා හරි කිව්වත් ඒක හිමාශට හරියට ඇහුණේ නෑ.. ඒකමයි එයා ඒ ගැන ආයේ ඇහුවේ.. ඒත් තෙහස් ඒ ප්‍රශ්නේ මගෑරියා..

"හරි ඒවගෙන් වැඩක් නෑ.. දැන් කොල්ලා කොහෙද යන්නේ ආ... ආව්..ආව්..."

කෙසේ වෙතත් තෙහස් ඉන්නේ ඒ තරම් හොද මූඩ් එකක නෙවෙයි කියලා තේරුම් ගත්ත හිමාශ කතාව වෙන පැත්තකට හැරෙව්වේ තෙහස්ගේ මූඩ් එක චේන්ජ් කරවන්න. ඒ වගේම තෙහස්ගේ happy pill එක නෙතුන් කියන එක දන්න හිමාශ, කතාව වෙනස් කලේ එයාලගේ ඩේට් එක ගැන වෙද්දි තෙහස්ගේ ඇස් පවා දිලිසෙන්න ගත්තා..

හිමාශ තෙහස්ගේ ඇගට බරවෙලා ඇස් නටව නටව අමුතු විදිහකට එහෙම අහද්දි තෙහස් හිනා වෙවීම හිමාශව තල්ලු කලා..

"බීච් එකට යන්න හිතුවේ.."

"අම්මටසිරි මරු ප්ලේස් එකනේ"

"ඔව්.. ඒත් ප්‍රශ්නයක් තියනව"

"බයවෙන්න එපා මල්ලි.. අයියන්ඩි ඉන්නවා මලයන්ඩිගේ ලව් ප්‍රශ්න විසදන්න.. කුමක්ද පැන නැගුනු පුරස්නය..?"

"ම්ම් මට බයික් එකක් ඕනේ"

"හරි දෙන්නම්"

"උබට බයික් එකක් නෑනේ.. ටෝක් දුන්නට.. දහම් අයියගෙන් ඉල්ලගන්න බැරි වෙයිද.."

"ඌ හෙට ගෙදරලුනේ.. ඒනිසා අවුලක් නෑ"

"ඔව් ඒකයි මං ඩේට් එක හෙටට දාගත්තේ"

"උබට ඩ්‍රයිව් කරන්න පුලුවන්නෙ"

"ඔව් ඒක අවුලක් නැ"

තෙහස් එහෙම කියාගෙන ඇදෙන් නැගිට්ටා..

දහම් කියලා කියන්නේ හිමාශගේ ගෙවල් ළඟ හිටිය කෙනෙක්.. තෙහස්ලට වඩා වැඩිමල් උනත් අසල්වාසී බැඳීම නිසාම දහම්ව නිතර නිතර තෙහස්ටයි හිමාශටයි මුනගැහුනා..

කොහොමත් ඉස්සර දහම් බයික් එකේ ආවහම තෙහස්ටත් ඩ්‍රයිව් කරන විදිහ ඉගැන්නුවේ ඩ්‍රයිවින් ඉගෙනගන්න තෙහස් තුල තිබ්බ දැඩි ආශාව අහක දාන්න බැරි හින්දා..

"එහෙනම් ඉතින් වැඩේ උනා කියලා හිතාගනින්.. ඒකනේමේ හසරැලා දන්නවද ඕක ගැන..??"

"නෑ මං තාම කිව්වේ නෑ බයික් එකේ ප්‍රශ්නේ නිසා.. මං කෝල් එකක් අරන් එන්නම්.."

තෙහස් ෆෝන් එකත් අරන් එලියට ගියේ හිමාශ ඔලුව වනලා ආපහු එයාගේ ඇදට පැනලා ෆෝන් එක බදාගද්දි..

Nethun's POV

"එරොබොදු මල් පිපිලා දැක්කම හරි ඕසයි..
කැ# අවුරුදු ඇවිදින් රොට්‍රටම සිරියාවයි..
එරොබොදු මල් පි-- හත්තික්කේ සුදුමහත්තයා.."

ලබ්බේ ගානක් බැලන්ස් කරලම කුරුවල් වෙලා තිබ්බ මොලේ පොඩ්ඩක් රිලීස් කරගන්න කියලා හිතන් එෆ් බී ගියපු වෙලේ ඉදන් පැයබාගයක් යනකන් කනට ඇහුනු එකම සින්දුව මුමුනන ගමන් නට නට හිටපු මගේ නැටිලි නැවතුනේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්ත නිසා..

"හලෝඕඕඕඕඕව්"

කෝල් id එකේ සුදුමහත්තයා කියලා වැටෙද්දි මූන පුරා ඇදුනු හිනාවත් එක්ක මම් කෝල් එක ආන්සර් කරන ගමන්ම ඇදට වැටුනේ හති දදා.. ඇයි යකෝ නටලා මහන්සියි..

"ම්ම් මැනික..?"

ෆෝන් එක එහාපැත්තෙන් ඇහුනු එයාගේ ගැබුරු කටහඩට වෙනදා වගේම අදත් මගේ හදවත රේස් දුවන්න ගත්තත් මං මාව පාලනේ කරගත්තා..

"ඕ ඕ"

"මොකෝ හති දාන්නේ ආ.."

"හී හී මුකුත් නෑ අනේ.."

"ම්ම් බබා හෙට හවස ෆ්‍රීද..?"

"ඕ"

හරි හරි..මං දන්නවා... උබල බලනව ඇති මොකක්ද මම මේ කතාකරන විලාසේ කියලා.. අනේ මන්දා හලෝ.. මටත් ඒක තේරෙන්නෑ.. එයා ඉස්සරහදි මගේ ඇතුලේ ඉන්න පොඩි එකා ඉබේම එලියට එනව.. ඒනිසාම නොදැනුවත්වම එයා ඉස්සරහදි මගේ කතා විලාසය,හැසිරීම් වෙනස් වෙනවා..

"ගමනක් යමුද.. මා එක්ක..?"

"යමූ"

මං එහෙම කියනවත් එක්කම මට ඇහුනා එයා එහාපැත්තෙන් හිනාවෙන හඩ..

"ඇයි අනේ හිනාවෙන්නේ.."

"යන්නේ කොහෙද කියලාවත් නොදැන එක කටටම හා කිව්වේ..?"

ඇත්තනේන්නම්.. එයා යමුද ඇහුවා විතරයි මං හා කිව්වා.. යන්නේ කොහෙද කියලා දන්නේ නෑනේ.. ඒත් මට ඒක අහන්න ඕනෙත් නෑ.. මොකද මං දන්නවා එයා කවදාවත් මට වැරැද්දක් කරන්නෑ කියලා..
සමහරවිට ඒ විශ්වාසේ නිසා වෙන්නැති.. මම එක කටටම හා කියලා කිව්වේ..

"ඉතින් මං දන්නවනේ ඔයා මාව වැරදි තැනකට එක්ක යන්නෑ කියලා.."

"ඔහ් එහෙමද.."

"ඔව් නේ.. මේ.. කොහෙද යන්නේ ඇත්තටම..?"

මම බෙඩ්ශීට් එක පහුරු ගාන ගමන් එහෙම ඇහුවේ ඇත්තටම මගේ හිතේ ඒ ගැන කුතුහලයක් තිබ්බ නිසා.. එකපාරම කොහෙද දන්නෑ යන්න හදන්නේ..

"ඩේට් එකකට"

"මොකක් කිව්වා...!?"

මං හිතන්නේ මට ඇහුනු දේ එක්ක මං ඇදෙන් නැගිට්ටා.. නෑ නෑ මාව නැගිට්ටුනා..

"වීඩියෝ ඔන් කරන්න"

"ආහ්?"

මම අහපු දේ කනකට නොගත්තු එයා වීඩියෝ ඔන් කරන්න කිව්වම මම කන ළඟ තිබ්බ ෆෝන් එක අතට ගත්තා.. වීඩියෝ කෝල් එකකට එයා රික්වෙස්ට් කරනවා..

"මට ඔයාගේ මූන බලන්න ඕනේ.."

එයාගේ කටහඩ මට ඇහෙද්දි මම ලාවට හිනාවෙලාම වීඩියෝ එක accept කරා..

මම කෝල් එක accept කරා විතරයි එයාගේ මුලු මූන පුරාම ලස්සන හිනාවක් ඇදුනා..

"මන් හිතුව විදිහටම ඉන්නවා.."

මගේ දිහා බලාගෙනම එහෙම කිව්ව එයා ෆෝන් එකට හාදුවක් දුන්නේ ඒ තොල් වල ආදරනීය ස්පර්ශය මට නොදැනුත්, ඒ උනුහුම හිත පුරා විදගත්ත මගේ ඇස් ඉබේම පියවෙලා යද්දි..

"ඩේට් එක්කට..?"

මම හෙමින් සැරේ ඇස් ඇරලා ආපහු එයාගෙන් එකම දේ ඇහුවේ එයා එක්ක ඩේට් එකකට යනවා කියන එක මට හීනයක් වෙච්ච නිසා.. ඊටත් වඩා මම හිතුවේ නෑ මේ තරම් ඉක්මනින් එයාම මගෙන් මේ දේ අහයි කියලා..

"ම්ම්"

එයා මුමුනන ගමන් ඔලුව උඩ පහල කලා..

"ඇත්තටමද..?"

"ඔව් මැනික.. ඇත්තමයි.."

"අනේ.."

එයාගේ ආදරනීය වචන එක්ක මගේ හිත ටිකෙන් ටික සන්වේදි වෙද්දි මං තොල් පෙරලගත්තා..

"මොකද මේ.. මං දුක් වෙන්න දෙයක්ද කිව්වේ ආ..?"

"නෑ අනේ.. මේ සතුටට.. මම හිතුවේ නෑ මේ තරම් ඉක්මනින් අපිට ඩේට් එක්කට යන්න පුලුවන් වෙයි කියලා.."

"ඔයා ආසාවෙන් හිටියා කියන්න මං දන්නවා.."

එයා ආදරේ පුරවගෙන මං දිහා බලන් හිටියේ..

"කොහෙටද යන්නේ අපි.."

ඔන්න දැන් මට පනුගාය.. යන්නේ කොහෙද.. කීයටද.. කියලා දැනගන්නකන්.

"ඒක සප්‍රයිස් එකක්.. හෙට හවස තුනට මං එනවා ඔයාව ගන්න.. රෙඩි වෙලා ඉන්න.."

"සුදුම-- ආඅහ් කට් කරානේ"

මට ඕනේ උනේ යන තැන කොහෙද කියලා දැනගන්න.. මම ආපහු එයාගෙන් එක අහන්න යනකොටම එයා ෆෝන් එක කට් කලා.. එයා දන්නව ඉතින් මගෙන් බේරෙන්න බෑ කියලා.. ඒනිසා වෙන්නැති කට් කලේ.. හුහ්.. බලාගමුකො හෙට ඉස්කෝලේ එනවනේ...

හිතින් හිත හිතම ෆෝන් එක ආපහු මේසේ උඩින් තියපු මම එයා එක්ක හෙට හවස ගත කරන විදිහ මනෝපාරක් ගහන්ම නින්දට වැටුණා..

Time skip >> Next Day

"අනේ සුදුකුමාරයෝ.. කියන්නකෝ අප්පා..."

"දැන් කිව්වනේ බබා.. ඒක සප්‍රයිස් එකක්.."

මං හිතන්නේ මේක තමා මම ඔය ප්‍රශ්නේ අහපු, එයා ඔය උත්තරේ දීපු, විසි එක් වෙනි වතාව..

අපි දෙන්නම හිටියෙ පන්තියේ.. දැන් වෙලාව 10.30ට වගේ ඇති.. එකියන්නේ ඉන්ටවල් එක.. මේ වෙද්දි පන්තියෙ ළමයි සේරම වගේ එලියට බැහැලා හිටියත් මමයි,එයයි,හිමාශයි,ශෙවෝනුයි,ලිතුලුයි විතරක් පන්තියේ නතර උනා..

ඒ හින්දම මම අවස්තාවෙන් උපරිම ප්‍රයෝජනේ අරන් තෙහස් ගේ ගාව උපරිම විදිහට හුරතල් වෙලා එයාගෙන් යන්නේ කොහෙද කියලා අහගන්න හැදුවත්.. ම්හුම්.. මෙයා අහුවෙන්නෙම නෑනේ මගේ මායම් වලට..

"ඒත් අප්පා කිය--"

"ඔයාලා කෑම කන්නේ නැද්ද..?"

මම ආඅහු හෙහස්ගේ අත බදාගෙන ඇස් දෙකත් බෝල කරන් එයා දිහා බලලා ආපහු අහන්න හැදුවා විතරයි මට මගේ ලගින්ම ඇහුණේ ලිතුල්ගේ කටහඩ..

මම හිතන්නේ ඒ කටහඩත් එක්ක මගේ බෝල වෙලා තිබුනු ඇස්,නොපිට පෙර්ලිලා තිබුනු මගේ තොල්, කොටින්ම කිව්වොත් මගෙ මුලු මූනම එක තප්පරෙන් වෙනස් වෙලා ගියා..

"ඇයි ඔහොම බලන් ඉන්නේ.. මම ඇහුවේ කන්නේ නැද්ද කියලානේ.. බයවෙලා වගේ ඇයි..?"

තෙහස්ගෙයි මගෙයි දිහා බලන් හිටපු ලිතුල් ඊලගට හැරුනේ හිමාශගේ දිහාට වෙද්දි, ඌ ඒ කියපු දේත් එක්ක මමත් හිමාශ දිහා බැලුවා..

ඇත්තනේන්නම්.. හිමාශ ඇස් ලොකු කරන් බයවෙලා වගේ ලිතුල් දිහා බලන් ඉන්නේ.. නිකන් යකෙක් දැකලා වගේ..

"අපි පස්සේ කනවා"

හිමාශගෙන්වත්,අපෙන්වත් උත්තරයක් නැති තැන ශෙවෝන් ඕනවට එපාවට එහෙම කියලා දැම්මහම ලිතුල් හැරුනේ තෙහස් දිහාට.. ඒ නිසාම මමත් බැලුවේ තෙහස් දිහා..
 
තෙහස් එයාගේ සම්පූර්න අවධානෙ මට දීලා මගේ දිහාම බලාගෙන හිටියේ හරියට ලිතුල් කියලා කෙනෙක් මෙතන නෑ වගේ..

ඒ දේ දැක්ක මගේ හිතත් අමුතුම සතුටකින් පිරිලා යද්දි මම කටකොනෙන් හිනාවෙලා ලිතුල්ට පේන්නම තෙහස්ගේ අතක් බදාගෙන එයාගේ උරහිසෙන් හාදුවක් තිබ්බා..

හාදුව අතරෙම මම ඇස් කොනෙන් බැලුවේ අර පොඩි පගයා දිහා.. යෝ මගේ උත්සාහේ අති සාර්ථකයි.. ඌ දත් මිටි කනවා.. දත් නෙවේ ලිතුල්.. උබ මගේ දේවල් මගෙන් උදුරගන්න හැදුවොත් උබ මැරුම් කන්නේ මගේ අත් දෙකෙන්..

"තෙහස් කෑවද"

මේ බලපන්කෝ මූ.. තොට මොකටද යකෝ ඒක..
ලිතුල් දත් මිටි කාගෙනම එහෙම ඇහුවත් තෙහස් එයාගේ ඇස් මගේ මූනෙන් එහාට කලේම නෑ..

"ඔහ් අනේ අපි දෙන්නා අද හවස ඩේට් එකකට යන්න ඉන්නේ.. ඉතින් ඩේට් එකට ගියාට පස්සේ අපි දෙන්නා කොහෙ කොහෙද යන්නේ කියලා කතාකරකර හිටියේ. ඒනිසා කන්නත් බැරි උනා.. සුදුමහත්තයා එන්නකො මම ඔයාට කවන්න මගේ බත් එක තියෙනවා.."

මම තෙහස්ගේ අත තවත් තදින් බදාගෙන,එයාගේ මූනත් අතගාන ගමන් ආදරෙන් කිව්වහම තෙහස් ඇස් වලින් මගෙත් එක්ක හිනා උනා..

"ඩේට් එකක්..?"

දෙවෙනි වතාවටත් මගේ උත්සාහය අති සාර්තක කරමින් ලිතුල් ආපිට මගෙන් ප්‍රශ්නයක් ඇහුවත් මම ඒක නෑහුන ගානට මගේ බෑග් එකේ තිබ්බ කෑම පාර්සලය අරන් ලෙහලා බත් අනන්න ගත්තා.. අත් හේදුවෙත් නෑ අනේ මගුල ඕන්නෑ.. අත් හෝදල බත් කාපු කාලයක් මතක නෑ..

"කෝ ආ කියන්න..."

මම හොදට බත් කටක් අනලා ඒ බත් කට අතට අරගෙන, ඒ අතට යටින් මගේ අනිත් අතත් තියාගෙන තෙහ්ස් ගාවට ලන් වෙලා එහෙම කිව්වහම තෙහස් කට ඇරියා.. ඊටපස්සේ මම ඒ බත් කට එයාට කවලා ලිතුල් දිහා බැලුවා..

"ඔව් ඩේට් එකක්.."

මම ඊලග බත් කටත් අනන ගමන් තදින් කිව්වහම ලිතුල් එතනින් ගියේ හකු එකට තද කරගෙන..

ඌ යන දිහා කටකොනෙන් හිනාවේගනම බලන් හිටපු මම ඊලග කටත් තෙහස්ට කැව්වහමයි හිමාශ කට ඇරියේ..

"තෙහස්.."

ඌ ලාවට එහෙම මිමුණුවම තෙහස් බත් කට හපන ගමන්ම හිමාශ දිහා බලලා ඔලුව උඩ පහල කලත් එහෙම කරන්නේ ඇයි කියලා නොතේරුනු මං ඒ ගැන වැඩිය නොහිතා බත් එක ඇනුවා..

"ඒ හැකරැලෝ.. ඌ එන පොට නම් හරි නෑ වගේ.."

ශෙවෝන් මගේ කනට පාත් වෙලා අවධාරණය කරන හඩකින් එහෙම කිව්වම මම ඌ දිහා බැලුවා..

"උබ හිතනවද මගේ දේවල් වලට පෙරේත බැල්මවල් වැටෙනකොට මම නිකන්ම ඉදී කියලා..? අබරනවා හොද ගුලියක්.."

මම කිව්වම ශෙවෝන් හයියෙන් හිනාවෙලා මගේ පිටට දෙකක් ගැහුවේ මගේ ඇස් වල කදුලු පයිද්දි..

.

.

"මම තුන වෙද්දි එනවා...."

මම බස් එකෙන් බහින කොට තෙහස් කෑ ගහලා කිව්වාහම මම එයාට හිනාවෙලා ඔලුව වැනුවා..

කොයි තරම් වද දුන්නත් යන්නේ කොහෙද කියන එක ගැන එයා කෙල බිඳක් හෙලුවේ නෑ.. බැරිම තැන මම වැඩේ අතෑරලා දැම්මේ කොහොමත් අද තුනෙන් පස්සේ යන්නේ කොහෙද කියලා බලාගන්න පුලුවන් වෙන නිසා..

ගෙදර ගිය ගමන් කටට දෙකට බත් කාලා වොශ් එක්කුත් දාන් ලෑස්ති වෙලා මං ක්ළු ශර්ට් එකක් ඇදලා,ඊට උඩින් ලෙදර් ජැකට් එකක් දාලා, කලු ඩෙනිමකුයි සුදු ශූස් දෙක්කුයි දාගෙන සෝෆා එකේ ඉදන් හිටියේ ගාමිණි එනකන් බලන් ඉන්න චිත්‍රා වගේ..


යාලුවෙක් එක්ක උගේ ගෙදරට පාඩම් කරන්න යනවා කියලා හෙන ගහන පචේකුත් නැන්දලාට කියාගෙනම මම ගෙයින් එලියට බැස්සේ ගේට් එක ගාවින් ඇහුනු බයිසිකල් සද්දෙට..

මං ගේට් එක ගාවට දුවගෙන ගිහින්, ගේට් එක ගාව නැවතිලා කොන්ඩෙයි ඇදුමයි ටිකක් හදාගෙන ගේට් එක ඇරියා..

ඒත් එතන හිටියේ මම කොහෙත්ම බලාපොරොත්තු වෙච්ච තෙහස් කෙනෙක් නෙවෙයි..

ඇවිස්සිලා තිබුනු කොන්ඩේ,කලු ජැකට් එක,කලු පාට පැච් ඩෙනිම, එක්ක ගින්දර ව්ගේ කළු බයික් එක උඩ ඉදගෙන හිටපු එයාගෙන් මට පෙනුණේ වෙනදා හිටිය ආචාරශීලී, වැදගත් පාට තෙහස්ව නෙවෙයි.. ඉලන්දාරි පාටක් එක්ක හොට් ලුක් එකක් තිබුණු තෙහස් කෙනෙක්ව..

එයාගේ මේ සයිඩ් එක දැකපු පලවෙනි වතාව මේක වෙද්දි මගේ හදවත රේස් දුවන්න ගත්තේ මාව එක තැන නතර කරවලා..

"එන්න"

කටකොනෙන් හිනාවෙලා ඔලුව පිටිපස්සට කරලා ශීට් එක පෙන්නපු එයා මට කතාකලාම මම කෙලගුලියක් ගිලලා ගේට් එක වහලා එයා ගාවට ඇවිදන් ගියා..

එයාගේ පෙනුමෙන් මම විතරක් නෙවෙයි, මගේ පෙනුමෙන් එයාත් පුදුම උනා කියලා මට තේරුනේ මම එයාගේ ලගට යන්න යන්න එයාගේ ඇස් මගේ දිහාවටම එල්ල වෙලා තිබුනු විදිහෙන්..

"ඇයි ඔහොම බලන්නේ.. මේක අවුල් වගේද"

"උබ අද වෙනස්.. මාර හැන්ඩ්සම් ලුක් එකක් ඇවිත්"

"ඔයාටත්.. handsome and sexy "

මමත් එයාව ආපිටට වර්ණනා කරහම එයා අර හොට් විදිහට කටකොනෙන් හිනා උනා..

තවත් මෙහෙම එයා දිහා බලන් හිටියොත් මාව දියවෙලා යන බව මං දන්න නිසාම මම බයික් එකට නගින්න හැදුවත් එයා මාව නැවැත්තුවා..

"කෝ එන්න බබා මේක දාන්න.."

බයික් එකට නගින්න් හදපු මගේ අතකින් අල්ලගත්ත එයා මාව එයා ගාවට ඇදලා ගත්තා.. මම හැදුවේ එයා අතේ තියන් හිටිය ෆුල් ෆේස් හෙල්මට් එක අරන් දාගන්න උනත් ආපහු වතාවක් මාව නවත්තපු එයා ටික වෙලාවක් මගේ ඇස් දෙක දිහා බලන් හිටියා..

ඒ ඇස් අස්සේ ගිලුණු මට දැනුනේ එයා ඉන්නේ සතුටෙන් ආදරෙන් වගේම බයෙන් කියලා.. ඒත් ඇයි එයා බයවෙන්නේ..

එයාගේ දිහාම බලාගෙන කල්පනා කරපු මගේ අවධානේ වෙනස් උනේ එයා ඒ හෙල්මට් එක මගේ ඔලුවට පරිස්සමින් දාපු නිසා..

කන් දෙක බේරලා පරිස්සමට හෙල්මට් එක මගේ ඔලුවට දාපු එයා හෙල්මට් එකේ ටික් එක දාන්න කලින් මගේ බෙල්ල මතින් එයාගේ අත තිබ්බා..

ඊටප්ස්සේ ඒ ටික් එකත් පරිස්සමට දාපු එයා , එයාගේ අත් දෙක අයින් කරගත්තහ්මයි මට තේරුනේ ටික් එකට බෙල්ලේ හම අහුවෙයි කියන බයට, ඒකෙන් මට රිදෙයි කියන බයට එයා මගේ බෙල්ල මතින් අත තිබ්බා කියලා..

මම ආයේ ආයේම කියනවා තෙහස්.. අනේ උබේ මේ ආදරේ මට බර වැඩියි..

ෆුල් ෆේස් හෙල්මට් එක මට දාපු එයා මගේ දිහා බලන් ඉදලා හිනාවෙලා එයාගේ ෆෝන් එක අතට ගත්තා..

"කෝ ඔහොම ඉන්න.."

ෆෝන් එක අතට අරන් කැමරා එක ඕපන් කරලා මගේ ෆොටෝ එකක් ගහපු එයා ඒ ෆොටෝ එක මට පෙන්නුවේ මං පුදුමෙන් වගේ බලන් ඉද්දි..

"අනේ මන්දා බබා ඔයා නම් පිස්සුවක්.."

"ඒ මොකද"

"වෙලාවකට කියුට්, ආයේ විනාඩියකින් බෝම්බයක් වගේ.. තව වෙලාවක ලස්සනයි ඊළඟ මොහොතේ හැන්ඩ්සම්.. ආයේ වෙලාවකට අහිංසක පාටයි ඒවුනට එහේ හැරිලා මෙහේ හැරෙද්දි හොට්"

එයා මාව අමුතුම තාලෙකට වර්ණ්නා කරද්දි මම කරේ හිනාවෙවී එයා දිහා බලන් හිටපු එක..

"ඔයත් එහෙමයි.. වෙලාවකට හොට් ඊලග විනාඩියෙදි කියුට්"

මම නහය අකුලලා එහෙම කියලා එයාගේ කම්මුලක් මිරිකුවම එයා කන්ෆියුස් වෙලා මං දිහා බලන් හිටියේ..

මම ආපහු හිනාවෙලා බයික් එකට නැග්ගහම එයත් ඔලුව දෙපැත්තට වනලා එයාගේ ෆුල් ෆේස් හෙල්මට් එක දාගෙනම බයික් එක ස්ටාට් කලා..

"සුදු මහත්තයෝ"

"කියන්න රත්තරන්"

අතුරු පාර දිගේ ඇවිත් ප්‍රධාන පාරට බය්ක් එක හරවනකොටම මම එයාට කතා කරහම එයා බයික් එක ප්‍රධාන පාරට දාන ගමන් මට උත්තර දුන්නා..

"මේ බයික් එක කොහෙන්ද.."

මම එහෙම ඇහුවේ තෙහස්ට තාම බයික් එකක් නැති හින්දා.. ජානක මාමාටත් තියෙන්නේ කා එකක් වෙද්දි බයික් එකක් කොහෙන්ද..

"දහම් අයියගේ"

"ආ හරි හරි.."

දහම් කියලා කියන්නේ හිමාශලගේ ගෙවල් ළඟ කෙනෙක්.. එහෙ ගිය දවස් දෙක තුනේදි මම ඔය කියන කෙනාව යන්තම් දැකලා තියෙනවා..

"සුදු කුමාරයෝ.. කොහෙද යන්නේ කියලා කියන්නකෝ අප්පා දැන්වත්.."

එයා පාත්වෙලා හැන්ඩ්ල් එක අල්ලන් බයික් එක ඉස්සර්හට අරන් යද්දි පහුවෙන කඩවල් දිහා බලාගෙන මම එයාගේ පිටටත් හෙමින් පාරක් ගාලා ඇහුවම එයා සයිඩ් කන්නාඩියෙන් මං දිහා බැලුවා..

"ඩේට් එකකට"

ඔය කිව්වේ.. අනේ මන්දා මේකාත් වෙලාවකට..

"ඩේට් එක්කට කියලා මාත් දන්නවානේ.. මං අහන්නේ කොහෙටද කියලා.."

"ම්ම් බීච් එකට"

"මොකාආආක්"

"හෝව් හෝව් මැණික දගලන්න එපා යකෝ"

මට් ඇහුනු දේ හරි නේද.. අපි ඩේට් එකකට යනවා ඒකත් බීච් එකට?? අනේ දෙයියනේ.. දැනුනු සතුටට වගේම පුදුමෙට එයාගේ ගාවට පාත් වෙලා හිටපු මං කෙලින් උනාම එයාට බයික් එක බැලන්ස් නැතුව ගියා..

"සොරි සොරි.. ඇත්තටමද කිය්න්නේ...."

"ඔව්.. කොහොමද මගේ තේරිම..?"

"ඔයගේ තේරීම් නම් ඉතින් සුපිරිනේ.. ආයේ ඉතින් බලන්නකෝ ඔයා මාවත් තෝරගත්ත්නේ.. මමත් ඉතින් සුපිරියක්නේ"

මම එයාවත් වර්ණනා කරලා මාවත් වර්ණනා කරගත්තහම එයාහිනා උනා..

ඊට ටික වෙලාවකට පස්සේ එයා බයික් එක නැවැත්තුවේ ගල්කිස්ස බීච් එක පේන නොපෙනෙන මානේ වෙද්දි මම බයික් එකෙන් බැස්සා..

"අවුලක් නෑනේ..?"

එයා බයික් එකෙන් බහින ගමන් ඇහුවා උනත් මම හිටියේ බීච් එක දිහා බලාගෙන..

"මොන අවුලක්ද අනේ.. මේක සුපිරීඊඊඊඊ"

"ඒයි ඒයි ඔහොම ඉන්න.. හෙල්මට් එක තියලා යන්න"

මම එහෙම කියාගෙනම බීච් එක දිහාට දුවන්න ගත්තත් ආයේ නැවතුනේ එයා කතා කරපු නිසා..

සැක් වස නෝන්ඩිය.. මං අපේ වටේට හිටිය උන්ටත් ගොන් පහේ හිනාවක් දාලා ආපහු එයා ගාවට ගියාම එයා හිනාවෙවී ඔලුවත් දෙපැත්තට කර කර මගේ හෙල්මට් එක කලින් වගේම පරිස්සමින් ගලවලා, එයාගේ එකත් ගලවලා බයික් එක උඩින් තියන ගමන්...

අයියෝ මං අනුරාධපුර තමා හැබැයි මං ඕනතරම් අම්මලා එක්ක බීච් වලට ගිහින් තියෙනවා.. ඒත් ඒ එකදවසකවත් මම මෙහෙම හැසිරිලා නෑ..

මම කිව්වේ.. එයා එක්ක ඉද්දි මගේ ඇතුලේ ඉන්න පොඩි එකා එලියට එනවා කියලා.. සමහරවිට ඒක ආදරේ අරුත් ගැන්වෙන තවත් එක විදිහක් වෙන්න ඇති..

අපි ආදරේ කරන කෙනා ගාවදි ඇත්තටම අපේ හිතට ලොකු සෙනෙහසක්,ආදරයක් වගේම ලොකු රැකවරණයක් දැනෙනවා නම්.. ඒක මොනවගේ තැනක් උනත්, මොනවගේ දෙයක් උනත් අපි අපේ නිදහසේ හැසිරෙනෙවා.. මොකද අපේ හිත දන්නවා.. මොනවගේ දෙයක් උනත් එයා මාව බේරගන්නව,මාව බලාගන්නවා කියලා..

ඉතින් ඒ වගේ තමයි.. තෙහස් ගාවදි මම මාව එයාට භාරකරනවා..

"කෝ එන්න..දැන්හරි යමු"

එයා හෙල්මට් දෙක වැටෙන්නැතිවෙන්න බයික් එකේ ශීට් එක උඩින් තියලා අතෙන් කොන්ඩේ හදාගන්න ගමන් එහෙම කිව්වම මමත් කොන්ඩේ හදාගෙන එයා එක්කම ඉස්සරහට ගියා..

ටිකක් ඉස්සරහට ගියපු මාවත් නවත්තලා, එයත් නැවතුනේ අපේ පාර හරහා තිබුනු රේල් පාර නිසා..

ටිකක් වෙලා එතන නැවතිලා ඉදපු තෙහස්, හොදට විපරම් කරලා බැලුවේ කෝච්චියක් එනවද නැද්ද කියලා දැනගන්න.. කෝච්චියක සේයාවක්වත් නැති තැන එයා හිනා වෙලා මගේ දිහා බලලා, මාව ඉස්සරහට කරා..

එයා මාව ඉකනින් ඉක්මනින් රේල් පාරෙන් එහාට තල්ලු කරන ගමන් මගේ පිටිපස්සෙන් ආවා..

රේල් පාරත් පහු කරපු අපි දෙන්නා අයිනකට වෙන්න ශූස් ගලවලා දාලා ඉස්සරහට ඇවිදන් ගියා..

මහා ලොකු සෙනගක් තාම නොහිටියත් හවස් වෙන්න වෙන්න සෙනග වැඩි වෙයි.. කොහොමත් දැන් රැල්ල පාගන්න බෑ.. අව්ව සැරයි.. ඒනිසාම මම ටිකක් එහාට වෙන්න තිබුණු පොඩි කඩයක් දිහාට ඇවිදන් ගියා..

"එන්න නෙතුන්.. අර restaurant එකට යමු.."

ටිකක් එහාට ඇවිදන් යන මට එයා නම කියලා කතා කලේ අපේ අවට මිනිස්සු ඉන්න නිසා.. එයා මාව එක්කන් යන්න හැදුවේ බීච් එක ඉස්සරහ තිබුනු ලොකු restaurant එකට උනත් මට ඕනේ උනේ මේ පුන්චි කඩේකින් මොනා හරි කාලා බඩ පුරවගන්න.. ඔයාලට මතකද.. මම දවසක් කිව්වා..

පොඩි කඩේකට ගිහින් එයා ලවා කවාගන්න ගමන් එයාගෙත් බඩ පුරවන්න මම ආසයි කියලා..

ඒනිසාමයි මම එයාට විරුද්ධ වෙලා එයාවත් ඇදගෙනම එහාට වෙන්න තිබ්බ ඒ පොඩි කඩේට රින්ගගත්තේ..

මම දන්නවා.. කලින් අරම කිව්වත් තෙහස් කැමතිත් මේ වගේ සරල දේවල් වලට කියලා..

ඒක මහාලොකු කඩයක් නෙවෙයි.. පොඩි බිම් කෑල්ලකට හරියන්න ලී වලින් හදලා තිබුනු ඒ කඩේ තැන් දෙක තුනක ලී බංකු එක්ක ලී මේස ගහලා තිබුණා..

තිබුනු පොඩි කවුළු වලින් ඇති තරම් ඒ කඩේ ඇතුලට එලියට ආවා..

අපි දෙන්නා කඩෙ ඇතුලට ගිහින්, අයිනේ තිබුනු බංකුවෙන් ඉදගත්තා..

අපිට එහාපැත්තේ මේසේ හිටියේ මුස්ලිම් ෆැමිලි එකක්.. ඒ මේසේයි බංකුවයි තිබුනේ අපිට පිටුපාලා නිසා එයාලට අපිවවත් අපිට එයාලාවවත් පෙනුනේ නෑ..

"මහත්තයා.. මොනාද කන්න ඕනේ..  උනු උනු තෝසේ තියෙනවා රොටී තියෙනවා පැටිස් රෝල්ස් වඩේ මොනාද ඕනේ.."

කඩේ වැඩ කරනවා කියලා හිතන්න පුලුවන් උස මහත මනුස්සයෙක් අපි දෙන්නා ගිහින් ඉදගන්නකොටම වගේ අපේ ගාවට ඇවිත් මෙනු එක කියාගෙන කියාගෙන ගියා..

මම තෙහස් දිහා බැලුවේ මොනාද ඕඩර් කරන්නේ කියලා අහන්න..

"තෝසේ කමුද"

මම එයාගෙන් ඇහුවම එයා ඔලුව වනලා ඒකට එකග වෙලා අර මනුස්සයා දිහාට හැරුණ...

"තෝසේ පහක් ගේන්න.. සාම්බාරු හොද්දයි සම්බෝලෙයි ඇති.."

තෙහස් polite විදිහට කිව්වහම ඒ මනුස්සයා හිනාවෙලා එතනින් ගියා..

තෙහස් හරි ආචාරශීලී මනුස්සයෙක්.. කොයි තරාතිරමක කෙනෙක් උනත් එයා ඒ හැමෝටම එක විදිහට ගරු කරනවා.. මමත් එහෙමයි.. අපි හැමෝම මිනිස්සු.. අන්න ඒක අපි මතක තියාගන්න ඕනේ..

අපි ඕඩර් එක දීලා විනාඩි පහක් යන්න කලින් අපේ මේසේ,උනුම උනු තෝසේ වලිනුයි සාම්බාරු හොද්දෙනුයි සම්බෝල වලිනුයි පිරුනා..

අපි දෙන්නම තෝසෙයි හොදියි සම්බෝලයි බෙදාගෙන කන්න ගත්තේ තිබ්බ බඩගින්න හින්දා..

මට එයාට කවන්න ඕනේ උනා.. එයා ලවා කවාගන්න ඕනේ උනා.. ඒනිසාම මම සැරයක් දෙකක් එයා දිහයි, මුස්ලිම් ෆැමිලි එක දිහයි බැලුවා..

මට ඒදේ කරන්න කොච්චර ඕන උනත් මම ආපහු පිගාන දිහා බලාගෙන කන්න ගත්තේ අවට මිනිස්සු ඉන්න නිසා..

ඒත් මම පිගාන දිහා බලනවත් එක්කම එයා ඔලුව උස්සලා මගේ දිහයි, අපේ අවට වටපිටාවයි බලලා මට කතා කලා..

"මැනික.."

එයාගේ කටහඩ එක්ක මම ඔලුව උස්සලා බැලුවත් මම දැක්කේ මම කොහෙත්ම බලාපොරොත්තු උනු දේ නම් නෙවෙයි..

එයා හොදි වලිනුයි සම්බෝල වලිනුයි රසවත් කරපු තෝසේ කෑල්ලක් එයාගේ ඇගිලි අතර රදවගෙන මගේ දිහා බලන් ඉන්නවා..

මම ඇස් ලොකු කරන් එයා දිහා බලන් ඉද්දි එයා කලේ ඇස් වලින් එයාගේ ඇගිලි පෙන්නපු එක..

එක තප්පරයක් ඇතුලත මගේ මුලු හදවතම බර වෙලා යද්දි ඇහැට උනන්න ගියපු කදුළු බින්දුව මගේ හදවතට තරවටු කරලා නවත්ත ගත්තු මං හෙමීට මගේ කට, එයාගේ අතට ලන් කලා..

එයාගේ ඇස් දිහාම බලන් මම ඒ තෝසේ කෑල්ල කද්දි එයාගේ ඇස් දිලිසෙන්න ගත්තා..

මට තාමත් හිතාගන්න බෑ.. ඉස්සර ඉදන්ම එයා මේ විදිහට මාව තේරුම් අරන්, මට ඕන දේවල් එයාට පුලුවන් උපරිමෙන් දෙන විදිහ..

"රසයිද..?"

"හුගක් රසයි මගේ කුමාරයෝ.."

ඇත්තටම ඒ තමයි මම කාපු රසම තෝසේ කෑල්ල..

එයා තව කටවල් දෙක තුනක් මට කැව්වහම මමත් එයාට මගේ තෝසෙ එක කවන්න ගත්තා..

වාසනාවට අපිට කාගේවත් බැල්මවල් වැටුනේ නෑ..

අවසානෙදි මගේ තෝසේ එක එයා, එයාගේ තෝසේ එක මම කාලා ඉවර උනහම අපි සල්ලිත් ගෙවලා කඩෙන් එලියට ආවේ දැන් වෙලාව හතර වගේ වෙලා නිසා ඉර එලියත් බැහැලා තිබුන නිසා..

"රැල්ල පාගමුකෝ..යමුකෝ...."

මම තෙහස්ගේ අතෙන් ඇදගෙන වෙරලට යන ගමන් කෑගහලා ඇහුවම එයා කෑගහලා හා කියලා කිව්වා.. මුහුදේ සද්දෙත් එක්ක අපිට අපිව ඇහෙන්නෑ..

එයාගේ අවසරේ එක්ක මම ඉක්මනින් නැවිලා ඩෙනිම උඩට නවාගත්තා.. එයත් ඒ එක්කම වගේ එයාගේ ඩෙනිමත් උඩට නවාගත්තේ නැත්තන් තෙමෙන නිසා..

මේ වෙද්දි සෙනග ටික ටික බීච් එකට ඇදෙන ගමන් හිටියේ.. විවිධ තරාතිරම් වල විවිධාකාරයේ මිනිස්සු හැම කෙනෙක්ම වගේ තමන්ගේ පව්ලේ අය එක්ක,තමන්ගේ ආදරේ එක්ක,තමන්ගේ ආත්ම තෘප්තියට  විනෝදයට බීච් එකට එන ගමන් හිටියා..

සමහරු දැනටම මුහුදේ බැහලා නානවා.. සමහරු රැල්ල පාගනවා.. පොඩි ලමයි නම් වැල්ලේ සෙල්ලම් කරනවා..

අපි දෙන්නත් ඉස්සරහට දුවගෙන ගියේ එන රැල්ලට පයින්න උනත් මම රැල්ලට පයින්න හදනකොටම එයා මගේ අතෙන් ඇදලා ආපස්සට ඇද්දේ මමත් පිටිපස්සට ඇදිලා යද්දි..

"ඔය බලනවා කලිසම හරියට නවාගෙනත් නෑ.. මෙහෙ එන්න"

එයා මට බැන බැනම මාව ආපහු වෙරලට ඇදන් යද්දි මම බැලුවේ කලිසම දිහා.. ඇත්ත තමා මං බාගෙට නමන් තියෙන්නේ..

"ඉදගන්න"

අනිත් පැත්තට හරවලා තිබ්බ බෝට්ටුවක් ගාවට මාව ඇදන් ආපු එයා ඉදගන්න කියලා කිව්වම මම ශේප් එකේ බෝට්ටුවෙන් වාඩි උනේ දැන් කටගහ්න් ගියොත් එහෙම එයාට තරහා යන බව දන්න නිසා..

ඒත් මං ඉදගන්නකොටම වගේ එයා මගේ ඉස්සර්හ දන නැමුවේ මාව කලබල කරවලා..

මගේ ඉස්සරහ දන ගහලා එයා මගේ කලිසම උඩට නවන්න ගත්තහම මම කකුල අයින් කරගත්තා..

ඒ එක්කම එයා ඔලුව උස්සලා මම දිහා බැලුවත් මම දැක්කේ නැති ගානට අහක බලාගෙන හිටියත් එයා ආපහු මගේ කකුල ඇදලා ගත්තා..

"මං කරගන්නම් ත් තෙහස්.."

"ඇයි.. මට කරන්න බැයිද.."

"බැරි නෑ පුලුවන්.. ඒත් එපා.. මං කැමති නෑ.."

ඇත්තටම.. මම කැමති නෑ එයා මගේ කකුල් අල්ලනවට.. ඒක නොහොබිනා විදිහට මට දැනෙන්නේ.. මම දන්නෑ ඇයි කියලා.. ඒත් මට ඒක දැනෙන්නේ එහෙම..

"ඒවුනාට මං කැමති"

"අනේ එපා මගේ තෙහස් මම කරගන්නම් කෝ ඉන්--"

"හරි දැන් යන්"

මම ආපහු කකුල ඇදලා ගන්න හැදුවත් එයා ඒවෙද්දි කතාවෙන් කතාවෙන් ඩෙනිම නවලා ඉවරයි.. එයා එහෙම කියාගෙන නැගිටලා ම්ගේ දිහා බලලා හිනා වෙලා මගේ අතින් අල්ලලා ඉස්සරහට යන්න හැදුවත් මම එයාව නැවැත්තුවා..

"ඇයි මගේ රත්තරන්..?"

මම එයාව නවත්තලා බිම බලාගත්තහම එයා මගේ එහාපැත්තෙන් වාඩි වෙලා, මගේ නිකට උස්සන ගමන් ආදරෙන් එහෙම ඇහුවා..

අපි දෙන්නා හිටිය බෝට්ටුව පදුරු කීපෙකින් වටවෙලා තිබුනු නිසා අපිව කාටවත් පේන්නේ නෑ..ඒනිසාම මම එයාගේ අතකින් බදාගෙන ඒ උරහිසට මගේ ඔලුව හේත්තු කලා..

"මට ලෝභයි..."

"ලෝභයි..?"

එයා පුදුමෙන් වගේ ඇහුවම මම කලේ එයාගේ උරහිසක මගේ නහය අතුල්ලපු එක..

"හ්ම්ම් කොහෙන්ද ඔය තරම් ලස්සනට ආදරේ කරන්න ඉගෙන ගත්තේ..?"

මට ඇහුනා එයා ලාවට හිනාවෙන සද්දේ..

"ඔයාගෙන්.."

එයා මගේ හිස් මුදුනෙන් හාදුවක් තියලා එහෙම කිව්වම මම ඔලුව උස්සලා එයා දිහා බැලුවා..

"මගෙන්..?"

"ඔව්.. ඒකාලේ.. මට වචනෙන් ආදරෙයි කියලා නොකියා ඔය ඇස් වලින් මගෙත් එක්ක කතාකරන්න ගත්තු කාලේ මම ඉගෙන ගත්තා ආදරේ කරන විදිහ"

එයා මගේ කම්මුලක් ආදරෙන් පිරිමදින ගමන් එහෙම කිව්වහම මම කලේ හිනාවෙලා, ටිකක් ඉස්සිලා එයාගේ නිකටට හාදුවක් තියපු එක.. ඒ හාදුවත් එක්ක එයාව ගැස්සුනත් එයා මගේ කොන්ඩේ අවුස්සලා එතනින් නැගිට්ටා..

"එන්න යං"

එයා මගේ දිහාට අත දික් කරලා ඔලුවෙන් මුහුද පැත්ත පෙන්නුවම මම එයාගේ අතින් අල්ලගත්තා..

ඒ එක්කම වගේ එයා හිනාවෙවී මාවත් ඇදන් වැල්ලේ දුවන් ගත්තේ මුහුදට වෙද්දි මමත් එයත් එක්කම මුහුද දිහාවට දුවගෙන ගිහින් ආපු රැල්ලකට පැන්නා..

"ඕ ඕ ආ..."

"හයියෙන් අල්ලගන්න..."

"අම්ම්බෝඔ මගේ පුප.."

"නැගිටින්න බබා ඔන්න ඊලග රැල්ල එනවා.."

"ආආආආ"

"නැගිටින්න්....."

"ආ තෙහාආආඅස් මාව අල්ලගන්ඩෝ මෙන්න මාව යනවෝඕඕ හී හී"

"මැනික දගලන්නෙපා වැටෙයි.."

"තව ඉස්සරහට යමුකෝ"

"කෝ ඔන්න මාව හයියෙන් අල්ලග්න්න.."

"හරේ.."

ඊළග පැයභාගය ඇතුලත ඇහුනේ ඔන්න ඔය වචන ටික.. දැන් නම් ටිකක් හ්වස් වෙලා සෙනගත් වැඩියි.. ඒ අතරේ straight couples වගේම gay couples, les couples හිටියා.. අතලොස්සක් ඒ අය දිහා වපර ඇහෙන් බැලුවත් බහුතරයක් අපිට අපේ පාඩුවේ ඉන්න දුන්නා.. ඒක මට් ලොකු සැහැල්ලුවක් උනා..

අපි දෙන්නා තව ටික වෙලාවක් රැල්ල පෑගුවා.. ඒ මුළු වෙලාවෙදිම මගේ හිනා හඩෙනුයි, එයාගේ හිනා හඩෙනුයි, අපේ ආදරණීය මොහොතවල් වලිනුයි නොදැනිම කාලය ගතවෙලා ගිහින් හවස් වෙලා තිබුණා..

වෙරලෙන් පටන් ගත්තු රැල්ල පෑගීම අපි ඉස්සරහට ගිහින් ගිහින් දැන් අපේ දනිස්ස මට්ටමට එනකන් වතුර..

ඒත් අපි දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් ගොඩට යන්න ඕනේ උනේ නෑ.. අපි දෙන්නටම ඕනේ උනේ මේ මොහොත තව තව විදින්න.. මොකද හය-හය හමාරෙන් පස්සේ අපිට රැල්ල පාගන්න දෙන්නෑ.. ගාඩ් ඇවිත් අපිව ගොඩට යවනවා..

ඒනිසාම අපි තව තවත් මුහුදේ රැලි වලට එරෙහිව උදාර ලෙස නැගී සිටියා..

මේ දැනුත් අපි දෙන්නා ඉන්නේ රැල්ලකට ෆේස් කරන්න උනත් අපිට ටිකක් එහායින් දැක්ක දේ නිසා මම හිනාව කාගෙන එයාට කතා කලා..

"සුදුමහත්තයා.. මේ.. අර අර.. බලන්නකෝ.."

මම එයාට කතා කරලා ඇගිල්ලක් ශේප් එකේ දික් කරලා අපිට ටිකක් එහාට වෙන්න හිටිය අන්ක්ල් කෙනෙක්ව පෙන්නුවම එයා ආපු රැල්ලකින් මාවත් බේරුවට පස්සේ ඒ පැත්ත බැලුවා..

"ඇයි මැනික.. ඌ මුකුත් කිව්වද උබට..?"

එයා දත් මිටි කනගමන් එහෙම ඇහුවම මම පුදුමෙන් එයා දිහා බැලුවේ... මේ මනුස්සයා නම්.. එයා සාන්ත දාන්ත තීන්ත කුප්පියක් උනත් මම සම්බන්ධ දේවල් වලදි යකෙක් වගේ කියලා මට දැන් දැන් තේරිලා තිබුණේ.. ඉතින් ඒකට නේද ආදරේ කියලා කියන්නේ... සමාජයට පෙන්නන මූනට වඩා තමන්ගේ ඇත්ත ස්වරූපය හරහා තමන්ගේ ආදරේ රැකගන්න එක..

මට සියවෙනි වතාවටදෝ මන්දා මගේ තේරිම ගැන සතුටක් වගේම මගේ කුමාරයා ගැන මහා ලෝභකමක් දැනුනා..

"නෑ..මට කවුරුත් මුකුත් කිව්වේ නෑ...කිව්වත් ඔයා ඉන්න නිසා මම බයත් නෑ.."

"එහෙනම් ඇයි බබා..?"

එයා ඒ මනුස්සයා දිහා බලලා ආපහු ඇහුවම මමත් ඌ දිහා බැලුවා..

පොර හොදටම බීලා.. එහෙන් මෙහෙන් ඉරිච්ච ජොකෙක් ඇදගෙන පොර රැලි වලට ෆේස් කරන්නේ නිකන් යුද්ධෙක ඉන්නවා කියලා හිතන්.. ඒකියන්නේ ඌ රැලි එද්දි බොක්සින් ගහනවා වගේ දගලනවා..

ඒක නෙමේ හොදම දේ.. ඌ කොච්චර ගහලද කියලා කිව්වොත් උගේ ජොකා ඉරිලා කියලවත්, උගේ..

"උගේ බි*ජ එලියේ.."

සිරා හලෝ.. ජොකා ඉරිලා තිබ්බේ මාර පොට් එක්කින්..

මම එයාගේ කනට පාත් වෙලා කිව්වම එයා ඇස් ලොකු කරන් මගේ දිහා බලලා, ආපහු උගේ දිහා බැලුවා..

"ආ බබා ඔයානම්.. මාර දෙවල් නේ පේන්නේ"

එයා හිනාව කාගෙන මගේ දිහා ඇස් හීනී කරලා බැලුවම මම කලේ එයාට රවපු එක..

"ඉතින් අනේ.. මන් දැක්ක දේ නේ කිව්වේ.."

"එහෙමත් එකක්ද.. බබා එව්වට ආස නෑනේ.. ඒනිසා ආයේ ඒ පැත්ත බලන්න එපා.. උට හොදටම වෙරි.. තව ටික වෙලාවකින් ඕකා රැල්ලත් එක්කම මුහුදට ඇදෙන සයිස් එකේ.."

එයා එහෙම කිව්වහම මමත් ඔලුව වනලා එයාට එකග වෙලා අහක බලාගත්තා.. ඒත් මගේ හිතට ආපු කුපාඩි අදහසක් නිසා මම ආපහු එයාට ලන් උනා..

"උන්ගේ ඒවටනම් ආස නෑ සුදුකුමාරයෝ.. හැබැයි ඔයාගේ බි--"

"කට! කට! මෙහෙ එනවා යන්න උබ දැන් සෑහෙන වල් වැදිලා"

"හි හි.. ඉතින් අනෙ ඇත්තනේ කිව්වේ.. ඔයාගේ බි-"

එයා ආපහු එයාගේ අල්ල මගේ තොල් උඩින් තියලා මාව නැවැත්තුවාම මම එයා දිහා බලලා හිනාවේගෙනම එයාගේ අත්ලට හාදුවක් දුන්නා..

"උබ තමා දවසකට හරි ඇම්ඩා"

එයා හිනාවෙවීම එහෙම කිව්වම මටත් හෙන හයියෙන් හිනා ගියා..

කොල්ලට ලැජ්ජ හිතිලාද මන්දා.. ඔහොම නම් බෑ කොල්ලෝ හරිත.. කමක් නෑ ඔයාට ලැජ්ජ උනාට මට ලැජ්ජ නෑනේ...

"ඇයි ඔයාට ලැජ්ජයිද.."

එයා දැනටම පොඩ්ඩක් විතර රතු වෙලා.. මට ඔන උනේ එයාව තව අවුස්සන්න.. ඒ නිසායි මම එහෙම ඇහුවේ..

"මට නම් ලැජ්ජ නෑ.."

එයා පලවෙනි වතාවට එයාගේ හස්කි වොයිස් එක යූස් කරලා එහෙම කිව්වේ අර smirk එකත් එක්ක වෙද්දි මට උනේ එයාට අබරපු ගුලිය ඇවිත් මට වැදුනා වගේ සීන් එකක්..

එයාගේ වොයිස් එකයි,ඒ හිනාවයි, ඒක කියපු විදිහයි එක්ක ටිකෙන් ටික මාව රතු වෙන්න ගත්තේ එයාගේ කට කොනෙන් ආපහු හිනාවක් මතු කරවලා..

"ඇයි බබා.. දැන්ම බය උනාද.. ම්ම්ම්හ්..?"

"න්-නෑ මන් බය නෑ.. අහ් ඕන් ඕන් රැල්ලක් එනවා.."

මම මගේ ඇස් දෙක හතර වටේම කරකන ගමන් එයාගේ බැල්ම මගෑරියේ තව ටිකක් එයා දිහා බලන් හිටියොත් මගේ සිතුවිලි පවා මට අවනත නොවෙයි කියන බයට.. එහෙම නැතුව වෙන බයකට නෙවෙයි..

බය නෑ කියලා කියපු මම කතාව වෙන පැත්තකට හරවන්න කියලා හිතන් මුහුද දිහා නොබලාම රැල්ලක් එනවා කිව්වත් මගෙ කරුමෙට එවෙලේ ආපු රැල්ලක් නෑ..

වස නෝන්ඩිය.. එයා හිනාව කාගෙන මන් දිහා බලන් ඉන්නවා.. දැන් මොකක්ද කියන්නේ..?

"මොකද හිනාවෙන්නේ.... අපි බලමුකෝ කව්ද කාටද බයවෙන්නේ කියලා.."

එයාට නොදැවෙනි වෙච්ච හිනාවක් කටකොනක රදවගෙන, එයා වගේම පලවෙනි වතාවට මගේ හස්කි වොයිස් එක යූස් කරපු මම එහෙම කියනකොට මම දැක්කා ඒ ඇස් ගැස්සෙනවා..

අපි දෙන්නා ඉන්නේ කොහෙද කියලවත් එවෙලේ මගේ ඔලුවට ආවේ නෑ.. තෙමුනු ඇදුම් ඇගටම ඇලිලා තිබ්බ එයාගේ හැඩි දැඩි ඇග දිගේ මගේ ඇස් හෙමින් සීරුවේ පල්ලම් බහිද්දි මගේ සිතුවිලි මටම අවනත නොවෙන බව මට තේරුනා..

මගේ තරම්ම නැතත් එයාගේ ඇග ගානට කට් වෙලා තිබුනා.. වතුර බින්දු කොන්ඩේ දිගේ ගලාගෙන ඇවිත්, ඒ වතුර බින්දු එයාගේ බෙල්ල සිපගද්දි මට ඕනේ උනෙ ඒ වතුර බින්දුවක් වෙන්න.. එයාගේ බෙල්ල සිපගන්න..

බෑ.. මට එහෙම කරන්න බෑ.. තාම තොල් වලටවත් හාදුවක් නොලබපු මට ඒතරම් දුර හිතන්න බෑ.. මට සිද්ධ වෙනවා හරිම වෙලාව එනකන් මාව පාලනේ කරගන්න.. එයා වගේම.. ඔව් එයා වගේම..

මේ වෙලාවේ එයාගේ තත්වෙත් මට දෙවැනි උන්‍රෙ නෑ.. එයාගේ ඇස් නැවතිලා තිබ්බේ ඇදුම ඇලිලා නිසා හොදට ඉස්මතු වෙලා තිබුනු මගේ ඉන ලග වෙද්දි ඉක්මනින් අහක බලාගත්තු එයා උගුර පෑදුවා..

ඒත් මගේ ඇස් එවෙලේ තිබුනේ එයාගේ බෙල්ල දිගේ රූටන වතුර බින්දු ගාව වෙද්දි එයා උගුර පාදනකොට රිද්මයකට ඉහල පහල උනු ඒ උගුරු දණ්ඩ මගේ පාලනේ නැත්තටම නැති කරන්න සමත් උනා..

මම ආයේ කියනවා.. බෑ මට බෑ ඒදේවල් හිතන්න..

ඒ හින්දයි මම ඇහි පිල්ලම් දෙක තුනක් ගහලා පියවි සිහියට ඇවිත් එවෙලෙම එයාට තුරුල් උනේ.

ඔව්.. මාව ඇවිල්ලෙන්ත් එයා ගාව වෙද්දි මාව නිවෙන්නෙත් එයා ගාව කියලා මම දන්නවා.. ඒකයි මම එයාට තුරුල් උනේ..

එයත් අත් තද කරලා මාව බදාගෙන මගේ ඔලුව උඩින් එයාගේ කම්මුලක් තියාගත්තා..

හිතුව විදිහටම ටික වෙලාවකින් එයාග්‍රෙ තුරුලේ ඉදපු මම වගේම මාව තුරුල් කරගත්තු එයා හෙමිහිට නිවෙද්දි අපි ඈත් උනේ අපිව තෙමාගන ගියපු රැල්ලක් නිසා..

තව ටික වෙලාවක් ගත වෙද්දි රැලි තුන හතරකට මාව යටවෙලා මම තෙමිලා හිටියා වගේම, ඒවගෙන් මාව ගොඩගන්න ඇවිත් තෙහසුත් ඔලුවේ ඉදන්ම නාලා හිටියේ..

මේ වෙලාවෙදි නම් මම හිටියේ තෙහස්ගේ ඉන වටේට අත් යවන්.. මොකද අපිට ඉස්සරහින් ලොකු රැල්ලක් එනවා.. ඔය රැලි ආවම අපිවත් බිම වට්ටලා ඇදගෙන යන හින්දාම මම තෙහස්ව හයියෙන් අල්ලගෙන හිටියේ.. එයත් මාව තදින් අල්ලන් හිටියේ කලින් දෙවතාවේ වගේ මාව පාවෙලා යයි කියලා බයට වෙන්නැති..

මෙහෙමයි සගෝලා.. මගේ ඇගපත තියනවා තමා.. හයිය හක්තියත් තියෙනවා.. තනියෙන් රැල්ලකට මූන දෙන්න බැරි එකෙක් නෙමේ මං.. ඒත් මං කලින් කිව්වා නේද.. එයා ගාවදි මම මාව එයාට භාරදෙනවා කියලා...

රැල්ල අපේ ලගටම එද්දි මම තව තව හයියෙන් එයාව අල්ලගත්තේ ඒ රැල්ල ලන් වෙන්න වෙන්න ලොකු වෙන නිසා..

ඊළඟ තප්පරේ ඒ මහා රැල්ල පොලවේ ජබස් ගාලා වැදිලා ඒ ආව වතුර පාරේ සැරට අපි දෙන්නවම බිමටම වැටුනා..

දඩබඩ ගාලා නැගිට්ට එයා මාව නැගිට්ටවන්න අත දුන්නහම මම ඒ අතේ එල්ලුනත් එකපිට එක ආව ඊලග රැලි දෙකට මාව එහෙමම අහු උනේ වතුරෙන් මාව වැහිලා යද්දි..

හුස්ම ගන්න එක පවා මට අපහසු වෙලා ගියත්, වතුර අස්සට මාව යටවෙලා ගියත්, ආපස්සට ඇදෙන වැලියි,වතුරයි එක්ක මාවත් ඇදිලා ගියත්.. උබලා විශ්වාස කරනවද.. මට කිසි බයක් දැනුනේ නෑ බන්..

මොකද මගේ ඇස් වතුරෙන් උඩ තිබුනු අන්තිම මොහොතේ මම දැක්කා එයා මාව බේරගන්න එයාගේ අතක් කලබලෙන් මගේ දිහාට දික් කරන විදිහ.. මම දන්නවා එයා මාව බේරගන්නවා කියලා.. මට ඒක විශ්වාසයි.. ඒනිසාම මගේ හිතට මෙහෙමයි කියන්න බයක් දැනුනේ නෑ..

වතුරට යටවෙලා හිටපු මට ඇහුනා එයා මගේ නම කියන සද්දේ.. මට නැගිටින්න ඕනේ උන්ත් එකපිටම වැදෙන රැලි එක්ක මට නැගිටග්න්න බැරි උනත්, ටිකෙන් ටික මගේ හුස්ම හිරවෙන විදිහ මට් දැනුනත්.. අවසානෙදි මම ඒ බලාපොරොත්තු උනු දැඩි ග්‍රහණය මගේ අතක තද වෙන විදිහ මට දැනුණා..

එකපාරම මාව උඩට ඇදලා ගත්තු එයා තප්පරයක් පරක්කු නොකර මාව ඒ පපුව අස්සේ හන්ගගත්තේ මම වේගෙන් හුස්ම ගද්දි..

"මැනික.. අනේ රත්තරන් හොදින් නේද.. මං හොදටම බය උනා.. වතුරෙන් වැහුනම මට උබව හොයාගන්න බැරි උනා.. හොදින් නේද.. අමාරුද මැනික..?"

එයා මාව පපුවට තුරුල් කරගෙනම ප්‍රශ්න වැලක් අහගෙන අහගෙන ගියේ මගේ මූනේ හිනාවක් අන්දවලා..

මාව පපුවෙන් ඈත් කරපු එයා මගේ මූන එයාගේ අත් අතරට අරන් අන්තිම් ටික් ඇහුවම මම ප්‍රශ්නයක් නෑ කියන්න ඔලුව දෙපැත්තට කලා..

"අවුලක් නෑ.. දැන් හරි.. ඒවුනාට මම නම් බය උන්නෑ.."

මම එයාගේ අත් අතරේ තිබුනු මගේ මූනේ කම්මුල එයාගේ අත්ලට තද කරගෙන එහෙම කිව්වම එයා ඇස් වලින් ඇයි කියලා ඇහුවා...

"මං දැනන් හිටියා ඔයා මාව බේරගන්නවා කියලා.."

"මගේ රත්තරන්..."

මම හිතන්නේ මම කිව්ව දේ එක්ක එයා සංවේදි උනා.. ඔව්.. මගේ රත්තරන් කියලා මුමුනපු එයා ආපහු මාව එයාගේ පපුවට තද කරගෙන මගේ නලල සිපගත්තා..

මමත් ඒ පපුවට මගේ කම්මුල තද කරන් සැනසිල්ලේ ඇස් පියා ගත්තේ ගව් ගානක දුරක ඉදන් ආපු ලා රැල්ලක් අවසානෙදි වෙරල හමු උනු සතුටට වැල්ල සිපගත්තු නිසා සතුටෙන් විසිරුනු වතුරෙන් අපි දෙන්නවම නෑවෙද්දි..

"දැන් ඇති නේද.. ම්ම්..?"

"අනේ තව ටිකක්.."

"තව බෑ රත්තරන්.. මේ බලන්න වතුර ගිහින් ඇසුත් රතුවෙල.."

"අනේ..."

"අපි වෙනදවසක එමු ආයේ.. තව හිටියොත් ඔයා අසනීප වෙයි වස්තූ.."

"හුම්ම්ම්"

"එන්න යමු.."

අන්තිමේදී පැයක් විතර වතුරේ නටපු මමයි, ඒ හැම වෙලාවකම මාව පරිස්සම් කරපු එයයි වතුරෙන් ගොඩට ඇවිත් වෙරලේ අයිනකට කිට්ටු වෙලා වැල්ලේ ඉදගත්තා..

දැන් හවස් වෙලා නිසා අහසත් කළුවරයි.. ඒ මදිවට මාව සීතලට ගැහෙනවා.. එයාට නම් ගානක්වත් නෑ.. සීතල නැද්ද මන්දා..

මගේම අත්දෙකෙන් මාවම බදාගත්තු මං හකු තද කරන් සීතල දරාගද්දි මට දැනුනා මොනාහරි උනුසුම් දෙයක් මාව වෙලාගන්නවා කියලා..

තෙහස් එයාගේ ජැකට් එකෙන් මාව වහලා, එහෙමම මගේ කරෙන් අතක් දාලා මාව එයාට තුරුල් කරගත්තා.. එයා යද්දි ජැකට් එක මෙතන ගලවලා ගියේ ඇයි කියලා මට දැන් තේරෙනවා..

එයා මං ගැන කෙයා කරන විදිහ, මට ආදරේ දෙන විදිහ ගැන මට වෙලාවකට හිතාගන්න බෑ.. කොහොමද දෙයියනේ කෙනෙක් මේ තරම් ආදරණීය වෙන්නේ..

මමත් එයාට පැත්තෙන් තුරුල් වෙන ගමන් ඒ පපුව අස්සේ මූන ඔබාගත්තා..

ඩෙනිමෙන් එකයි වැලි.. ඒ මදිවට ඔක්කොම තෙමිලා..

"තව ටික්කින් ඇදුම් මාරු කරගමු.."

මාවත් තුරුල් කරන් මගේ ඔලුව උඩින් එයාගේ නිකට තියන් හිටපු එයා අපේ තෙමුනු ඇදුම් දිහා බලලා එහෙම කිව්වත් මම ඔලුව උස්සලා එයා දිහා බැලුවේ අපි ඇදුම් ගෙනාවේ නැති නිසා...

"කෝ..කොහෙද ඇදුම්.."

මම වටපිට බලන ගමන් ඇහුවම එයා හිනා උනා..

"මම ගෙනාවා.."

"ආ..? මං දැක්කේ නෑනේ.."

"ඔයාව එක්ක එන්න කලින් මං ඇදුම් දෙක තුනක් අරන් අන්න අර කඩෙන් තියලා ආවේ.. ඒවත් එක්කම ආවා නම් ඔයා දැනගන්නවනේ අපි කොහෙද යන්නේ කියලා.."

"ඒකියන්නේ ඔයා ඇදුම් තියලා ආපහු මාව ගන්න ආවද.."

මම පුදුමෙන් වගේ ඇහුවම එයා ඔලුව උඩපහල කලා..

"සයිස් ඇතිවෙයි..වරදින්න විදිහක් නම් නෑ.. කමක් නෑ සයිස් වැරදි නම් මාරු කරගමු.."

"ඔයාට..?"

"මමත් ගත්තා.. මට වඩා පොඩ්ඩක් ස්මෝල් සයිස් එකෙන් ඔයාට ගත්තා.. උබ පොඩියට හිටියට බොඩි බිල්ඩර් වගේනේ.."

එයා කිව්වම මම හිනා උනා.. ඇත්ත ඉතින්.. ඕලෙවල් වලින් පස්සේ මම කලේ ගෙදර ඉන්න බැරි කමට ජිම් ගිය එක.. ඒකේ රිසාල්ට් එකක් හැටියට දැන් මගේ ඇග ගානට කට් වෙලා..

"තව ටික්කින් මාරු කරගමු.."

මගේ මූනේ තිබ්බ වැලි ටිකක් පිහලා අයින් කරන ගමන් එහෙම කියපු එයා ආපහු මුහුද දිහාට ඇස් අරන් ගියා..

ඒත් මං කලේ එයා දිහා බලන් හිටපු එක.. මෙහෙම ඉදන් එයා දිහා බලන් ඉද්දි එයාව මාර හැන්ඩ්සම් විදිහට පේන්නේ..

"මගේ නේද.."

එකපාර හිතට ආව සිතුවිල්ලට මම එයා දිහා බලන්ම ඇහුවම එයා ලස්සනට හිනා වෙලා මගේ නලලෙන් හාද්දක් තිබ්බා..

"උබේ විතරමයි.."

"අර ලිතුල්.."

" ඌ නිසා මගේ මැනික දුකින් ඉන්න එපා.. මාව විශ්වාස කරන්න මැනික.. මොන දේ උනත් මං එක්කම ඉන්නවා නේද.."

එයා එහෙම ඇහුවම මම පොඩි එකෙක් වගේ ඔලුව වනලා ඉක්මනින් එයාගේ තුරුලට් පැන්නේ එයා මගේ පිට අතගාද්දි..

විනාඩි ගානක් අපි දෙන්නා එහෙම හිටියත් ඒ තිබ්බ නිෂ්ශබ්දතාවේ බිදින ගමන් එයා කතා කලා..

"අහස අඳුරු කරානේද බබා.. වහියි වගේ"

එයා අහස දිහා බලන් එහෙම කිව්වහම මමත් බැලුවේ අහස දිහා.. මේ කළුවර අහසේ කොහොමද වැහිවලා කුළු හොයන්නේ..?

"මේ රෑ අහසේ අඳුරු වලා හොයන්නේ කොහොමද සුදුමහත්තයො"

මං එහෙම ඇහුවම එයා මගේ දිහා බලලා හිනාවෙලා තව ටිකක් මට ලන් උනා..

"රෑ අහස උනත්.. බලන්න මැනික.. එක තරුවක්වත් පේන්නෑ.. ආ.. අන්න අර හද ගාවින් යන වලාකුල දැක්කද..  ඒක අදුරුයි"

එයා මං ගාවට ඇවිත් අතක් දික් කරකර වැහි වලා ගැන පහදද්දියි මටත් ඒ ක්‍රමේ තේරුන් ගියේ..

"වාහ්. ඔයා නොදන්න දෙයක් නෑනේ සුදුකුමාරයෝ"

"මං හැමදේම දන්නෑ.. ඒත් මගේ මැනික අහන ඕන දේකට මං ගාව උත්තර තියෙනවා.. මං ගාව උත්තර නැත්තන් මං කොහෙන් හරි ඒකට උත්තරයක් හොයාගෙන ඔයාට කියලා දෙනවා"

එයා මගේ නහය ලාවට අල්ලලා දෙපැත්තට හොල්ලන ගමන් හිනාවෙවී කිව්වම මගේ කටින් කිතියට හිනාවක් පැන්නා..

"එහෙනම් මං ප්‍රශ්නයක් අහන්නද.."

මං ඇස් දෙකත් ලොකු කරන් එයාගේ මූනට එබෙන ගමන් ඇහුවම එයා හා කියන්න ඔලුව වනලා මගේ කරෙන් අතක් දාගෙන පැත්තෙන් මාව තුරුල් කරගත්තා..

මමත් ඒ ශක්තිමත් උරහිසකට මගේ ඔලුව බර කරලා මගේ එක අතක් එයාගේ නිදහ්ස් අත එක්ක පටලවගත්තා..

"ඔයා මට කොච්චරක් ආදරෙයිද"

මට පැත්තෙන් පේන ඒ කඩවසම් මූන දිහා බලාගෙන මම ඇහුවහම එයා මූන හරවලා මගේ දිහා බැලුවා..

"ඒ ප්‍රශ්නෙටනම් මං ගාව උත්තර නෑ රත්තරන් .."

"උත්තර නෑ.. ඇයි ඒ මට උත්තරයක් ඕනි"

මං බොරුවට එයාට නෝක්කාඩු කිය කිය එයාගේ අත් බාහුවක් ලාවට කෙනිත්තුවා..

"ඒ දේ වචනෙන් කියන්න බෑ මගේ මැනික.."

එයා මගේ ඇස් දිහා බලන්ම ඒ වචන මිමුනුවේ.. අනේ දෙයියනේ වෙලාවකට මේ මනුස්සයගේ මේ වචන මගේ පපුවට බර වැඩියි..

"ම්හ්ක් ඒකියන්නේ ඔයා මට ආදරේ නෑනේ.. මටෝන්නෑ"

එයාගේ වචන එක්ක මගේ හිත සංවේදි වේගන එනවා තේරුනු නිසා මං අනික් පැත්තට එයාට ගස්සලා දාලා එහෙම කියලා එයාව අහකට තල්ලු කලා..

"ආදරේ නෑ නෙමේ මැනික.. මං උබට වචනෙන් කියන්න බැරි තරම් ආදරෙයි.."

අහක බලාගත්තු මගේ මූන ඒ අත් අතරට අරන් එයාගේ පැත්තට හරව ගත්තු එයා මගේ ඇස් දිහාම බලන් එහෙම කිව්වහම නම් මට ඇඩෙන්න ඔන්න මෙන්න ආවේ මේ ආදරේ දරන්න බැරි තැන..

"මමත් මගේ කුමාරයට නහුතෙටම ආදරෙයි"

"මොකක්"

මං එහෙම කියලා තෙහස්ට ෆ්ලයින් කිස් එකක් දුන්නම තෙහස් අමුතුවට මං දිහා බලන් හිටියේ.. රොමෑන්ටික් සීන් එක ලෙප්ට් උනාත මන්තා..

"ඇයි අනේ.. නහුතේ කියන්නේ ප්‍රකෝරියටත් වැඩි ගානක්නේ.."

"අහ් හරි හරි මට අමතක උනා"

තෙහස් එහෙම කියලා ආයෙම මගේ කරෙන් අතක් දාගත්තා..

"සුදුමහත්තයා"

"ම්ම්"

"ඔයා මට හරියට උත්තරයක් දුන්නෑනේ"

"මොකේටද"

"ඔයා මට කොච්චර අදරේද කියන්නකෝ.. හරි කියන්න බැරිනම් ඔයා ඒකට උත්තරයක් හොයන්නකෝ"

"මන් ගාව උත්තරයක් තියෙනව"

එහෙම කියපු එයා මට හිතන්නත් වෙලාවක් නොදී මාවත් ඇදගෙනම ඒ වැලි පොළවේ දිගා උනේ ඇදුනු වේගෙට මම ගිහින් එයාගෙ පපුව උඩ නතර වෙද්දි..

මේ අවට මිනිස්සු ඉන්නව.. මෙහෙම ඇලීගෙන වෙලීගෙන ඉන්න එක දෙන්නටම හොද නැති නිසා මම දඩිබිඩි ගාලා එයාගේ ඇග උඩින් අයින් වෙන්න දැගලුවත් එයා මගේ පිටට අත තියලා මට නැගිටින්න නොදී මාව තවත් එයාගේ ඇගට බරකරගට්තා..

මමත් එහෙමම ඉද්දි එයා මගේ ඔලුව එයාගේ පපුව උඩට තද කරහම කොයිවෙලෙත් මේ උනුහුම හොයන මාත් වටපිටාව මොහොතකට අමතක කරලා ඒ පපුව උඩට මගේ ඔලුව වාරු කරා..

"අහන්න"

"ආහ්?"

"අහන්න ඒ සද්දේ.. මගේ පපුව ගැහෙන මොහොතක් පාසා වෙන්නේ උබ ගැන ආදරේ වැඩිවෙන එක වෙනකොට මන් කොහොමද රත්තරන් උබට ඒක වචනෙන් කියන්නේ...?"

මම ගොළු උනා.. මෙච්චරවෙලා එයා එක්ක හුරතල් වෙවී හිටපු මගේ හදවත වගේම වචනත් ගොළු උනා.. ඒ වෙනුවට කතා කලේ මගේ ඇස් වෙද්දි මට මුරන්ඩු වෙච්ච කදුලු බින්දුවක් මගේ කම්මුලක් සිපගෙන ගිහින් වැටුනේ එයාගේ පපුව මතට..

මට මේ ආදරේ බර වැඩියි තෙහස්... බර වැඩියි...

ඒනිසයි මම වෙනුවට මගේ ඇස් කතා කලේ.. උබේ ආදරේ දරන්න බැරි තැන මම වෙනුවෙට මගේ ඇස් උබට උත්තර බැන්දේ..

-------------------------------------------------
Me is back 😎

හායි ලමයි..

නැ නැ මේක ඉවර නැ

තව සීන් දෙකක් තියෙනවා ටයිප් කරන්න.. ඒත් මේක 6500+

මේක තව දික් උනොත් ඔයාලටත් අපහුයි.. ඒනිසා මම ඊලග එක අද හවසට දාන්න full try කරන්නම්.. දන්නවනේ අවුරුදු නිසා එහෙ යනව මෙහෙ යනව..

මට චැපිය ගැන අදහ ඕනේ ලමයි..

කොහොමද මේක හොදයිද..

ඊලග එක විශේශයි.. ඒ නිසා කියවන්න රෙඩි වෙලා ඉන්ඩලා..

කලිම් චැප්ටර් මගෑරුනු ඔලුබක්කො ඉන්නවනම් එවත් කියවල එන්න..

තෙහස් ගැන මොකද හිතන්නේ.. නෙතුන් ගැන..??

මේ බීච් සීන් එක ටයිප් කරන්න මම බීච් එකටත් ගියා.. බලම්න ඕතරි කොච්චර හොදද කියලා.. හැබැයි මට තෙහස් කෙනෙක් නම් හිටියෙ නෑ.. ඒත් අප්පච්චි හිටියා❤️ ඔයවගේම මාවත් තුන් හතර වතාවක් ගිල්ලිලා ගියත් මට බයක් දැනුන්නෑ ඒනිසා...❤️

ආ ලමයි මේ ටිකේ තෙහස්ට සෑහෙන ඉල්ලුම 😁

🌝👉👈🥹🩷


ගිනි ගෙඩි දෙඤ්ඤං 🥹

හිතන්න යමක් 😌

එහෙනම් මන් ගියා.. මේ ඔක්කොම ishuBearishubea නන්ගා තමා හදලා එවන්නේ..
🩷

HHappy new year everyone 🩷

Continue Reading

You'll Also Like

32.6K 1.5K 21
abhira fans pls stay away from this story it's a abhirohi story ... peep into know more ...
23.1K 3.8K 37
" අහලා තියනවද අශස්....තෝඩු තෑගි දෙන්නෙ උරුමක්කාරයො උනාට මල් තෑගි දෙන්නෙ හිමිකාරයෝ කියලා.... " ආරුල් අයියාගෙ වචන වලට මගෙ බඩේ සමනල්ලු පියාඹනවා වගේ දැනෙ...
2.2K 286 20
E book covers for any platform Youtube thumbnails for YT fanfictions Anything!
436K 16.9K 27
This book is a sequel to His Miracle Mate. *** **** *** Orla learns the secret of her ancestry, a secret that will make her a target if reveal...