Bloody Moon - Taekook Nonfic

By IJJKTHV

7.2K 1K 4.4K

Werewolf කතාවක් සිංහල නම්,ගම් එක්ක ලංකාවේ style එකට කියවමුද..?😌 Bloody Moon - Taekook - Top - Tae - (Power)... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
New Stories
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Dear Readers..
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31

Chapter 22

186 32 372
By IJJKTHV

Author's POV

"හරි.. දැන් ඔයාලට තේරෙනවනේ හව්ල් ව්‍යාපරයක් කියන්නේ මොකක්ද කියලා.. මේ බෝඩ් එකේ~"

"Excuse me teacher.."

ව්‍යාපාර අධ්‍යනය විෂය බාර ගුරුතුමියගේ පාඩම් මගින් නැවතුනේ පන්තියේ දොර ගාවින් ආපු කෙනෙක්ගේ ආමන්ත්‍රණය නිසා..

"Yes?"

"මේ පන්තියේ ඉන්න prefects ලට main hall එකට එන්න කිව්වා.. meeting එකකට.."

"හරි පුතා.."

තමං අරන් ආපු පණිවිඩය ගුරුතුමියට දුන්නට පස්සේ ඒ ළමයා ආපහු යන්න හැරුණා..

"තෙහස්.. සදකැළුම්.. පුතාලා ගිහින් බලලා එන්න.. ආවම නෝට් එක දාගන්න මතක ඇතුව"

ගුරුතුමිය තෙහසුයි සදකැළුමුයි දිහා බලලා එහෙම කිව්වේ 12B ප්න්තියේ ප්‍රිෆෙක්ට් ලට ඉන්නේ ඒ දෙන්නා විතරක් හින්දා..

හිස සලමින් ගුරුතුමියට අවනත වෙච්ච ශිෂ්‍ය නායකයන් දෙදෙනා තම තමන්ගේ පුටු වලින් නැගිට්ටේ එලියට යන්න..

"මං ඉක්මනින් එන්නම්"

තමන්ගේ එහා පැත්තේ පුටුවේ ඉදන් තමන් දිහා බෝල ඇස් වලින් බලන් ඉන්න එයාගේ ආදරවන්තයාට එහෙම කියලා උරහිසට තට්ටුවක් දාපු තෙහස්, සදකැළුම් එක්ක පන්තියෙන් පිටත් උනා..

ඔව්න් දෙදෙනාම main hall එක දෙසට යන කොටත් ඒ වන විට main hall එක ප්‍රිෆෙක්ට්ලගෙන් රැස් වෙලා තිබුනේ..

ඉතින් මේ දෙන්නත් ගිහින් ඒ අතරට එකතු වෙලා ටික වෙලාවක් ගියාට පස්සේ ශිෂ්‍ය නායක කමිටු භාර සර් ළමයින්ගෙ අවධානය තමන්ගේ අතට හරවගත්තා..

"ඔයාලා හැමෝම දන්නවනේ අපේ අවුරුදු උත්සවේ ගැන.."

සර් එහෙම ඇහුවම ළමයි හැමෝම ඔලුව ඉහල පහල කලා..

"මේ පාරත් අවුරුදු උත්සවේ සංවිධාන වැඩ කටයුතු වලින් ලොකු කොටසක් පැවරිලා තියෙන්නේ අපිට.. ඒකියන්නේ ශිශ්‍ය නායක කමිටුවට.. ඉතින් අපිට ඔයාලා හැමෝගෙම සහයෝගය ඕනේ වෙනවා..

ඔයාලගේ අතට තව ටීක්කින් schedule එක හම්බෙයි.. ඒකේ තියන තරග වලින් හතර පහක්ම සංවිධානය කරන්න පැටවිලා තියෙන්නේ අපිට.. ඒ විතරක් නෙවෙයි එදාට දෙන්න හිතන් ඉන්න බීම දන්සැලේ වැඩ ටිකයි, අවුරුදු චාරිත්‍ර වලට අදාල වැඩ ටිකයි තියෙන්නෙත් අපේ අතේ.. ඉතුරු දේවල් අපි එක එක සෙක්ශන් අතරට බෙදලා දීලා තියෙන්නේ.."

සර් එහෙම කියලා ඉවරවෙනවා එක්කම හැමෝගෙම අතට ප්‍රින්ට් කරපු ඒ ෆෝ කොළය ගානේ ලැබුණා.. ඒකේ තිබුනේ අවුරුදු උත්සවේ schedule එක..

ළමයි හැමෝගෙම අතට schedule එක ලැබුනා කියලා තහවුරු කරගත්ත සර් ආපහු වතාවක් සභාව ඇමතුවා..

"හරි ළමයි.. ඕකේ තියෙන තරග වලින් කඹ ඇදීම, අන්ධයාට කිරි කැවීම, කනා මුට්ටි බිදීම, සංගීත පුටු තරගයයි කොට්ට පොර කියන තරග ටික තමා අපිට organize කරන්න තියෙන්නේ..

අපි ප්ලෑන් කරන් ඉන්නේ දහ වෙනිදට උත්සවෙ තියන්න.. ඉතින් ඊටකලින් ඔය දේවල් අපි සූදානම් කරගන්න ඕනේ..

දැනට කියන්න තියෙන්නේ එච්චරයි.. ඉදිරියේදි අපි මේ වැඩ ටික ගැන සාකච්චා කරගමු.. වට්සැප් ගෲප් එකත් තියනවනේ අපේ.. දැන් පන්ති වලට යන්න.."

සර් එහෙම කියන ගමන් ළමයි ගොඩට ඇවිදන් ඇවිත් හෙඩ් ප්‍රිෆෙක්ට් එක්ක තව දේවල් කතා කරන්න ගත්තහම හැමෝගෙම අවධානේ යොමුවෙලා තිබ්බේ schedule එකේ තිබ්බ එක තරගයක් දිහාට..

"අවුරුදු කුමාරි.."

"මේක බෝයිස් එකක්නේ බන්"

"ඉතින් මොකද වෙන්නේ උබට උනත් පොල්කටු දෙකක් තිබ්බනම් සෙම්සි කෑල්ල"

"අනේ පලයන් යන්න"

"ඇයි උබලට මතකද ගියපාර අවුරුදු කුමාරියො සෙට් එක"

සදකැළුම් එහෙම කියන ගමන් බඩ අල්ලන් හිනාවෙන්න ගත්තේ ගියපාර අවුරුදු කුමාරි වින් කරපු රුමාල් උන් දිහා බලලා හොදවයින් රවද්දි..

"මට නිකන් ඒ සුන්දර දසුන් මැවි මැවි පේනව වගේ බන්"

සදකැළුම් හොරැහින් රුමාල් දිහා බලලා එහෙම කිව්වහම අනික් කට්ටියත් ඔක්කොම ඒකට උල්පන්දම් දිදී හිනා උනා...

"මේ පාර කවුරු කවුරු ඉදිරිපත් වෙයිද දන්නෑ.."

සහන් හිනා වෙන එක නවත්තලා එහෙම කිව්වේ අනික් අයත් නිකටේ අත් තියන් කල්පනා කරද්දි..

"අඩේ ශෙවෝන්.. මට උගෙ පන්තිය මතක නෑ පොර නම් මරු ආ.. පස්ස වන වන යනව දැක්කම ආසාවේ බෑ ඕයි.."

ඒ චරිත.. ස්කෝලේ කවුරු කෙල්ලෙක් වගේ ඇන්දොත් ලස්සනට තියෙයිද කියලා කල්පනා කරපු චරිතට මතක් උනේ දවසක් තමන් ශෙවෝන්ට නොහොබිනා කතාවක් කිව්වට පස්සේ තමන්ට හොදටම බැනලා පස්ස වන වන ගිය ශෙවෝන්ව මතක් වෙලා..

ශෙවෝන් කියන නම ඇහෙනවත් එක්කම ශෙඩියුල් එකට අවධානේ දීගෙන හිටිය තෙහස්ගේ අවධානය වෙනස් උනත් එයා ඒක ලොකුවට ගනන් නොගත්තේ චරිත කියන්නේ විනෝදකාමි කෙනෙක් නිසා..

"උබ ඔය කියන්නේ කොමස් එකේ එකා නේද.. අර කොට ඩයල් එක.."

"ඔව් ඔව් ඌ තමා.."

"ඒ.. ඌව්ගේද බං උගේ යාලුවා.. ඌ අර නිතර ඉන්නේ උස සුදු කෙට්ටු එකෙක් එක්ක.. උගේ කඳ මරු බන් ආසාවේ බෑ.. ඌ නම් කෙල්ලෙක්ට ඇන්දොත් රියල් කෙල්ලොත් පරාදයි මචන්.."

තිනුල තමන්ගේ යටිතොල පිරිමදින ගමන් අමුතු විදිහට එහෙම කිව්වහම නම් තෙහස්ගේ අවධානය සම්පූර්ණෙන්ම තිනුල දිහාට යොමු උනා..

අතේ තිබ්බ ඒ ෆෝ කොලේ හතරට පහට නවලා සාක්කුවේ දාගන්න ගමන් තෙහස් බර අඩි තියන ගමන් එකට රොක් වෙලා කියවන කොල්ලො අතරට ගියා..

"ආ මේ ඉන්නේ.. මම දැකලා තියනව ඌ උබ එක්කත් ඉන්නවා.. උබේ යාලුවෙක්ද ඒ.. මට නම මතක නෑ ඕයි.. නෙතුන්ද කව්ද.."

නෙතුන් කියන නම ඇහෙනවත් එක්කම තමන් අනුමාන කරපු දේ සීයට සීයක් නිවැරැදි කියලා තහවුරු කරගත්තු තෙහස්ගේ ඇස් ලා තැඹිලි පාටකට හැරුණු විදිහ එතන හිටිය කිසි කෙනෙක්ට නෝට් උනේ නෑ..

"ඔව් ඌ මං එක්ක තමයි ඉන්නේ.. මොකක්ද දැන් උබට ඌ ගැන තියන අමාරුව..?"

තෙහස් උපරිම සන්සුන් විදිහට එහෙම ඇහුවේ තිනුල ඇවිත් තෙහස්ගේ කරට අතදාගද්දි..

"අමාරුව කියන්නේ.. ඌ කෙල්ලෙක් විදිහට ඇන්දොත් නම්.. මට මාවම කන්ට්‍රෝල් නැති වෙයි මචන්.. ඌ කොල්ලෙක් විදිහට ඉද්දිත් ඒ තරම් මාව පිස්සු වට්ටනවම්.. ම්ම්හ් එක දවසකට ඌව යටකරගන්න~"

එතනින් එහාට තිනුලගේ වචන නැවතුනේ තෙහස්ගේ නහර පිරුණු ශක්තිමත් අතක් ඇවිත් තිනුලගේ කම්මුලක් උඩ නැවතුන නිසා..

අනපේක්ෂිත ප්‍රහාරය එක්ක තිනුල අඩි දෙක තුනක් පස්සට විසිවෙද්දි ඒ අවට හිටිය හැමෝගෙම අවධානේ ඒ දෙන්නට යොමු උනා..

"පාහර බල්ලා මොකක්ද තෝ ඒ කිව්වේ.. ආයේ කියපිය බලන්න.. කියපිය ඉතින්.."

ආපහු වතවක් තිනුලගේ ඇගට කඩන් පැන්න තෙහස් තිනුලගේ කොලර් එකෙන් ඇදලා ගත්තේ මහ හයියෙන් කෑ ගහන ගමන්..

මේ වෙද්දි හුගක් දෙනා තමන්ගේ පන්ති වලට පිටත් වෙලා තිබුනා වගේම කමිටුව භාර සර් පවා පිටවෙලා තිබුනා..

"තෙහස් මොකද මේ.. මූව අතෑරපන් යකෝ මරන්නද හදන්නේ.."

තෙහස්ගේ අතේ ග්‍රහණය එන්න එන්න වැඩිවෙද්දි කොලර් එකට තද වෙන බෙල්ලෙන් දැනුනු වේදනාවට හුස්ම ගන්න එක පවා අපහසු වෙච්ච තිනුල කහින්න ගත්තේ සදකැලුම් ඇවිත් තෙහස්ව පස්සට අදිද්දි..

"මරන්න..?? ඔව් මං අද මූව මරලා දානවා.. වේ# බල්ලා"

තමන්ගේ බද වටේට අත් යවලා තමන්ව පිටිපස්සට අදින ගමන් හිටපු සදකැළුම්ගේ ග්‍රහණෙන් බේරෙන්න උත්සාහ කරන ගමන් තෙහස් කෑගැහුවේ ඒ බෙල්ලේ නහර පවා ඉලිප්පෙද්දි..

"ඕකව අතෑරපන්.. තෙහස්.."

චරිත් දුවගෙන ඇවිත් තෙහස්ගේ අත් වලින් තිනුලගේ කොලර් එක ගලවගන්න උත්සාහ කරන ගමන් කෑගැහුවා..

ඒත් තෙහස් හිටියේ එයාගේ වටපිටාවේ වෙන කිසිදේකට අවධානේ දෙන්න පුලුවන් තත්වෙක නෙවෙයි.. තිනුලගේ ඇස් දිහාම බලන් ඇස් වලින් තිනුලව පුච්චලා දාපු තෙහස්ගේ ඇස් වල පාට සම්පූර්ණයෙන්ම තැඹිලි පාටකට හැරිලා තිබුනා..

"උ..උබේ.. ඇ..ඇස් ඒව.. තැඹිලි.. පාටයි.. උබේ.. ඇස්.."

ඒත් ඒ එක්කම වගේ තමන්ගේ බෙල්ල හිරවෙනවා කියන එකත් තිනුලට එකපාර අමතක වෙලා ගියේ එයා තෙහස්ගේ ඇස් දැකපු වෙලාවේ..

සාමාන්‍ය දුඹුරක් තිබ්බ තෙහස්ගේ ඇස් ටිකෙන් ටික තැඹිලි පාටට හැරෙන විදිහ තිනුලට හොඳින්ම නිරීක්ෂණය වෙද්දි ඔහු අමාරුවෙන් වචන පටලන් තෙහස්ගේ ඇස් ගැන කිව්වත් ඒක ඒ අවට හිටිය කිසි කෙනෙක්ගේ කනට ඇහුණේ නෑ..

ඒත් තීව්‍ර සවන් දෙකක් තිබ්බ තෙහස්ගේ කන් වලට ඒ වචන ටික බොහොම පැහැදිලිව ඇහෙද්දි ඔහු තිනුලගේ කොලර් එක අතෑරලා දාලා තිනුලව පස්සට තල්ලු කලා..

"තෝ ආයේ එක ඇහැක් ඇරලා ඌ දිහා බැලුවොත්.. මං උබව ඉතුරු කරන්නේ නෑ.. හොදට මතක තියාගනින් හීනෙකින් හරි උබ උට ලන් වෙන්න හැදුවොත් ඒක උබ දකින අන්තිම හීනේ වේවි.."

රෞද්‍ර විදිහට ගොරෝසු කටහඩකින් තිනුල දිහා බලන් හිටපු තෙහස් තමන්ගේ ඇගිල්ලක් දික් කරන ගමන් එහෙම කිව්වහම සදකැලුම් තෙහස්ව ආපහු පස්සට ඇද්දා..

"මොකක්ද බන් උනේ උබට.. පිස්සු හැදීගෙන එනවද.."

බිම වැටීගෙන අමාරුවෙන් කහින තිනුලගේ පිට අතගාන ගමන් චරිත් තෙහස් දිහ බලලා කෑගහලා ඇහුවමයි තෙහස්ට ඒ වැඩේ බරපතලකම තේරුනෙ..

මං දැන් මොකක්ද කරන්නේ.. මොකක්ද මුන්ට කියන්නේ.. එයාගේ ඔලුව වැඩ කලේ ඒ වචන ටික.

"යකෝ තමන්ගේ හොදම යාලුවා ගැන එහෙම කැතකතා කියද්දි කොයි එකාටද් කියපන් ඉවසන්න පුලුවන්.. උබට පුලුවන්ද..?"

තෙහස් චරිත්ට නොදෙවෙනි හඩකින් කෑගහලා එහෙම කිව්වම හැමොම තමන්ගේ කටවල් පියාගත්තේ මෙතන වරද තිනුලගේ කියලා දන්න නිසා..

"හරි දැන් යමු.."

සදකැළුම් තෙහස්ගේ වැලමිටෙන් ඇදගෙන එතනින් පිට උනේ තවත් එතන රැදෙන එකෙන් වෙන්නේ රන්ඩුව දුර දිග යන එක නිසා..

මේන් හෝල් එකෙන් එලියට අඩියක් තියන්න කලින් ආපහු හැරිලා තිනුල දිහා බලපු තෙහස් කටකොනෙන් හිනාවේගෙනම මේන් හෝල් එකෙන් එලියට ආවා..

"උගේ ඇස්.. පාට වෙනස් උනා.."

තෙහස්ගේ පාට වෙනස් වුනු ඇස් දෙකම විතරක් තමන්ගේ මනසේ හොල්මන් කරද්දි තිනුලගේ කටින් පිට වුනේ ඒ වචන විතරයි..

"ඇයි එහෙම වෙන්න ඌ යකෙක්ද.. තෝ බයට විකාර දැකලා මෙහෙ වරෙන් ය්න්න.."

තිනුලට බැනපු චරිත් තිනුලව වාරු කරන් නැගිටිද්දි ඒක තමන්ගේ බයනිසා දැක්ක දෙයක් කියල තමන්ටම් අවධාරණය කරගන්න ගමන් තිනුල චරිත්ට බර උනා..

.

.

.

"මම පොඩ්ඩක් ලයිබ්‍රි එක පැත්තට ගිහින් එන්නම්.. අවුලක් නෑනේ"

"නෑ පලයන්"

මේන් හෝල් එකෙන් එළියට ඇවිත් ටික දුරක් ආපු සදකැළුම් තෙහස්ගේ වචනත් එක්ක ලයිබ්‍රි එක දිහාවට දුවන්න ගත්තා..

සදකැළුම් දිහාට බැල්මක් හෙලපු තෙහස් ආපහු ඉස්සරහට අඩි තියන ගමන් තමන්ගේ පන්තියට යන්න හැරුණා..

ඒත් ඔෆිස් එක ඉස්සරහින් යනවත් එක්කම තමන්ට කතා කරපු හඩක් නිසා තෙහස් එතනම නැවතිලා බැලුවේ ඔෆිස් එක ඇතුල..

"තෙහස් පුතා පොඩ්ඩක් මෙහාට එන්න"

දොළහ වසර  සෙක්ශන් එක භාරව හිටිය සර් තෙහස්ට ඔෆිස් එක ඇතුලට කතාකරහම තෙහස් හොද හුස්මක් ගත්තේ කලින් සිද්ධ වෙච්ච රන්ඩුවේ අතුරු ඵලයක් විදිහය මේක භාරගන්න ගමන්..

ප්‍රින්සිපල්ගෙන් මොනවිදිහේ බැනුමක් අහන්න උනත් තෙහස් කීයටවත් තමන් කරපු දේ ගැන අංශු මාත්‍රයක්වත් පසු තැවුනේ නෑ..

තමන්ගේ ඉස්සරහ ඉදන්ම තමන්ගේ එකම ආදරය ගැන ඒ විදිහේ කුණු කතා කියද්දි ඉවසන්න පුලුවන් සැබෑ ප්‍රේමවන්තයෙක් මේ ලෝකේ ඇතියි කියලා මම හිතන්නේත් නෑ..

අවුල් වෙලා තිබුණු හිසකෙස් අතරින් ඇගිලි යවලා කොන්ඩේ හදාගත්තු තෙහස් ඔෆිස් එක ඇතුලට ගිහින් අංශ භාර සර් ගාවට ගියා..

"පුතා 12...?"

"12 B sir"

"Commerce?"

"Yes sir"

"හරි එහෙනම්.. පුතා මං ඔයාට කතාකලේ මෙන්න මේ ළමයව අදුන්වලා දෙන්න.."

අංශ භාර සර් එහෙම කියන ගමන් හැරුනේ පිටිපස්සට..

"මෙයා අලුතෙන් අපේ ඉස්කෝලේට ආවේ.12B පන්තියට තමා වැටුනේ.. ඔයා දැන් පන්තියටනේ යන්නේ මෙයාවත් ඔහොමම එක්ක යන්න පුතා.."

අංශ භාර සර් එහෙම කිව්වට පස්සේ තෙහස් ඔලුව දාලා බැලුවේ කව්ද ඒ ළමයා කියලා.. තෙහස් සර්ගේ පිටිපස්ස බලනකොට සර් පිටිපස්සේ හිටිය ඒ අලුත් ළමයා තෙහස් එක්ක හිනා උනත් තෙහස් ඒක නොදැක්ක ගානට සර් දිහා බැලුවා..

ඒ අලුත් ළමයා හැඩරුවෙන් තරමක් මිටියි.. ශෙවෝන්ටත් වඩා මිටියි කිව්වොත් හරි.. මහතත් නැති කෙට්ටුත් නැති ශරීරයක් තිබ්බ ඒ ළමයගේ මූන නම් තරමක් හුරුබුහුටියි..

පිම්බුනු කම්මුල්,ලොකු ඇස් තිබුනු ඒ ළමයගෙන් පෙනුනේ කඩව්සම් බවට වඩා හුරුබුහුටි බවක් උනත් තෙහස්ට නම් ඒ කෙනාව කොහෙත්ම හුරුබුහුටිවට පෙනුනේ නෑ..

කොහොමත් මේ ලෝකේ හුරුබුහුටිම පුද්ගලයා තෙහස්ගේ ඉස්සරහට ආවත්, තෙහස්ගේ ඇස් වලට හුරුබුහුටිව පේන්නේ ඒ මන්දාකිණි ඇස් වල අයිතිකාරයාව විතරමයි..

මූන පුරවලා කට දෙපැත්තට කරල හිනාවෙච්ච ලමයව තෙහස් සතේකට මායිම් නොකර සර් දිහාට හැරුනෙත් ඒ නිසාමයි..

"හරි සර් මං එක්ක යන්නම්"

තෙහස් එහෙම කිව්වහම අංශභාර සර් පිටිපස්සට හැරිලා අර ළමයගේ අතට ෆයිල් එකක් දෙන ගමන් තෙහස් එක්ක හිනාවෙලා එතනින් ගියා..

"එන්න"

කිසිම තෙතමනයක් නැති සීතල කටහඩකින් අලුත් ළමයව ආමන්ත්‍රණය කරපු තෙහස් ඒ ළමයා තමා එක්ක එනවද නැද්ද කියලවත් හැරිලා නොබලා ඔෆිස් එකෙන් එලියට ඇවිත් පන්තිය දිහාවට ඇවිදන් ගියා..

එකපාර තෙහස් එන්න කියාගෙන එලියට ගියාම උනේ මොකක්ද කියලා ටික වෙලාවක් හිතපු ඒ ළමයා දුවගෙන ඔෆිස් එකෙන් එලියට ගියේ තෙහස් ම්ගෑරුනොත් කියන බයට..

ෆයිල් එකත් තුරුල් කරගෙන තෙහස් ගාවට දුවගෙන ආපු ළමයා හති අරින ගමන් තෙහස්ගේ මට්ටමේම ඇවිද්දා..

"ඔයා කොහොමද ඔච්චර වේගේන් ඇවිදින්නේ.."

ඒ ළමයා හති හල හලම එහෙම ඇහුවත් තෙහස් එයා දිහා බලන්නවත්, ඒකට උත්තර දෙන්නවත් කිසිම මහන්සියක් ගත්තේ නෑ..

"Anyway, I'm Lithul Pahasara.. Nice to meet you"

තෙහස්ගෙන් උත්තරයක් නොලැබුනු තැන මූන හකුලගත්තු ලිතුල්, එහෙම නැත්තන් ඒ ළමයා, ඇවිදින එක නවත්තලා තෙහස් දිහාට හැරිලා එයාව අදුන්වලා දෙන ගමන් තෙහස්ට අත දික් කලා..

කෙනෙක් තමන්ව අදුන්වලා දෙද්දි ඒ දේට අවධානය නොදී ඉන්න එක තරමක් පහත් ක්‍රියාවක් වෙච්ච නිසාම තෙහස් ලොකු හුස්මක් පාත දාලා ලිතුල් දිහාවට හැරෙන ගමන් තමන්ගේ අත් දෙක පිටිපස්සට බැදගත්තේ මූ නම් මහා වාතයක් කියලා හිතන ගමන්..

"I'm Thehas"

පුරුදු සීතල කටහඩෙන්ම එහෙම කිව්ව තෙහස් ආපහු ඉස්සරහට යන්න හැරුනත් එයා දැක්කා අර ළමයා එයා දික් කරන් ඉන්න අත දිහා බලලා, තෙහස්ගේ මූන දිහා බලනවා..

ලිතුල් ඒ ඉගි කලේ තමන්ට අතට අත දෙන්න කියලා කියන එක තේරුම් ගත්තු තෙහස් ඉස්සරහට තිබ්බ අඩිය පිටිපස්සට නොගෙනම ලිතුල් දිහාට හැරුණා..

"අවශ්‍ය නෑ"

ලිතුල් දිහාට දැඩි බැල්මක් හෙළන ගමන් එහෙම කියපු තෙහස් ලිතුල්ව සතේකට ගනන් නොගෙන ඉස්සරහටම ඇවිද්දා..

"මහ මොකෙක්ද මන්දා"

තෙහස්ට දෙස් තිය තිය ලිතුල්, තෙහස්ගේ පස්සෙන්ම පන්තියට ගියා..

පන්තිය ගාවටම ආපු තෙහස් ආයේ දෙපාරක් නොහිතා කිසිම එක්ස්කියුස් එකක් නැතුවම පන්තියට ඇතුල් උනේ පන්තියේ ළමයි කෑගහපු තාලෙත් එක්ක පන්තියේ ගුරුවරයෙක් නැති බව තේරුම් ගත්තු හින්දා..

පන්තිය ඇතුලට එනවත් එක්කම තෙහස්ගේ හැගීම් රහිත ඇස් එකපාර දිලිසෙන්න ගත්තේ ඒ හේසල් පැහැ ඇස් දෙක මන්දාකිණි ඇස් දෙකක් එක්ක එකට පැටළුණු හින්දා..

ලිතුල් දිහාට එක බැල්මක්වත් නොදාපු තෙහස් කෙලින්ම ඇවිදන් ගියේ නෙතුන් දිහාට වෙද්දි ලිතුල් උඩ බිම බලන්න ගත්තේ තමන් ඉන්නේ 12B පන්තියේද කියලවත් එයා නොදන්න නිසා..

"මේ මේක ද 12B එක"

"ඔව් ඇයි.."

ලිතුල් ඉස්සරහම මේසේ හිටිය චනුකගෙන් එහෙම් ඇහුවම චනුක ඒකට උත්තර දීලා ආපහු ප්‍රශ්නයක් ඇහුවා..

"මම අලුතෙන් ආවේ.. ඔයාලගේ පන්තියට්"

"යෝ යෝ මෙන්න අලුත් පගෙක් ඇවිල්ලා"

ලිතුල්ගේ උත්තරේ ඇහෙනවා එක්කම චනුක මුලු පන්තියටම ඇහෙන්න හයියෙන් කෑගැහුවේ ලිතුල්ව අමතපු වචනේ ඇහිලා ලිතුල්ව රතු වෙද්දි..

චනුකගේ සද්දේ එක්ක හැම කෙනෙක්ම තමන් කර කර හිටපු වැඩ නවත්තලා ලිතුල් දිහා බැලුවම ලිතුල් ලැජ්ජාවෙන් බිම බලාගත්තා..

ඒවෙලාවේ තමයි නෙතුන්ගේ අවධානයත් ලිතුල් දිහාට යොමු උනේ..

"ඔයා එක්ක නේද ආවේ..?"

නෙතුන්, ලිතුල් දිහාම බලාගෙන තෙහස්ගෙන් එහෙම ඇහුවට පස්සෙයි තෙහස් ලිතුල් දිහා බැලුවේ..

එච්චර වෙලා තෙහස් හිටියේ නෙතුන් තොල් උල් කර කර හුරතල් නොවී හුරතලේට කියපු කතා අස්සේ හිරවෙලා..

"ම්ම් ඔව්"

තෙහස් එහෙම කියනවත් එක්කම ලැජ්ජාව නිසා බිමට හැරවිලා තිබුණු ලිතුල්ගේ ඔලුව ආයාසයෙන්ම තෙහස්ගේ දිහාවට යොමු උනේ එයා මේ පන්තියේ අදුනන එකම ළමයා එයා වෙච්ච නිසා උනත් තෙහස් තමන්ගේ ඇස් මගෑරලා නෙතුන් දිහා බැලුවම ඊලගට ලිතුල්ගේ ඇස් යොමු උනේ තරහෙන් තමන් දිහා බලන් ඉන්න නෙතුන්ගේ ගාවට..

අලුත් ළමයා කව්ද කියලා බලාගන්න ලිතුල්ගේ දිහා බලන් හිටපු නෙතුන්ගේ සූක්ෂම ඇස් දෙක දැක්කේ ලිතුල්ගේ ආයාචනාත්මක ඇස්.. නෑ.. ලිතුල්ගේ ලෙන්ගතු භාවයක් තිබ්බ ඇස් දෙක තෙහස්ගේ දිහාවට හැරෙන විදිහ..

ඒ එක්කම එක තප්පරයකින් නෙතුන්ගේ ඇස් වලින් ගිනි පිටවෙන්න ගත්තේ ඒ එක්කම ලිතුල් නෙතුන් දිහා බලද්දි..

නෙතුන් තමන්ගේ ගිනි පිටවෙන ඇස් වලින් ලිතුල් දිහාම බලන් ඉද්දි ලිතුල් ලාවට කටකොනකින් හිනාවක් නගාගත්තේ නෙතුන් දිහා බලාගෙනමයි..

ඒ දේත් එක්ක නෙතුන්ගේ තරහවේ පාලනය එයාගෙන් මිදෙන්න ගත්තේ නෙතුන්, ලිතුල් දිහා බලාගෙනම හෙමින් සැරේ තෙහස්ගේ උරහිසකට වාරු වෙද්දි..

තමන්ගේ අතක් වටේට එතෙන නෙතුන්ගේ අත් දෙක දිහා බලපු තෙහස්ගේ මුවෙන් සිහින් සිනාවක් පිට උනේ එයාගේ මේ ආදරනීය ඊරිසියාකාරයා වෙනුවෙන්..

ලිතුල් දිහාම බලාගෙන මොහොතකට ඒ ඇස් මග නොඇරි නෙතුන් තෙහස්ගේ උරහිසකට වාරු වෙලා තෙහස්ගේ අතක් තමන්ගේ අත් දෙකෙන්ම බදාගෙන තෙහස්ගේ අතැගිලි තමන්ගේ අතැගිලි එක්ක පටලව ගත්තා..

මේ වෙලාවෙදි හැමෝගෙම අවධානේ ලිතුල්ට යොමුවෙලා තිබුනු නිසා ඇලීගෙන වෙලීගෙන ඉන්න කපල් එකට අවධානය ලැබුනේ දෙන්නෙක්ගෙන් විතරයි..

එක්කෙනෙක්, නෙතුන්ගේ ටාගට් එකෙ උනු ලිතුල් වෙද්දි අනික් කෙනා ශෙවෝන් උනා..

ශෙවෝන් දැක්කා ලිතුල්ගේ ඇස් තියෙන්නේ කොහෙද කියලා.. ඒනිසාම ශෙවෝන් එහාපැත්ත බැලුවම එයා දැක්කේ තෙහස්ගේ ඇගට වාරුවෙලා ගින්දර ඇස් වලිම් ලිතුල් දිහා බලන් ඉන්න නෙතුන්ව..

නෙතුන් මෙහෙම හැසිරෙන්න නම් අනිවාරෙන් මොනාහරි බරපතල දෙයක් වෙන්නැති කියලා අනුමාන කරපු ශෙවෝන් ආපහු ලිතුල් දිහා බැලුවා..

ලිතුල්, තෙහස් දිහයි නෙතුන් දිහයි බලන් හිටියේ තාමත් ඒ කට කොනෙන් රදවගත්තු ලා හිනාව එක්ක..

මේවෙද්දි නෙතුන්ව තේරුම් ගත්තු තෙහස් පවා හෙමින් සීරුවට නෙතුන්ගේ හිස් මුදුනෙන් හාද්දක් තවරනවා එක්කම ලිතුල්ගේ ඇස් කේන්තියෙන් වගේ දිලිසෙන්න ගත්තා..

තමන්ගේ උත්සාහය සාර්ථක වෙච්ච එකේ සතුටට නෙතුන් අල්ලන් හිටිය තෙහස්ගේ අත මිරිකුවත් තෙහස්ගේ කටෙන් පිට උනේ වේදනාබර කෙදිරිල්ලක්..

"ආ..ආහ්.. මැනික.."

තෙහස් කෙදිරිගාන ගමන් නෙතුන්ගේ අතට හිරවෙලා තිබුනු තමන්ගේ අත ගලවගන්න උත්සාහ කරනකොට නෙතුන් ඒ අත් ඇතෑරියා..

"අනේ සොරි මගේ තෙහස්.. අනේ මොකක්ද උනේ..ඇයි කෙදිරිගෑවෙ.."

නෙතුන් කලබලෙන් වගේ එහෙම අහනකොට තෙහස් ඉක්මන් කරලා තමන්ගේ අත පිටිපස්සට කරගත්තා..

"නෑ නෑ මැනික ඒක හරි.."

"බොරු කියන්න එපා.. කෝ පෙන්නන්න අත.."

නෙතුන් තෙහස්ට ලාවට තරවටු කරන ගමන් තෙහස්ගේ අත ඉස්සරහට ගන්න උත්සාහ කලත් ඒකෙන් උනේ පුටුව උඩ ඉදන් දගලපු, බැලන්ස් එක නැති උනු නෙතුන් එහෙමම තෙහස්ගේ ඇගට වැටිච්ච එක..

පිටින් බලන කෙනෙක්ට ඒ දේ වෙනස්ම විදිහකට පෙනෙද්දි ඒ දිහා හොරැහින් බලන් හිටපු ලිතුල්ගේ අත් මිටමෙලවුනා..

"හිටන් ඉදන් භාවනා කරනවදො යකො වරෙන් වරෙන් ඉදගනින්"

වෙව්ලුම් කන අත මිට මොලවගත්ත ලිතුල්ගේ ඇස්වල පැහැය යාන්තමින් වෙනස් වීගෙන එද්දි තාමත් හිටන් ඉන්න ලිතුල්ගේ අතට ගහපු චනුක එහෙම කියනවත් එක්කම ලිතුල් ක්ෂනිකව තමන්ගේ මූනේ හැගීම් මාරු කරගත්තා..

"තෑන්ක්ස්"

කට පුරා හිනාවෙච්ච ලිතුල් චනුකට ස්තූති කරන ගමන් එතන තිබ්බ හිස් පුටුවෙන් වාඩි උනේ තෙහස්ගේ දිහාට ලා බැල්මක් හෙලන ගමන්..

" කෝ පෙන්නන්න දැන් සැරයක් කිව්වනෙ"

තෙහස්ගේ අත් ඉස්සරහට ගන්න ගිහින් බැලන්ස් එක නැතිවෙලා එයාගේ ඇග තෙහස්ගේ ඔඩොක්කේ උඩට වැටුනත් උත්සාහේ අත් නෑරපු නෙතුන් එහෙමම ඉදන් තෙහස්ගේ අත අල්ලලා ඒක ඉස්සරහට අදින්න ගත්තා..

තමන්ගේ ඔඩොක්කේ ඉදන් දගලන නෙතුන්ගේ සමහර ස්පර්ෂයන් තෙහස්ගේ සීමාව ටිකෙන් ටික බිදලා දාද්දි තෙහස් පරාජය භාර අරගෙන අත ඉස්සරහට කරා..

ඔන්න ඊටපස්සේ නෙතුන් තෙහස්ගේ ඔඩොක්කෙන් නැගිට්ටමලු තෙහස්ගේ හීන්දාඩිය හිදෙන්න ගත්තේ..

"අනේ තෙහස්.. මොනා කරගන්න ගිහින්ද දෙයියනේ තුවාල උනේ.. දැන් යද්දි හොදට හිටියනේ..."

කලින් රන්ඩුව උන වෙලාවෙදි තිනුලගේ ඇදුමේ තිබ්බ හැට්ටකට්ටකට තෙහස්ගේ අත්ල තුවාල වෙලා තිබුනත් තෙහස්ට ඒගැන කියන්න ඕන උනේ නෑ..

"ඒක මේ.. නිකන් කට්ටක් ඇනුනා.."

ඇගට පතට නොදැනී තෙහස් බොරුවක් කිව්වත් නෙතුන් ඒක විශ්වාස කලා..

"අහ් ඔහොම ඉන්න මං බෙහෙත් අරන් එන්නම්.."

තෙහස්ගේ ලොකු අත තමන්ගේ අත් අතරට ගත්තු නෙතුන් කාටත් හොරා ඒ අත්ල උඩින් සියුම් සිපුමක් තවරලා එහෙම කියලා නැගිටලා ගියේ තෙහස් ඒ හාදුව ඇතුලේ ගිලෙද්දි..

නෙතුන් දන්නවා මේක පොඩි තුවාලයක් කියලා තෙහස් බෙහෙත් දාන එක මගාරින බව.. ඒකමයි තෙහස්ගේ අවධානය වෙනතකට යවන්න නෙතුන් තෙහස්ගේ අතට හාදුවක් දුන්නේ..

තෙහස් තව මුකුත් කියන්න කලින්ම වැඩේ සාර්තක වෙච්ච එකේ සතුටට නෙතුන් හිනාවේගනම පුටුවෙන් නැගිටලා පන්තියේ first aid box එක තියන තැනට ගියත් එතන ලමයී ඉන්න නිසා නෙතුන්ට ඒකට ලගාවෙන්න බැරි උනා..

ඒනිසාම එයා එතන ඉන්න ලමයට කතාකරන්න ගියත් අවාසනවාකට එතන හිටියේ ලිතුල්..

දැන් වෙන කරන්න දෙයක් නෑ.. එයාට ලිතුල්ගේ කර උඩින් යන්න් බෑනේ.. ඒනිසාම නෙතුන් බර හුස්මක් පාත දාලා හිත හයිය කරන් ලිතුල්ට කතාකලා..

"ඒ මේ.. අලුත් ළමයා.."

නෙතුන්ගේ නුරුස්සන සුළු කටහඩත් එක්ක මෙච්චර කල් උගන්නලා තිබ්බ පාඩම් වලට නෝට්ස් චෙක් කරණ ගමන් හිටිය ලිතුල් ඔලුව උස්සලා නෙතුන් දිහා බැලුවා..

"ඇයි"

දහයකට ගහන්න වගේ ලිතුල් එහෙම ඇහුවම නෙතුන්ගේ කටෙන් පිට උනේ 'ච්චහඃ' ශබ්දය..

" ඔය first aid box එක අරන් දෙනවා"

"ඒ මොකටද"

"මගේ බ්‍රශ් එකයි ශැම්පු බෝතලෙයි තියෙන්නේ ඒක ඇතුලේ.. දැන් මන් ඒක අරන් බැඩ්මින්ටන් ගහන්න යනවා ඒකයි"

"මොකක්"

නෙතුන්ගේ කිසිම ගැලපීමක් නැති කතාව ඇහුවම ලිතුල් අන්දුන් කුන්දුන් වෙලා ගියා..

"මෝඩ ප්‍රශ්න අහ්න්නැතුව කියපු දේ කරපන්"

නෙතුන් තමන්ව විහිළුවට අරන් කියලා තේරුනු ලිතුල් තවත් වචනයක් නොකියා ෆස්ට් එයිඩ් බොක්ස් එක අරන් නෙතුන්ගේ දිහාට විසිකලේ ඒක ඇවිත් නෙතුන්ගේ බඩේ වදිද්දි..

වැදුණේ පාරේ සැරට බඩෙ කොනක් රිදෙන්න ගත්තත් මෙතන පාච්චල් වෙන්න බැරි නිසා නෙතුන් බොක්ස් එකත් අරන් එන්න හැරුනත් ඒඑක්කම පන්තියට ආවේ සදකැළුම්..

"කාටද..?"

නෙතුන්ගේ අතේ තියන බොක්ස් එක දැක්කම සදකැලුම්ගේ ඔලුවට ආපු ප්‍රශ්නය එයා කෙලින්ම ඒක නෙතුන්ගෙන් ඇහුවා..

"තෙහස්ට බන්.."

තෙහස් කියන නම ඇහෙනවත් එක්කම ලිතුල් ආපහු බැලුවේ ෆස්ට් එයිඩ් බොක්ස් එක අතේ තියන් ඉන්න නෙතුන් දිහයි, තාමත් තමන්ගේ අත දිහා බලාගෙන තනියෙන් හිනාවෙන තෙහස්ගේ දිහයි..

"ඇයි උට මොකද"

"අත තුවාල වෙලා.."

"අහ් රන්ඩුව උන වෙලාවෙදි වෙන්නැති..."

තෙහස් නෙතුන්ට කිව්වේ මොනවගේ දෙයක්ද කියලා නොදැන හිටපු සදකැළුම්ගේ කටෙන් පිටවෙච්ච වචන එක්ක නෙතුන් වගේම පැත්තක හිටපු ලිතුල් පවා පුදුම උනා..

"මොන රන්ඩුවද..?"

නෙතුන් එක ඇහිබැමක් උස්සලා එහෙම ඇහුවම සදකැළුම් ඇයි දන්නැද්ද වගේ බැල්මකින් නෙතුන් දිහා බැලුවා..

"ඇයි ඌ දැන් ටික්කට කලින් තිනුලට නෙලලා ආවෙ.. තවටිකෙන් මූ ඌව මරනව"

සදකැළුම් ඇගට පතට නොදැනී නිකන්ම එහෙම කිව්වත් ඒක අහපු නෙතුන්ගේ අත් වෙව්ලන්න ගත්තා..

"මොකක්ද උනේ.."

නෙතුන්ගේ ඇස් වලට ලාවට කදුලු පිරුනේ තෙහස් කියන්නේ කවදාවත් කලහාකාරීව හැසිරෙන කෙනෙක් නෙවෙයි කියලා එයා දන්න නිසා.. කෙනෙක්ව මරන්න හදන්න තරම් මොකක්ද තෙහස්ට තිබුනු හේතුව..

"ආ උබට කිව්වේ නැද්ද බන්.."

සදකැළුම් පුදුමෙන් වගේ එහෙම ඇහුවම නෙතුන් නෑ කියන්න ඔලුව දෙපැත්තට කලා..

ඒත් කවුරුත් දැක්කේ නෑ හොද තීව්‍ර කන් දෙකක් තිබ්බ නහරකාරයෙක්ට මේක ඇහිලා, ඒ කෙනා පියාබගෙන වගේ නෙතුන් දිහාට එනවා කියලා..

"තිනුලයා අද උබ~"

"ආහ් උබ දැන්ද ආවේ.. නෙතුන් එන්න යන්න තුවාලේ රිදෙනවා.."

සදකැළුම් කියන්න ගිය දේ එතනින් නැවතුනේ එකපාර කඩාපාත් වෙච්ච තෙහස් නෙතුන්ගේ අතින් අදින ගමන් කතාව මැද්දට පැන්න නිසා..

තෙහස් ඒ කරපු දේ එක්ක නෙතුන්ගේ තරහෙන් වගේම දුකකින් බර වෙලා තිබ්බ ඇස් තෙහස්ගේ දිහාට යොමු උනා..

තෙහස් හැදුවේ නෙතුන් එක්ක එතනින් ශේප් එකේ ලිස්සලා යන්න උනත් ඇහුනු කටහඩක් නිසා එයා එහෙමම නැවතුනා..

"මම තුවාලෙට බෙහෙත් දාන්නද..?"

ලිතුල්.. ඔව් ඒ ලිතුල්.. තෙහස් නෙතුන්ගේ අත අල්ලන් ඉන්නවා දැක්ක ලිතුල් එහෙම කිව්වහම තෙහස් දිහාට හැරිලා තිබ්බ නෙතුන්ගේ ඇස් ඊලගට හැරුනේ ලිතුල් දිහාට..

නෙතුන්ගේ මූනේ ඒ වෙලාවේ තිබ්බ පෙනුමෙන් ලිතුල් ගැස්සිලා ගියා..

"නෑ.. ඔයාට පුලුවන්ද දන්නැනේ ඒකයි මං ඇහුවේ.."

"මගේ දේවල් ගැන මං බලාගන්නම් හරී...!? තමුන් ඒවට මැදිහත් වෙන්න තියා මගේ දේවල් වලට බැල්මක් හරි දාලා මට අහුවෙන්න එපා.. Just fuck off"

කේන්තිය නිසාම නෙතුන්ගේ නහර පෑදිලා තිබුනු අතක දබරගිල්ල ලිතුල්ගේ දිහාට දික් වෙද්දි නෙතුන්ගේ කටෙන් ඒ පිටවෙච්ච වචන ඊතලයක් තරම් තියුණුයි වගේම භයානකයි..

නෙතුන්ගේ වචන එක්ක ලිතුල් නිරුත්තර වෙලා යද්දි ආපහු වතාවක් මාරන්තික බැල්මක් ලිතුල් දිහාට දුන්නු නෙතුන් තෙහස්ව ඇදගෙන ගිහින් තම තමන්ගේ පුටුවලින් වාඩි උනා..

වෙච්ච දේ දිහා ශෙවෝන් පවා කට ඇරන් බලන් හිටියේ එදා අර කෙල්ල ගාවදිවත් නෙතුන් මෙහෙම හැසිරුනේ නැති නිසා.. එයා නෙතුන්ගේ මේ පැතිකඩ නොදැක්ක තරම්.. එයා විතරක් නෙවෙයි තෙහස් පවා එහෙමයි..

මේ වෙලාවෙදි තෙහස් ඇත්තටම හිටියේ නෙතුන්ගේ හැසිරීම ගැන පුදුම වෙලා..

කීසි කෙනෙක් සතේකට ගනන් නොගත්තු නෙතුන් තෙහස්ගේ පැත්තට හැරිලා එයාගේ තුවාල වෙච්ච අත ඇදලා අරන් තමන්ගේ ඔඩොක්කෙන් තියලා,ෆස්ට් එයිඩ් බොක්ස් එකෙන් බෙතඩින් එක අතට ගත්තා..

බෙතඩින් ද්‍රාවණයෙන් පුලුන් කෑල්ලක් තෙත් කරපු නෙතුන් හෙමින් සැරේ ඒකෙන් තුවාලේ පිරිසිදු කලේ තෙහස්ගේ කටෙන් වේදනාබර කෙදිරීම් පිටවෙද්දි..

ඒ උනත් තෙහස් දිහා ඔලුව උස්සලා නොබලපු නෙතුන් දිගටම තමන්ගේ වැඩේ කරගෙන ගියේ පරිස්සමට ඒ තුවාලෙට පිබින ගමන්..

"මැනික.."

තුවාලෙ පිරිසිදු කරලා ඉවරවෙලා healing cream එක අතට ගත්තු නෙතුන් ඒක තෙහස්ගේ තුවාලේ ආලේප කරන්න ගත්තත් එයා තෙහස්ගේ වචන නෑහුනු ගානට හිටියා..

"මගේ වස්තුව.."

"රත්තරන් මගේ දිහා බලන්න මැනික.."

"අනේ මගේ මැනික.."

තමන්ගේ තුවාලෙට පුලුන් කෑල්ලක් තියලා, ඒක ප්ලාස්ටර් එකකින් වහලා දාන ගමන් හිටිය නෙතුන්ට, තෙහස් ආයේ ආයේ කතා කලත් නෙතුන්ගේ කිසිම ප්‍රතිචාරයක් තිබ්බේ නෑ..

ලොකු හුස්මක් පාත දාපු තෙහස් ආපහු නෙතුන්ට කතා කරන්න කියලා හැදුවත් එයාට දැනුනේ එයාගේ අතට මොනාහරි වැටෙනවා කියලා..

ඒනිසාම එයා එයාගේ අත දිහා බැලුවා..

"අනේ මගේ පන අඩන්න එපා වස්තුව.."

එ වැටෙන්නේ නෙතුන්ගේ කදුළු කියලා වැඩිවෙලා නොයාම තේරුම් ගත්තු තෙහස්, තුවාල අතෙන්ම නෙතුන්ගෙ අත් දෙක අල්ලගත්තේ එක අතකින් බිමට් බරවෙලා තිබුනු නෙතුන්ගේ මූන උස්සන ගමන්..

ඒවෙලාවේ නෙතුන් හිටියේ කාරනා දෙකක් නිසා දෙගිඩියාවෙන්.. එකක් ලිතුල්ගෙ හැසිරීම වෙද්දි අනික් කාරනාව උනේ තෙහස්ගේ රන්ඩුව..

දෙගිඩියාවෙන් හිටපු නෙතුන්ගේ ඇස් වලින් කදුලු ගලන්න ගත්තෙ තෙහස්ගේ ආදරණීය ආමන්ත්‍රණයන් ඉස්සරහ..

"මගේ මැනික.. මම උබේම විතරයි මගේ රත්තරන්.. උබෙ විතරමයි.. තෙරුනා නේද වස්තුවට..?"

නෙතුන්ගේ මූනට උඩට උස්සපු තෙහස් නෙතුන්ගේ ඇස් දෙක දිහාම බලන් එහෙම කිව්වේ මේ වෙලාවෙදි නෙතුන්ට අහන්න ඕනේ වෙන්නෙත් ඒ වචන ටික කියලා එයා දන්න නිසා.. ඔව්.. එයා ඇර වෙන කවුරු නෙතුන් ගැන දැනගන්නද..?

තෙහස් හරිම මෘදු විදිහට, ආදරයෙන් එහෙම අහද්දි නෙතුන් නහය උඩට අදින ගමන් ඔව් කියන්න ඔලුව හෙලෙව්වා..

"ම්..මගෙ විතරයිනේ..?"

"හැමදේම හැමදාම උබේ නමටම විතරයි රත්තරන්.."

තෙහස් ආපහු එහෙම කිව්වම නෙතුන් හිනා උනා..

ඔව්.. තෙහස්ගේ ඒ වචන කීපය හොදටම ප්‍රමාණවත් ඇවිලෙන ඒ හදවත නිවල දාන්න..

"ඇයි ඔයා රන්ඩු උනෙ.."

ලාවට ගලපු කදුලු ටික හෙමින් සැරේ පිහ ගන්න ගමන් නෙතුන් ඇහුවම තෙහස් නිරුත්තර උනා..

"ඔයා රන්ඩු වෙන කෙනෙක් නෙවෙයිනේ.."

"ඔව් ඒත් එක කාරණයක් ගාවදි මට මාව පාලනෙ කරගන්න බෑ මැනික.."

"ඒ කිව්වේ..?"

තෙහස් දන්නවා සදකැලුම් රන්ඩු උන වග නෙතුන්ට කිව්වා කියලා.. ඉතින් තවත් හන්ගන එකේ තේරුමක් නෑ..

"උන් උබ ගැන එක එක කතා කියද්දි මට ඉවසන්න බෑ වස්තු.."

තෙහස් අහක බලාගෙන එහෙම කිව්වේ නෙතුන්ගේ ඇස් පුදුමෙන් ලොකු වෙද්දි..

"මං ගැන..??"

"ශිට්! මට ඒකගේ ඇස් දෙක උගුල්ලන්න බැරි උනානේ"

තිනුල කියපු දේවල් එකින් එක ආපහු තෙහස්ට මතක් වෙද්දි මේසෙට හයියෙන් පාරක් ගහන ගමන් තෙහස් කේන්තියෙන් කිව්වම නෙතුන් ඉක්මනින් මෙසේ උඩ තිබ්බ තෙහස්ගේ අත අරගෙන අතගාන්න ගත්තා..

"අනේ තරහා ගන්න එපා.. මොකක්ද උනේ කියන්නකෝ සුදුමහත්තයෝ.."

නෙතුන්ගේ ආදරනීය වචන ඇහෙනවත් එක්කම තරහ ටිකෙන් ටික නිවිලා යනවා දැනුනු තෙහස් ලොකු හුස්මක් අරන් නෙතුන් දිහා බැලුවා..

"ඒවා උබ දැනගන්න ඕනේ නෑ.. මොකද ඌ ආයේ හීනෙකින්වත් උබ ගැන හිතන්නේ නෑ.."

තෙහස් ස්ථීර හඩකින් එහෙම කිව්වම නෙතුන් එයාගේ හා හිනාව දාලා ලස්සනට හිනා උනා..

"ආ.. මේ මොකද මේ.."

ඇසුත් හීනි කරන් කට පුරවලා හිනාවෙලා තමන් දිහා බලන් ඉන්න නෙතුන්ව දැක්ක්ම තෙහස්ටත් හිනා ගියා..

"ඕකනේ ඉතින් මං කිසිදේකට බය නැත්තේ.."

නෙතුන් තෙහස්ගේ අත අතගාන ගමන් ඇදලා පැදලා කිව්වම තෙහස් බලන් හිටියේ එයාගේ හුරතල් බෝලේ දිහා..

"ඇයි බය නැත්තේ..?"

"ඔයා ඉන්න්වනේ අනේ.. ඒනිසා මට ඕන්නම් පුලුවන් ඔය කියන තිනුලයට ගිහින් හොද පාරක් දීලා එන්න.. එතකොට තිනුල මට බැන්නොත් එහෙම මං දුවන් ඇවිත් ඔයාට කියනවා.. ඔයා එයාට ගහන්න හොදද..?"

නෙතුන් හුරතලේට කියවන් කියවන් යද්දි තෙහස්ගේ මුවේ ආදරනීය හිනාවක් රැදිලා තිබ්බා..

"ඒතරමට මාව විශ්වාසද..?"

"ඔව්... හැමෝටම වඩා විශ්වාසයි.. මං දන්නවා ඔයා මොනමදෙයක් උනත් මාව ආරක්ශා කරගන්නවා කියලා.. ඒනිසා ඉතින් මං කාටවත් බය නෑ.."

නෙතුන් එහෙම කිව්වම තෙහස් හිනා උනා..

"අහ් ඇයි දැන් ඔයා තිනුලට ගහන්නේ කියන්න බලන්න.."

"ඒ පඩත්තරයා නිසානේ ඔයාට තුවාල උනේ.. ඕකව අහු උනොත් මං ඉහේ ඉදන් පට්ට ගහලා කොට්ට මහලා විකුණනව"

නෙතුන්ගේ හිතේ ඒ ගැන ඇත්තටම තරහක් තිබ්බා.. ඒකමයි ඒක කියද්දි මෙච්චරවෙලා නෙතුන්ගේ මූන තිබ්බ හුරතල් ගතිය නැතිවෙලා ගියේ..

"ඔහොම ඉන්නකො මං මේක තියලා එන්නම්.."

"ඔයා ඉන්න මං යන්නම්"

"නැ මං යන්නම්"

ෆස්ට් එයිඩ් බොක්ස් එක ආපහු තිබ්බ තැනින්ම තියන්න යන්න නෙතුන් නැගිට්ටත් තෙහස් එයාව නතර කරගත්තා.. මොකද තෙහස් දන්නවා ලිතුල් ආපහු මොනාහරි කිව්වොත් නෙතුන් ආයේ හිත නරක් කරගන්නවා කියලා..

ඒහින්දාමයි නෙතුන් වෙනුවට තෙහස් යන්න හැදුවේ..

ඒත් නෙතුන් ඒක එකහෙළා ප්‍රතික්ශේප කලේ තෙහස් ඒ විදිහටවත් ලිතුල්ගේ ලගට යනවා බලන් ඉන්න එයාට බැරි නිසා..

නෙතුන්ගේ මුරන්ඩුකමයි, දැන් ටිකකට වෙච්ච දේයි නිසා නෙතුන්ගේ ඔලුවේ වැඩ කරන්නේ මොනවිදිහේ අයිඩියාස් ද කියලා තේරුම් ගත්තු තෙහස් අකමැත්තෙන්ම නෙතුන්ට යන්න ඉඩ දුන්නා..

"ඇයි එතකොට තෙහස් තිනුල කියන කෙනාට ගැහුවේ.. ඒකත් හසරැලා නිසා..?"

"ඌ මහ කැ# කතාවක්නේ කිව්වේ.. අරූට මල පැන්න එක සාධාරණයි.."

"ඇයි මොකක්ද කිව්වේ.."

"හසරැලා අවුරුදු කුමාරි විදිහට ඇන්දොත් එහෙම උට ඌව කන්ට්‍රෝල් නැතිවෙලා ඌව යටකරගන්නව~~ ආහ්.. ම්. මේ ඔන්න ඊටපස්සේ තිස්ස දුවනවා.. මුවා පන්නව.. තිස්ස දුවනව.. මුවා පන්නව..."

තමන්ගේ හොදම යාලුවා වෙච්ච හශාන්ට, කලින් වෙච්ච සිද්ධිය කිය කිය හිටපු සදකැලුම් පට ගාලා කතාව වෙනස් කලේ ෆස්ට් එයිඩ් බොක්ස් එකත් ඉනේ තියන් තමන් දිහා බලන් ඉන්න නෙතුන්ව ඇස් කොනෙන් දැක්ක නිසා..

කලින් වතාවේ වෙච්ච දේ නෙතුන්ට කියන්න ගියාම තෙහස් ඒකට විරුද්ධ වෙච්ච විදිහ දැකපු සදකැළුම් කතාව වෙනතකට හැරෙවන්න ගියත් ඇහෙන්න ඕන සේරම මේ වෙද්දි නෙතුන්ට ඇහිලා ඉවරයි..

ෆස්ට් එයිඩ් බොක්ස් එක තියන්න කියලා හිතලා නෙතුන් බිත්තිය අයිනට යන්න මැද පේලිය පාස් කරා විතරයි ඇහුනු දෙයින් එයා එතනම නැවතුනා..

"මුවා දුවනවා තිස්ස පන්නවා සදකැලුම්.. තිස්ස දුවනව මුවා පන්නව නෙවේ"

සදකැළුම් ට ලන් වෙච්ච නෙතුන් හශාන් දිහත් බලලා එහෙම කිව්වහම හශාන් ඔලුවේ අත ගහගත්තේ සදකැළුම් වහලේ සිවිලිම් කැට ගනන් කරන්න ගද්දි..

දෙන්නටම රැව්ව නෙතුන් අඩියට දෙකට ලිතුල්ට ලන් වෙලා, ෆස්ට් එයිඩ් බොක්ස් එක ලිතුල්ගේ ඇගට අතෑරියා..

"ආආආආව්!"

කොහොමත් ආවේගෙන් හිටිය නෙතුන් ඔක්කොම තරහ එකට කරලා බොක්ස් එක ලිතුල්ගේ ඇගට අතාරිද්දි ඒකේ කොනක් බඩේ වැදුනු ලිතුල් කෑගහන්න ගත්තේ නෙතුන්ගේ හිත පුරා කුරිරු සතුටක් පිරෙද්දි..

"හොද වැඩේ පගයට"

තමන්ටම මුමුන ගත්තු නෙතුන්ගේ ඊලට ටාගට් එක උනේ තෙහස්..

කුළුහරකෙක් වගේ නහයෙන් පිබ පිබ තමන් දිහාට එන එයාගේ අහිංසක ආදරවන්තයාව දැක්කම තෙහස් කෙල ගිල්ලේ මීට දවස් තුනකට කලින් එයාගේ අත්ගොබේක සීල් තිබ්බ නෙතුන්ගේ දත් දෙකේ පැල්ලම අතගාගන්න ගමන්..

නහයෙන් කනෙන් දුම් දාගෙන තෙහස් ගාවට ආපු නෙතුන් එයාගේ පුටුවෙන් වාඩිවෙලා ලොකු හුස්මක් අරන් පාත දාලා තෙහස් දිහාට හැරුණා..

තෙහස්ගේ නලල දෙපැත්තෙ දාඩිය වැක්කෙරන්න ගද්දි නෙතුන් පාත් උනේ තෙහස්ගේ අත් ගොබේකට..

තෙහස් තද කරලා ඇස් වහගත්තේ වෙන්න යන දේ දන්න නිසා උනත් උනේ එයා කොහෙත්ම හිතපු දෙයක් නෙවේ..

බිමට වැටුනු දෙයක් ඇහිදින මුවාවෙන් බිමට නැවුනු නෙතුන්, තෙහස්ගේ අත් ගොබය සිපගත්තේ තෙහස් පුදුමෙන් වහපු ඇස් අරිද්දි..

ඔයිට කලින් දවසක තරහ ගිය වෙලාවක තෙහස්ගේ අතේ සටහන් කරපු එයාහේ දත් දෙකේ සලකුන මත හාදු කීපයක් තැවරුව නෙතුන් ඔලුව ඉස්සුවා..

"බබා..? මොකද උනේ... අරූ ආයේ මුකුත් කිව්වද..?? අනික ඇයි ඔයා සදකැලුම් ගාව නැවතුනේ..?"

තෙහස් එකදිගට නෙතුන්ගෙන් ප්‍රශ්න ඇහුවේ නෙතුන්ට හිනාගස්සවලා..

"මුකුත් නෑ.. ඇයි දැන් මට ඔයාව කිස් කරන්නත් බැයිද.."

හිනාවෙවීම එහෙම කියපු නෙතුන් ආපහු බුම්මගන්න ගමන් අන්තිම ටික කිව්වම තෙහස් සැනසුම් සුසුමක් හෙලුවේ නෙතුන් ඉන්නේ දුකෙන්වත් තරහෙන්වත් නෙවෙයි නිසා..

"එහෙම නෙමේ මැනික.. ඔයා ඇර වෙන කවුරු මාව කිස් කරන්නද..?"

"ඒකනේ.. මට ආදරේ හිතුනා ඒකනේ අනේ කිස් කලේ.."

තෙහස් කියන්නේ කලහකාරි කෙනෙක් නොවුනත්, එයා මේ විදිහට එයා වෙනුවෙන්, එයාව ආරක්ශා කරන්න කවදාවත් නොවුනු විදිහක රෞද්‍ර බැම්මක් විදිහට එයා ඉස්සරහ හිටගද්දි නෙතුන්ට දැනුනේ ආදරයක්..

කාරනාව අහපු වෙලාවේ ටිකක් කේන්ති ගියත් ඊට වඩා ආදරයක් හදවත  යටින්ම එයාට දැනෙද්දි ඒ සිතුවිල්ල එක්කම තෙහස්ට ලන් උනු නෙතුන් තෙහස්ගේ අතක් සිපගත්තා..

"හරි ඒත් අත..?"

"යා.. මේ සෙනග ගොඩ මැද්දේ වෙන කොහෙවත් කිස් කරන්න බෑනේ මෝඩයෝ.."

"ආ.. මොකක්ද කිව්වේ මෝඩයෝ..???"

"හප්පටසිරි හනෙව් මගෙ සුදුමාත්තියනෙ ඉතින් මන් ආදරේටනෙ කිව්වේ උම්මියා..."

බොරුවටත් එක්ක තෙහස්වත් හුරතල් කර කර එයත් හුරතල් වෙවී එහෙම කිව්වම තෙහස් හිනාවෙලා, නෙතුන්ගේ ඔඩොක්කේ උඩ තිබ්බ අත අල්ලගත්තා..

නෙතුනුත් තෙහස්ගේ අත ඇතුලට තමන්ගේ අත තුරුල් කරවන ගමන් ඒ දැනුණු පොඩි උනුහුමෙන් එයා තමන්ගේ මුලු ආත්මෙම තෘප්තිමත් කෙරෙව්වේ තමන්ගේ මුළු ආත්මෙම ඒ උනුසුම අස්සේ ගිල්ලවන ගමන්...

.

.

.

.

.

"ඩියෙගෝ, මම කිව්ව විදිහට එයා පස්සෙන්ම ඉන්න.. මට දැනෙනවා.. අනාගතය ඒ තරම් හොද වෙන එකක් නෑ.. එයාව හැම දේකින්ම ආරක්ෂා කරන්න ඩියෙගෝ.. එයාගේ ළඟින් ගැවසෙන අයගෙන් පවා.."

"මම එහෙම කරන්නම් රැජිණියනි..ඔබට මාව විශ්වාස කරන්න පුලුවන්.."

රැජිනියට ආචාර කර මාලිගයෙන් පිට වූ දාහත් හැවිරිදි ඩියෙගෝ, තම නිවස වෙත ගොස් තමාගේ බඩු මුට්ටු එක මල්ලකට අහුරන්න ගත්තේ ඔහුට් ලැබුණු භාරදූර කටයුත්ත ඉශ්ඨ කිරීමේ අරමුනෙන්...

.

.

.

----------------------------------

Me is back 😎

4400+ 😌

හින්ට් කීපයක් දුන්නා 😌

තේරුනාත 😌

අලුතෙන් ඇඩ් උනා නේද කව්දෝ මන්දා.. 🌝

එක්කෙනෙක්ද ඇඩ් උනේ දෙන්නෙක්ද..? 😌

හා කියන්න බලන්න 😌

බාල්දි සීසන් ඊස් කමින් සූන් 🌝😌

මං අහිංසකයි 😌

තෙහස් ගැන?
නෙතුන් ගැන?
ලිතුල් ගැන?
තිනුල ගැන?
චරිත් ගැන?

මොකද හිතන්නේ 😌

එතකොට කව්ද ඩියෙගෝ..?

චැප්ටර් එක ගැන අදහස් ඕන 😒

ව්වොට් කරන් යන්න 😌

බායි 👀

පරිස්සමින් ඉන්නලා ✨

ඔව් ජන්ග්කුක්ගේ ටේ මෙයා තමා😒😌

ඩ්ඩබලගෙ රොමෑන්ටික් සීන්ස් ලැජ්ජාවෙන් ලියන තනිකඩ ඕතරී 🌝🥹

ishuBear thnx nanga 😅🩷

Continue Reading

You'll Also Like

2.9M 109K 34
She was born with the power to control the universe at her fingertips. An immortal deity carved from the stars, she spent centuries watching over the...
2.2K 289 20
E book covers for any platform Youtube thumbnails for YT fanfictions Anything!
17.7K 3.8K 23
"හරි නරකයි ඔහෙ මට ඉන්න දෙන්නැ ඉහි..ඉහි ,අනික මන් ඔහෙගෙ නමවත් දන්නෑ" යෙහස් බිම බලාගෙන කිව්වා.. "මගෙ නම විහංඟ , විහංඟ ප්‍රභාෂ්වර රත්නායක ....කවුරැහරි උ...
4.2M 127K 63
Once there was a girl, daughter of an Alpha, who happened to face consequences of the things she had no control over. How? By being ostracized from...