Author POV
"හරි එහෙනම් තුන වෙද්දි ලෑස්ති වෙලා හිටපන්"
"මං එලියට එන්නම්.. මේ හිමාශ..?"
"ඕ"
"සුදු ඇඳුමකුත් ඕන වෙයි නේද පන්සල් යන නිසා..?"
"මොන පන්ස~ ආ.. ඔව් ඔව් සුදු එක්කුත් දාන් වරෙන්"
"හරි එහෙනම් මං තියෙනවා බෑග් එක හදාගන්න ඕනෙ"
හිමාශ එක්ක දුරකථන සංවාදයක හිටපු තෙහස් එහෙම කියන ගමන් රිසීවරය ආපහු බිත්තියේ සවි කරලා තිබුණු දුරකථනයේන් තිබ්බා.. කොරිඩෝව දිගේ ඇවිදගෙන ගියපු තෙහස් එයාගේ කාමරේට ඇතුල් වෙලා තමන්ගේ බෑග් එකට රෙදි ටික දාන්න ගත්තා..
අද ඉරිදා දවසක්.. ඊටත් වඩා විස්තර කරොත් අද පෝය දවසක්.. පහුගිය දින දෙක සාමාන්‍ය විදිහටම ගෙවිලා යද්දි තෙහස්ට නම් ඒ දවස් සාමාන්‍ය උනේ නෑ..
මෙච්චර කාලෙකට මුහුණ නොදීපු අමුතු විදිහේ දේවල් වලට මේ දවස් දෙකේ තෙහස්ට මුහුණදෙන්න සිද්ධ උනා.. හරියට ඔලුවෙන් එක එක විකාර හඬවල් ඇහෙන්න ගත්ත එක,වෙනදට චායාවක් වගේ පේන දුර තියෙන දේවල් හොදින් පැහැදිලිව පේන එක, වෙනදට නොඇහෙන පොඩි පොඩි සද්ද පවා හොදට ඇහෙන්න ගත්තු එක, වෙනදට නොදැනුණු එක එක සුවඳ ජාති දැනෙන්න ගත්තු එක, රෑ නිදාගෙන උදේ නැගිටිද්දි තමන්ගේ ශරීරයේ වෙනස්කම් දැනෙන්න ගත්තු එක වගේ..
තමන්ට පිස්සු හැදීගෙන එනවවත්ද කියලා සාධාරණ සැකයක් මේ වෙද්දි තෙහස්ගේ ඔලුවේ ඩෙගා නටන්න පටන් අරන් තිබ්බේ... අවසානේ තමන්ගේ යාලුවොන්ටත් සමුදීලා, මැඩම්ලටත් සමුදීලා තෙහස් දෙකයි හතලිස්පහ වගේ වෙද්දි ගේට්ටුව ගාව තිබුණ පුංචි බංකු පේලියෙන් ඉඳගත්තා..
ඊට විනාඩි දහයකට වගේ පස්සේ එතනට ආපු කා එක අඳුරගත්තු තෙහස් කා එකට නැග්ගේ ග්‍රෙගෝ, එහෙම නැත්තන් මිස්ටර් ජානක ගිහින් මැඩම්ලා එක්කත් කතාකරන්න යන අතරේ..
තෙහස් ඇවිත් පැසේන්ජර් ශීට් එකෙන් වාඩි උනහම පිටිපස්සේ ශීට් එකේ හිටපු හිමාශ බෙල්ල දාලා තෙහස්ට කතා කරා..
"හායි"
"අම්මොහ්"
තෙහස් පපුවටත් අත තියන් වේගෙන් හුස්ම ගන්න ගත්තම හිමාශ බූරුවෙක් වගේ හිනාවෙන්න ගත්තා..
"අපතයා මං බය උනා යකෝ තෝව දැක්කෙ නෑ මන්"
"දැන් දැක්කනේ"
"අනේ පලයන් යන්න ඇටයා"
"මොකක්"
තෙහස්ගේ වචන විලාසය පවා මේ වෙද්දි වෙනස් වෙලා තිබ්බේ ශෙවෝන්ටයි නෙතුන්ටයි පින්සිද්ධ වෙන්න තමා.. කවදාවත් උබ බන් වචන දෙකෙන් එහාට වචනයක් නොකිව්ව තෙහස් මේ වෙද්දි මදාවි හෝඩියම ඉගෙන ගෙන තිබ්බා..
විනාඩි පහකින් වගේ ජානකත් ඇවිත් තෙහස්ට හිනාවෙන ගමන්ම ඩ්‍රයිවින් ශීට් එකේ වාඩිවෙලා කා එක ස්ටාට් කලේ හිමාශත් පාඩුවේ පස්සට වෙලා ශටර් එකෙන් එළිය බලාගද්දි..
මොනා උනත් ඒ ඉන්නේ තමන්ගේ කුමාරයා කියන එක මේ වෙද්දි හිමාශගේ ඔලුවේ තදේටම වැඩකරා..
**
Nethun's POV
අද ඉරිදා.. සුදුකුමාරයා දකින්නැතුව ගෙවෙන දෙවෙනි දවස.. මං හිටියේ ඇදේ දිගාවෙලා ෆෝන් එක ඔබන ගමන්.. දැන් නම් වෙලාව හවස පහට වගේ ඇති.. අරූව දකින්නැතුව මට නිකන් සාංකාව වගේ ඕයි.. ඊටත් වඩා ඌ අසනීපෙන් හිටියේ.. දැන් කොහොමද දන්නෑ.. සැක් කෝල් එකක් ගන්නවත් නම්බර් එකක් දන්නෑනේ..
කෙසේවෙතත් අද තමා හිමාශයගේ බර්ත්ඩේ එක.. ශෙවෝනයා උදේ ඉදන් කෝල් අරන් මට වද දීලා දීලා අවසානේ උට දෙන්න හොද තෑග්ගකුත් තෝරගත්තා.. මං නම් කිව්වෙම උට කනේ ගහගන්න ඇබ දෙක අරන් දීපන් කියලා.. මුගේ කියවිල්ල අහන් ගිහින් නැත්තන් හිමාශට යමක් වෙනවා..
එෆ් බී එකේ උඩටයි පහලටයි ඇගිල්ල යව යව ඉදලා අවසානේ මම හොද හුස්මකුත් අරන් ෆෝන් එකත් පැත්තකට දාලා ඇදෙන් නැගිට්ටේ හෙටවත් සුදුකුමාරයාව බලන්න පුලුවන් වෙනවනේ කියලා හිත සතුටු කරගන්න ගමන්.. මම මූන කට හෝදන් කාමරෙන් එලියට ඇවිත් කුස්සියටත් ඔලුව දාලා නැන්ද එක්කත් ඕපයක් කියවලා එළියට ගියේ කම්මැලිකම ඇරගන්න..
අද පෝය දවසක් නිසා උදේ ඉදන් හවස් වෙනකන්ම ටීවී එකේ බණ වැඩටහන්ම විතරක් යද්දි තාම හවස උනත් පුරහඳ මේ වෙද්දිම ටිකෙන් ටිකෙ බටහිරට බර වෙන ගමන් තිබුණෙ.. ඒ පුරහඳ දැක්කත් මට තෙහස්වම මතක් වෙන්න ගත්ත නිසා මම අහසටත් රවලා ආයෙම ගෙට ආවේ මාමා කතා කරපු නිසා....
Back to author's pov
තෙහස් මේ වෙද්දි හිටියේ වොශ් රූම් එකේ තියෙන කණ්ණාඩියෙන් පේන තමන්ගෙම ප්‍රතිබිම්භය දිහා බලාගෙන, තමන්ගේ අත් අතරට අහු වෙලා තියෙන සින්ක් එකේ වක්‍ර දාරය තදින්ම මිරිකන ගමන්..
සැරින් සැරේ ඇගට දැනෙන කියාගන්න බැරිවිදිහේ අමුතුම වේදනාව දරාගන්න බැරි තැන තෙහස් හුළං ටිකක් වදින්න කියලා එළියට ගියේ අනික් දෙන්නව දැනුවත් නොකරමයි..
වෙලාව හවස පහ උනත් අවට පරිසරය ටිකක් අඳුරුවෙලා තිබුණේ අහසේ පායලා තියෙන පුරහඳ තෙහස්ගේ ඇස් වලට කිසිම බාධාවක් නැතුව හසුවෙද්දි..
වේදනාව නැතිකරගන්න කියලා එලියට බැස්සත් ඒකෙන් උනේ තව තවත් වේදනාව වැඩි වෙච්ච එක නිසා වගේම ලාවට හඳ එළිය වැටුණු තමන්ගේ හම පිච්චෙනවා වගේ හැගීමක් දැනෙන්න ගත්තහම තෙහස් ආයෙම දොර ඇරන් ගේ ඇතුළට ආවේ තමන්ට වෙන දේ ගැන කිසිම අයිඩියා එකක් නැතුව..
තෙහස් ඇතුළට එනවත් එක්කම කුස්සියේ හිටපු ග්‍රෙගො ඉක්මන් අඩිතියලා සාලෙට ඇවිත් දොරත් වහලා දාලා සේරම ජනෙල් ටිකත් වහලා දාලා ඒ ඔක්කොම තිරරෙදි වලින් ආවරණය කරේ ගේදර භූතගුහාවක් වගේ අඳුරු වෙලා යද්දි..
දැනෙන වේදනාව දරාගන්නම බැරි තැනයි තෙහස් වොශ් රූම් එකට පැනගත්තේ.. තමන්ගෙම ප්‍රතිබිම්භය දිහා බලාගෙන හිටපු විනාඩි තුන ඇතුළතදි පස්වෙනි වතාවටත් තමන්ගේ ඇස් තද දුඹුරු - තැඹිලි පැහැයකට හැරෙන විදිහ තෙහස් බලාගෙන හිටියේ.. තමන් දකින්නේ හීනයක්ද නැත්තන් තමන්ට පිස්සු හැදීගෙන එනවද කියලා හිතාගන්න බැරි උන තෙහස් තමන්ගේ අත්දෙකෙන්ම කොණ්ඩේ ඇදගත්තේ ඉන්නේ කොතනද නොබලා මහ හඬින් කෑගහන ගමන්මයි..
මේ වෙද්දි තෙහස් ඉන්නේ මොනවගේ තත්වෙකද කියලා දැනන් ඉදපු ග්‍රෙගෝ වගේම තන්ඩර් මේ වෙද්දිත් තමන්ගේ වෘක ස්වරූපයට හැරිලා හිටියේ.. වොශ් රූම් එකෙන් ඇහෙන ගැඹුරු කෙඳිරීම් මේ වෙද්දි තෙහස්ව ශැඩෝ බවට පරිවර්තනය වෙනවා කියන එකට සාක්ෂි දරද්දි තන්ඩර් ග්‍රෙගෝ දිහා බැලුවේ ඊළගට මොනා කරන්නද කියලා හිතාගන්න බැරුව..
වොශ් රූම් එක ඇතුළේ තිබුණු පුංචි ජනෙල් කවුළුවෙන් මුදුන් වීගෙන එන පුරහඳ පෙනෙද්දි තෙහස් ඒ දිහා බලන් හිටියේ තැඹිලි පාටින් දිලිසෙන ඇස් දෙකකින්.. ඇදලා දාලම පිලිවලට හදලා තිබුනු ඝනකම් තදකළු පාට කොන්ඩේ ඇවිස්සිලා තියෙද්දි ආයෙම තමන්ගේ හම පිච්චෙනවා වගේ දැනෙන්න ගත්ත නිසා තෙහස් පුලුවන් වේගෙන් වොශ් රූම් එකේ දොර ඇරන් එළියට ආවා..
වොශ් රූම් එකේ දොරගාවම හිටිය අඩි තුනක් හතරක් උස අමුතු ජාතියේ සත්තු දෙන්නව තෙහස් නොදැක්කේ එයා තාමත් ඒ දොර අල්ලන් දැනෙන වේදනාවට ඒ දොර පහුරු ගාන්න ගත්තු හින්දයි.. තෙහස් එලියට ඇවිත් වේදනාවෙන් දොර පහුරු ගාන හැටි බලන් හිටපු ග්‍රෙගෝ ජනේලේ ගාවට ඇවිදන් ගිහින් තිරරෙද්දක් පැත්තකට කලේ හඳේ එළිය ගේ ඇතුළට වැටෙන්න දීලා..
හවස හතට විතර ඇති..හිමාශ වගේම ජානක කියන්නේ උපන්දා ඉදන්ම හැම පුරහඳ පායපු දවසකදීම වෘක ස්වරූපයට හැරෙන්නන් උනත් අද පලවෙනි වතාවටයි තෙහස් වෘකයෙක් විදිහට වෙනස් වෙන්නේ.. ඒනිසමයි තෙහස්ට කලින් හිමාශ,ජානක දෙන්නා වෙනස් උනේ වගේම තෙහස්ට මේතරම් වේදනාවක් දැනෙන්නෙත්..
"තෙහස්.. මට භාරදෙන්න.. මට පාලනේ භාරදෙන්න.."
තියුණු වෙලා තිබුණු ඇගිලි වලින් දොර පහුරු ගාන තෙහස්ගේ ඔලුවෙන් ඉතාමත් පැහැදිලි කටඬක අණක් ඒ විදිහට ඇහෙද්දි එයා එහෙමම ඇස් වහගන්න ගමන් දොරට පිටදීල රූටලා බිම වාඩි උනේ තිබුණු මහන්සියටමයි.. මේ හැමදේම ග්‍රෙගෝ වගේම තන්ඩර් බලන් හිටියේ පුදුමයෙන්..
තෙහස් ඇස් පොඩිකරන ගමන් වේදනාව දරාගන්න උත්සාහ කලත් එයාට ඇස් ඇරගන්න පණක් තිබුණේ නෑ.. මෑතට කරපු තිරරෙද්දේ ජනේලය හරහා කෙලින්ම තෙහස්ගේ දිහාවට හඳ එළිය වැටෙද්දි එයාගේ බෙල්ල පිටිපස්සේ තිබුණු අඩසද හැඩැති කැළල දිලිසෙන්න ගත්තේ තෙහස්ව ආයෙම වේදනාවෙන් මිරිකෙද්දි..
විනාඩි පහකට ආසන්න කාලයක් තෙහස්ගේ ගැඹුරු කටහඬෙන් පිටවෙන වේදනාත්මක කෙඳිරිලි වලින් මුලු ගෙදරම පිරිලා යද්දි ග්‍රෙගෝ වගේම තන්ඩර් හිස නමාගෙන බිම ඉදන් හිටිය තෙහස්ගේ දිහාට හැරිලා හිටියේ මින් ඉස්සරහට ගත වෙන ඕනෑම තත්පරයක තෙහස් ශැඩෝ විදිහට වෙනස් වෙන බව ඔහුගෙන් නිපදවුනු ශක්තිමත් සුවඳෙන් දැනෙන්න ගත්තු නිසයි..
"මට පාලනය භාරදෙන්න තෙහස් ඔබ දුර්වලයි.."
නැවත නැවතත් එකම කටහඬක් එකම දේ මුමුණන විදිහ තෙහස්ට තමන්ගේ හිස ඇතුළෙන් ඇහෙද්දි ඒ කියන දෙයක් නොතේරුණත් තෙහස් හෙමි හෙමින් ඇස් ඇරියා.. හීනියට ඇරුණු ඒ තැඹිලි පාට ඇස් දෙක ඊලග මොහොතේ විශාල උනේ තම්න්ගේ ඉස්සරහ හිටන් ඉන්න වෘකයෝ දෙන්නා දැකලයි..
දුඹුරු පැහැති මවිල් සහිත ලා කහ ඇස් ඇති එක් හැඩි දැඩි වෘකයෙක් සහ ලා දුඹුරු පැහැති මවිල් සහිත කළු ඇස් ඇති අනෙක් වෘකයාට වඩා තරමක් වැඩිමහලු ස්වරූපයක් ඇති තවත් වෘකයෙක් තමන්ගේ ඉස්සරහ හිටගෙන හිටියා..
Thunder
Grego
ඒ දෙන්නම තමන්ගේ හිස නවාගෙන ඉන්න විදිහෙන් ඔවුන් තමන්ට ආචාර කරනවා කියලා තේරුම් ගත්තු තෙහස් ආයෙම ඇස් වහගත්තේ මේ වෙද්දි තමන්ගේ ඔලුවෙන් ඇහෙන කටහඬට අනුව සිද්ධ වෙන දෙවල් යාන්තමින් තේරුණු හින්දයි..
"ශැඩෝ.. ඔබ මනුස්සයෙක් නෙවෙයි.. ඔබ නරවෘකයෙක්.. ඔබ ඉදිරිපස සිටින්නන්ද එසේයි.. ඔවුන් ඔබේ යටත් වැසියෝ.. ඔවුන්ගේ කුමරු ඔබයි.. ශැඩෝ.."
දිගින් දිගටම ඇහෙන ලයාන්විත, කරුණාවන්ත ගැහැණු කටහඬක් තෙහස්ට හැමදෙයක්ම හෙමින් සීරුවේ සාරාංශයක් විදිහට පැහැදිලි කරද්දි තෙහස් ඒ හැමදේම අහගෙන හෙමින් හෙමින් සන්සුන් වෙන්න ගත්තා..
ඊට විනාඩි පහකට වගේ පස්සේ හිස නවාගෙනම හිටපු ග්‍රෙගෝ වගේම තන්ඩර් එකවර හිස එසෙව්වේ තමන්ගේ ඉස්සරහින් තියුණු හුස්ම හඬක් ඇහෙන්න ගත්තු නිසයි.. අන්ධකාරයටත් වඩා අඳුරු මවිල් සහිත ශක්තිමත්,තරුණ ඇල්ෆාවෙක් තම දිලිසෙන තැඹිලි ඇස් වලින් තමන් දිහා බලන් ඉන්න විදිහ දැක්කහම ආයෙත් ඒ දෙන්නා හිසනමා ආචාර කලා..
"මගේ කුමරුවණි"
මනස හරහා එසේ තම කුමරුවන්ට ආචාර කල ග්‍රෙගෝ සහ තන්ඩර් නැවතත් හිස ඔසවා අන්ධකාරයේ දිලිසෙන ඒ තැඹිලි දෑස් වල අයිතිකරු දෙස බැලුවා..
Shadow
Time skip >> morning
(මම මෙතනින් එහාට ජානක කියන්නේ මිනිස් ස්වරූපයට,ග්‍රෙගෝ කියන්නේ වෘක ස්වරූපයට.අනික් අයටත් එහෙමයි..)
තෙහස් හිටියේ සෝෆා එකේ ඉදගෙන එක අතක් සෝෆා එකේ උඩ දාරය දිගේ යවලා, ඔලුව බිත්තියට හේත්තු කරන් ඇස් දෙකත් පියාගෙනමයි.. මේ වෙද්දි ජානක වගේම හිමාශත් තෙහස්ට හැමදේම මුල ඉදලා පැහැදිලි කරලා දීලා තිබුණා..
එකපාරම තමන් මනුස්සයෙකුත් නෙවෙයි,තමන් අනාථයකෙත් නෙවෙයි, තමන්ට අම්මා ඉන්නවා,තමන්ට රාජධානියක් තියෙනවා,තමන්ට වෘකයෙක් වෙන්න පුලුවන්,තමන් ආශ්‍රය කරලා තියෙන්නෙත් වෘක මිනිස්සුන්ව කියලා තෙහස් දැනගත්තහම එයා කලේ මුකුත්ම නොකියා සෝෆා එකට ඔලුව ගහන් කල්පනා කරපු එක.. එයාට කිසිදෙයක් හිතාගන්නවත්,නිගමනයකට එන්නවත් පුලුවන් මානසිකත්වයක් තිබුනේ නෑ. ඊටත් වඩා මෙහෙම උනේ කොහොමද, කොහෙද මගේ අම්මා ඉන්නේ වගේ ප්‍රශ්න වලට ජානක උත්තර දුන්නෙත් නැත්තේ ඒ දේවල් ඔයා ඉක්මනින් දැනගනීවී කියලා එතනින් නැගිටලා යන ගමන්මයි..
මේ ලෝකෙ ඉදන් වෙනමම ලෝකේකට ගියා වගේ හැගීමක්,කම්පනයක් තෙහස්ගේ ඔලුව විකාර කරවලා තියෙද්දි එයා සන්සුන්ව ඉන්න පුලුවන් තරම් උත්සාහ කරේ කලබල වෙලා කිසිදෙයක් කරගන්න බැරිබව එයා දැනන් හිටිය නිසාමයි..
"තෙ.. කුමරුනි.. නැගිටලා කන්න එන්න.. ගොඩක් වෙලා තිස්සේ කිසිකෑමක් ගත්තේ නෑනේ.."
හිමාශ කවදාවත් නැති විදිහකට පාත ස්වරයකින් එහෙම කිව්වහම තෙහස් ඇස් ඇරලා ඔලුවත් උස්සලා හිමාශ දිහා බැලුවත් හිමාශ හිටියේ ඔලුව නවාගෙන..
"මොකක්ද උඹ කිව්වේ?"
තෙහස් සෝෆා එකේ ඉදන්ම තමන්ගේ ඉස්සරහින් හිටගෙන,ඔලුව නවන් ඉන්න තමන්ගේ හොදම යාලුවාගෙනුයි එහෙම ඇහුවේ..
"කන්න එන්න කියල"
හිමාශ ආයෙම පාත ස්වරයකින් මිමිණුවා..
"නෑ ඒක නෙවෙයි.. මොකක් කියලද උබ දැන් මට කතාකරෙ?"
"කු..කුමරුනි කියලා.."
තෙහස් කවදාවත් මේවගේ දෙයක් බලාපොරොත්තු උනේ නෑ.. මේ ඉන්නේ තමන්ගේ හොදම යාලුවා.. ඒ හැගීම විතරක්ම තෙහස්ගේ හිතේ පිරිලා තියෙද්දි හිමාශගේ මේ යටහත් පහත් වචන වගේම හැසිරීමත් තෙහස්ගේ හිත බිඳලා දාන්න සමත් උනා..
තෙහස් තමන්ගේ නළල ඇගිලි වලින් මිරිකන ගමන් සෝෆා එකෙන් නැගිට්ටේ හිමාශ බයෙන් වගේ අඩියක් පස්සට තියද්දි..
"උබට පිස්සුද යකෝ"
තෙහස් තරහෙන් හිමාශගේ උරහිස් වලින් අල්ලන් කෑගැහුවම හිමාශ ඔලුව උස්සලා තෙහස් දිහා බැලුවා.. ඒ ඇස්වල තිබ්බ අසර්ණකම එවෙලෙයි හිමාශ දැක්කේ..
"මොනවද බන් මේ වෙන්නේ..? මොනවද මේ දේවල්.ම් මට පිස්සු වගේ යකෝ මොන විකාරයක්ද මේ.. එහෙන් උබලගෙ තාත්තා මොනාද කියෙව්වා මෙහෙන් උබ විකාර කරනවා තොපිටද නැත්තන් මටද පිස්සු කියලා මට හිතාගන්න බෑ"
"ඒ කිසිදෙයක් පිස්සුවක් නෙවෙයි.. ඒ හැමදේම තමයි යථාර්ථය කුමරුනි"
"නවත්තපන්.. මොකක්ද උබ ඔය කතා කරන විදිහ?? තෙහස් කියපන්.. තෙහස් කියපන් බන් ඔහොම කතාකරන්න එපා යකො මං පොඩිකාලේ ඉදන් ඇදිනුව මගේ හොදම යාලුවා බන් උබ.. "
තෙහස්ගේ කටහඬ අසරණකමෙන් පිරිලා තියෙද්දි තෙහස් දෙවරක් නොහිතා හිමාශව බදාගත්තේ හිමාශ ගැස්සිලා යද්දි..
"කු..කුමරුනි"
හිමාශ තෙහස්ව නොඅල්ලාම එහෙම මිමිණුවා..
"ප්..ලීස් බන් ප්ලීස්"
මෙච්චරවෙලාම තිබ්බ පීඩනයක් තෙහස් හෙමීට තමන්ගේ ආත්මීය මිතුරාගේ උරහිස උඩට කඳුළු විදිහට වට්ටද්දි හිමාශ ආපිට තදකරලම තෙහස්ව බදාගත්තේ තෙහස්ගේ ඉකිගැහුම් තවත් වැඩිවෙද්දි..
තෙහස් කියන්නේ කොහෙත්ම දුර්වල ළමයෙක් නෙවෙයි.. එයා හුගක් ශක්තිමත්, ඇගෙන් වගේම හිතෙනුත්.. ඒත් මේ වගේ අමුතු දේවල් එයාට එක පිට එක දැනගන්න ලැබෙද්දි දරාගන්න පුලුවන් උපරිම එයා දරාගත්තත් අවසානයේ තමන්ගේ පොඩිකාලේ ඉදන් යාලුවා පවා තමන්ව නොසලකා හැරියහම ඒ වේදනව දරාගන්න පුලුවන් කමක් තෙහස්ට තිබුණේ නෑ...
තෙහස් ගැන, තමන්ගේ කුමාරයා ගැන හිතේ තිබ්බ ගෞරවය නිසාම හිමාශ ඒ විදිහට කතාකලත් එයා කීයටවත් මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ..
විනාඩි දෙක තුනක් තෙහස්ව බදාගෙන හිටපු හිමාශ තෙහස්ටත් හොරාම එයාගේ ඇහෙන් වැටුණු කඳුළු බින්දු කිහිපය පිහගන්න ගමන් තෙහස්ගෙන් ඈත් උනා..
"එව්ව් එව්ව් හොටු කුමාරය"
හිමාශ වෙනදා විදිහටම හිනාවෙලා තෙහස්ගේ උරහිසට තට්ටුවක් දාන ගමන් එහෙම කිව්වම කඳුළු පිහ පිහ හිටිය තෙහස්ටත් හිනාවක් පැන්නා..
"ම්ම් යමන්.. මුලින් මොනාහරි කාලා ඉමු.."
"ස්කෝලේ යන්නැද්ද බන් අද..?"
"තාත්තා යන්න එපා කිව්වා.."
"හ්ම්ම් කෝ දැන් එයා?"
"උබලෑ මැඩම්ව හම්බෙන්න ගියා අදත් ඔයාව මෙහෙ තියාගන්නව කියන්න.. හවස ගමනක් යන්න තියෙනව ඒකයි"
"හ්ම්"
"අවුලෙන් ඉන්න එපා බන්.. උබ දන්නෑ මේ ලයිෆ් ඒකේ තියෙන ආතල් එක.. බලපන් සීයට හරි අඩුගානක් විතරයි අපේ වර්ගෙන් ඉන්නේ.. ඒකෙත් උබයී ඊලග රජා.. යකො ආඩම්බර වෙයන්"
හිමාශට ඕන උනේ තෙහස්ගේ මූඩ් එක ෆික්ස් කරන්න.. එහෙම කියාගෙනම මේසෙට ඇරලා තිබ්බ කෑම බෙදාගෙන කන අතරේත් හිමාශ කලේ තෙහස්ට දේවල් පහදන එක.. ඊටත් වඩා wolf කෙනෙක් විදිහට ඉද්දි කරන්න පුලුවන් දේවල් ගැන.. ඒ දේවල් ගැන ඇහුවමනම් තෙහස්ට ආස හිතුන්නැ කිව්වොත් බොරු..
කතාවෙන් කතාවෙන් දෙන්නම කෑම කාලා ඉවරයක් කරලා පොඩ්ඩක් ගෙයින් එලියට බැස්සේ වව්ව්ල්ලු වගේ ගේ ඇතුලේ ඉදලා ඇතිවෙලා..
වෙලාවත් ටිකෙන් ටික ගෙවිලා ගියත් ජානක තාම ආවේ නෑ.. එයා හිමාශට කෝල් කරලා කිව්ව ඔෆිස් එකටත් ගිහින්මයි එන්නේ කියලා.. ඒ නිසා දෙන්නා කතාකර කර හිටියත් වෙලාව දෙක පහුවෙද්දිම වගේ හිමාශගේ ෆෝන් එකට කෝල් එකක් ආවා..
හිමාශ කයිය පැත්තක තියලා මේසෙ උඩ තිබ්බ ෆෝන් එක අතට අරන් බලලා call id එක තෙහස්ටත් පෙන්නුවා..
Hasaral
Calling...
නෙතුන්ගේ ඩීපී එකත් එක්කම නමත් දැක්ක තෙහස්ගේ මූණේ ලාවට හිනාවක් ඇදුනේ ඇයි කියන්න එයාවත් දැනන් හිටියේ නෑ.. තෙහස් ආන්සර් කරපන් කියලා කිව්වහම හිමාශ කෝල් එක ආන්සර් කරලා ස්පීකර් දැම්මා..
"හෙලෝ"
"ඔව් හසරැල්.. කියපන්.."
"ඇයි අද උඹලා ඉස්කෝලේ ආවෙ නැත්තේ.."
"උඹල කිව්වෙ?"
හිමාශ බබා වගේ මුකුත් දන්නැති විදිහට ඇහුවම එහාපැත්තෙන් නොරිස්සුම් හුස්මක් පිටවෙන විදිහ දෙන්නටම ඇහුණ..
"තෙහස් ආවෙත් නෑ.."
"අහ් ඒකක් නම් මන් දන්නෑ.."
හිමාශ බොරු ගොත ගොත කියද්දි තෙහස් එලියට පයින්න හදන හිනාව නවත්තගන්න හෙනම ගේමක් දෙන ගමන් හිටියේ..
"හරි ඇයි උබ නාවේ කියපන්කො"
"අඩෝ අපි උදෙ පන්සල් ගියා බන් ඒකයි"
හිමාශ පන්සලත් ඈදලම බොරුවක් කිව්වම තෙහස් හොදපාරක් හිමාශගේ ඔලුවට ගැහුව..
"අනේ ඕයි අන්න අරහේ අරු උබට දෙන්නෙයි කියලා තෑග්ගකුත් උස්සන් ඇවිල්ලා තෝ ආවෙ නැතිනිසා මාව මරන් නොකෑව ටික විතරයි.."
"අහ් ශෙවෝන්ද.."
"ඇහ් ෂෙවෝන්ද?? ඔව් ඔව් ඌ තමා"
නෙතුන් කටහඬ මොකක්ද කරන් හිමාශ කිව්ව එකම කිව්වම තෙහස්ට මෙවෙලෙ නෙතුන්ගෙ මූන කොයිවගේ ඇත්ද කියලා මැවිලම පෙනුණා..
"මං හෙට එනවා කියපන් උට.. මාත් මැසේජ් එකක් දාන්නම්.. මේ තෙහසුත් ආවෙ නැද්ද"
"නැ!"
"ඇයි දන්නෑනේ.."
"මං දන්නවනෙ තොගෙන් අහන්නෑනේ"
තෙහස්ට ආයෙම හීනාවක් පයින්න ආවා.. ඒක දරාගන්න බැරිම තැන තෙහස් සෝෆා එකේ කොනටම ගිහින් හිනාවෙන්න ගත්තම හිමාශ ආයේම කෝල් එකට අවධානේ දුන්නා..
"හරි හරි.. මොකො ඉතින් මලපයින්නෙ උබට ඌ නැතුව පාලු හිතුනවත්ද"
හිමාශ එහෙම ඇහුවමනම් තෙහස් හිනාව පැත්තකට දාලා ආයෙම ෆෝන් එකට ලන් උනාම හිමාශ පැනි හිනාවකින් ෆෝන් එක දිහා බලන් හිටියෙ..
"හ්ම්ම් ඔ~ අහ් නැ නැ පිස්සුද.. මට.. මට ම්.. මේ ආ උගෙ නායක පට්ටමේ වැඩ ටිකත් මට තමා කරන්න උනේ රෙද්ද"
නෙතුන් දෙන්න ගිය උත්තරේ හිමාශට තේරුනත් තෙහස්ට තේරුනේ නෑ..
"මේ ටිකක් වීඩියෝ ඔන් කරපන්කො පොඩි බඩ්ඩක් පෙන්නන්න"
"ඇයි උබෙ එක පොඩිද"
"මොකක්"
"උබ බඩ්ඩක් කියලා මොනා පෙන්නන්න හදනවද කව්ද දන්නෙ"
නෙතුන් එහෙම කිව්වමනම් හිමාශගේ මූන අපායට ගහපු කැලැඩරේ වගේ වෙලා තෙහස් හිනාවායු බීපු එකා වගේ උනා..
"මගුලක් නොකියා ඕක ඇක්සෙප්ට් කරපන් @#$&"
තත්පරයක් දෙකක් යද්දි හිමාශ request කරපු video call එක නෙතුන් එහාපැත්තෙන් answer කරද්දි හිමාශ තෙහස්ව කැම් එකෙන් නොපේන විදිහට තල්ලු කරලා දැම්මා.
"කෝ තොගෙ බඩ්ඩ"
"හිටපන්"
හිමාශ තෙහස්ට ලගට එන්න කියලා ඇස් වලින් ඉඟි කලා..
"එක්කො උබ බඩු කරගහන්න එපා බන්.. ඕකුන්~"
නෙතුන් කියන්න ගිය එක නවත්තගත්තේ ෆෝන් ස්ක්‍රීන් එකෙන් පේන ඒ කඩවසම් රූපේ දැක්ක නිසයි.. නෙතුන්ගේ වචන එහෙමම ලොප් වෙලා යද්දි තෙහස් නම් හිටියේ හිනාව කාගෙන..
"තෝ...."
නෙතුන් යටිගිරියෙන් කෑගහන්න ගත්තම තෙහස් ඇහක් හීනි කරගන්න ගමන් කනක් වහගත්තා..
"තෝ බල්ලා ඇයි අද ආවේ නැත්තේ"
නෙතුන් හැටට හැටේ රව රව එහෙම ඇහුවම හිමාශ තෙහස්ගේ අතට ෆෝන් එකදීලා කුස්සියට ගියේ පවුල් ප්‍රශ්න උන්ටම විසඳගන්න දීලා හොද තේ එකක් බොන්න කියලා..
හිමාශ යන දිහා බලන් හිටපු තෙහස් ආයෙම ෆෝන් එක දිහා බැලුවා..
"මම මෙයාලා එක්ක පන්සල් යන්න ආවා නෙතුන්.."
"හ්ම්ම් හෙට එනවද උබ.."
"ඔව් ඔව් එන්න ඕනේ"
"හරි හෙට වරෙන්කෝ.. පොඩි දේවල් වගයක් ප්ලෑන් කරගන්නත් තියෙනවා"
"මොනාද"
"වරෙන්කො හෙට"
විනාඩි පහක් විතර දෙන්නා කතාකර කර හිටියා.. ඊලග විනාඩියෙදි ශෙවෝන් කෝල් එකට ඇඩ් උනේ නෙතුන්ගේ request එක accept කරගෙන.. ෆෝන් එකෙන් ශෙවෝන්ගේ කටහඬ ඇහුණම හිමාශත් තේ දෙකක් හදන් ඇවිත් ස්ක්‍රීන් එකට එබුණා.. යාලුවෝ හතර දෙනා පැයභාගයක් විතර ඕපදූප කියවලා අන්තිමේ කෝල් එක කට් කලෙ හිමාශලගේ තාත්තා ආපු නිසයි..
------------------------------------------------
හායි 🥲
කතාව කිය්වන්න ආපු උදවියට තේ ගෙනාවා 😌☕
කාලෙකින් නේහ්? සොරි අප්ඩේට් පරක්කු උනාට😑 ආයේ එහෙම නොවෙන්න වගබලාගන්න ට්‍රයි කරන්නම් 🥲
මේ අද චැපිය තේරුනාත😑 අවුල් අවුල් වගේද?
නෙතුන් නැතුව පාලුත 💔 මටනම් පාළුයි 💔 මොකද නෙතුන්ගේ POV එකෙන් ලියන එක ලේසි 🥲💔
මේකේ ටොප් බොටම් ගෙස් කරන්න බලන්න 👉👈
මටත් දැන් ටොප් බොටම් පැටලීගෙන තමා එනවා 😌💔
තව කියන්න දෙයක් තියේනවා.. මම ඩ්‍රාෆ්ට් වල සේව් කරන් ඉන්න තව කතා දෙකක් තියෙනවා..
01. Unacceptable Love
**my first story**
• Taekook
• Top Tae
• Bottom Kook
• Highschool Love
02. Fan art short stories
• Taekook
• Switch
• Fanart stories (smol_kia)
මේ දෙකේ මම චැප්ටර්ස් කීපයක් ලියල තියෙන්නෙ.. ඉතින් ඔයාල කියවල සප් එකක් දෙන්න කැමතිනම් කියන්න මං හෙමින් පබ්ලිශ් කරන්නම් 🌝😕 👀
Taekook valentine updates දැක්කද 😭❤කොයිවෙලෙ හරි ලෙප්ට් වෙන්නේ සතුට දරාගන්න බැරුව 🥲️ මට නම් ෆුල් හැපි 👉👈
ගිහින් එන්නාඅම්👀 පරිස්සමින් ඉන්ඩලා 😌🫶
වෝට් කරලා,කමෙන්ට් කරන්න..ශෙයා කරන්න.. බායි 😌🫶
😭❤️
His eyes 😭❤️
~~
පැටලෙනව වගේනම්,
තෙහස් නෙත්සිළු (Taehyung)
Wolf name - Shadow
Wolf Prince
හිමාශ දිල් රුක්ශ (yoongi)
Wolf name - Thunder
නෙතුන් හසරැල් - Jungkook
ශෙවෝන් සන්සිත - Jimin
දැනට ඔච්චරයි අනික් අය ඉස්සරහට 😌🫶
IJJKTHV ✍️