Bloody Moon - Taekook Nonfic

By IJJKTHV

7.2K 1K 4.4K

Werewolf කතාවක් සිංහල නම්,ගම් එක්ක ලංකාවේ style එකට කියවමුද..?😌 Bloody Moon - Taekook - Top - Tae - (Power)... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 9
Chapter 10
New Stories
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Dear Readers..
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31

Chapter 8

208 32 31
By IJJKTHV

.
.
.
.
.
.

මොනා උනත් තෙහස් ඒ දේ ලොකුවට නොගෙන ජෝක් එකක් විදිහට සැහැල්ලුවෙන් හිතපු එක මට නිදහසක් උනා.. මොකද එයා ඒකට කැමති නෑ කියලා ඇගෙව්වේ නැති නිසා..

   Author POV

<Same day, same time at another location>

කළු පැහැති ඇදුමකින් සැරසී සිටින මැදිවියේ පිරිමියෙකු වටපිට බලමින් හදිස්සයකින් වගේ කොළඹ ජනාකීර්ණ නගරය පසු කරමින් තම කාරයේ නැගී ගමන් ගත්තේ විශාල වනයක් දෙසටයි..

නගරය සහ වනය වෙන් කරන පාලම මත තම කාරය නැවැත්වූ පිරිමියා ඉක්මන් ගමනින් වනය තුළට පිවිසියේ අවට සිටින්නන්ගේ අවධානය තමා වෙතට වැටී නොමැති බව තහවුරු කරගත්තාට පසුවයි..

සාමාන්‍ය ලෙස වනය තුළට ගිය පිරිමියා මිනිසුන්ගේ චායාවන් නොපෙනන දුරේදී මිනිස් වේශයෙන් සමුගෙන තම සැබෑ ස්වරූපය, එසේත් නොමැතිනම් තම වෘක ස්වරූපයට හැරුණේ මිනිස් අඩි වලට වඩා වෘක අඩි වේගවත් බව හොදාකාරවම දැනගෙන සිටි නිසයි..

තම හැඩිදැඩි වෘක දෙපා වලට ශක්තිය ගත් ග්‍රෙගෝ, හීයක වේගයෙන් වනය තුළට දිව ගොස් අවසානයේ තම ගමනාන්තයට ළඟා වූ බව දැනගත්තේ ඈතින් ඇහෙන විවිධාකාරයේ ශබ්ද සහ තම නාසයට දැනෙන හුරුපුරුදු සුවදවල් වලින්..

තම වේගය අඩු කළ ග්‍රෙගෝ, නැවතත් ඉදිරියට දිව ගියා..

ගම්මානයක් යැයි කිව හැකි අයුරේ ස්ථානයකට පැමිණි ග්‍රෙගෝ ගස් කඳන්, කොළ අතු වැනි ස්වාභාවික ද්‍රව්‍ය වලින් සාදා තිබෙන විවිධාකාරයේ වාසස්ථාන, එහි සිටි පුද්ගලයන්, වෘකයන්, කුඩා ළමුන්, කුඩා වෘක පැටවුන් මෙන්ම තැන තැන සිටින ආරක්ශකයින් යැයි කිව හැකි ඇල්ෆාවන් පසු කරමින් පැමිණියේ ගම්මානයේ ප්‍රධාන ස්ථානය යැයි කිව හැකි, මාළිගාව තුළටයි..

එම මාළිගාවද පෙර කී ස්ව්භාවික ද්‍රව්‍ය වලින් සකසා තිබුණද එහි සුඛෝපභෝගි භාවය අනෙක් වාසස්ථාන වලට වඩා ඉතා හොදින් කැපී පෙනුණා...

ආරක්ශකයින් පසු කරමින් අවසානයේ අඩි දහයක් පමණ උසකින් සාදා තිබුණ අඬසඳ හැඩැති හැඩතල වලින් කැටයම් කර තිබුණු විශාල දොරටුව අසළින් සිටගත් ග්‍රෙගෝ, නැවතත් තම මිනිස් ස්වරූපයට හැරුණා..

"රැජිණියනි..."

"ඇතුළට එන්න ග්‍රෙගෝ.."

තම රැජිණියගේ අවසරය ඇතිව ද්වාර දෙකක් තිබූ දොරටුවේ එක් ද්වාරයක් එතන සිටගෙන සිටි ආරක්ශයෙක් විසින් විවර කරද්දි ග්‍රෙගෝ එම ආරක්ශකයාට යන්තම් සිනහවක් පා රාජසභා කුටිය යැයි සැලකිය හැකි සුවිසල් කොටසකට පය තැබුවා..

තම නාසයට දැනුණු සුවඳෙන් කල්තියාම පැමිණ සිටින්නේ ග්‍රෙගෝ යැයි හඳුනාගෙන සිටි ඊව් (eve), එසේත් නැතිනම් රැජිණිය දොරට පිටුපා සිටි ඉරියව්වෙන් මිදී ග්‍රෙගෝ දෙසට හැරුණේ එම මොහොතෙම ග්‍රෙගෝ තම එක් දණහිසක් බිමට තබා නැමී, හිසද බිමට හරවා තම අත් තම පපුව මතට ගෙන රැජිණියට ආචාර කරද්දි..

සුදු පැහැති වස්ත්‍රයකින් තම සිරුර ආවරණය කරගෙන සිටි රැජිණිය මඳ සිනහවක් පා තම සිහසුන මතින් හිඳගත්තා..

(මේ වගේ එකක් තමා ඊව් ඇදගෙන ඉන්නේ.. තව ඒකේ පිටිපස්සෙන් සේද රෙද්දක් වගේ එකකුත් තියෙනව..)

(සිංහාසනය මේ වගේ එකක්.. හැබැයි ඒකේ මුදුනේ අඩසඳක මාක් එකක් තියෙනවා..)

"මගේ පරණ මිත්‍රයා.. මං ඔබව බලාපොරොත්තු උනා.."

රැජිණියගේ කටහඬ ඇහෙනවාත් එක්කම ග්‍රෙගෝ හිසනමා රැජිනියට නැවත වතාවක් ආචාර කරමින් හිටගත්තා.. ඊව්, එහෙමත් නැතිනම් ඔවුන්ගේ රැජිණිය ඉතාමත් මිත්‍රශීලී වගේම කරුණාවන්ත අයෙක් බව ග්‍රෙගෝ මෙන්ම රාජ්‍යයේ අනෙක් වෘකයන් හොදාකාරවම දැන සිටියා..

"රැ..රැජිණියනි.. ඔබ කුමරුගේ සිහින තුළට ඇතුල් වෙලා..?"

"හ්ම්ම්..මෙයයි නිසි කාලය ග්‍රෙගෝ.. ඔහු දැනගත යුතුයි ඔහු කවුරුන්ද යන වග.."

"නමුත් ඔහු තාම අවුරුදු දාහතක තරුණයෙක්.. මගේ රැජිණියනි.."

රැජිණිය සමඟ තර්ක කිරීම තමන්ගේ තත්වයට නුසුදුසු බව හැගුණු නිසා ග්‍රෙගො නැවතත් තම හිස නමාගත්තේ සමාව ඉල්ලන්නාක් මෙන්..

"ඔව්.. ඒත් ඔහු ඔහුගේ පියාණන් වගේමයි.. කඩවසම් මෙන්ම ශක්තිමත්.."

රැජිණියගේ සන්සුන් ස්වරය ඇසුණු ග්‍රෙගෝ හිස ඔසවන විට දුටුවේ රැජිණියගේ මුහුණේ ආඩම්බර මෙන්ම ආදරණීය සිනාවක් ඇදිලා තියෙන විදිහ..

"එසේය රැජිණියනි..ඔබගේ පුත් කුමාරයා අපගේ රජුට හැම අතින්ම සමානයි.."

"ඒ නිසාම තමයි ග්‍රෙගෝ මට බය.."

බර හුස්මක් පාත දමමින් රැජිණිය පැවසුවේ ග්‍රෙගෝට, තම රජුට අත් වූ අවාසනාවන්ත මරණය සිහි වෙද්දි..

"මගේ පුතා මට කිව්වා.. කුමරු ඔබව සිහිනෙන් කීපවරක්ම දැක තිබෙලු.. ඔහු අවදියෙන් සිටින විටදී පවා.."

"අහ්.. thunder.. ඔබගේ පුත්‍රයා.. ඔවුන් හොදම යාලුවෝ.."

"එසේය රැජිණියනි.."

"ඔබට මා කෙසේ ස්තූති කරන්නද කියලා මට තේරේන්නේ නෑ ග්‍රෙගෝ.. අවුරුදු දාහතක් පුරාවට ඔබ මගේ පුත්‍රයාව රැකගත්තා.. ඔබගේ පුත්‍රයාගේ ආරක්ශාව මෙන්ම ආලය ඔහුට ඔබ ලබා දුන්නා.."

රැජිණිය තම සිහසුනෙන් නැගිට ග්‍රෙගෝ දෙස බලමින් එසේ පැවසුවේ අතීතයේ සිටම ග්‍රෙගෝ රජ පවුල වෙනුවෙන් තම දිවි නොතකා සේවය කල ආකාරය සිහි කරමින්..

ඔව්.. එදා ග්‍රෙගෝ කුමාරයව අනාථ නිවාසය ඉදිරිපිට තියලා ගිය මොහොතේ පටන්ම කලේ ඒ අවටින් ගෙයක් හොයන්න ගත්තු එක.. අවසානයේ අනාථ නිවාසයට යාබඳ තැනකින් හොයාගත්තු ගෙදර පදිංචියට ග්‍රෙගෝ ආවේ තමන්ගේ මාස දහයක් පමණ වයසැති කුඩා බිළින්දාද සමඟමයි.. එතැන් පටන් වසර දාහතක් පුරාවට ග්‍රෙගෝ කුමරුට ආරක්ශාව සැපවූයේ අඳුරු සෙවනැල්ලක් මෙන් කුමරු පසුපසම හිදිමිනුයි.. තමන්ගේ එකම පුතා වෙච්ච තන්ඩර්.. එහෙමත් නැත්තන් හිමාෂ.. තෙහස්, රාජකීය පරපුරේ ඊළග පරපුර සමඟ එකටම තැබුවේත් කුමරුගේ ආරක්ශාව මෙන්ම කුමරුගේ මානසික සතුට උදෙසා..

රැජිණියගේ ප්‍රශංසාව ඉදිරියේ මුහුණ සිනාවකින් සරසා ගත් ග්‍රෙගෝ නැවතත් හිස නමමින් රැජිණියට ආචාර කලා..

"ඔවුන් තවමත් කුමරුන්ව සොයනවා.. එසේ නොවේද..?"

"එසේය රැජිණියනි.. ඔවුන් තවමත් මේක අතහැර නෑ.. නමුදු බියවීමට අවශ්‍ය නෑ.. මා කුමරු අසලින්ම සිටිනවා.. ඊටත් වඩා ඔවුන් තවම දන්නේ නෑ කුමරු සිටිනා ඉසව්වක් ගැන.."

"හ්ම්.. ඒනිසාමයි මම මේ තීරණය ගත්තේ.."

"මට තේරුනේ නෑ රැජිණියනි.. කුමක්ද ඔබ තුමිය අදහස් කළේ..?"

"ඊළඟ පුරහඳ පායන දවසට තෙහස් දැනගනීවි ඔහු කවුරුන්ද යන වග"

රැජිණිය ස්ථීර හඬකින් එසේ පැවසුවේ ග්‍රෙගෝගේ වචන සිර කරමින්..

"රැ..රැජිණියනි..?
  නමුත් ඊළඟ පුරහඳ පෑයීමට ඇත්තේ තවත් දින දෙකක් පමණයි.."

පුදුමයෙන් මහත්ව එසේ පැවසූ ග්‍රෙගෝ දෙස බලා සිටි ඊව්, තම අතක රඳවාගෙන සිටි කුඩා කුප්පියක් ග්‍රෙගෝ දෙසට දිගු කළා..

"මේකේ තියෙන්නේ සඳ දේවියට අයත් පොකුණේ ජලය.. මං මීට අවුරුදු දාහතකට කලින් කුමරුට මෙහි ජලය පෙව්වා.. එහි අනුහසින් ඔහු මෙතෙක් කල් සාමාන්‍ය පුද්ගලයෙක් ලෙස ජීවත් වූවා.."

රැජිණිය පවසන දේවල් ග්‍රෙගෝ ඉතාමත් උවමනාවෙන් අහන් හිටියා..

"ඉදිරි දින දෙක තුළ ඔබ කෙසේ හෝ ජෝසප් නිවාසයෙන් අවසර ගෙන පුරහඳ පායන දවසට තෙහස්ව ඔබගේ නිවසට ගෙන්වා ගත යුතුයි.. නමුත් හෙට දවස ඇතුළත කුමන හෝ අයුරකින් මෙහි ඇති ජලය ඔහුට පානය කිරීමට දෙන්න.. "

"මා එසේ කරන්නම් රැජිණියනි"

"පුරහඳ රාත්‍රියේ සඳ එළිය ආධාරයෙන් ඔහු තම පළමු වෙනස්වීම ඔබගේ නිවස තුළදී අත්විදිවී..."

රැජිණිය එසේ පැවසුවේ තමඔ අල්ලට යටින් ඇති සමෙහි සටහන්ව තිබූ අඩසඳ හැඩැති කැළල පිරිමදිමින්..

නමුත් ග්‍රෙගෝගේ ප්‍රශ්නාර්ත බැල්ම දුටු රැජිණිය ඔහු ඇසීමට යන ප්‍රශ්නය තේරුම් ගනිමින් ඊට උත්තර බැන්ඳේ ග්‍රෙගෝ ප්‍රශ්නය විමසීමටත් පෙරයි..

"මා දන්නවා ග්‍රෙගෝගේ හිතේ තියෙන ප්‍රශ්නය මොකක්ද කියලා.. මම මේතීරණය ගත්තේ හොදට හිතල බලලා.. කුමන හෝ මොහොතක ඔවුන් කුමරුන්ව සොයාගන්නවා.. අපි ඊටකලින් කුමරුන්ව සෑම දේකටම පුහුණු කළ යුතුයි.. ඉදිරියේදි ඕහුට මුහුණ දීමට වන අභියෝහයන්ට මුහුණ දීමට පුහුණු කළ යුතුයි.."

"එසේය රැජිණියණි.. ඔබතුමියගේ කැමැත්තට අනුව දේවල් සිදුවේවි.."

රැජිණියට ආචාර කළ ග්‍රෙගෝ අඩි තුන හතරක් ඒ ආකරයෙන්ම පසුපසට ගොස් ආපිට හැරී රාජස්භා කුටියෙන් යෑමට සැරසුණත් රැජිණියගේ එක්තරා ප්‍රශ්නයක් ඔහුව එතැනම නවත්වාගත්තා..

"තෙහස්ට අළුත් යාළුවෝ හම්බෙලා.. එහෙම නේද.. ඒකට ප්‍රශ්නයක් නෑ ඒත් මේ කිසිදෙයක් පිටට නොයන්න කටයුතු කරන්න තෙහස්ට උගන්නන්න ග්‍රෙගෝ.."

රැජිණිය දෙසට හැරී ඊට අනුමත වූ ග්‍රෙගෝ අවසානයේ වනයෙන්ද පිටතට පැමිණ මිනිස් ස්වරූපයට හැරී තම වාහනයට නැග එය පණ ගන්වමින් කාරය ධාවනය කළේ ජෝසප් අනාථ නිවාසය දෙසටයි..

  Back to Nethun's POV
        <At school>

"දොං ජිං ජිං දොං තරිකිට හඬට රබානේ
  ආ.. ආ..
  රන්වන් රන් රැඟුම් නටපු ටිකිරි විමානේ
  ඕ යේ කැරකිලා.."

මං හිටියේ මගේ ඩෙස්ක් උඩ ඉදගෙන පුටුවට කකුල් තියන්.. හැබැයි මේ වෙද්දි ශෙවෝනයා හිටියෙනම් උගෙ ඩෙස්ක් එක උඩ හිටගෙන..

අපිට අද පස්වෙනි වගේම හයවෙනි පීරියඩ් එකත් වෙන්වෙලා තිබ්බේ බිස්නස් ස්ටඩීස් වලට උනත් අද සර් ඇවිල්ලා හිටියේ නෑ.. ඒකේ ප්‍රථිපලයක් හැටියට තමා අපි මේ අස්ථාන ගත වෙලා, මයික් එක ෂෙවෝනයා ගාව තිබ්බේ..

ශෙවෝනයා හයියෙන් කෑ ගගහ සින්දුව කියද්දි හිමාෂයා උගේ ඩෙස්ක් එකට පෑනකිනුයි අතකිනුයි තට්ටු කර කර සංගීතය සැපෙව්වා.. මං සින්දුව මැද්දෙන් පැනලා ඕ යේ කෑලී දාද්දි තෙහස් නම් හිටියේ සංසාරෙම කලකිරිලා..

ඒකට පලවෙනි හේතුව තමා දැන් මෙතනට සර්කෙනෙක් හරි මිස්කෙනෙක් හරි ආවොත් පන්ති නායකය නැගිට්ටල උට සුද්ද සිංහලෙන් අමතන එක. දෙවෙනි හේතුව තමා මූ කොච්චර කිව්වත් පන්තියේ එකෙක් ඌව තඹේකට ගනන් නොගෙන ආතල් එකේ සින්දු කියන එක..තුන්වෙනි හේතුව තමා වයිස් ලීඩර් වෙච්චි මං මදාවියා වගේ ඩෙස්ක් එක උඩ ඉදගෙන අරුන්ට සප් එක දෙන එක..

මං කලින්ම කිව්වනේ.. මට ඔය නායක පට්ටම් අරන් මගේ ආතල් එක කුඩු කරගන්න බෑ කියලා..

ඊටත් හොදම දේ තමා මං තාම හිටියේ තෙහස්ට එහාපැත්තේ ඩෙස්ක් එකේ..

හතරවෙනි පීරියඩ් එකේ අවසානේ වෙද්දි හිමාශ ස්කූල් කිට් එකට ආයෙ බැහල අතින් කටින් බෑග් එල්ලන් පන්තියට ආවත් එවෙලේ පන්තියේ සර් කෙනෙක් හිටපු නිසා හිමාශ ශේප් එකේ ගිහින් මං කලින් හිටපු තැන, ඒකියන්නේ ඩෙස්ක් පෝලිමේ එහා කෙළවරේ ඉදගත්තා. ශෙවෝන්ට එහාපැත්තෙම හිමාශ ඇවිත් ඉදගත්ත නිසා ශෙවෝනුත් උඩ පයින්න ගියේ නෑ..

ඉන්ටවල් එකට බෙල් කරායින් පස්සේ හිටපු සර් ගියත්, තෙහස්ගෙයි මගෙයි නායක පට්ටම් ගැන දැනගත්තු හිමාශ මට මෙතනම ඉන්න දීලා ඌ මං හිටපු තැනට ගියේ අපි දෙන්නට එකට වැඩ කරන්න වෙන්න ලේසි වෙන්න කියලා.. තෙහසුත් ඒකට එකඟ උන නිසා මං මෙතන ෆවුන්ඩේශන් එක දාලා ගේ බදින්න ගඩොල් බැන්දා..

තොවිල් නැටුවත් මං ආයේ මෙතනින් අඩියක් යන්නැ!!
මං තමා බහිරවයා එතකොට සුදුකුමාරය තමා මගේ නිධානේ!!

"මොකද ඕයි ගෑනි මැරිච්ච එකා වගේ ඉන්නේ වරෙන්කො සින්දුවක් කියලා ආතල් එකක් ගන්න.."

මං තෙහස්ගේ ඔලුවටත් හෙමින් පාරක් දෙන ගමන් කියද්දි මූ අතකට බර කරන් ඉදපු කම්මුල අතෙන් නිදහස් කරන් මට හොදම එකෙන් රැව්වා..

"ආතල්ල්..?තොට ආතල් පෙනෙයි මෙතෙන්ට සර් කෙනෙක් ආවම.. තෝ වයිස් නේද යකෝ"

"එහෙමයි කියලා ආතල් කුඩු කරගන්න බෑනේ සුද්දා.. වරෙන් වරෙන් සින්දුවක් කියන්න.."

"මෝඩ පගෙක් තමුසෙනම්"

"මට ඒක ඇහුණා!"

"ඇහෙන්න තමා කිව්වේ!"

මං අරූගේ අතෙන් ඇද්දම ඌ හෙමීට මට කුනුහරපයක්ම කිව්වත් මට ඒක ඇහුණා.. හැබැයි තරහයනවට වඩා මට උනේ ඌ කිව්ව එක ඇහිලා හිනාගිය එක..

"ඇයි දැන් තෝ හිනාවෙන්නේ?"

තෙහස්ගේ මූණ තරහටම රතුවෙලා තියෙද්දි මට යාන්තමට බයක් හිතුනේ නෑ කිව්වොත් බොරු.. හැබැයි මං ඒක ඌට පෙන්නන්න ගියේ නෑ..

"මුකුත් නෑ මුකුත් නෑ.. වරෙන් වරෙන් මා එක්ක සින්දුවක් කියමු.."

"මට සින්දු කියන්න බෑ!"

තෙහස් ගත් කටටම කියල දැම්මම මගේ හිතේ තිබ්බ අදහස උපන් ගෙයිම වැලලිලා ගියා..

"බොරූඌඌඌඌඌ... මුට ලස්සනට සින්දු කියන්න පුලුවන්.."

ඒ හිමාශ.. ඌ අපේ කතාව අහන් ඉදලද කොහෙද තෙහස්ගෙ දිහාට ඇගිල්ලක් දික්කරන් ඌ එහෙම කෑගැහුවම මං රවාගෙන තෙහස් දිහා බැලුවේ මූ සින්දු කියන්න බෑ කියලා මට බොරු කියපු නිසා..

"අනේ මේ.. මට ඕන්නැති සින්දුවක් නෑ රෙද්ද!"

"එහෙම කරන්න එපා පව්නේ.."

තෙහස් ආයෙම දුම්මල වරම අතට අරන් කෑගැහුවම මං උගෙ තරහ දෙගුණ තෙගුණ වෙන කතාවක් කියලා වැඩේ වරද්දගත්තත් මං බලාගෙන තෙහස් ලොකු හුස්මක් පිට කරලා තරහා පාලනය කරගත්තා..

"ඕයි ඕයි මේ අලුත බැන්ද ජෝඩුවනේ.. ඔහොමත යකෝ වයිෆ් ට සලකන්නේ..?"

විනුකයා ශේප් එකේ කියල දැම්මම ශෙවෝනුත් ඒකට ඔලුව දැම්මා..

"අඩො අඩො ඔව්නෙ.. කො කො යුග ගීයක් කියපල්ලා"

තෙහස් ශෙවෝන්ගේ දිහා මරාගෙන කන්න වගේ බලලා ආයෙම ඔලුව දෙපැත්තට වැනුවේ මුන්ට කොච්චර කිව්වත් වැඩක් නෑ කියලා තෙරුම් අරන්..

"අනේ ඕයි කියමුකො.. හරි උබට තනියෙන් කියන්නනෙ ලැජ්ජ මං එක්ක කියමු.. ඈ.. හානේ.. හා කියපන් හරකෝ!"

මං තෙහස්ව වන වන කොච්චර හා කියන්න කිව්වත් මූ කටක් හොල්ලපු නැතිතැන මං හයියෙන්ම උගෙ ඔලුවටත් ගහලා හා කියපන් කියල කෑ ගැහුවම මූ ඔලුව අල්ලන් ආ පිට මට කෑගැහුවා

"හරි හරි කියමු තොපෙ වක්කඩවල් ටික වහගනිල්ලා!"

පන්තියෙ ඔක්කොම උන්ට වඩා හයියෙන් තෙහස් කෑ ගැහුවම මුලු පන්තියම තප්පර පහකට විතර මීයට පිම්බා වගේ උනා..

"මං එකක් කියන්නම් හැබැයි ඊටපස්සෙ තොපි කෑ ගහන්න බෑ.. හරිනේ?"

තෙහස් අනික් උන්ට තරවටු කරාම මුට නහුතෙටම මලපැනලා කියලා තෙරුන සෙට් එක රොබෝලා වගේ ඔලුව වැනුවා..

"හ්ම් දැන් මොකක්ද කියන්න ඕනේ?"

"හැකරැලත් එක්ක යුග ගීයක් කියපන්"

ශෙවෝන් එහෙම කිව්වම තෙහස් මං දිහා බැලුවා.. මං කියමු කියන්න ඔලුව වැනුවම තෙහස් බිත්තියට පිට දීලා මගේ පැත්ත හැරුණා..

"මං ගොඩක් සින්දු දන්නේ නෑ.. එක එක විකාර සින්දු වලට කැමතිත් නෑ.."

"නුඹ හා එක දන්නවද"

"ආ ඔව්"

මගෙත් ෆේවරිට්ම එක ඒක නිසා මං කෝකටත් කියලා යෝජනාව දැම්මම තෙහස් ඒකට උඩින්ම කැමති උනා..

"හරි එහෙනම්.. පටන් ගනිල්ලා ආ.."

ශෙවෝන් එහෙම කියලා අනික් උන්ව නිශ්ශබ්ද කරාම මං ඩෙස්ක් එක උඩ ඉදන්ම මුල් පද දෙක තුන කිව්වා..

"මගේ හිත හරි කලබල නුඹ දෙස බල බල නිතරම හිතවතියේ...
  නුඹ මගේ ළඟ උන් හැටි සෙනෙහස දුන් හැටි අද වගේ මතක තියේ.."

මගේ හිත කිව්වත් තෙහස් දිහා බලන් කියපන් කියලා තිබුණ ලැජ්ජාවට වගේම චකිතෙට මං උඩ බලාගෙන සිවිලිමේ කොටු ගනන් කරන ගමන් ඒ ටික කිව්වා..

"නුඹ හා හමු වී මොහොතක් තිබුණී නොදැනිම ගෙවෙනා..
  අද මා මෙහි වී මොහොතක් රැදුණී සිතුවිලි මැවෙනා..."

මං මගේ කොටස කියලා ඉවර වෙනවත් එක්කම තෙහස් එයාගේ ඩීප් බට් ස්වීට් වොයිස් එකෙන් ඉතුරු පද පේළි ටික කිව්වහම මං කොටු ගයින එක නවත්තලා ඇස් දෙක ජිල් බෝල කරන් තෙහස් දිහා බැලුවා..

විශ්වාස කරනවනම් කරපල්ලා කරේ නැත්තන් මට වැඩකුත් නෑ, මං මේ අවුරුදු දාහතටම අහපු ලස්සනම වොයිස් එක තිබුණේ මගේ සුදුකුමාරයට! ඒ දේ විශ්වාස කරගන්න බැරිම තැන මං ශෙවොන් දිහා බැලුවම ඌත් ඉන්නව යකෙක් දැකලා වගේ.. මං ඇස් දෙක එහෙමම බෝල දෙකක් කරන්ම සින්දුවෙ ඉතුරු ටික කිව්වා..

"ඔය නෙතු හමුවන තුරු පාර දිහා බලමින් තව වෙහෙසයි දෑසට මා..
කිමදෝ පමා වූ ඒ කාරණා.."

මං ආයෙම පේලි දෙකක් කියලා නැවැත්තුවම තෙහස් ඉතුරු පද පේළි දෙක කිව්වා..

"මගේ සතුටකදී නුඹ පාන සිනා නුඹ ළඟ රැදුණේ ඔය ස්නේහෙට මා..
  සිතුවිලි මැද කිමිද මා භාවනා..."

අපි දෙන්නගේ ඩුවට් එක දිගට දිගට ඇදෙද්දි පන්තියේ ළමයි ඔක්කොම වගේ එකා දෙකා නිශ්ශබ්ද වෙවී අපිට අවධානය දුන්නා..
මට අවට කිසිම දෙයක් ගැන අවධානයක් තිබුණේ නෑ.. මගේ අවධානේ තිබුණෙම ඒ වශියක් වෙච්ච ඇස් දෙක වහගෙන තාලේ අල්ලන ගමන් තොල් වලින් වචන මුමුණ මගේ තෙහස් ගාව විතරයි..

මං සිවිලිමෙ කොටු පස්සේ ගනන් කරන්න හිතාගෙන සින්දුව කියලා ඉවරවෙනකන්ම කලේ තෙහස් දිහා බලන් හිටපු එක..

"මගේ සතුටකදී නුඹ පාන සිනා නුඹ ළඟ රැදුණේ ඔය ස්නේහෙට මා..
  සිතුවිලි මැද කිමිද මා භාවනා..."

අවසාන පේළිය තෙහස් කියලා ඉවර කරහම පන්තියේ ළමයි අත්පුඩි ගහන්න ගත්තා.. එවෙලෙ තමා මම පියවි සිහියට ආවේ..

"අනේ බන් ඒක මාරම ලස්සනයි.."

"උබගේ ස්වීට් වොයිස් එකයි මුගේ ඩීප් වොයිස් එකයි එකතු උනාම මාරම මැචින් යකෝ"

ශෙවෝන් මගේ උරහිසෙන් හොල්ල හොල්ල පිස්සෙක් වගේ කියවන් ගියහම මං උට හිනාවෙලා තෙහස් දිහා බැලුවා..

ආයෙම! ආයෙම අර හතරැස් හිනාවෙන් ඇස් දෙකත් හීනි කරන් තෙහස් හිනාවෙලා ඉන්න හැටි දැක්කම මාව පාවෙන්න ගත්තා.. මුලින් පන්තියෙ ඔක්කොටම කෑ ගහලා යකා ආවේශ වෙලා හිටපු එකාමද මේ කියලා හිතෙන තරමට තෙහස්ගේ ඇස් දෙක සතුටින් දිලිසුනා..

තෙහස් එ හතරැස් හිනාව මූනේ පුරවගෙන මගේ දිහා බැලුවම මමත් මගේ හා දෙත් දෙක ඩිස්ප්ලෙ වෙන හිනාවෙන් තෙහස්ට හිනා උනා..

"අනේ... මගේ කොල්ලා.."

ශෙවෝන් ආයෙම බොරුවට අඩලා අර ඇස් පිල්ලම් යට පිහින හින්දි නාට්‍ය වල නැන්දම්මා වගේ කටත් ඇද කරන් උගෙ පිට අල්ලෙන් ඇහැ ගාව පිහිදන් මාව බදාගත්තේ මම හරියට යුග ගීය කියලා අරූ එක්ක පැලපදියන් වෙන්න යන්න හදනවා වගේ..

"මේ මේ උබයි හිමාශයයිත් එකක් කියපන්.."

මගේකාට මමම චාන්ස් එකක් අරන් දුන්නම හිමාශයි ශෙවෝනුයිත් ඩුවට් එකක් කිව්වා..ඒ දෙන්නගේ වොයිසස් දෙකත් මාරම මැචින් උන නිසා ඒ දෙන්නටත් අපි දෙන්නට වගේම ප්‍රේක්ශක ප්‍රතිචාර ලැබුණා..

මොන විදිහේ දේවල් මගේ ඇහැට පෙනිලා කනට ඇහුනත් මගේ අවධානේ තාමත් තිබුණේ තෙහස්ගේ ඩීප් වොයිස් එක අස්සේ හිරවෙලා..

මන් ඩෙස්ක් එකෙන් බැහැලා ආයෙම පුටුවෙන් ඉදගෙන උගුර පාදලා තෙහස්ට කතා කරා..

"තෙහස්.."

"ම්ම්"

තෙහස් බල බල හිටපු පොතෙන් ඔලුව නොගෙනම මට ආපිට උත්තර බැන්දා..

"උබ ලස්ස්නට සින්දුව කිව්වා.. උබේ වොයිස් එක පට්ටනේ.."

මං එහෙම කිව්වමනම් තෙහස් ඔලුව උස්සලා මං දිහා බලලා ආයෙම හරි ලස්සනට අර හිනාවෙන් හිනා උනා.. අනේඔහොම හිනාවෙන්න එපා යකෝ මට උන්හිටි තැන් අමතක වෙනවා කියලා කියන්න ඕං උනත් මං වශී වෙලා වගේ ඒහිනාව දිහා බලන් හිටියයින් මට ඒටික කියාගන්න නම් බැරි උනා..

මන් හිතන්නේ තෙහස් කැමතියි කවුරුහරි එයාව වර්ණනා කරනවට..

"ඔයත් නියමට කිව්වා නෙතුන්.. අනික මං අදනෙ දන්නෙ ඔයාට හා දත් දෙකක් තියෙනවා කියල"

ඔය කිව්වෙ කතාවක්! ඒකිව්ව කතාවට මට නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගෙ.. මට නිකන් හයිස්කූල් ගර්ල් කෙනෙක්ට එයාගේ බෝයි ප්‍රපෝස් කලා වගේ  ෆීලින් එකක් හිතට ආවම ඔලුව ගසල දාලා මන් සිහියට ආවා..

ඊට විනාඩි ගානකට පස්සේ බෙල් එක ගැහුවම ඉකෝන් මිස් ඇවිත් පීරියඩ් දෙකේම පොත් පිරෙව්වට පස්සේ අවසානේ ඉස්කෝලේ ඇරිලා අපි සිසු සැරියේ නැගලම ගෙවල් වලට එන්න පිටත් උනා..

පුරුදු විදිහට මුලින්ම මම බස් එකෙන් බැස්සම ශෙවෝනුයි හිමාශයි තෙහසුයි බහින්නේ කොහෙන්ද කියලා මට බලාගන්න බැරි වෙන එකටනම් මන් අකැමැතියි.. විශේශෙන් තෙහස් බහින්නේ කොයි හරියෙන්ද කියලා මට බලාගන්න ඕන වෙලා තිබුනේ..

බස් එක නොපෙනී ගියාම මං අතුරු පාරකට හැරිලා බිම තිබුන කෝට්ටක් අහුලන් වැටවල් වලට තට්ටු කර කර යන ගමන් හිතුවෙම අද දවස මොනතරම් හොද දවසක්ද කියන එක!

ශෙවෝන් උදේ තෙහස්වයි මාවයි බන්දපු වැඩෙ මතක් වෙලා හිනාගියත් ආපිට මාව රතු උනෙත් ඒ ලොකු අත් උඩ මගේ අත් පරිස්සමට තිබුනු විදිහ මතක් වෙලා..

මූනේ හිනාවක් රඳවගෙනම අපිදෙන්නා කිව්ව ඩුවට් එකත් මතක් කර කර මං ගෙට ගොඩ උනේ කුස්සියෙන් හොද කෑම සුවදකුත් එද්දිමයි..

------------------------------------------

වචන 2500+ 🥲🌝

මෙච්චර කාලෙකට ලිව්ව දිගම එකද කොහෙද 🫠😅

වෝට් කරලා කමෙන්ට් කරන් යන්න.. තැන්ක්‍යූ කතාව කියවනවට 👀

ශෙයා කරන්න 👀

අඅර ගම්මානේ ්ගෙවල් මේ වගේ

ම්මේක ඒ රාජසභාව

මේ ඒ දොර..මේකේ අඩසද මාක් එක තියෙනවාකියලා හිතන්න හරිත

මේ වගේ එකක් තමා තෙහස්ගෙ බෙල්ලෙ පිටිපස්සෙ තිබුනෙ..ඒක මීට වඩා පොඩියි හුගක්..

Continue Reading

You'll Also Like

156K 6.8K 46
Regal Eclipse Pack Series is now available on Amazon https://www.amazon.com/dp/B0CT96742X?binding=kindle_edition&ref=dbs_dp_rwt_sb_pc_tkin Book 2 of...
2.2K 289 20
E book covers for any platform Youtube thumbnails for YT fanfictions Anything!
401K 8.7K 43
Sheltered shifter Celeste runs away after disappointing her parents with another failure to secure a worthy mate bond, but she accidentally stumbles...
7.7K 863 41
මේ පොතේ ඔරිජිනල් එක english. මම මේ පොතේ ඔරිජිනල් ඕතර්ගෙන් අවසර අරගෙන තමා ඒක සිංහලට ට්‍රාන්ස්ලේට් කලේ.. මට දැන් ඔරිජිනල් ඕතර්ව මෙන්ශන් කරන්න මතක නෑ...