Bloody Moon - Taekook Nonfic

By IJJKTHV

7.2K 1K 4.4K

Werewolf කතාවක් සිංහල නම්,ගම් එක්ක ලංකාවේ style එකට කියවමුද..?😌 Bloody Moon - Taekook - Top - Tae - (Power)... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 8
Chapter 9
Chapter 10
New Stories
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Dear Readers..
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31

Chapter 7

207 36 12
By IJJKTHV

Nethun's Pov

පළවෙනි පීරියඩ් එකේ බෙල් එක රින්ග් කලාට පස්සේ අපි කට්ටියම උපාසක බළල්ලු වගේ පෝලිමේ ඇවිත් ඉදගත්තා.. මම හිටියේ ෂෙවෝන්ටයි තෙහස්ටයි මැද්දේ වෙද්දි හිමාෂ ආව ගමන් ආයෙ මගේ ප්ලේස් එකට යන්න ඕනේ කියන එක දැඩි මරණ තර්ජන යටතේ කියපු ෂෙවෝන්ටත් මං අවනත උනා.. හැබැයි හිමාෂයව මගේ ප්ලේස් එකට යවන්නත් පුලුවන්....... ඒකියන්නේ ෂෙවෝන්ගේ එහා පැත්තට.. ඒත් හිමාශය කැමති වෙයිද දන්නෑනේ උගෙ හොදම යාළුවා මෙතන දාලා යන්න.. බලමුකො..

එහෙම ගියත් නැතත් මං අහගෙන මේ සතිදෙක තුනම උන්ට ෆුට්බෝල් ප්‍රැක්ටිස් තියෙනවා කියලා කියනවා.. එතකොට කොහොමත් ඌ එනකන් මං මෙතන.. එච්චරයි!

අද අපිට මුලින්ම තිබුනේ අකව්න්ටින්ග්.. පීරියඩ් එකක එක විනාඩියක් වත් අපතේ යවන්න අකැමැති අපේ මධූ මිස් සාරි පොටත් කරේ දාන් පන්තියට ආවම අපි කට්ටිය නැගිටලා ආයුබෝවන් කිව්වා..

"ළමයි.. අහගන්නකෝ.. අද අපි අපේ පාන්තියට නායකත්වය දෙන ළමයි ටික තෝරගන්න ඕනේ.. හරි අපි මුලින් නම් මාක් කරන් ඉමුකො.."

අහ්.. දැක්කනේ මං කිව්වේ... හම්බේඒඒඒඒ ඔය නායක පට්ටම් තියෙනවා නේත.. මටනම් පෙන්නන්න බෑ හැපූ.. ඔව්වා මහ වාත කේස්.. පන්තියේ එකෙක්ගේ යට කලිසමක් ඉස්කෝලේ ඇතුලෙදි නැති උනත් ඒකට වග කියන්න ඕනෙත් නාකියා! අහ් මේ මං කිව්වේ නායකයා..

මිස් අපි හැමෝගෙම නම් මාක් කරන් එන අතරේ තෙහස් දිහා බලලා ඇහුවේ අද යාලුවා නැද්ද කියලා.. තෙහස් ඒකට විස්තරේ කියලා කෙටියෙන් උත්තරයක් දුන්නට පස්සේ පෑන උඩ රඳවලා තිබ්බ පෑනේ කොපුව අරගෙන ඒක ආයේ පෑනේ ඉස්සරහින් රඳවන ගමන් මිස් ඉතුරු නම් ටිකත් මාක් කරලා හැරුණේ පන්තියේ ළමයි දිහාවට..

"වැඩිවෙලා ගන්න බෑ කොල්ලනේ.. ම්ම් මං කෙලින්ම කාරණාවට එන්නම්.. හරි අපි මුලින්ම අපේ පන්තියට හොද නායකයෙක් තෝරගන්න ඕනේ.. ඊටපස්සෙ උප නායකයෙක් වගේම විශය නායකයෝ පත් කරගන්නත් ඕනේ.. පන්ති නායක පට්ටමට ඔයාලාගේ මුකුත් යෝජනා තියෙනවද..?"

මිස් එහෙම ඇහුවම ළමයි උඩබිම බලන්න ගත්තේ හරියට එකෙක් හිතාගන්න බැරුව.. ආයේ දෙකක් නෑ සුවර් සොට් ඕක වදින්නේ මගේ සුදුකුමාරයාට තමා.. මොකද මූ ඉතින් හෙන සාන්ත දාන්ත ඩයල් එකනේ.. ඕක කොහොමත් හරියන්නෙත් තෙහස් වගේ අයට තමයි.. කොහොමත් සිස්ස නායක~

"තෙහස් හොදයි මිස්.. මූව තමා ඔය පට්ටන්තරේට ගැලපෙන්නේ.."

හරිනේ.. ඔය කිව්වේ... මට ඉතුරු ටික හිතාගන්න කලියෙන් පන්තියේ කටර් එක උන විනුකයා ඩෙස්ක් එක උඩ නැගගෙන තෙහස්ගේ දිහාට ඇගිල්ලක් දික් කරන ගමන් කිව්වා.. මං බැලුවේ තෙහස් දිහා.. මූ ඉන්නවා නිකන් 'ඕක මට ලැබුණත් එකයි නැතත් එකයි මල්ලේ' ටයිප් එකේන්..

"ප්‍රතික්ෂේප කිරීමක් හරි වෙන මුකුත් යෝජනාවක් හරි තියෙනවද.."

මිස් තෙහස් දිහත් බලලා පන්තියේ අනික් හැම ළමයෙක් දිහාමත් මිස්ගේ කන්නාඩි අස්සෙන් බලන ගමන් කිව්වහම ළමයි හැමෝම නෑ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා..

"හරි එහෙනම් හැමෝගෙම කැමැත්ත මත අද ඉදන් වාරයක් යනකන් අපේ පන්ති නායකයා විදිහට කටයුතු කරන්නේ තෙහත් නෙත්සිළු පුතා.. නායකයෙක් අතින් වෙන්න ඕනේ හැම කටයුත්තක්ම පුතා හරියට හොයලා බලලා කරයි කියලා මං හිතනවා.."

මිස් තෙහස් දිහාවට තියුණු බැල්මක් දාන ගමන් එහෙම කිව්වම තෙහස් හිනාවෙලා ඔලුව නවන ගමන් එයාගේ තනතුර භාරගත්තා..

"අපි දැන් තෙහස්ට උදව් කාරයෙක් හොයාගමු.. කව්ද කැමති උප නායක වෙන්න
.. any recommendations?"

ම්ම් උප නායක... උප නායක මොකා උනත් තෙහස් පන්ති නායක නිසා නිතරම එකට එහෙ මෙහෙ යන්න වෙයි නේත.. කොහොමත මට ඔය පට්ටම ලැබුණොත්! නියමයි! අපො හැබැයි වගකීමක් අරන් වැඩ කරන එක තමා මට බැරිම වගේම එපා කරපුම දේ..

"මිස් අපේ හැකරැලා හොදයි ඕකට... ඒකව උපනායක කරමු.."

බුදාම්මෝඕඕ කව්ද යකෝ ඒ.. වෙන කවුරුත් නෙවේ ඒ මගේ අතිජාත මිත්තරයා ෂෙවෝන් උත්තමයා.. මං ඌ දිහා ඇස් එකත් ලොකු කරන් බැලුවම මූ ඇයි අවුල්ත ලුක් එක්කින් මං දිහා බැලුවේ.. අවුල් තමා යකො මට බෑ වගකීමක් ඇතුව වැඩ කරන්න රෙද්ද..! හැබැයි තෙහස් එක්ක වැඩකරන්න පුලුවන් නම් තමා ඒක වෙනම කතාවක්..

හැමෝටම ඉන්නෝන ෂෙවෝන් වගේ මිත්තරයෙක්.. දැක්කනෙ මගෙ හිත කියවල මට කරපු හරිය..

"හැකරැල්ලා..? කවුද පුතා ඒ.."

අහ්..පොඩ්ඩක් හිටපන්.. මේ අපාය සහයකයා මට කිව්වේ හැකරැලා කියලා නේද.. ඕකට මම..!!

"අහ් සොරි මිස්.. මං කිව්වේ හසරැල්.. නෙතුන් හසරැල්.."

ෂෙවෝන් ගොන් පහේ හිනාවක් දාලා මාව පෙන්නන්න ගමන් කිව්වහම මිස් මාව යට ඉදන් උඩට ස්කෑන් කරා..

"වෙන යෝජනා තියෙනවද.."

කලින් වගේම මිස් ඇහුවත් ළමයින්ගේ උත්තරේ කලින් වගේම 'නෑ මිස්' කියන එක වෙද්දි මිස් මාව උපනායක වගේම තෙහස්ව නායක විදිහට නම් කරලා ඒ බව වාර්තා පොතේ ලිව්වා..

ඊට විනාඩි දහයකට වගේ පස්සේ විශය නායකයන් තේරි පත්වෙද්දි ෂෙවෝන්ට Business Studies වල නායක කම වගේම පන්තියේ නොහිටියත් ශෙහාන් ගේ recommendation එක යටතේ හිමාෂ Accounting වල විශය නායක උනේ මුට අකව්න්ටින්ග් වතුර වගේ කියලා අපි හැමෝමත් දැනගෙන ඉද්දි..

ඊළග විනාඩි පනහ මිස්ගේ පාඩම් වලින්ම විතරක් පිරිලා යද්දි තුන්වෙනි පීරියඩ් එකේ බෙල් එක ගැහුවට පස්සේ මිස් අපිට ගෙදරවැඩ වගේකුත් දීලා පන්තියෙන් එලියට ගියා.. ඊළගට අපිට තිබුණේ english පීරියඩ් එක උනත් මං දැක්කේ නම් නෑ අද මිස් ඇවිත් ඉන්නවා..

මධූ මිස් එලියට ගිය ගමන් පන්තිය දැන් ඇරපු මාළු මාකට් එකක් වගේ වෙද්දි ෂෙවෝන් උගෙ ඩෙස්ක් එකත් පෙරළගෙන ඇඟිලි හොයන් යන අංගුලිමාල වගේ වටෙන් ඇවිත් මගෙයි තෙහස්ගෙයි ඩෙස්ක් දෙක ඉස්සරහින් හිටගත්තේ ඉනටත් අත් දෙක තියාගන්න ගමන්..

"මොකද උඹ"

මං ඌ දිහාව ඇස් යටින් බලන ගමන් එහෙම ඇහුවම මූ තෙහස් දිහා බැලුවා.. මේ මොකක්ද මුට වෙලා තියෙන්නේ..

"නැගිටපන්"

ශෙවෝන් අණ කිරීමක් වගේ තෙහස්ට කිව්වහම තෙහස් ශෙවෝන් දිහාට ඔලුව හරවලා මගේ දිහා ඇස් කොනෙන් බැලුවේ අද මුගෙ පෙත්ත මුට අමතක උනාද කියලා අහන්න වෙන්නැති.. මං මුකුත් දන්නැ කියන්න උරහිස් ඇකිලුවම තෙහස් ආයේ සම්පූර්ණෙන්ම ශෙවෝන් දිහාට ඇස් ගෙනිච්චා..

"මොනාද බලන්නේ නැගිටපන්.."

යකෝ මුට ආච්චි වැහිලද.. මූ ආයේ අණකරනවා වගේ එහෙම කිව්වම  තෙහස් හෙමීට ආයෙම මං දිහා බලන ගමන් නැගිට්ටා..

මං ෆුල් අන්දොස් වෙලා බලන් හිටියේ ශෙවෝන් දිහා.. සිරාවටම මුට ආච්චි වැහිලාවත්ද..?

ඉනට අත් දෙක තියාගෙන තෙහස් දිහා බලන් ඉදපු ශෙවෝන් එහෙමම මගේ දිහාවට හැරුණා..

"නැගිටපන්.."

අනේ අම්මේඒඒඒඒ මගේ අනියන් ලව් එකට උගෙ ආච්චි වැහිලා හයියෝ තොවිල් නටන්න අද කාලේ කීයක් වියදම් වෙයිද දෙයියෝ ගහක් උඩ ඉදන් පොල් ගෙඩියක්වත් ඔලුවට අතෑරියොත් හරියයිද..

මොනා උනත් ශෙවෝන්ගේ මූන වගේම උගෙ ටෝන් එකත් අව්ල් කියලා දැනුනු නිසා වගේම තෙහසුත් හිටගෙන හිටිය නිසා මමත් ශේප් එකේ නැගිටලා ශර්ට් එක කලිසමට යට කරගත්තා.. ආච්චිට මොනා ඕන වේලාද දන්නෑනේ හැන්ඩ්සම් කොල්ලො දෙන්නෙක්ව නැගිට්ටුවේ.. නෑ මේ මං කියන්නේ කෝකටත් පෙර සූදානම හොදයිනේ..

තෙහසුයි මායි හිටන් ඉද්දි ශෙවෝන් ප්‍රින්සිපල් වගේ අපි දෙන්නා ඉස්සරහින් හිටගෙන හිටියා.. මම නැගිට්ටා විතරයි මූ ඉනෙන් අත් දෙක පහලට දාලා බැරෑරුම් පෙනුමෙන් මිදෙන ගමන් ඇස් දෙක වහගෙන ලාවට හිනාවෙල මගේ මේසේ උඩ තිබ්බ CR Book එක උගේ අතට ගත්තා..

ආච්චි අපිට කතා කියලා දෙන්න හදනවද මන්දා.. ඒත් ආච්චියේ ඕක මගේ ඉකෝන් පොත.. ඕකේ තියෙන්නේ ඇඩම් ස්මිත්ගේ ආච්චිගේ කතා තමා..

මූ මගේ පොත අතට අරන් ඒක පෙරලන් අත් දෙකෙන්ම අල්ලගත්තා.. ඒත් එකපාර යමක් අමතක උනා වගේ ඇස් ලොකු කරගත්තු ශෙවෝන් පොත ඩෙස්ක් එකටම අතෑරලා දාලා උගේ බෑග් එකේ පොත් ඔක්කොම උගෙ ඩෙස්ක් එකට හලලා බෑග් එක අරන් ආයෙම අපෙ ඉස්සරහට ආවා..

මං දිහා බලපු ශෙවෝන්ගේ ආච්චි අමුතුවට හිනාවෙන ගමන් අර ලබ්බේ බෑග් එක මගේ ඔලුවට දැම්මේ මට හිතන්නත් වෙලාවක් නොදී.. කිඹුලගේ කටට අහුවෙච්ච ඔලුවක් වගේ අර බෑග් එකත් මගේ බෙල්ල ගාවටම පාත් වෙද්දි අළු පාටට තිබුණ ඝනකම් බෑග් එකේන් මට එලියෙ වෙන කිසි දෙයක් පෙනුණෙ නෑ..

"මොකක්ද ඕයි උබට වෙලා තියෙන්නේ මේ ලබ්බ අයින් කරපන් මට මෙලෝ මගුලක් පේන්නෑ.."

මං බෑග් එක මගේ ඔලුවෙන් අයින් කරන ගමන් කෑගැහුවා.. මේ ලබ්බේ බෑග් එකේ පටියක් ඇවිත් මගේ කනක පැටලුනයින් මට බෑග් එක සම්පූර්ණෙන්ම අයින් කරගන්න බැරි උනා.. මං බෑග් එකේ කොනක් උස්සල උස්සල යන්තන් එක ඇහැක් එලියට දාගත්තම ශෙවෝන් මට හොදවයින් පාරක් පිටට දුන්නා..

"ආව් මොකද වුට්ටෝ කරන්නේ තොගේ අච්චිට #@$&"

ඌ ගහපු පාර සිරාවටම රිදුණා.. අනේ අම්ම්බේඒඒ ඔයාගේ සුදුමහත්තයට ශෙවෝන්ගෙ ආච්චි ගැහුවා හයියෝඕඕඕ...

මං හොදවයින් අරූට අමතද්දි ඒවා කනකට නොගත්තු ශෙවෝන් මාව අල්ලලා තෙහස්ගේ දිහාවට හරවලා තෙහස්වත් මගේ දිහාට හැරැව්වා.. මං අර බෑග් එකත් මොකාද වගේ ඔලුවෙ දාගෙන තෙහස්ට මුහුණලා හිටන් ඉද්දි මට පේනවා මේ ගෝතයා හිනාව තදකරන් ඉන්න විදිහ.. හිටපන් තෙහස් කරන්නම් මම උබට හොද වැඩක් ආවා මෙතන මට හිනාවෙන්න ද්‍රෝහියා!!

මං ඇස්‍ රෝල් කරලා ශෙවෝන් දිහා බැලුවේ උබ මොකක්ද මේ නටන්න හදන නාඩගම කියලා අහන්න හිතාගෙන උනත් මූ එකපාර කිව්ව දෙයින් මාව ගැස්සිලා ගියා..

"අල්ලගනිල්ලා අත්"

"අ..අහ්?"

මං ඇහිබැමැක් උස්සලා ශෙවෝන්ගෙන් ඇහුවා.. මොකක් නමුත් මූ නටන්න යන්නේ නම් එසේ මෙසේ නාඩගමක් නෙමෙ කියලා මට ඉවෙන් වගේ තේරීගේන ආවා..

හොද හුස්මක් ගත්තු ශෙවෝන් තෙහස්ගේ අත් දෙකෙන් අල්ලලා ඉස්සරහට ගන්න ගමන් මගේ අත් දෙක අරන් තෙහස්ගේ අත් දෙක උඩින් තිබ්බහම සත්තයි මට පොළව පලන් ගිහින් අහසේ පියාඹන ෆීලින් එකක් ආවා..

මගේ අත් දෙක තෙහස්ගේ අත් දෙක උඩ තියෙනවා දැනෙද්දි මට කොනක ඉදන්  හින් දාඩිය දාලා මාව සීතල වෙලා ගැහෙන්න වගේ ගත්තා.. මං වේලිලා තිබ්බ තොල් දෙක දිවෙන් තෙත් කරගන්න ගමන් ගැහෙන ඇස් වලින් තෙහස් දිහා බැලුවම තෙහස්ගෙ සිටුවේශන් එකත් මට දෙවැනි නෑ කියලා මට උගේ මූණෙන් පෙනුණා..

ඌත් මං වගේම වේලෙන තොල් දිවෙන් තෙත් කර කර බිම බලන් බිංකුන්ඩෝ ගනන් කරද්දි මට දැනෙනවා උගේ අත් සීතල වෙලා යන විදිහ..

මං ආයෙම 'අපේ අත්' දිහා බැලුවා.. ඇයි කියන්න දන්නේ නෑ ඒත් මගේ මූණේ සැනසිලිදායක වගේම ආදරණීය හිනාවක් ඇදෙන විදිහ මට දැනුණා.. අපේ අත් ගැලපෙනවා.. ඒ මීපැණි පාට අත්ල උඩට ගානට මගේ අත්ල සෙට් වෙලා තිබුණා.. තෙහස් ලාවට එයාගේ මහපටැගිල්ලෙන් මගේ අත අල්ලගත්තු විදිහ මට දැනුණා...

මං ආයෙම ශෙවෝන් දිහා බැලුවම ශෙවෝන් හිටියේ අර පොතත් දිගෑරල ඒක ආයේ උගේ අත් දෙක උඩ තියන්.. ශෙවෝන් මට ඇහැක් ගහලා අර බෑග් එකෙන් ආයෙම මගේ ඔලුව වැහුවා..

"ඔබ අද රැස්ව සිටින්නේ තෙහස් නෙත්සිළු ගේ හා නෙතුන් හසරැල් ගේ නායකත්ව මංගල්‍ය උත්සවයටයි.."

මොකක්?? නායකත්ව මංගල්ලේ?? ඒ මොන විදිහේ උත්සවයක්ද..? සමහරවිට ශෙවෝන්ගේ අච්චිලගෙ කාලේ තිබ්බ එකක් වෙන්නැති..

ශෙවෝන් ටිකක් සද්දෙන් එහෙම කිව්වම පන්තියෙ තිබුණ ඝෝෂාව ටිකෙන් ටිකෙන් අඩුවෙන විදිහ මට ඇහුණා.. අනිවාරෙන් දැන් හැමෝම අපි දිහා බලාගෙන ඇති..

මං ශෙවෝන්ටත් ඕන වෙඩිමක් කරගන්න කියලා පාඩුවේ හිටියා.. ඒත් මගේ අත් දෙක තාමත් හරි පරිස්සමට තෙහස්ගේ අත්ල උඩ රැදිලා තිබුණා.. ඒක මතක් වෙද්දි මගේ හදවත හතරට පහට නැමි නැමි අමුක ඩුමුක නටනවා..

"තෙහස් නෙත්සිළු..? Would you like to accept Nethun Hasaral as your dearest and long lasting vice leader?"

ශෙවෝන් හරිම සන්සුන් විදිහට එහෙම කියනවා මට ඇහුණා උනත් මේ බෑග් එක නිසා මට මෙලෝ මගුලක් පෙනුනෙ නැ.. ශෙවෝන්ට නම් ඇත්තටම නට් ලූස් එකක් තියෙනවා..

ශෙවෝන් ඒ වචන ටික නිකන් ක්‍රිස්තියානි විවාහ මංගල්ලෙක ජෝඩුව ඉස්සරහ ඉන්න අර කව්ද වගේ කියනකොට මට හිනායන්න ආවත් මං කාගෙන හිටියා... අනෙව් මට දැන් සුදුකුමාරයාගෙ මූන බලන්න ඕන.. ශුවර් එකට ඇති යකෙක් දැක්කා වගේ..

"ආ..?"

මං කිව්වේ.. මං කිව්වේ.. තෙහස්ට මෙලෝ දෙයක් තේරිලා නෑ තුශ්නිම්භූත වෙලා ඇති..

තෙහස් 'ආ..' කියලා ඇහුවම මට ඇහුණා ශෙවෝන් ඉවසගෙන ඉන්න වගේ නොඉවසිල්ලෙන්  ලොකු හුස්මක් පාත දානවා.. ඊටපස්සේ මූ ආයෙම අර ටිකම කියන්න ගත්තා..

"තෙහස් නෙත්සිළු..? Do you like to accept Nethun Hasaral as your dearest and long lasting vice leader?"

ඒ පාර නම් මීක් නෑ.. පන්තියෙ ළමයින්ගෙත් කිසි සද්දයක් නැ.. හැමෝගෙම අවධානේ අපි ගාව ඇත්තේ..

තප්පරයක්..
දෙකක්..
තුනක්..

"Y..yes i do"

මට ඇහුණා තෙහස්ගේ ගැඹුරු කටහඬ ඒ විදිහට මුමුණනවා.. මං.. මං දන්නෑ තෙහස් ඒ කියපු විදිහට මගේ හදවත රේස් දුවන්න පටන් ගත්තා.. මං දන්නවා මේක නිකන් ආතල් එකක් විතරයි කියලා ඒත් මං දන්නෑ මට මේ දැනෙන්නේ හරියට මං මූව කසාඳ බඳිනවා වගේ!!

තෙහස්ගේ අත් වල තිබුණ නොසන්සුන් ගතිය ටිකෙන් ටික නැතිවෙලා ගිහින් comfortable වෙන විදිහ මට දැනෙද්දි හේතුවක් නැතුවම මමත් ටිකෙන් ටික ඉබේම සන්සුන් වෙන්න පටන් අරගෙන තිබුණා..

තෙහස් උඹ මට මොනාද මගේ සුදුකුමාරයෝ මේ කරන්නේ...?

"නෙතුන් හසරැල්"

ශෙවෝන් මගේ නම කිව්වම ආයේ මම මේ ලෝකෙට ආවා..

"Do you like to accept Thehas Nethsilu as your dearest and long lasting Leader?"

"Yes i do"

මේක නිකන් ආතල් එකට කරන වැඩක් විතරයි කියලා මගෙම හිතට ඒත්තු ගන්ව ගන්ව මං ඒක කියලා දැම්මා..

ඒ එක්කම වගේ පන්තියෙ කොල්ලො සෙට් එක උඩ පැන පැන හූ තියන ගමන් අත්පුඩි ගහන සද්දේ මට ඇහෙද්දි ශෙවෝන් අර බෑග් එක මගේ ඔලුවෙන් අයින් කරා..

බෑග් එක අයින් කරාට පස්සේ මං කෙලින්ම බැලුවේ තෙහස් දිහා වෙද්දි තෙහස් හරි අමුතු දෙයක් ඇස් වල හන්ගන් මගෙ දිහා බලන් හිටියා.. තාමත් මගේ අත් දෙක හරි ආරක්ශාකාරීව තෙහස් ළඟ තිබුණේ..

"From now on, i announce you as Leader and vice leader. You may kiss now"

ශෙවෝන් මුල් ටික කියද්දි අපි හැමෝම හිනා උනත් අන්තිම ටික කියද්දි මගේ බඩබොකු ඔක්කොම පිච්චිලා ගියා..

තෙහසුත් ලොකු කෙල ගුලියක් ගිලින ගමන් ශෙවෝන් දිහා බැලුවම මාත් ඌ දිහා බැලුවා..

"මොකක්ද"

තෙහස් එහෙම ඇහුවම මං මගේ අත් දෙක හෙමීට ආයෙම මං ගාවට ගත්තා.. මට තව එහෙම ඉන්න ඕන උනත් පන්තියෙ ළමයි හැමෝම බලන් ඉද්දි,ශෙවෝන්ගේ නාඩගමත් ඉවරවෙලා තියෙද්දි එහෙම අත් අල්ලන් ඉන්න එක ඒ තරම් නුවණට හුරු නෑ කියලා මගේ රොයිටරේට දැනුණා..

"මොකක්ද අහන්නේ දීපන් උබෙ වයිෆ් අහ්.. අයි මීන් වයිස් ට හාච්චියක්"

ශෙවෝන් එහෙම කිව්වම තෙහස් ඇස් ලොකු කරන් මං දිහා බැලුවට මං හිටියෙත් ඌ කියපු දෙයක් හිතාගන්න බැරුව අන්දුන් කුන්දුන් වෙලා..

"හාච්චි දීගනින් රූම් ගිහිල්ලා.. මෙතන කුළුඳුල් දරුපැටව් ඉන්නව"

විනුකයා හිනාවෙවී එහෙම කියලා උගෙ පුටුවෙන් ගිහින් ඉදගත්තම ඉතුරු උන් ටිකත් අරුයි මගෙයි ගාවට ඇවිත් හැපි මෙව්වා එකක් කියලා ගිහින් උන්ගෙ තැන් වලින් ඉදගත්තම අපිත් ඉදගත්තා..

"හෙහෙ මගේකාට පිස්සු උබ ගනන් ගන්න එපා ඈ"

මං ශේප් එකේ තෙහස්ට ලන් වෙලා කිව්වේ මූ මොනා හිතනවද දන්නෑනෙ නැත්තන්..

"අහ් නැ නැ ඒක ගානක් නෑ..මොනා උනත් වැඩේ ආතල්"

තෙහස් මුල් ටික මට කියලා ඉතුරු ටික ශෙවෝන්ට කිව්වම ශෙවෝන් හෙමින් සැරේ යාලු ෆිට් එකට තෙහස්ගෙ පිටට තට්ටුවක් දැම්මා..

මොනා උනත් තෙහස් ඒ දේ ලොකුවට නොගෙන ජෝක් එකක් විදිහට සැහැල්ලුවෙන් හිතපු එක මට නිදහසක් උනා.. මොකද එයා ඒකට කැමති නෑ කියලා ඇගෙව්වේ නැති නිසා..

----------------------------------------------

චැප්ටර් එකේ මීට වඩා තියෙනවා.. ඒත් මේක මෙතනින් වෙන් කරන්න ඕන නිසා මං අද රෑට හෝ හෙට ඉතුරු ටික දාන්නම්..

හැමෝටම ඉන්නෝන ශෙවෝන් වගෙ යාලුවෙක් 🥲😂✋

මෙහෙමයි ළමයි.. මේක තාම ප්ලොට් එකට වැටෙන ගමන් තියෙනේ.. ඒකයි werewolf parts අඩු.. ඒත් ඊළග චැප්ටර් එකේ හෝ දෙකේ ඉදන් දිගටම වගේ werewolf parts ඔයාලට හම්බෙයි.. තාම ප්ලොට් එකට වැටිලා නෑ.. වට්ටන ගමන් ඉන්නේ 😌👍

කියවලා බලලා වොට්,කමෙන්ට් කරන්න

බායි 👀

Continue Reading

You'll Also Like

3.7K 654 23
වෙයාවුල්ෆ් කියවල ඇති.. ඒත් ලංකාවෙ වෙයාවුල්ෆ් කියවල නැතුව ඇති!! ටේකුක් නන්ෆික්ශන් එකක්.. ඔය ඇති දැනට.. කියවලා බලමු ඇතුල මොන වගේද කියල😌
6.9K 748 13
အရင်ဘဝမှာတော့ မင်းနဲ့ကိုယ်ဟာ ပေါင်းစည်းဖို့ မဖြစ်နိုင်တဲ့ကိစ္စတစ်ခုကြောင့် ဝေးကွာခဲ့ရပေမယ့် ဒီဘဝမှာတော့ ဘယ်လိုအကြောင်းပဲရှိရှိ ဘယ်လိုကံကြမ္မာတွေပဲ ဖန...
3.3K 271 35
REVIEW OF BOOKS YOU RECOMMENDED... 📝 Send These details to my Inbox 📥... 1. Book Title 2. Ship / BxB , GxG or GxB 3.Short review of story 4.Story l...
2.2K 289 20
E book covers for any platform Youtube thumbnails for YT fanfictions Anything!