Bloody Moon - Taekook Nonfic

By IJJKTHV

7.6K 1K 4.5K

Werewolf කතාවක් සිංහල නම්,ගම් එක්ක ලංකාවේ style එකට කියවමුද..?😌 Bloody Moon - Taekook - Top - Tae - (Power)... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
New Stories
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Dear Readers..
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32

Chapter 6

220 34 10
By IJJKTHV

.
.
.
.
.
.
.
.
.

"මේ මේ අහපන්කො පරල වෙන්නැතුව.. මං අද හිමාශය එනකන් ඌ ඉන්න තැනට එන්නද.."

"කොතනද?? උබේ සුදුකුමාරයා ගාවද..?"

ෂෙවෝන් ඇස් දෙකත් පොල් ගෙඩි සයිස් කරන් මගෙන් අහද්දි මං ඔව් කියන්න ඔලුව උඩ පහල කලා..

"තෙහස් කැමති වෙයිද.."

"මං ඉදගන්න හදන්නේ හිමාශයගෙ පුටුවෙ මිස තෙහස්ගෙ ඔඩොක්කේ නෙමේනේ.. ඌ කැමති උනත් නැතත් මට මොකද.."

මං කොන්ඩෙත් උඩට කරලා හදාගන්න ගමන් එහෙම කිව්වම ශෙවෝනුත් ඒක අනුමත කරා..

"හරි එහෙනම්.. හැබැයි පුතේ හිමාශ ආව ගමන් උබ ආයේ හිටපු තැනටම යන්න ඕන හොදේ.."

"හරි හරි යකො ඒක එවෙලෙට බලාගමුකො.."

"මොනාද යකො බලන්න තියෙ~"

"කෑගහන්නැතුව වරෙන් යන්න දැන් උබමනෙ කිව්වෙ පැනිකුමාරයා බලන්න යන්න පරක්කු වෙනවා කියලා.."

තෙහස් ආයේ ඇවිත් කුටුකුටුව මොකක්ද අහන්න කලින් මෙතනින් යාගන්න ඕන නිසා මං ශෙවෝන් කියන්න හදපු එකත් නවත්තලා ඌවත් ඇදගෙන කොරිඩෝව දිගේ දුවගෙන ගියා.. අපි යනකොට තෙහස් ඉන්නවා පඩිපෙළ ගාව නැවතිලා..

"උබලා දෙන්නා බඩගාගෙනද ආවේ.."

"නෑ බන් මුට මේ වතුර තිබහයි කියලා වතුර ටිකක් බොනකන් හිටියා.."

තෙහස් එහෙම ඇහුවම මං ශේප් එකේ ෂෙවෝනයව පාවා දුන්නම මූ ඇස් දෙකත් හීනි කරන් ඇහිබැමිත් අකුලන් මං දිහා බැලුවේ.. හැබැයි එකපාරම හෙන ගැහුවා වගේ ඒ ඇස් දෙකම ලොකු කරන් ඇහිබැමත් විහිදුවලා එකපාරම මොනාහරි මතක් උනා වගේ මූ ආයෙම පන්තියට දුවන්න ගත්තා.. තෙහසුයි මායි මූනෙන් මූන බලාගත්තේ මුට එකපාරම මොන යකා වැහුණද කියලා හිතාගන්න බැරුව..

විනාඩියක් ගියේ නෑ ෂෙවෝන් හිස් අතින් එවෙලේ පන්තියට ගියාට ආයෙම හති ඇර ඇර දුවගෙන ආවේ අතේ උගේ වතුර බෝතලෙත් අරන්මයි..

"හි..හිමාෂයට.. උගේ ගාවහ් වතුර තියෙ..නවදහ් දන්නෑහ්.. හමෝ..හ්"

මං ඇස් දෙකෙන් වතුර බෝතලේ පෙන්නලා ඇයි කියලා ඇහුවහම ෂෙවෝන් හති ඇර ඇරම මට උත්තර දුන්නා..

"හ්ම් හ්ම් යමන්"

තෙහස් ෂෙවෝන්ගේ අතේ තිබුණ වතුර බෝතලේ දිහා බලාගෙන හිනාවෙලා යමන් කියලා කිව්වහම මං තෙහස් දිහත් හොර ඇහෙන් බලලා ෂෙවෝන් දිහත් හොර ඇහෙන් බලලා මේ මුකුත්ම නොතේරුනු තැන උන් දෙන්නගේ පිටිපස්සෙන් හිමීට් ඉස්සරහට ඇවිදගෙන ගියා..

අපි තුන්දෙනා පිට්ටනියට යනකොට හිමාෂයා ඉන්නවා බෝලයක් බදාගෙන ස්ටේජ් එකේ පඩියක් උඩ ඉදගෙන.. ඌ අපිව දැක්කට පස්සේ අතේ තිබ්බ බෝලෙත් අරගෙනම ඉදන් හිටිය තැනින් නැගිටලා අපි දිහාට ඇවිදගෙන ආවේ ප්‍රැක්ටිස් වෙලාවට පිට්ටනියට යන එක ළමයින්ට තහනම් දෙයක් වෙලා තිබුණ නිසයි..

"ඒ ටිකට උඹ බඩ උනාද යකෝ.."

ඌ බඩදරු අම්මා වගේ අර බෝලෙත් බඩට තදකරන් අපි දිහාට ඇවිදන් ආවම මං තෙහස් ඉස්සරහම මගේ බ්‍රේක් නැති කටෙන් එහෙම කිව්වම තෙහසුයි ෂෙවෝනුයි දෙන්නම පිටිපස්සට හැරිලා මං දිහා බලලා ආයෙම හිමාෂයා දිහත් බලලා මුන් දෙන්නම හෙන හයියෙන් හිනාවෙන්න ගත්තා..

"අඩෝ අඩො ඇත්ත කියපන්..? උබ බඩඋන නිසා ටීම් එකෙන් උබව පැන්නුවා නෙහ්..?"

යකෝ තෙහස්!!! මං ඇස් දෙක ජිල් බෝල සයිස් කරගත්තේ මේ සතියටම ඔයවගේ කඩප්පුලි කතාවක් තෙහස්ගේ කටෙන් පිටවෙච්ච පලවෙනි වතාව මේක නිසා.. මං විතරක් නෙවේ අරුන් දෙන්නත් ඇස් ලොකු කරන් බඩ අල්ලන් හිනාවෙන තෙහස් දිහා බලන් හිටියේ පුදුමෙන්.. අනේ දෙයියනේ චූටිපුතාව ආස්‍රේ කරලා සුදුකුමාරයා නරක් වෙලාවත්ද.. ඉහි ඉහි චූටිපුතාට සමාවෙන්න..

ඒත් ඒ හිනාව.. උඹලට කියන්න බන් උට තිබුණේ කෙනෙක්ට හරිම කලාතුරකින් පිහිටන හතරැස් හිනාවක්.. දකින ඕන කෙනෙක් දෙපාරක් නෙවේ දහපාරක් ආයේ ආයේම හැරිලා බලන විදිහේ ලස්සන හිනාවක් උට තිබ්බේ.. ඌව අදුරගත්තත් හරි මං මේ හිනාව දකින තුන්වෙනි වතාව..!

එක දවසක් ඉස්කෝලේ ඇරිලා අපි සිසු සැරිය එනකන් එලියට වෙලා ඉද්දි එතනට ආපු පුංචි බලු පැටියෙක්ට තෙහස් කාලා ඉතුරු වෙලා තිබුණ බත් එක දුන්නහම ඒ පැටියා සටපට ගාල නැට්ටත් වන වන බත් එක කන දිහා බලන් ඉන්න ගමන් තෙහස් මේ විදිහටම හරි ලස්සනට හිනා උනා..

ඊට පහුවෙනිදා අපේ ෂෙවෝනයා ඒ බලු පැටියව ගෙදර අරන් ගිහින් හදාගන්නවයි කිව්වහමත් තෙහස් දිලිසෙන ඇස් දෙකෙන් හිනාවෙන ගමන් ඇත්තමද කියලා අහලා ලස්සනට හිනා උනේ මගේ මූණෙත් උගේ හිනාව දැකලා යාන්තන් හිනාවක් ඇදිලා තියෙද්දි..

මෙහෙම හිටියට 'මගේ තෙහස්' හුඟක් කරුණාවන්ත වගේම ආදරණීය කෙනෙක් කියලා මට ඒ දවස් දෙකේ තේරුම් ගියා..

"එහෙම රෙද්දක් නෙමේ බන් අද කෝච් පරක්කුයි.. අපි වෝම් අප් වෙලා බලන් ඉන්නේ සර් එනකන්.."

හිමාෂ ෆුට්බෝල් ටීම් එකේ අනික් මෙම්බර්ස්ලා දිහත් බල බලම එහෙම කිව්වා..

"හ්ම්ම්.. ඒකියන්නේ උබ අද පන්තියට එන්න පරක්කු වෙයිනේද..?"

ෂෙවෝන් බිම බලාගෙනම හීනි කටහඬකින් එහෙම කිව්වම හිමාෂ ඌ දිහා බැලුවා.. මේකා අඩයිත මන්තා..!

"ම්ම්.. ඔය වතුර බෝතලයක් අරන් කොහෙද ඇවිදින්නේ..?"

"උබට වතුර තිබහා වෙයි කියලා ගෙනාවේ.. උබ වතුර එකක් අරන්ද ආවේ..?"

වතුර බෝතලේ ගෙනාවේ උට කියලා ෂෙවෝනයා කිව්ව ගමන් හිමාෂ ශෙවෝන්ගේ අතේ තිබ්බ වතුර බෝතලේ ඇදලා අරන් බීගෙන බීගෙන ගියේ මූ හරියට අවුරුදු හතක නියගකෙට අහුවෙලා අවුරුදු දහයකින් වතුර බීලා නැති එකෙක් වගේ..

"හිමීට බීපන් යකෝ තොට ඉස්මොල්ලේ යයි.."

ශෙවෝන් එහෙම කිය කිය අරූගෙ පිටට දාඩෝරියන් ගාලා එකක් දුන්නම මූ බීපු රංකිරි ටිකත් එක්කම ආපිට එලියට කටට ගත්තු වතුර උගුර බිමට දැම්මා..

"මොනෝත්තක්ද යකො කරන්නේ මරන්නද ඕන මාව.. වතුර තිබහෙ යකො හිටියෙ අද බෝතලේ ගෙදර දාලා ඇවිල්ලා.."

හිමාෂ සුද්ද සිංහලෙන්ම අරූට අමතන අතරේ තෙහස් මගේ වැලමිටට තට්ටුවක් දාලා මට කතාකරා..

"මට වාර්තා පොතයි නාම ලේඛනෙයි ගන්න ඔෆිස් එකට යන්න ඕනේ.. තව පරක්කු වෙන්න කලින් මං ගිහින් එන්නම්.."

"ආ ඔහොම හිටපන් මාත් එන්නම්.."

හිමාශගෙයි ශෙවෝන්ගෙයි නාඩගම තවත් තනිකඩ හිතට දරන්න බැරිතැන මම කැමැත්තෙන්ම තෙහස් එක්ක යන්න පිටත් උනේ හිමාශයටත් යනවා කියලා කියාගෙනමයි..

අපි දෙන්නා පිට්ටනියෙන් එලියට ඇවිල්ලා දොළහ දහතුන සෙක්ශන් භාර ඔෆිස් එක පැත්තට ගාටන්න ගත්තා.. තෙහස් ඇවිදින්නෙත් පපුව කොන්ද කෙලින් තියාගෙන හොද අවධානෙන්.. මූ ඇවිදින දිහා බලන් ඉන්නත් ආසයි..

මං තෙහස්ට යන්න ඇරලා උට වඩා හෙමින් අඩි තියන්න ගත්තේ මට මුගේ ගාම්භීරත්වෙන් ඇවිදින විදිහ බලාගන්න එකපාරම දොලදුකක් පහල වෙච්ච නිසයි.. සපත්තු ලේස් එක ගැටගහන මුවාවෙන් පහලට නැමිලා තෙහස්ට වඩා අඩියක් දෙකක් පස්සට වෙන්න මං නැවතුණා.. හැබැයි මේ පගයට මං නැවතුණා කියලා කිසිම ගානක් තිබ්බේ නෑ.. ඌ ගමේ යනවා වගේ ඉස්සරහට ඇවිදන් ගියා..

මං ආයෙම නැගිටලා උට පිටිපස්සෙන් ඇවිදින්න ගත්තත් උට පිටිපස්සෙන් මේ විදිහට ඇවිදිද්දි මට දැනුණෙම මං ශරීරෙන් මුට වඩා පොඩියි කියලමයි! තෙහස්ගේ උරහිස් හුඟක් පළල්..

මං උගේ කකුල් දෙකේ ඉදන් උඩට ස්කෑන් මැශින් එක හෙමින් හෙමින් අරන් යද්දි මගේ ස්කෑන් මැශින් එකට අහු උනේ මුගේ බෝල පස්ස!! යකො මටවත් නෑ මෙහෙම වට්ටක්කයක්! ඊටත් වඩා ටිකිරි මැනිකෙ ඇඹුල ගේනව ව්ගේ මූත් හොදට වන වන යනවා..

හා හා නෙතුන් අවධානම් කලාපයක් දිහා උඹ ඔය බලන් ඉන්නේ!! වහාම ඔතනින් පිටවන්න කියලා මගේ මොලේ මට සිග්නල් එක එව්වට මට ඕන උනේම උගෙ පුපට එකක් ගහන්න.. නැ නැ මේ වෙන මොකටවත් නෙවේ මට්වත් නැති පස්සක් උට තියෙන එකේ පැලියාවට හරිත.. චූටිපුතා හරි හොදයි චූටිපුතා වලත්ත නෑ!!

මං උගෙ පස්සෙන් ඇස් අරගෙන පස්සෙන් උඩ කොටස ස්කෑන් කර කර ඒ කඩවසම් රූපේ දිහා බලන ගමන්ම ඉස්සරහට ගියා.. හැබැයි පුතේ මරු කඳ ඇහ්...

පළල් උරහිස් එක්ක මුගෙ පිටිපස්සේ පෙනුම නම් ෆට්ට.. මගෙ කස් එකනේ ඉතින්!!

මං තෙහස්ගේ උරහිස් දෙක වර්ණනා කර කර ඉන්නකොට තමයි දැක්කේ උගේ කොලර් එක අපිලිවෙල වෙලා තියෙන විදිහ.. මං ඒක හදන්න කියලා හිතන් තෙහස්ට ලන් උනත් උගේ බෙල්ල පිටිපස්සේ තිබුණ දේ දැක්කහම මාව මොහොතකට නැවතුණා..

උගේ බෙල්ල පිටිපස්සේ අඩසඳක් වගේ කැළලක් තිබුණත් මම ඒක මීට කලින් දැකලා තිබ්බේ නෑ.. අද කොලර් එක අපිලිවෙල නිසා ඒ මීපැණි පාට හමේ කලු පාටින් ඇදලා වගේ තිබුණ අඩසද හැඩේ කැළල දැක්කහම මට ඒකගැන ඇති උනේ කුතුහලයක්..

ඒ කුතුහලෙත් එක්ක මං උගේ කොලර් එකත් නොහදාම ආයෙම තෙහස්ගේ මට්ටමේම ඇවිදින්න ගත්තා..

"ශූ ලේස් එක ලෙහුණා..."

"ම්ම් මං දැක්කා.."

මූ ඒක දැකලා එහෙනම් ඒකයි හැරිලාවත් නොබලා අඩිය හෙමින් තියල ඇවිදින්න ගත්තේ..

"උබේ කොලර් එක අවුල් වෙලා.. හදාගනින්.."

"අහ්..හරි"

මං උට එහෙම කිව්වම මූ දඩිබිඩි ගාලා කොලර් එක හදාගන්න ගත්තා.. ඇයි ඉතින් මුට අපිලිවෙලට ඉදලා පුරුදු නෑනේ.. එකත් එකටම අර උදේ කියෙව්ව හීනේ නිසා වෙන්නැති මූ මේ පිස්සු කෙලින්නේ..

"මේ තෙහස්.. මොකක්ද බන් ඔය උබේ බෙල්ල පිටිපස්සේ තියෙන මාක් එක..?"

"මොන..?"

"අඩහඳක් වගේ මොකක්ද එකක් තියෙන්නේ.. උබ ටැටූ එකක්වත් ගහලද.."

"පිස්සුද යකෝ ටැටූ ගහන්න?? ඒක තුවාල කැලලක්ලු.."

"තුවාල කැළලක්..?? ඒත් ඒතරම් පැහැදිලිවට..?"

"හ්ම්ම්.. මං පොඩි කාලේ ඉදන්ම ඒක තියෙනවා.. ඇහුවම කිවේ පොඩිකාලේ වෙච්ච අනතුරකින් ඒ තුවාල කැළල තියෙන්නේ කියලා.."

"ම්ම්.."

ඒ මාක් එක තුවාල කැළලක් කියලා බැලූ බැල්මට විශ්වාස කරන්න බැරි විදිහේ එකක් උනත් ඒකේ අයිතිකාරයා කියන්නේ බොරුයි කියලා පිට එකෙක් වෙච්ච මට කියන්න බෑනේ.. අතින් ඇදපු ටැටූ එකක් වගේ තිබුණට සමහරවිට ඒක කාලයත් එක්ක හමටම ඇලිලා යන්න ඇති..

මට මේ විදිහට තෙහස් එක්ක නිදහසේ කතාකරන්න හම්බෙන්නේ කලාතුරකින්.. අනික් වෙලාවට ශේවොනුයි හිමාශයි ඉන්න නිසා නිදහසේ කතාකරන්න ලැබෙන්නේ නෑ.. ඉතින් මේ ලැබුනු වෙලාවෙදි මට ඕන උනේ තෙහස්ගේ අම්මටයි තාත්තටයි මොකද උනේ කියලා දැනගන්න.. එයා දැන් ඉන්නේ කවුරු එක්කද කියලා දැනගන්න..

ඒත් මගේ හදවත කිව්වෙම අහන්න එපා අහන්න එපා කියලා.. ඒවුනත් මට ඒ දේ දැනගන්නම ඕන උනායින් අවසානෙදි මමම අපි අතරේ දැන් විනාඩි දෙකක තුනක ඉදන් තිබුණු නිහැඩියාව බිදලා දැම්මා..

"තෙහස්.. මං උබෙන් දෙයක් අහන්නද.."

"අහන්න.."

මගේ එහා පැත්තෙන් මගේ වේගෙටම නිවිහැනිහිල්ලේ ඇවිදන් යන ඒ කඩවසම් රූපේ දිහා බලාගෙන මම ඇහුවා..

"උබේ අම්මයි තාත්තයි.. එයාලට මොකද උනේ.."

අම්මයි තාත්තයි කියන වචන දෙක මගේ කටින් පිටවෙනවාත් එක්කම ඒ දුඹුරු පාට ඇස් එදා වගේම ගැස්සෙන හැටි මම අදත් දැක්කා.. ඒත් ඒ කිසිදෙයක් එයා පිටට නොපෙන්නා ලාවට හිනා උනාම ඒ ප්‍රශ්නේ අහපු මෝඩකම කියලා මටම හිතුනත් ඒ අහපු ප්‍රශ්නේ මට ආයෙම ඉල්ලා අස් කරගන්නවත්, කාලය ආපස්සට ගන්නවත් මට පුලුවන් කමක් තිබුණේ නෑ...

"උබ කියන්න අකැමැතිනම් කමක් නෑ.."

"ඒ දෙන්නාම නෑ නෙතුන්.."

"ම්ම්.. එයාලට මොකද උනේ.."

මං ඇවිදින එක නතර කරලා තෙහස්ගෙන් ඇහුවහම තෙහසුත් ඇවිදින එක නතර කරලා මගේ දිහාට හැරිලා සාක්කුවකට අතක් දාගන්න ගමන් බර හුස්මක් පාත දැම්මා..

කොච්චර දුක නෑ කියලා පිටට පෙන්නන්න හැදුවත් තෙහස්ට ඒ දේ මගෙන් හන්ගගන්න බැරි උනේ අනික් අය නොබැලුවත් මම බලන් ඉන්න ඒ ඇස් දෙක හැගීම් හන්ගන්න ඒ තරම් දක්ශ නොවුන නිසා වෙන්නැති...

"මමත් ලොකුවට දන්නේ නෑ නෙතුන්.. මට ඒ ගැන කිසි මතකයක් නෑ.. එයාලා කියන්නේ නම් කවුරුහරි මාව අනාථ නිවාසේ දොර ගාවින් තියලා ගිහින් තිබුණා කියලා.."

"අ.. අනාථ නිවාසේ..?"

මගේ වචන ලොප් වෙන්න ගත්තේ තෙහස් ඉන්නේ අනාථ නිවාසෙකඳ කියලා මගේ හිතට දැනෙන්න ගත්තු නිසයි.. ඊටත් වඩා අම්මා තාත්තා ගැන මතකයක්වත් නැතුව තෙහස් මෙච්චර කල් මේ විදිහට ජීවත් උනේ කොහොම්ද කියලා අම්මා අප්පච්චිගෙන් තොර පිට ලෝකයක් නොතිබ්බ මට හිතෙන්න ගත්තේ මගේ පපුව ඇතුලෙන්ම කකාරගෙන එන වේදනාදත් එක්කමයි...

"හ්ම්ම්.."

මම අහපු කෙටි ප්‍රශ්නෙට කෙටි උත්තරයක් දීපු තෙහස් ආයෙම හුස්මක් දාලා කෙටි අඩි තියන්න ගත්තා..

හොදට හිටිය කොල්ලාගේ හිත රිද්දුවේ මම නේද කියලා හිතෙද්දි දෙයියනේ මගේ පපුව පිච්චිලා ගියා..!

මම ඉක්මනට ගිහින් මට වඩා අඩිදෙක තුනක් ඉස්සරහින් හිටිය තෙහස්ගේ කරට අතදාගත්තහම තෙහස් මං දිහා බැලුවා..

මම මගේ ළඟ තිබුණ ලස්සනම හිනාවෙන් තෙහස්ට හිනා උනහම එයත් ලාවට හිනාවේගනම ඉස්සරහට ගියා..

අපි දෙන්නා නාම ලේඛනයයි වාර්තා පොතයි අරගෙන පන්තියට ගියත් ශෙවෝන් තාමත් ඇවිත් හිටියේ නැ.. පන්තියෙ අනික් කොල්ලෝ ටිකනම් පන්තිය අතුගාලා කරලා කට්ටි පැනලා තිබුණෙ.. එහෙන් මෙහෙන් ඩ්‍ර්ස්ක් එකක දෙකක කොල්ලෙක් දෙන්නෙක් හිටියා මිස ඒ ඇරෙන්න පන්තියටම හිටියෙ අපි දෙන්නා විතරයි..

"අඩෝ මේ උඹේ බෑග් එක නේ..??"

නාම ලේඛනේ ගුරු මේසේ උඩින් තියලා වාර්තා පොත අරගෙන එයාගේ ඩෙස්ක් එක ගාවට ගියපු තෙහස් ඇහුවේ උගේ එහා පැත්තේ ඩෙස්ක් එකේ, එහෙමත් නැත්තන් හිමාශගෙ ඩෙස්ක් එක උඩ තිබ්බ බෑග් එක දැකලා..

"ඔව් ඔව් අරූ එනකන් මං අද ඔතන.."

"වෙනසකටත් එක්ක ඒකත් හොදයි එහෙනම්.. බලමුකො උබ එක්ක වසන්න පුලුවන්ද කියලා.."

"අනේ මේ.."

මං තෙහස්ට ගස්සගෙන බෑග් එකේ තිබ්බ පොත් අරන් ලොකර් එකට දාද්දි ඌ හිනාවෙවීම පුටුවෙන් ඉදගෙන අද දවසේ කාලසටහන පොතේ ලියන්න ගත්තා..

තෙහස්ගේ අකුරු පැහැදිලි වගේම ලස්සන නිසා වාර්තා පොතේ කාලසටහන ලියන රාජකාරිය භාර වෙලා තිබ්බේ ඌට.. ඇරත් තාම පන්ති නායක පට්ටම් බෙදලා දීලා තිබුණෙත් නෑ.. ඒනිසා කොල්ලො ටික වැඩ බෙදාගෙන පුලු පුලුවන් විදිහට පන්තිය පිලිවලකට පවත්වන් ගියා.. කොහොමත් අද හෙට අලුත් පන්ති නායකයා පත් උනාම මේ ඔක්කොම වැඩ පැටවෙන්නේ උගේ ඔලුවට තමා!

ශෙවෝනයත් පන්තියට ඇවිත් ටික වෙලාවකින් බෙල් එකත් වැදුනහම අපි කට්ටිය පන්තියෙන් එලියට ගියේ පෝලිම් හැදෙන්න.. තෙහස් ඇවිත් මගේ පිටිපස්සෙන් හිටගද්දි ශෙවෝන් ටිකක් ඉස්සරහින් හිටගත්තා..

ගාථා කියලා හැමදේම කරලා රැස්වීමත් අරගෙන අපිව ආයේ පන්ති වලට යැව්වේ අද දවසට නියමිත කාලසටහනට අනුව උගන්නන්න මිස්ලත් දඩිබිඩියේ පන්ති වලට දුවන්න ගද්දි..

Continue Reading

You'll Also Like

4K 733 24
වෙයාවුල්ෆ් කියවල ඇති.. ඒත් ලංකාවෙ වෙයාවුල්ෆ් කියවල නැතුව ඇති!! ටේකුක් නන්ෆික්ශන් එකක්.. ඔය ඇති දැනට.. කියවලා බලමු ඇතුල මොන වගේද කියල😌
367K 7K 43
He was gigantic. The 7'0 monster of a man towered over her, even though he was sitting. Bright cyan eyes gazed down at her unreadably. He gestured w...
24.1K 650 10
Niall Horan has had a crush on one of his band mates for a little over a year now and he's afraid to admit it cause he doesn't know how the others wi...
143K 4.3K 32
Alpha Female Omega Male °°°°----°°°°----°°°°----°°°°----°°°°----°°°°----°°°° ~Breaking-Stereotypes~ Alpha Arya finds her sweet little mate who happen...