Bloody Moon - Taekook Nonfic

By IJJKTHV

7.6K 1K 4.5K

Werewolf කතාවක් සිංහල නම්,ගම් එක්ක ලංකාවේ style එකට කියවමුද..?😌 Bloody Moon - Taekook - Top - Tae - (Power)... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
New Stories
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Dear Readers..
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32

Chapter 5

232 42 12
By IJJKTHV

A/N Pov

"කුමරුවණි..."

"කුමරුවණි මෙයයි නිසි කාලය..."

"ඔබේ වගකීම භාරගන්න shadow..."

සුදු පැහැති දිලිසෙන සේද රෙද්දකින් සිය ශරීරය දෙපතුල දක්වාම ආවරණය කරගෙන සිටින ප්‍රිය මනාප කාන්තාවක් සන්සුන් ස්වරයෙන් එසේ පැවසුවේ ඉතාමත් නිවුණු කටහඩකින්..

"ක..කවුද..
  කවුද ඔයා.."

වයස අවුරුදු දාහතක් පමණ වූ තරුණ පිරිමි දරුවා එසේ විමසුවත් ඔහු දෙස බලා දයාන්විත සිනහවක් පෑ එම කාන්තාව යමක් පවසමින් දූවිල්ලක් සේ එතැනින් අතුරදහන් ව ගියා..

පෙර කී තරුණයා තම මුව දෙපසින් රූටා බසින දහදිය බිඳු පිසදමමින්
නින්දෙන් අවදි වී, ඇද විට්ටමට තම පිට තබා නිදන ඇද මත හිඳගත්තේ බිත්තියට තම හිස බර කර දෑස් පියාගන්න අතරේමයි...

"මේක හතරවෙනි පාර...."

තමාටම මුමුණ ගත් තරුණයා බිත්තිය මත එල්ලා තැබි ඔරලෝසු මුහුණතෙන් වේලාව බලා නිදි හිරි අරිමින් ඇදෙන් බැස නානකාමරය වෙත පිවිසියේ සෑම උදෑසනකම ඉටු කරන තම රාජකාරීන් ඉටුකොට පිරිසිදු වී පාසල් යෑමේ අරමුණෙන්...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

Nethun's Pov

සතියක්..  අදට සතියක් වෙනවා මම මේ ඉස්කෝලෙට ඇවිල්ලා... මේ සතිය ඇතුළත හුඟාක් දේවල් වෙනස් උනා..

මම දැන් ඉස්කෝලෙ එන්නේ,යන්නේ සිසු සැරියේ.. හොදම දේ මොකක්ත දන්නවත..?? සුදු කුමාරයයි ෂේවෝනුයි හිමාෂයයි යන්නෙත් සිසු සැරියෙමයි.. මං යන එකේමයි..

මේ සතිය ඇතුළත අපි හතරදෙනා විතරක් නෙවෙයි.. පන්තියේ ගොඩක් ළමයි මං එක්ක ෆිට් උනා.. හැබැයි ඒ අතරින් ඇසට ඇසක්, කටට කටක්, අතට අතක් දෙන බොක්කේ ෆිට් එක උනේ මයේ අනියන් ලව් එක ශෙවෝන්.. ඒ කිව්වේ හොදම යාලුවා උනේ ශෙවොන් තමා ඉතින්.. ඌ හරි හොද එකා බන්.. උගේ කටේ එකයි හිතේ එකයි නෑ.. කියන්න තියෙන දේ ආයේ නෑ කෙලින්ම කියලා දානවා.. කවදහරි මං හොද කෑමක් කනවා මූ එක්ක ඉදලා.. වෙන මොකක්වත් නිසා නෙමේ මුගේ මේ වක්කඩේ වගේ කට නිසා..

එතකොට හිමාෂයි සුදුකුමාරයායිත් අපේ හොදම යාලුවෝ උනා.. අපි හතර දෙනා කෑවේ බිව්වේ එකට.. පන්තියේ හිටියෙත් එකලග.. එකලග කිව්වට අයිනෙම එකේ මං, මට එහා පැත්තේ ශෙවොන්, උට එහා පැත්තේ හිමාෂ, හිමාෂයට අයිනේ තෙහස්.. ඒකියන්නේ තෙහස් හිටියේ එහා කෙළවරේ වෙද්දි මං හිටියේ මෙහා කෙළවරේ..

මේ වෙද්දි මගේ හිතේ තෙහස් ගැන තිබ්බ ජිංගිබිරිස් එක ශෙවෝන්ට මම කියලා තිබ්බා වගේම ශේවෝන්ගේ හිතේ හිමාෂ ගැන තිබ්බ ජිංගිබිරිස් එකත් දවස්ක් ඌම මට කිව්වා..

හොදේ කියන්නේ අපේ ශෙවෝනයට තිබ්බා ඕන එකෙක් කතාවෙන් අල්ලගන්න පුලුවන් රමණීය හැකියාවක්.. ඔන්න ඕකට පින් සිද්ධ වෙන්න මේ නර ප්ණුවා කතාවෙන් කතාවෙන් හිමාශයව ගානට ලයින් කරගෙන තිබුණා.. මේකා අරූට මොන ගුලියක් අඹරල කැව්වද මන්දා දවස් දෙකක් ගියේ නෑ හිමාශයා කෙලින්ම අපේ ඩෙස්ක් පේළියට සෙට් වෙලා ශෙවෝනයගේ එහාපැත්තෙන්ම ඇවිත් ඉදගත්තා.. අනේ ඉතින් මගේ සුදුකුමාරයාත් මරන්න ගෙනියන හරකා වගේ... අරූ අපේ ඩෙස්ක් පෝලිමටම ඌවත් ඇදන් ආවත් පොර ආවේ ඒතරන් කැමැත්තෙන් නම් නෙවේ.. ඒකෙන් මෙකෙන් උනේ අපි හතර දෙනා කල්ලි ගැහුන එක..

ආ.. අර බොත්තමේ කේස් එකත් මං අපේ නැන්දට කියලා විසදගත්තා.. එදයින් පස්සේ ආයේ මගේ ශර්ට් එකේ බොත්තම් ලෙප්ට් උනේ නැ..

තෙහස් කා එක්කවත් ලොකුවට කතාබහ කරන්න නොයන කෙනෙක් උනත් ඌ ටික ටික අපි එක්ක සෙට් වෙද්දි සමහරවෙලාවට උගේ කටට බ්‍රේක් නැ! තෙහස් ගැන කිව්වොත් මූ හෙන ලොකුකමෙන්,අහංකාරකමෙන් ඉන්න දක්ශ කොල්ලෙක්.. හැබැයි ඌ අපි ඉස්සරහ පට්ටම ආතල් පොරක්..

මට කොච්චර උගේ අම්මට තාත්තට මොකද උනේ කියලා අහන්න ඕන උනත්,මං ඇහුවේ නැත්තේ උගේ හිත රිදෙයිදෝ කියන බයට..

කොහොමහරි මේ සතිය ඇතුලත අපි හතරදෙනා හොදම යාලුවෝ උනා..!

අදත් මම හිටියේ බස් එක නවත්තන හෝල්ට් එකට වෙලා.. ම්ම් දන්නවත දැන් චූටිපුතා හරී ආසයි ඉස්කෝලේ යන්න.

6 ට හෝල්ට් එකට එන බස් එකට නගින්න 5.45 ඉදන් තැපගෙන ඉදලා හාමත් උන තැන මං ශේප් එකේ හෝල්ට් එකේ ගහලා තිබ්බ බංකුවකින් වාඩි උනා..

එකපාරම කොහෙදො නැති වතුර තිබහක් ලෝඩ් මට උනත් බොන්න වතුර එකක් මං ගාව තිබ්බේ නෑ.. ඉලන්දාරි කොල්ලො, කෙල්ලො වගේ වතුර බෝතල් අරන් යන්නෑනේ ඉහි ඉහි ස්මයිල් ඉන් පේන් ගිනිකාගෙන...

තොගෙ කොමලෙ පැත්තකට දාලා වතුර එකක් අරන් පලයන් හසරැල් කියලා නැන්දා හැමදාම කියන වචන ටික මගෙ කන් ඇතුලේ භ්‍රමණය වෙද්දි ඈත වංගුවෙන් මතු වුණු සුදුකුමාරයා රැගත් මන්දගාමී බස් රථය ගාට ගාට හෝල්ට් එකට ආවා..

වතුර තිබහා හෝල්ට් එකෙන් ඉන්දවලා මං කොණ්ඩෙත් හදාගෙන ෆ්ලෑශ් වගේ බස් එකට නැග්ගම ඩ්‍රයිවර් අන්කල් බස් එක අද්දන්න පටන් ගත්තා..

ඉස්සරහ දොරෙන් නැග්ග මම ටාර් ගාලා පිටිපස්සට හැරිලා බැලුවේ මගෙ අපතයො සැට් එක හැමදාම වගේම අදත් පිටිපස්සේ ශීට් එකේ අණසක පතුරවන් ඉද්දි..

මමත් ඉතින් හෙන ගැම්මෙන් ගිහින් සුදුකුමාරයා ඉස්සර හිටගත්තා විතරයි මිස්ටර් ඩ්‍රයිවර් ගහපු බ්‍රේක් පාරෙන් මාව කෙලින්ම විසිවෙලා ගියේ තෙහස් කාරයගේ ඔඩොක්කේ උඩට..

තුම් පාස ආයේ ක්‍යූ මුශ් කු රායේ...
ලා ලා ලා ලා...
කුච් කුච් හෝතා හේ...

බැක්ග්‍රව්න්ඩ් මියුසික් එක විශාරද ශෙවෝන් විසින් සපයද්දි මම දඩිබිඩි ගාලා නැගිටලා ශෙවෝන්ටත් එකක් ගහලා තෙහස්ගෙ එහාපැත්තෙන් ඉදගද්දි මං බලාගෙන තෙහස්ගේ මූනේ පෙනෙන නොපෙනන ගානට හිනාවක් ඇදිලා මැකිලා යනවා..

මූ මොකටද ඒ පාර හිනාවෙන්නේ.. මූත් මාව ජෝක් එකකට අරන්ද.. සැක් වස ලැජ්ජාව අප්පාහ්...

"ඇයි මොකත තෝ හිනාවෙන්නේ"

"ම්..මං හිනා උන්නෑ..."

මං තෙහස් දිහා බලලා හොදම එකෙන් රවන ගමන් එහෙම ඇහුවම මූ වැරැද්දක් කරලා අහු වෙච්ච පොඩි එකෙක් වගේ මූණත් දෙක කරන් අතත් උගේ පැත්තට දික් කරන් ඌවම පෙන්න පෙන්න එහෙම කිව්වම ඉදල හිටලා මුගේ මේ එලිපයින හුරතල් කමට මට ආපිට කටකොනෙන් හිනාවක් ගියා..

"කෝ හිමාෂයා.. මොකෝ ඌ පේන්න නැත්තේ...?"

වෙනදට ශේවොන්ගේ එහා පැත්තෙන් ඉදන් ඉන්න හිමාෂයා පේන්න නැති තැන මං එහෙම අහන ගමන් ශෙවෝන් දිහා බැලුවම ඌ දන්නෑ කියලා අඟවන්න උගේ උරහිස් ඇකිලුවා..

"හිමාෂට අද උදේ හයේ ඉදන් ෆුට් බෝල් ප්‍රැක්ටිස් නෙතුන්.. පීරියඩ් දෙක තුනක් යනකන් පන්තියට එන එකක් නෑ.."

තෙහස් එහෙම කිව්වාම මං බැලුවේ ශෙවෝන් දිහා.. පව් මයේකා..

"මට එහෙම එකක් කිව්වේ නෑනේ..."

"එයාට කියන්න අමතක වෙන්නැති ඊයේ හවස් වරුවම ඉගැන්නුවනේ..."

තෙහස් එහෙම කිව්වහම ශෙවෝන් මං දිහා බලලා ඌරුපැටියෙක් වගේ මූණ හදාගෙන ආයෙම ජනේලෙන් එපිට බලාගත්තා.. බස් එක ටිකෙන් ටික ළමයි එකතු කරගන්න ගමන්ම ඉස්සරහට ඇදෙද්දි මං බැලුවේ මට එහා පැත්තේ ඉදන් ඉන්න අඹාපු රූපේ දිහා..

මූ නම් හැබෑම කුමාරයෙක් වගේමයි!! මේ පෙනුම, මේ ගතිගුණ.. සමහරවිට මූ මෙහෙම හිටියට නාගලෝකේ කුමාරයාද දන්නෙත් නෑ..

උගේ මූන ස්කෑන් කර කර හිටපු මගේ මැශින් එකට තේරුන දෙයක් තමා ඒ මූන වෙනදට වඩා අද තෙහෙට්ටු පාට වැටිලා කියන එක.. මූට හරියට නින්ද ගිහින් නෑ වත්ද...??

"මොකෝ උබ නිකන් ගෑනි මැරිච්ච මිනිහා වගේ.."

මං තෙහස් ගෙන් ඇහුවට ඌ හිටියයේ මේ ලෝකේ නම් නෙමේ.. මොකාක් හරි ලොකු කල්පනාවක.. නිකන් අහස පොළව එකට ගැටගහලා ඒ ලනුව දිගේ උඩට නැගලා රත්තරන් බිත්තර දාන කිකිලිව පැහරගෙන එන්න වගේ මුගේ කල්පනාව.. හහ්! එකත් එකටම මොකියක් හරි කුණ්ඩවාලයක් ගැනද දන්නෑ හිතන්නේ... හැබැයි සුදුකුමාරයෝ එහෙම උනොත් නම් මං තොගෙන් සුප් එකක් හදලා බොනවා!!

"ඕයි තමුසෙ මොන ලෝකෙද ඉන්නේ.."

මමම හිතේ මවාගත්ත දේවල් වලට මමම තරහා අරගෙන මුට හොද පාරක් වැලමිටෙන් අයින ගමන් එහෙම ඇහුවම නම් මූ පියවි සිහියට ආවා..

"ආව් යකෝ...රිදුනා.."

"රිදෙන්න තමා යකෝ ගහන්නේ.."

"උබ නම් මහ.. ඇයි දැන් ගැහුවෙ කියහන්.."

"මොකෝ උබ දාහට අරන් සීයට දීලා වගේ.. හරියට නින්ද ගියෙ නැද්ද.. අසනීපයක්වත්ද..."

මං එහෙම ඇහුවම මූ බර හුස්මක් පාත දාලා මං දිහා බැලුවා..

"හ්ම්ම්... පොඩි අව්ලක් බන්.."

"ඇයි මොකෝ කේස් එක මල්ලේ..."

"නැ නැ බන් එහෙම එකක් නෙමේ.."

"එහෙනම්..?"

මං මහ මදාවි විදිහට මොකො කේස් එක මල්ලේ කියලා ඇහුවම මූ ඈක්කා ලුක් එක්කින් මං දිහා බැලුවේ.. පොර ඉතින් හෙන ඩීසන්ට් එකානේ.. අමො අමො මගේ සුදුකුමාරයානේ ඉතින්!

"නෙතුන්.."

කොච්චර පන්ඩිතකම් කියෙව්වත් මුගේ ළඟ ඇඩ්‍රස් නැතිව ගැහෙන මගේ හදවත තාම පාලනේ කරගන්න මට බැරි උනා.. විශේශෙන් මූ මේ විදිහට මගේ පලවෙනි නම කියලා මට කතා කරද්දී..

"ම්ම්..?"

මං ඒ විදිහට උට උත්තර දුන්නේ මූ සාමාන්‍යෙන් ඔය විදිහට මගේ නමෙන්ම අමතන්නේ මොකක් හරි සීරියස් කතාවකට මුල පුරන්න කියලා මං දැනන් හිටපු හින්දායි..

"උබ හීන ගැන මොනාද දන්නේ..?"

"හීන...?"

මොනා අහනවද මන්දා..!! මාත් සීර්‍රියස් කතාවක් කියලා ලක ලෑස්ති උනාම මූ මගෙන් අහනව හීන ගැන දන්නෙ මොනාද කියලා.. හීන..! හීන මං තොට කියන්නෑ..!

"ඔව්.. ම්ම් නිකන් හරියට එකම හීනේ කීපවතාවක්ම පේනවනම්.. පියවි සිහියෙන් ඉද්දිත් මැවි මැවි පේනවනම්.."

"ඇහ්... කොල්ලො උබට මුකුත් අසනපීයක්වත්ද.."

"ජෝක් නෙමේ බන්.. සිරා අහන්නේ.."

තෙහස් ආයෙම බැරෑරුම් මූනක් හදාගන්න ගමන් එහෙම කිව්වම මූත් මේ කරන්නේ ජෝක් එකක් නෙවෙයි කියලා මටත් තෙරුම් ගියා..

"මං එහෙම ලොකුවට දන්නෑ බන්.. ඒත් මං අහල තියෙනව එකම හීනේ නිතර පේනවා නම් ඒක අපේ ජීවිතේට සම්බන්ධ දෙයක් කියලා.. එක්කො අතීතෙට එහෙම නැත්තන් අනාගතේට.. සමහර විට පෙර ආත්මෙක දෙයක් වෙන්නත් පුලුවන්.."

"ම්ම් එහෙමත් එකක්ද.."

"හ්ම්ම්.. උබ දැන් මොකක්ද දැක්කේ කියපන්කො.."

"නෑ නෑ.. ඒක අමතක කරපන්.."

උබ එහෙම කිව්වට අමතක කරන්න පුලුවන්ද භූතයෝ!! මූ කරේ පොඩි එකෙක් ආසම කරන චොක්ලට් එක පෙන්නලා ඒක ඕනෙද අහලා පොඩි එකා ඕනේ කිව්වම එහෙනම් ලොකු උනාම අරන් කන්න කියනව වගේ වැඩක්!! ඔටු ලබ්බා!!

එතනින් එහාට අපේ අතරේ ලොකු කතාබහක් තිබුනේ නෑ.. ඊට විනාඩි දහයකට පස්සේ වගේ බස් එක ඇවිත් ඉස්කෝලේ ඉස්සරහ නැවැත්තුවම අපි කට්ටිය සල්ලිත් දීලා බස් එකෙන් බැහැලා ආවා.. අදනම් ගේට් එකෙන් බෑග්ස් චෙක් කරන්නෑ..

අපි කට්ටිය පන්තියට ඇවිල්ලා බෑග් පුටු වලින් තියලා හිමාශව බලන්න පිට්ටනියට යන්නයි හැදුවේ.. ඒත් හිමාශගේ හිස් පුටුව දැක්කහම මගේ ඔලුවට ආව අයිඩියා එක මාව තප්පර කීපේකට නැවැත්තුවා..

"ඒ බන්.."

තෙහස්ට යන්න ඇරලා මං ශෙවෝන්ගේ අතින් ඇදලා නවත්තගන්න ගමන් ශෙවෝන්ට කතා කරා..

"මොකද යකො.. තෝ එක්ක නිදහසෙ පැනි කුමාරයව බලන්න යන්නත් නෑනේ.."

"මේ මේ අහපන්කො පරල වෙන්නැතුව.. මං අද හිමාශය එනකන් ඌ ඉන්න තැනට එන්නද.."
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

----------------------------------------------

හායි 👀

පස්වෙනි චැප්ටර් එක අරන් ආවො ඔන්න 👀

ඔයාලා පරිස්සමින් ඉන්ඩලා ආයේ එනකන්..

කතාව කියවලා වෝට් කරලා කමෙන්ට් එකක් දාන්න යන්න.. පුලුවන් නම් ශෙයා කරන්න.. තැන්කිව් ඔයාලට මගෙ කතාව කියවනවට 🤩💜️💚


Continue Reading

You'll Also Like

10.9K 1.8K 28
අවාරෙක මෙහි ඇවිත්_ මගේ හද කියවන්න_ ලියා යමි ගැඹුරු තැන්වල_ ආදරෙයි උතුරන්න_ නෙතූ අභින්ස 🦋🤍🩸 🦋🌙❤️ Tk Akkubae_🦋✍️
2.9M 67K 200
I'm a new grad human in huge debt, and cheated by my Omega boyfriend. When I got wasted in a bar, I didn't expect to have the best sex ever. And the...
3.5K 273 35
REVIEW OF BOOKS YOU RECOMMENDED... 📝 Send These details to my Inbox 📥... 1. Book Title 2. Ship / BxB , GxG or GxB 3.Short review of story 4.Story l...
2.1M 44.1K 37
Samantha Carter had a huge crush on Lloyd Crawford, the next in line as Alpha of the Crescent Wolf Pack. Who wouldn't fall to this gorgeous looking g...